කිරි­පිටි බීම අවශ්‍යමද? | සිළුමිණ

කිරි­පිටි බීම අවශ්‍යමද?

අපි කවු­රුත් පුරු­දු­වෙලා ඉන්නේ ‍උදේම නැඟිට්ට ගමන් රස උණු­කිරි තේ එකක් බොන්න. තේ එක නොබි­ව්වොත් මට එදාට හරි නෑ... යන කිය­මන් ඕන තරම් අපට අහන්න ලැබිලා තියෙ­නවා. ඒත් මෑතක සිට මේ කිරි­පිටි නැත්නම් රස­කර බීපු කිරි වීදු­රුව ගැන අපේ රටේ තර­මක් ආන්දෝ­ල­නා­ත්මක කතා බහ­කට ලක්වුණා. ඒ නිසා ම ඒ ගැන කතා කරන්න හිතුවා. ඒ හරහා රස­ඳු­නට අපි සම්බන්ධ කර­ගත්තේ ඔබට; අපට හුරු­පු­රුදු හිත­ව­ති­යක්ව.

මාතෘ හා ළමා සෞඛ්‍ය උප­දේ­ශිකා; Baby Center Lanka අධ්‍ය­ක්ෂිකා, සෙනෙ­හස පද­නමේ නිර්මාතෘ, මාතෘ හා ළමා යෝග/ Spa ගුරු පුහුණු; සෞඛ්‍ය මාධ්‍ය­වේ­දි­නි­යක් ලෙස කට­යුතු කරන,ශ්‍යාමලි පති­රගේ.

උදේම වස විස මුසු වැඩ­කට නැති පිටි­කිරි කෝප්ප­යක් බී දිනය ඇර­ඹීම හෙවත් සෞඛ්‍ය­යට අහි­ත­කර බව හොඳින් දැන දැනත් දින­පතා තම සෞඛ්‍ය­යට අහි­ත­කර ආහා­ර­යක් නොගෙන සිටී­ම­ට­වත් ශක්ති­යක් කොන්දක් නොමැති ජන  ‍කොට්ඨාස­යක් වීම අපම ලජ්ජා විය යුතුයි.

වෙනත් රට­වල එනම්; නව­සී­ල­න්තය, ඕස්ට්‍රේ­ලි­යාව; යුරෝපා හා දියුණු ආසි­යා­තික රට­වල දියර කිරි හෝ කිරි ආහාර වර්ග පරි­භෝ­ජ­නය කළ ද කිරි­පිටි පානය කරන්නේනෑ. අපේ ජන­තා­වට වඩා යහ­තින් ඔවුන් ජීවත් වනවා. අපේ රටේ තරම් බෝ වන රෝග බහුල රටක් තවත් නොමැති තරම්.

ලංකාවේ මිනි­සුන්ට නැති වුණොත් වැසි­කිළි යෑමත් බැරි තර­මට ඇබ්බැහි කළ සීනි දාපු කිරි එක හා පාන් පිටි දින­පතා ආහා­රය වී ප්‍රති­පත්ති සම්පා­ද­නය කරන දේශ­පා­ල­ක­යාගේ සිට දුප්පත් අස­රණ ගොවියා දක්වා ලොකු බඩක් සමඟ ලොකු ලෙඩක් දීමට සමත් ය.

“දරු­වාට පිටි එක ගන්න­වත් සල්ලි නැහැ”

“පාන් කියා ගන්න­වත් පණ නැහැ”

අපේ රටේ දුප්ප­ත්කම කියා­පාන භාවි­ත­යට ගැනෙන ප්‍රසිද්ධ යෙදුම්.

මෙම ක්ෂණික කෑම බීම සංස්කෘ­තිය තුළ පව­තින තාක් මෝඩ දුප්ප­ත්කම ද ‘පණ නැති­කම ද සදා­කල් පව­තිනු ඇත.

කිරි පිටි යනු?

කිරි­පිටි නිෂ්පා­ද­නා­ගා­ර­වල මුලින් ම සිදු කරන්නේ කිරි­වල ඇති පෝෂක කොටස් ඉවත් කිරී­මයි. (ඒවා බටර්/ චීස් නිෂ්පා­ද­න­යට යොදා ගනී)

අන­තු­රුව; පෝෂ­ණය රහිත කිරි­ව­ලට ෆාම් තෙල් රසා­ය­නික, රස­කා­රක, කෘත්‍රිම ද්‍රව්‍ය එකතු කරයි. ඇතැම් සමා­ගම් යෝගට් නිෂ්පා­ද­න­යේදී මෙවැනි දෑ සිදු කරයි.

පසුව මෙයට කල් තබාගැනීමේ කාරක වැනි දේ එක් කර විය­ළී­මට ලක් කර පිටි­කිරි බවට පත් කරයි.

 

කිරි­පි­ටි­වල වස විස තිබේද?

නැව් ගණන් ලංකා­වට ගෙනෙන බොහෝ මහා පරි­මාණ ආන­ය­නික කිරි­පි­ටි­වල වාණි­ජ­මය පර­මා­ර්ථය වෙනු­වෙන් පෝෂක කොටස් ඉව­ත් කර ඒ වෙනු­වට බාල ආදේ­ශක ඇතු­ළත් කරයි.

උදා: ප්‍රෝටීන කොටස් ඉව­ත් කර මෙල­ම­යින් යෙදීම.

මේදය ඉව­ත් කර ෆාම් ඔයිල් 

එක් කි­රීම.

අප කොහො­මද මේ කිරි පිටි වීදු­රු­වට ඇබ්බැහි වුණේ?

කිරි­පිටි සමා­ගම්  ‍විසින් මහා බල­ස­ම්පන්න මැජික් අරි­ෂ්ඨ­යක් ලෙස බුද්ධි ඵලය අඩු මිනි­සුන් සිටින රට­ව­ලට පතු­රුවා හරී.

• කිරි එක බීපු ගමන් දරුවා මනා ප්‍රාඥ­යෙකු වනවා.

• වැඩි­හිටි පුද්ග­ල­යන්ගේ කැඩුණු අස්ථි පවා පිළි­ස­කර වනවා.

• කුස තුළ දරුවා වැඩී­මට සම­හර පිටි පානය අව­ශ්‍යයි. එයින් විස්ම­කර්ම දරු­වන් බිහි­වනවා.

මේ සමා­ගම් බොරු ජාවා­රම් ලෙස සමා­ජ­ගත කිරීමේ ප්‍රභ­ල­ත්වය හා දක්ෂ­තා­වය කෙබඳු ද යත් කිරි­පිටි නොමැ­තිව ජීව­ත් විය නොහැකි බවත්, දරු­ව­කුට කිරි­පිටි ලබා නොදු­න­ හොත් නිසි වර්ධ­න­යක් සිදු නොවැ­තැයි අස­රණ මිනිස් සිත්ව­ලට තදින් කාවද්දා ඉව­රයි.

අපේ මිනි­සුන් එක් වේලක් හෝ නොකා හිටි­යත් කිරි වීදු­රු­වක් බිව්වේ නැත්නම් ඇඟට පණ මදි කියන මට්ට­මට මේ පිටි­කිරි එක ඇබ්බැහි වෙලා.

කිරි අත්‍ය­වශ්‍ය ආහා­ර­යක් ද?

ඔයාලා දන්න­වාද? මේ ගැන කතා කරන මගේ ගෙදර පිටි/ සීනි බෝතල නෑ වගේ ම මගේ දිය­ණි­යට දැන් අවු. 13ක්. එයා උපන් දා සිට කව­දා­වත් පිටි එකක් බීලා නෑ.

ක්ෂීර­පායි සතුන් ගණ­යට අයිති වන අප ළදරු වියේදී පෝෂ­ණ­යට මිස වැඩි­හිටි අව­ස්ථා­වේදී කිරි­පා­නය අත්‍ය­වශ්‍ය නෑ. කිරි­ව­ලින් ලැබෙන ප්‍රෝටීන හා ජලය කැල්සි­යම් වෙනත් අපේ රටේ තියන පරි­පූර්ණ ආහාර රටාව මඟින් පහ­සු­වෙන් ලබා­ගන්න පුළු­වනි.

වාණි­ජ­ වශ­යෙන් කිරි ආහාර නිෂ්පා­දිත සමා­ගම් බොහෝ රට­වල මිනි­සුන් ඉලක්ක කර­ගෙන වෙළෙඳ මාෆි­යාව ඔස්සේ කියන්නේ කිරි අත්‍ය­වශ්‍ය බවයි.‍

කිරි­වල කාබෝ­හ­යි­ඩ්රේට්, ප්‍රෝටීන්, මේදය, විට­මින්, ඛනිජ ලවණ සුළු­වෙ­නුත් වැඩි­පුර ඇත්තේ ජල­යයි.

මේ පෝෂක ලබා­ගත හැකි මාර්ග කිරි­ව­ලට අම­ත­රව බොහෝ ඇත.

ඒ නිසා කිරි යනු කිසි­සේත්ම මිනි­සාට අත්‍ය­වශ්‍ය ආහා­ර­යක් නොවන හෙයින් එයින් ලැබෙන සියලු පෝෂක වෙනත් ආහාර පාන මඟින් ලබා­ගත හැකියි.

 

රටේ - ඔබේ නි‍ෙවසේ ආර්ථි­ක­යට කිරි­පිටි බල­පාන අයුරු

කිරි­පිටි ආන­ය­නය සඳහා වාර්ෂි­කව රුපි­යල් කෝටි 3000 - 4000 වැය වේ.

රටේ මුදල් මහා පරි­මා­ණව පිට­ර­ට­ව­ලට ඇදී යෑමත් දේශීය කිරි ගොවියා, කර්මා­න්ත­ක­රුවා, නිෂ්පා­ද­කයා අඩ­පණ වීමත් ආන­ය­නික කිරි­පිටි ආන­ය­නය නිසා සිදු ­වී­මත්; රටේ බෝ නොවන රෝග රැසක් හිස එස­වීම මූලා­ර­ම්භ­යක් වනවා.

Comments