හතර වටේ ගොසිප් | සිළුමිණ

හතර වටේ ගොසිප්

මාතර කොළ පාටියේ ලොක්කා බය­වෙලා

මාතර පුර­ව­රයේ කොළ පාටියේ ලොකුම ලොක්කා මේ දව­ස්වල ගොඩක් නිහ­ඬයි කියන්නේ. එයා කල­කි­රිලා ඉන්නවා කියලා කොළ පාටියේ නාය­ක­යන් දෙන්නෙකු ම මන්ත්‍රී කණ්ඩා­යම් රැස්වුණු වේලාවේ කීවාලු.

රජ­ගෙ­ද­රින් මාතර දිසා­වට හොඳම කට්ටි­යක් මහ මැති­ව­රණ සට­නට දානවා කියලා කොළ පාටියේ ලොක්කා බය වෙලාලු. ඇඟ පත හොඳට පේන තරුණ කොල්ලන් දෙන්නෙක්, තුන් දෙනෙක් මාත­රින් දාන්න කොළ ලොක්කා සැල­සුම් කර­නවා කිය­ලත් ආරං­චියි.

 

සහාය දෙන මන්ත්‍රීන්ට‍ ‍ෙහාඳ පල්ල­මක්

කොළ පාටියේ දෙකට බෙදිලා ඉන්න පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ට මේ දව­ස්වල හොඳ පල්ල­මක් අහු­වෙලා කියන්නේ.

රුපි­යල් ලක්ෂ 25 ඉඳලා 100 දක්වා ම ඔවු­නට ලබා­දෙන්න කට්ටි­යක් සෙට් වෙලා ඉන්න­වලු.

ඒ වෙන මොකුත් නිසා නොවෙයි පක්ෂයේ නාය­ක­තු­මාට හෝ වෙන්න හදන නාය­ක­තු­මන්ට සහාය පළ කරන ක්‍රම­වේ­ද­යක් නිසාලු‍‍.

 

 

ක්‍රිකට් තරුව හා හැප්පෙන්න නිළි­යක්

මහ මැති­ව­රණ සට­නට වතු­ක­ර­යට ප්‍රසිද්ධ තරු­වක් යැවී­මට කොළ පාටියේ ඇත්තන් කතා කර­න­වලු. හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩ­ක­යෙකු රජ ගෙද­රින් මේ දිහා­වට යෝජනා කරලා ඇති නිසා ඔහු සමඟ සට­නක් දීමට නිළි­යක් වතු­ක­ර­යට යව­න්න­යිලු කොළ පාටිය යෝජනා කරලා තිබෙන්නේ.

කොළ පාටි­යට සම්බන්ධ වතු­ක­රයේ දේශ­පා­ල­න­ඥ­යන් දෙදෙ­නකු ම ඊට විරු­ද්ධ­වෙ­ලත් තියෙ­න­වලු.

 

රට භාර­ගන්න ජන­පති දරු­වන්ම ඕනෑ

ශ්‍රී ලංකාවේ අනා­ග­තය භාර­ගන්න ජනා­ධි­ප­ති­ව­රුන්ගේ ම දරු­වන් එන්න ඕන කියලා අමු­තුම කතා­වක් කුරු­ණෑ­ගල පැත්තෙන් ඇහෙ­නවා.

චන්ද්‍රිකා කුමා­ර­තුංග, මහින්ද රාජ­පක්ෂ සහ මෛත්‍රී­පාල සිරි­සේන යන හිටපු ජනා­ධි­ප­ති­ව­රුන්ගේ දරු­වන් වන නාමල් රාජ­පක්ෂ, දහම් සිරි­සේන සහ විමුක්ති කුමා­ර­තුංග තමයි මේ සඳහා නම් කරලා තිබෙන්නේ. නිල් පක්ෂ­යට අයත් කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කරන පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු තමයි මේ කතාව කිව්වයි කියන්නේ.

ඔහු පාර්ලි­මේ­න්තුවේ ඉඳල අයින් වෙලා නැවත ආපු අයෙක්ලු. ඒ දරු­වන් එක­තු­වෙලා රට කරන්න ඕනත් කියලා ඔහු කිව්වලු.

ගම්පහ ‘ලොක්කට’ රජ­ගෙ­ද­රින් පණි­වි­ඩ­යක්

හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා පොහොට්ටු සන්ධා­න­යට එකතු කර­ග­න්නවා කියලා ගම්පහ ලොක්කෙකුගෙ මූණ හොඳ­ටම නරක් වෙලාලු.

ඇමැ­ති­ක­ම­කුත් දරන එයා පොහො­ට්ටුව වෙනු­වෙන් මහා දර­දි­යක් ඇද්ද කෙනෙකු නිසා ඔහුගේ සහා­යට තවත් කිහිප දෙනෙ­කුම එකතු වෙලාලු.

වැරදි කරන එක මිනිස් ගති­යක්. ඒ වැරැ­ද්දට සමාව දෙන එක දේව ගති­යක් කියලා රජ ගෙද­රින් එයා කිව්වලු.

ජනා­ධි­ප­ති­ව­රණ ජය­ග්‍ර­හ­ණය කරන්න හිටපු ජනා­ධි­ප­ති­ව­රයා ලබා­දුන්න සහාය අම­තක කරන්න එපා කියන කතා­වත් රජ­ගෙ­ද­රින් යළි සිහි­පත් කරයි කියන්නේ.

 

 

වෙන්න නාය­ක­යාට ආරා­ධනා පිට ආරා­ධනා

කොළ පාටියේ වෙන්න නාය­ක­යාට දිස්ත්‍රික්ක බොහො­ම­ය­කින් ම ඡන්දෙට ඉදි­රි­පත් වෙන්න කියලා ආරා­ධනා පිට ආරා­ධනා ලැබෙ­න­වලු.

කුරු­ණෑ­ගල, ගම්පහ, කොළඹ, අනු­රා­ධ­පුර, ගාල්ල යන දිස්ත්‍රි­ක්ක­ව­ලින් මහ මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන්නැයි කියලා ඔහුට හිත­වත් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් මෙන් ම කොළ පාටියේ ප්‍රධා­නීන් කිහිප දෙනකු ම ඉල්ලීම් කරයි කියන්නේ.

 

Comments