• වර්තමාන යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ලෝකයම පිළිගත් හමුදා නිලධාරියෙක්. මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වූ අවස්ථාවේ ඔහු උපරිමයෙන් ජනතා සේවය ඉටු කළා. ඇමරිකානු රජය හිටි හැටියේ ඔහුට තහංචියක් ඉදිරිපත් කරනවා. එරටට පැමිණීමට අවසර නොමැති බව පවසමින්. මොකක්ද මේ තීරණය.?
මේ සියල්ල පිටුපස සිටින්නේ දෙමළ ඩයිස්පෝරාව. එලෙසම අප රටට විරුද්ධ බලවේග ඇමරිකාව හරහා තවමත් ක්‍රියාත්මකයි කියන එක ජනතාව තේරුම් ගත යුතුයි. ජාත්‍යන්තරය හරහා මේ රට වට්ටන්නට රට ආපස්සට හරවන්නට ක්‍රියා කරන බවත් ඉතා පැහැදිලියි.
මේවා අපි කලබලයට පත් විය යුතු දේවල් නොවෙයි. රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් තීරණ ගැනීමේදි රාජ්‍යයන් දෙකක් අතර සාකච්ඡා කර තීරණ ගත යුතුයි. එවිටයි රාජ්‍යතාන්ත්‍රික මිතුරුකම් හොඳින් රැක ගත හැක්කේ. ඇමරිකාව තනි කැමැත්තට ගන්නා මෙවැනි තීරණ නිසා අද ඔවුන් රටක් හැටියට මුළු මහත් ලෝකයාගේම අප්‍රසාදයට ලක් වෙලා තිබෙනවා. රජයක් හැටියට අපි සෘජුව මේ සඳහා දැඩි විරෝධය පළ කරනවා. එපමණක් නොවෙයි හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සමස්ත රණවිරුවන්ට විරුද්ධව තවමත් නගන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. යුද්ධය නිමා වූ දින සිට නොයෙක් සතුරු බලවේග මෙලෙස ක්‍රියාත්මක වුණා. එවැනි බලවේග වලට අපි දැන් හොඳින් මුහුණ දී අවසන් ඒ නිසා ඉදිරියේදී මෙම බලවේග කුමන අයුරින් පැමිණියත් අපි රණවිරුවන් රැක ගන්නවා.
• එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පක්ෂ රැසක් එක් වී බලවේගයක් ගොඩ නැගීමට ක්‍රියාත්මක වෙනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ආණ්ඩුව සන්ධාන ගත වෙමින් මහ මැතිවරණයට සූදානම් වෙමින් සිටිනවා. ඇත්තටම මොකක්ද සිද්ධ වෙන්නේ මේ දිනවල?
ඇත්තටම මෙතන ගැටලුවක් තිබෙනවා. ඒ වාමාංශික පක්ෂ සහ එම දේශපාලඥයින් සම්බන්ධව. හැබැයි අපි හැමදාම එක මතයක හිටියා. වාමාංශික බලවේග එක කඳවුරක සිටිය යුතුයි කියන තැන.
මේ වාමාංශික කඳවුරේ විවිධ මත සහ විවිධ බෙදීම් තිබ්බා. එහි උච්චතම අවස්ථාවක් හැටියට මා දකින්නේ 2015 වසරේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වී කඳවුරු බැදීම. පසුව එය දේශපාලනික වශයෙන් මහා ගැටුමක් බවට පත් වුණා. අගමැතිවරයා ජනාධිපතිවරයා සෘජුව ගැටෙන තත්ත්වකට පත් වුණා.
මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ඉවත් වී සිටියා. අප සැලකුවේ ඒජාපය සමඟ සම්බන්ධ වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාමාංශික කඳවුරෙන් ඉවත් වූ පක්ෂයක් හැටියටයි. නමුත් ඔවුන් ඉන් ඉවත් වී අප සමඟ සම්බන්ධ වුණා. විශේෂයෙන්ම පොදුජන පෙරමුණත් සමඟ සම්බන්ධ වන ඕනෑම වාමාංශික බලවේග අපි එකතු කරගන්නවා. රට වෙනුවෙන් යහපත් තීරණ මත දරන ඕනෑම පක්ෂයකට අපි විවෘතව ආරාධනා කරනවා. මේ දිනවල අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ අප රජය සහ පොදුජන පෙරමුණ ප්රමුඛ පක්ෂ මේ දැවැන්ත බලවේගය ගොඩනංවමින් සිටිනවා.
• ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්රමුඛ පොදුජන පෙරමුණ නිර්මාණය කරන සන්ධානයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කර ඔහුව සම්බන්ධ කර ගැනීම මේ දිනවල දැඩි විවේචනයට ලක් වෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?
ඇත්තටම විවේචන කියන එක දේශපාලනය තුළ තිබියම යුතුයි. එතකොටයි දේශපාලනය නිවැරදි දිශාවට ගමන් කරන්නේ. මෙය විවේචනය කිරීම තුළ සාධාරණයක් තිබෙන බව මගේ පෞද්ගලික මතයයි. අලුතින් දේශපාලන පක්ෂයක් හදලා එම පක්ෂයට අඩත්තේට්ටම් සිදු කරලා අමාරුවෙන් ආපු ගමනක් තිබෙනවා. මේ සඳහා ගැටලු ඇති කළා යැයි සිතෙන පාර්ශ්වයන් සම්බන්ධ වන විට විවේචන එල්ල වීම නවත්වන්නට අමාරුයි. අදහස් විවේචන තුළින් තමයි හොඳ දෙයක් නිර්මාණය වෙන්නේ.
• වර්තමාන රජය ඉදිරි මහමැතිවරණයේදී බලය පිහිටුවීමට වඩා වැඩි වශයෙන් කතාබහ කරනු ලබන්නේ තුනෙන් දෙකක් ලබා ගැනීම සඳහායි. හැකි වේවිද ඔබලාට තුනෙන් දෙක ලබා ගන්න?
වාමාංශික කඳවුර එකතු වුණු සෑම අවස්ථාවකම මේ රටේ වැඩි බලයක් සහිත රජයක් බිහි වුණා. අද අපට ඒ සඳහා අවස්ථාව තිබෙනවා කියන එක මගේ මතයයි. ඒ වගේම මේ රට තුළ අවාසනාවන්ත තත්ත්වයක් බිහි කළ 13 වැනි සංශෝධනය, 19 වැනි සංශෝධන නිවැරදි කර රට ඉදිරියට ගෙන යෑම සඳහා ශක්තිමත් ආණ්ඩුවක් බිහි කළ යුතුයි. ඒ සඳහා තිබෙන ප්‍රධානතම බාධාව තමයි තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් නොමැති කම. ඒ නිසා එවැනි බලයක් ලබා ගැනීමට තමයි අප මේ කටයුතු කරමින් සිටින්නේ. ජනතාවට මේ සඳහා අයිතියක් තිබෙනවා, යුතුකමක් තිබෙනවා මේ රට ගොඩනැංවීම සඳහා අවශ්‍ය බලය මේ රජයට ඉදිරි මහ මැතිවරණයේදී ලබා දීම.
• බැදුම්කර හොරු අල්ලනවා. දැඩි දඬුවම් දෙනවා. කියන එක මේ රජය බලයට ඒමට පෙර ඔබලා නිතර ප්‍රකාශ කළා. ඇයි තවමත් මේ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක නොවන්නේ.
ඇත්තටම එය සාධාරණ චෝදනාවක් කියන එක මම කියන්න කැමතිය. අපි විපක්ෂයේ ඉන්නකොට රනිල් වික්‍රමසිංහ රජය හොරු අල්ලනවා කියලා බොරු චෝදනා එල්ල කරමින් අපගේ මන්ත්‍රීවරු හිරේ දමමින් නොයෙක් පළි ගැනීම් සිදු කරමින් රංගනයක් ඉදිරිපත් කළා. ඔවුන් අල්ලපු හොරෙක් නැහැ. මොකද ඒවා බොරු චෝදනා. ඔප්පු කරන්නට බැරි වුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා වාර ගණනකදී, තවත් මන්ත්‍රීවරුන් අවස්ථා ගණනකදී FCID එකට, හෝ පොලිසියට ගෙන ගියා. නමුත් චෝදනා සියල්ල බොරු බව ඔප්පු වුණා. මේ නිසා වර්තමාන රජයත් එවැනි තත්ත්වයකට පත් විය යුතු නැහැ.
ඒ නිසා මේ වන විට වංචා දූෂණවලට සම්බන්ධ සියලු තනතුරුවල පුද්ගලයන්ට එරෙහිව නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි. මෙය වචනයට පමණක් සීමා නොකළ යුතුයි.
• ඉකුත් ජනාධිපතිවරණයේදී අන්ත පරාජයක් ලබා ගත් ජනතා විමුක්ති පෙරමුණ මෙවර මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ වෙනසක් ඇති කරන බව ප්‍රකාශ කරනවා. ඇත්තක් ද මේක?
වසර පනහකට හැටකට වැඩි කාලයක් අප මේ පිළිබඳව අසා තිබෙනවා. ඔවුන් ඉතිහාසයේ අඩුම ඡන්ද සංඛ්‍යාව මෙවර ජනාධිපතිවරණයේදී ලබා ගත්තා. ඒ නිසා ඔවුන් ගැන කතා කිරීමත් අපරාදේ කාලය නාස්ති කිරීමක් හැටියටයි මා දකින්නේ. අනික මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ සිදු කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාව පමණයි.
• ස්විස්ට්ර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාවක් පැහැර ගැනීම පිළිබඳව වර්තමාන රජයට චෝදනා එල්ල වුණා. එම සිද්ධිය ජ්‍යාන්තර කතාබහට ලක් වුණා. මොකක්ද ඇත්තටම සිද්ධ වුණේ.
රාජපක්ෂ පාලනයට ජාත්‍යන්තරය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරනවා. මොකද ඔවුන් මේ රටට හිතැති ජනතාවාදී තීන්දු තීරණ ගන්නා නිසා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ විගස විදේශ බලවේග තේරුම් ගත්තා ඔවුන්ගේ පදයට නටන පඹයකු මේ රට තුළ නොමැති බව. මෙන්න මේ නිසා මෙවැනි ක්‍රියාදාමයන් සිදු කරමින් ජාත්‍යන්තරව අපකීර්තියට පත් කිරීමට ඔවුන් උත්සාහ දරනවා. ඒවා ජය ගැනීමට අප රජයට පළපුරුද්දක් තිබෙනවා.