විරෝධය කුණු කූඩයට මේසපන්දුව කනකට | සිළුමිණ

විරෝධය කුණු කූඩයට මේසපන්දුව කනකට

ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ නිලධාරීන් තෝරාපත් කරග ගැනීම සඳහා පැවැති නිලවරණයේදී වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් නිතරගයෙන් සභාපති ධූරය පත්විය. පසුගිය කාලයේ පැවැති අතුරු කමිටුව තුළින් ගරා වැටුණු ලාංකිය මේස පන්දු ක්‍රීඩාව දෙපයින් සිටුවිමට වෙර ගන්නා බව හෙතෙම පවසයි.

2020ට අලුත් තාක්ෂණික වැඩපිළිවෙලක් සකසා ති‍ෙබනවා. එම වැඩපිළිවෙල අප සංගමයේ උප සභාපතිවරුන් හරහා ක්‍රියාත්මක කිරීමට ඉදිරි මාස 2- 3 ඇතුලත කටයුතු කරනවා. ඒ වගේම තාක්ෂණික පර්යේෂන කමිටුවක් පත්කර සොයා බැලිමට කටයුතු කරනවා. ඇයි අපිට දැනට සිටින තැනින් ඉදිරියට මේසපන්දු ක්‍රිඩාව රැ‍ෙගන යැමට නොහැකි කියා. අපිට දකුණු ආසියාතික මට්ටමින් ඉන්දියාව පරාජය කිරිමට නොහැකි වෙලා තිබෙනවා. එම නිසා මා ඉදිරියේදී ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන තාක්ෂණික කමිටුව හරහා මුලික වශයෙන්ම සොයා බැලිමට කටයුතු කරන්නේ මේ පිළිබදවයි. පසුගිය වසර කිහිපයක් අතුරුපාලක කමිටුවක් හරහා මේසපන්දු ක්‍රීඩාව ක්‍රීයාත්මක විම නිසා විශාල පසු බෑමකට ලක්වුණා.

අධ්‍යාපන අමාත්‍යාංශය හා පාසල් මේසපන්දු සංගමය සමග එක්ව ජාතික වැඩපිළිවෙලක් සකසා ඉදිරි වැඩකටයුතු ගොඩ නැගිමට කටයුතු කරනවා. ඒ වගේම දැනට මේසපන්දු ක්‍රීඩාව වැටි ඇති තැනින් අනිවාර්යයෙන්ම ගොඩ නැගිය යුතුයැයි. වත්මන් මේසපන්දු සංගමයේ සභාපති වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් අප සමග පවසා සිටියේය.

එල්ලව ඇති විරෝධය ගැන විමසුවිටදී පවසා සිටියේ මේ විරෝධය මට එල්ල කළේ 2017වසරේදී මා මේසපන්දු ක්‍රීඩා සංගමයේ සභාපති වරයා ලෙස පත්වු මොහොතේ. එවකට ක්‍රීඩා අමාත්‍ය වරයා ලෙස කටයුතු කළ දයාසිරි ජයසේකර සහ හිටපු නියෝජ්‍ය පොලිස් පතිවරයෙකු හා මේසපන්දු සංගමයේ හිටපු සභාපති වරයෙකු වන දයා සමරවීර සමග. එක්ව ඒ ක්‍රීඩා සහතිකයක් මුල් කරගෙන. අද වන තුරු එය ඔප්පු කරගැනිමට නොහැකි වුණා. කමිටු කිහිපක්ම මේ ගැන සොයා බැලුවත් ඒ එක කමිටුවකින්වත් මා වරදකරුවෙකු වුණේ නෑ. ඒ දෙයින් සිදු වුණේ වසර දෙකාහාමාරක් පමණ මේසපන්දු ක්‍රිඩාව අයාලයේ යැම විතරයි.

මෙවර පැවැති වාර්ෂික මහා සභා රැස්විමේදී නව නිලධාරීන් පත් වු ඡන්ද විමසිමේදී විරෝධතා ගොනු කිරිමට ලබාදුන් කාලයෙන් පසු පරණ විරෝධතාවයම නව මුහුණු වරයකින් මාවෙත ගොනු කිරිමට දයා සමරවීර කටයුතු කළත් ඒය අසාර්ථක වුණා. එම ඡන්ද විමසීම කළ චන්දන ලියනගේ, ජී.ජී. විරක්කොඩි සහ ගාමිණි ජයසිංහ යන ත්‍රීපුද්ගල කමිටුව එම විරෝධතාව විරෝධතා ගොනු කිරිමට ලබාදුන් කාළයෙන් පසු ගොනු කළ විරෝධතාවයක් නිසා එය නොසලකා හැරිමට කටයුතු කළා.යයි කනක හේරත් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

මේ විරෝධයට මේසපන්දු සංගමයට කිසිදු අදාලත්වයක් නෑ. ඒ විරෝධය ගොනුකරලා තියෙන්නේ එදින ඡන්ද විමසීම කළ නිලවර්ණ කමිටුවට විරුද්ධවයි. ඒ නිසා අපි මේකට අදාල නෑ. මේසපන්දු සංගමයේ හිටපු සභාපති වරයකු වු මන්සිල් මුතාලිබ් සභාපති වරයා ලෙස පත්වීමට යොමුකර තිබූ තම නාම යෝජනාව ඉල්ලා අස්කරගත්තා. ඒ නිසා වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේසපන්දු සංගමයේ නව සභාපතිවරයා ලෙස නිතරගයෙන් පත්වුණා.

2017 වසරේ දී ඡන්දයෙන් මේසපන්දු සංගමයේ සභාපති වරයා ලෙස පත්වුණේ කනක හේරත් විරෝධය පාමින් ක්‍රීඩා සහතිකයක් මුල් කරගනිමින් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු හා මේසපන්දු සංගමයේ හිටපු සභාපති වරයෙකු වන දයා සමරවීර විරෝධයක් ගොනු කළා ඒ නිසා හිටපු ක්‍රීඩා ඇමැතිවරයා මේසපන්දු සංගමය විසුරුවා හැර අතුරු පාලක කමිටුවක් පත් කිරිමට කටයතු යෙදුවා. 2017 වසරේදී සභාපති වරයා ලෙස පත්ව සිටියදී කනක හේරත් විශාල වැඩකොටසක් කළා. ඒ වගේම 2017 වසරේ පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට සත්කාරකත්වය දැක්වීමට එවකට ශ්‍රී ලංකා මේසපන්දු සංගමයට හැකි වුණා. අනුග්‍රාහකයන් සොයාගෙන ඒ වැඩකටයුතු සාර්ථක කරගත්තේ වත්මන් සභාපති වරයායි. ඒ තමයි අපි අවසන් වරට අන්තර් ජාතික මේසපන්දු තරගාවලියක් පැවැත් වුයේ.

හිටපු නියෝජ්‍ය පොලිස් පතිවරයෙකු හා මේසපන්දු සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන දයා සමරවීර. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙත යොමු කළ විරෝධය. පිලිබඳ වත්මන් මේසපන්දු සංගමයේ ලේකම් බී.ඩී.එම්.සී.එස්. විජේතුංග ගෙන් අප කළ විමසුමට පවසා සිටියේ. මේ විරෝධය ගැන මට නං කිසිඳු අදාලත්වයක් නෑ ඒ වගේම සංගමයටද කිසිදු අදාලත්වයක් නොමැති බවයි.

දයා සමරවීර, ක්‍රීඩා අමාත්‍ය වරයාට යොමු කළ විරෝධතාවයේ පිටපත් ජනාධිපති වරයාට, අගමැති වරයාට, ක්‍රිඩා අමාත්‍යාංශ ලේකම්වරයාට සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමුකර ඇත.

Comments