ඩී.ආර්. විජය­ව­ර්ධන සැම­රුම 20 සහ 21 | සිළුමිණ

ඩී.ආර්. විජය­ව­ර්ධන සැම­රුම 20 සහ 21

ලේක්හ­වුස් නිර්මාතෘ ඩී.ආර්. විජය­ව­ර්ධන ශ්‍රීමතා­නන්ගේ 134 වැනි ජන්ම දින සැම­රුම නිමි­ත්තෙන් මේ මස 20 සහ 21 යන දෙදින විශේෂ පින්කම් රැසක් පැවැත්වේ. 

ඒ අනුව 20 දා පරි­ත්‍රාණ ධර්ම දේශ­නා­වක් සහ 21 වැනිදා භික්ෂූන් වහන්සේ 95 නමක් විෂ­යෙහි සංඝ­ගත දක්ෂි­ණා­වක් පැවැත්වේ. ආය­ත­නයේ සභා­පති ඇතුළු අධ්‍ය­ක්ෂක මණ්ඩ­ලයේ පූර්ණ අනු­ග්‍ර­හ­යෙන් හා සහ­භා­ගි­ත්ව­යෙන් සිදු කෙරෙන පින්කම ලේක්හ­වුස් බෞද්ධ සංග­මය සංවි­ධා­නය කරයි.

 

Comments