විදුලි රැහැනක පැටලී තවත් අලි දෙදෙනෙක් මරුට | සිළුමිණ

විදුලි රැහැනක පැටලී තවත් අලි දෙදෙනෙක් මරුට

මිනිපේ, 05 කණුව, හදගනාව බටුමුල්ල වසමේ හා උඩයාගල වසම් දෙක මායිමේ ගොවි බිමක් ආසන්නයේ වන අලි දෙදෙනෙකු මියගොස් ඇති බවට හසලක පොලිසිය වෙත අද උදෑසන ලැබුනු තොරතුරක් අනුව පොලිසිය හා වනජීවි නිළධාරින් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවට හසලක පොලිසිය පවසයි.

වගා භූමිය වටා ඇද තිබූ විදුලි රැහැනක පැටලී අලි දෙදෙනා මිය යන්නට ඇති බවට පොලිසිය සැක පල කරයි.

වනජීවි දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් පශු වෛද්‍යවරයෙකු පැමිණ මරණ පරික්ෂණය සිදු කිරිමෙන් අනතුරුව වන අලි දෙදෙනා මියයෑමට හේතුව තීරණය කරනු ඇති බවට පොලිසිය පවසති‍.

සිද්ධිය සම්බන්ධයෙන් හසලක වනජීවි කාර්යාලයේ  ප්‍රධානී වනසත්ව අඩවි ආරක්ෂක යු. පී රත්නායක ඇතුලු නිළධාරින් හා හසලක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිලරත්න බංඩාරගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිළධාරින් කණ්ඩායමක් පරික්ෂණ පවත්වති. 

(මාපාකඩවැව සමුහ - එච් එම් රංජිත් කරුණාවිර)

Comments