දේශගුණ විපර්යාස - ඇමසෝන් හිමිකරුගෙන් ඩොලර් බිලියන 10ක් | සිළුමිණ

දේශගුණ විපර්යාස - ඇමසෝන් හිමිකරුගෙන් ඩොලර් බිලියන 10ක්

දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීම සඳහා ඇමසෝන් හිමිකරු ජෙෆ් බෙසෝස් අමෙරිකා ඩොලර් බිලියන 10ක් ලබා දීමට එකඟ වී තිබේ.

දේශගුණ විපර්යාසයන්ට එරෙහිව ක්‍රියාකරන විද්‍යාඥයින්, ක්‍රියාකාරීන් රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සංවිධාන සදහා ලබා දීමට මෙම මුදල වෙන් කිරීමට තීරණය කර ඇත.

ජෙෆ් බෙසෝස් ලෝකයේ ධනවත්ම පුද්ගලයාය. 

ගෝලීය උණුසුම ඉහළයාම මිනිසාට ඉතා අහිතරක බව තරයේ පිළිගන්නා බව ඔහු ප්‍රකාශ කර සිටියි.

ජෙෆ් බෙසෝස් ප්‍රකාශ කරන්නේ වනාන්තර සහ තෙත් බිම් ආරක්ෂා කර ගැනීම සදහා තමන් අමෙරිකා ඩොලර් මිලියන සියයක් වැය කිරීමට සූදානම් බවයි.

 

Comments