හෝර්ටන්තැන්න ප්‍රවේශපත් නිකුත් කිරීම පස්වරු 2.30 දක්වා | සිළුමිණ

හෝර්ටන්තැන්න ප්‍රවේශපත් නිකුත් කිරීම පස්වරු 2.30 දක්වා

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට පස්වරු දෙකයි තිහෙන් පසු ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට තීරණය කර තිබේ.

එහි භාරකරු පී.කේ.එම්.පී. ප්‍රදීප් කුමාර පැවසුවේ, මීට පෙර පස්වරු හය දක්වා සංචාරකයින් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කෙරුණු බවයි.

ලෝකාන්තය, බේකර්ස් ඇල්ල ඇතුලු හෝර්ටන්තැන්න නැරඹීම සඳහා සංචාරකයන්ට කිලෝමීටර 09.00 ක දුරක් ගමන් කළ යුතු බවත්, ඒ සඳහා අවම වශයෙන් පැය 04ක පමණ කාලයක් ගතවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සවස 06.00න් පසු හෝර්ටන්තැන්නට ආවේනික සතුන්ට නිදැල්ලේ සිටීමට අවස්ථාව ලබාදෙමින් මෙම තීරණය ගත් බවද ඔහු කියා සිටියි.

 

Comments