හෙළ නර්තන කලාවේ කර­නම් ගැසූ රත්න­පුරේ පොඩි­ලාල් | සිළුමිණ

හෙළ නර්තන කලාවේ කර­නම් ගැසූ රත්න­පුරේ පොඩි­ලාල්

පිනුම්, කර­නම්, කැර­කිලි, බඹ­ර­ව­ළලු, මාල­ක්කම්, පතා­විස්ස, ජව­ස­රඹ මැන­වින් ප්‍රගුණ කළ සබ­ර­ග­මු­වෙන් පහළ වූ දක්ෂ නර්තන ශිල්පි­යෙකු ලෙස රත්න­පුරේ ලාල්ට හිමි­වන්නේ ප්‍රමු­ඛ­ස්ථා­න­යකි. විදේ­ශ­ක­යින් මවි­ත­යට පත්ක­රන පොඩි ලාල්ගේ ඉහළ යන පිනුම සැබ­වින්ම ත්‍රාසය දන­වන හෙළ කර­නම් කලාවේ අභි­මා­නය කියා­පා­න්නකි.

සිංහල නර්තන කලාව තිඹි­රි­ගෙ­යි­දීම මියැ­දී­මට නොදී විදේ­ශි­ක­යන්ගේ නොමඳ පැස­සු­මට ලක් කළේ සෘජු­වම සාම්ප්‍ර­දා­යික හෙළ නර්තන ශිල්පීන් විසිනි. ඒ අය අතර නිත්ත­වෙල ගුණයා ගුරු­තුමා, රංගම ගුණ­මලා ගුරු­තුමා, අල්ගම කිරි­ග­ණිතා ගුරු­තුමා සහ පොල්ග­හ­වෙල මනා ගුරු­තුමා යනාදී වශ­යෙන් කිහිප දෙනෙක් මෙහිදී සඳ­හන් කරමු. වත්මන් සෞන්දර්ය කලා විශ්ව­වි­ද්‍යා­ලයේ ආදි කර්තෘ වූ ආචාර්ය ඇස්. පණී­භා­රත සූරීන් ද, නව නර්ත­නයේ පියා යන විරු­දා­ව­ලිය ලත් ආචාර්ය චිත්‍ර­සේන ඩයස් මෙහිදී සිහි­කළ යුතු යුග පුරු­ෂ­යන් දෙප­ළකි.

එමෙන්ම විල්සන් ඔල­බො­ඩුව, කේ. ඇස්. ප්‍රනාන්දු කලා ගුරු­භ­ව­තුන්ට හිමි­වන්නේ ඉම­හත් ගෞර­ව­යකි. හෙළ නර්තන ගායන වාදන කලාව අධ්‍යා­ප­නික වශ­යෙන් ජාත්‍ය­න්තර විශ්ව­වි­ද්‍යා­ල­වල අධ්‍ය­යන කට­යු­ත්තක් ලෙසට ගෙන ගිය යුග පුරු­ෂයා කලා­සූරී ආචාර්ය පිය­සාර ශිල්පා­ධි­පති ගුරු දේව­යන් බවට තර්ක­යක් නොමැත. එමෙන්ම ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය මුදි­යන්සේ දිසා­නා­යක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී මහා­චාර්ය පී.එම්. කරු­ණා­රත්න බණ්ඩාර, කලා­සූරි රවි­බන්ධු විද්‍යා­පති එකී කාර්ය­යෙ­හිලා ප්‍රබ­ල­වම උර­දෙන්නෝ වෙති. මේ හැරු­ණු­විට එකී සේවාවේ නිමග්න නර්තන කලා­ක­රු­වන් ප්‍රවී­ණ­යන් රැසක් අතී­තයේ සිට අද දක්වා කැපවී සිටීම මෙහිදී සඳ­හන් කළ යුතුය.

පසු­ගිය වසර පහක කාලය තුළ ඇම­රිකා එක්සත් ජන­ප­දයේ ලොස් ඇන්ජ­ලීස් නුවර ශ්‍රී ලංකා පද­නම් ආය­ත­නයේ නර්තන පාඨ­මාලා විෂ­ය­භාර ආචා­ර්ය­ව­රයා ලෙස කට­යුතු කළ ලාල්ට එහි නර්තන පාඨ­මා­ලා­වක් ක්‍රියා­ත්මක කිරී­මට එරට රජ­යෙන් විශේෂ වර­ප්‍ර­සා­ද­යක් ලැබී තිබීම ශ්‍රී ලාංකික අපට මහත් ප්‍රෞඩ­ත්ව­යක් ගෙන දෙන පුව­තක් වේ. ලාල්ගේ උප­න්ගම වූයේ රත්න­පුර නව නග­ර­යට යාබද කැට­ලි­ය­න්පල්ල ග්‍රාමය යි. ලාල්ගේ මුල් ගුරු භවතා වූයේ ඩේවිඩ් දිසා­නා­යක මහතා සහ දිවං­ගත ඩී.එම්. එන්. ශාන්ත දිසා­නා­යක ගුරු­තුමා ය. ලාල්ගේ සම්පූර්ණ නම වූයේ ලාල් තිල­ක­රත්න ය. එහෙත් කලා ක්ෂේත්‍රයේ කවු­රුත් ඔහු හැඳින්වූ දයා­බර නාමය වූයේ රත්න­පුරේ පොඩි­ලාල් යන අන්වර්ත නාම­යයි.

ලාල් තිල­ක­රත්න නර්තන ශිල්පි­යාගේ නර්තන අධ්‍යා­ප­නික පසු­බිම අතු­රින් නර්ත­න­යට පම­ණක් විශේ­ෂිත වූ අංශ මෙහි පහත අපි හුවා දක්ව­න්නෙමු. වර්ෂ 1978 සිට රත්න­පුර නිම­ල්වීර කලා­ය­ත­න­යෙන් උඩ­රට සහ සබ­ර­ගමු නර්ත­නය හැදෑ­රීම,1986 දී රත්න­පුර විශා­ලම කළ­එලි මංග­ල්‍යය පැවැ­ත්වීම, 1986 දී සබ­ර­ගමු මහ සමන් දේවා­ලයේ වෙස් බැඳීමේ මහා මංග­ල්‍යය පැවැ­ත්වීම, 1989 සිට කොහො­ඹා­යක් කංකාරි, බලි­යාග, පහ­න්මඩු යාග­වල ශිල්පි­යෙකු ලෙස කට­යුතු කිරීම, ජාතික නැටුම් සංගීත ගාන්ධර්ව විභාග සමත් වීම, ජාතික තරු­ණ­සේවා සභාවේ නර්තන ඩිප්ලෝමා පාඨ­මා­ලාවේ ඩිප්ලෝ­මා­ධා­රි­යෙකු වීම,ජාතික තරු­ණ­සේවා සභාවේ බෙල්වුඩ් රූප­වා­හිනි නිකේ­ත­නයේ දීර්ඝ කාල­යක් කට­යුතු කිරීම ඔහුගේ දිවියේ වැද­ගත් සන්ධි­ස්ථා­නය.

මීට අම­ත­රව ඔහු මහ­නු­වර මහා­මායා විද්‍යා­ලයේ නර්තන ගුරු­ව­රයා ලෙස කට­යුතු කර ඇත.1992 ශ්‍රී ලංකා ජාතික රූප­වා­හිනී සංස්ථාවේ නර්තන කණ්ඩා­යමේ ශිල්පි­යෙකු ලෙස කට­යුතු කළ අතර ආචාර්ය ඇස්. පණී­භා­ර­තන, කුල­සිරි බුධ­වත්ත, ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය මුදි­යන්සේ දිසා­නා­යක, චන්න විජේ­ව­ර්ධන, උපුලී පණී­භා­රත, රවි­බන්ධු විද්‍යා­පති සහ ප්‍රවීණ කලා­ක­රු­වන්ගේ විවිධ වැඩ­ස­ට­හ­න්ව­ලට යාව ජීව සාමා­ජි­ක­යෙකු ලෙස දාය­ක­ත්වය දක්වා ඇත.

බස්නා­හිර පළාත් නර්තන අංශයේ කොළඹ අරු­ණළු නම් වූ ජීවන් කුමා­ර­තුංග කලා­ක­රු­වාගේ ආය­ත­නයේ නර්තන අධ්‍ය­ක්ෂක ලෙස කට­යුතු කළ අතර නර්තන රච­ක­යෙකු හා පිනුම්, කර­නම් වැනි නර්ත­නයේ ජව­ස­රඹ පිළි­බඳ කෘත­හ­ස්ත­තම ශිල්පියා ලෙස කාගේත් නොමඳ පැස­සු­මට ලක්වී සිටි­යේය. වර්ෂ 2014 සිට වසර පහක් පමණ ඇම­රිකා එක්සත් ජන­ප­දයේ ලොස් ඇන්ජ­ලීස්හි පිහිටි වෛද්‍ය වෝල්ටර් ජය­සිංහ මහ­තාගේ ශ්‍රී ලංකා පද­නම් ආය­ත­නයේ නර්තන උප­දේ­ශක ලෙස කට­යුතු කළ ඔහු වර්ත­මා­නයේ ලොස් අන්ජ­ලීස්හි නර්තන පාසලේ විදු­හ­ල්පති වෙයි.

Comments