සිර­සින් අලුත් රියැ­ලිටි වැඩ­ස­ට­හ­නක් | සිළුමිණ

සිර­සින් අලුත් රියැ­ලිටි වැඩ­ස­ට­හ­නක්

මේ දින­වල රූප­වා­හි­නියේ විකා­ශය වන එක් ප්‍රචා­රක පට­යක් පිළි­බඳ බොහෝ දෙනෙක් ඉන්නේ ලොකු කුතු­හ­ල­ය­කින්. මයි­ක්‍ර­ෆෝ­න­යක් රැගත් ලොකු අතක්; රටේ හැම තැන­කින්ම මතු වෙන දර්ශන පෙළක් ඉන් නිරූ­ප­ණය වෙයි.

එහි පසු­බිම් කතාව වන්නේ අන්ත­ර්ජා­තික තලයේ ප්‍රකට සංගීත රියැ­ලිටි වැඩ­ස­ට­හ­නක් ශ්‍රී ලංකා­වට පැමි­ණෙන බවයි. ප්‍රසිද්ධ නෙද­ර්ලන්ත ජාතික රූප­වා­හිනී නිෂ්පා­දක ජෝන් ද මෝල් විසින් නිර්මා­ණය කෙරුණු අන්ත­ර්ජා­තික සංගීත සන්නා­ම­යක් වන The voice 2011 වස­රේදී මුල්ව­රට නෙද­ර්ල­න්තයේ නිෂ්පා­ද­නය කෙරිණි. මෙය දැනට ලෝකයේ රට­වල් 180ක් දක්වා ව්‍යාප්ත වී ඇති අතර අන්ත­ර්ජා­ලයේ ද ඉතා ජන­ප්‍රිය සංගීත වැඩ­ස­ට­හ­නකි.

ලෝකයේ ම අති­ම­හත් ජන­ප්‍රි­ය­ත්ව­යට පත්ව ඇති ලෝක සංගීත ක්ෂේත්‍රයේ සම්මා­න­ලා­භීන් ලෙස ප්‍රකට සංගී­ත­ඥ­යන් පුහු­ණු­ක­රු­වන් ලෙස දායක වන The voice සංගී­ත­මය රියැ­ලිටි තර­ගා­ව­ලියේ වර­ලත් නිෂ්පා­දක අයි­තිය ශ්‍රී ලංකාවේ සිරස ටී.වී. විසින් ලබා­ගෙන ඇත. එය මේ දින­වල රත්ම­ලාන ස්ටයින් මැදිරි සංකී­ර්ණ­යේදි නිෂ්පා­ද­නය කෙරෙයි.

වැඩ­ස­ට­හන The voice, The voice Teens, The voice kids ආදී වශ­යෙන් විවිධ ආකෘති කිහි­ප­ය­කින් විකා­ශය කරයි. මේ අත­රින් නව යොවුන් වියේ පසු වන තර­ග­ක­රු­වන් සඳහා විශේ­ෂ­යෙන් නිර්මා­ණය කෙරුණු The voice Teens වැඩ­ස­ට­හන ශ්‍රී ලාංකික රූප­වා­හි­නි­යෙන් නැර­ඹීමේ අව­ස්ථාව දැන් අපට උදාවී ඇත.

පසු­ගිය 8දා සිට සෑම සෙන­සු­රාදා හා ඉරිදා දින­කම රාත්‍රී 7.30ට මේ වැඩ­ස­ට­හන සිරස ටී.වී. ඔස්සේ විකා­ශ­නය කෙරේ.

අදි­යර පහ­කින් සම­න්විත මේ වැඩ­ස­ට­හනේ විශේ­ෂ­ත්වය වන්නේ තර­ග­ක­රු­වාගේ බාහිර පෙනුම නොව, කට­හඬ පම­ණක් පද­නම් කර­ගැ­නීම බව සිරස ටී.වී. මහ­ජන සම්බ­න්ධතා ප්‍රව­ර්ධන අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේ­සිංහ මහතා පව­සයි. ඒ මහතා වැඩි­දු­ර­ටත් පව­සන්නේ කට­හඬ මේ තර­ගා­ව­ලිය් ඉදි­රි­යට යෑමේ මූලි­කම නිර්ණා­ය­කය බවයි.

Blind Auditions වට­යේදී දක්ෂ­තම තර­ග­ක­රු­වන් තම කණ්ඩා­ය­මට එකතු කර ගැනී­මට පුහු­ණු­ක­රු­වන් එකි­නෙකා හා තරග වදී. පුහු­ණු­ක­රුවෝ තම කණ්ඩා­යම සඳහා අති­දක්ෂ ගායක ගායි­කා­වන් එක්කර ගැනීමේ සට­නක නිරත වෙති. ඒ අව­සා­නයේ තමන් තෝරා­ගත් කණ්ඩා­යමේ තර­ග­ක­රු­වන් අතර ඇති වන සට­න­කින් ඇතැම් තර­ග­ක­රු­වන් සමඟ පම­ණක් ඉදි­රි­යට යෑමට පුහු­ණු­කරු තීර­ණය කරයි. මෙය ඉතා සංවේදී අව­ස්ථා­වක් වීම වැළැ­ක්විය නොහැ­කිය. තමන් විසින්ම තෝරා­ගත් තර­ග­ක­රු­වන් තමන් විසින්ම ඉවත් කිරීම පුහු­ණු­ක­රු­වෙ­කුට අති­ශය තීර­ණා­ත්මක අව­ස්ථා­වකි. Battle rounds knoc kouts යන තරග වට­ව­ලදී පුහු­ණු­ක­රු­වන් විසින් තම කණ්ඩා­යමේ දක්ෂ­තම තර­ග­කරු තෝරා­ගන්නා අතර ඒ තර­ග­ක­රු­වන් අව­සාන මහා තරග දක්වා පුහු­ණු­කරු සමඟ ගමන් කරයි.

The voice Teens වැඩ­ස­ට­හනේ පුහු­ණු­ක­රු­වන් ලෙස ලංකාවේ තාරු­ණ්‍යය අතර ඉතා ජන­ප්‍රිය ගායක ගාය­කා­වන් සිව් දෙනෙක් වන සනුක වික්‍ර­ම­සිංහ, අශා­න්තිද අල්විස්, දුමාල් වර්ණ­කු­ල­සූ­රිය, රයනි ගුණ­ති­ලක තම කණ්ඩා­ය­ම්ව­ලට නව තර­ග­ක­රු­වන් තෝරා ගැනීමේ සට­නට සූදා­නම්ව සිටිති. වැඩ­ස­ට­හන මෙහෙ­ය­වන්නේ 2011 විශ්ව රූ රැජින ලෙස නම්වූ ස්ටෙෆනි සිරි­ව­ර්ධන විසිනි.

අන්ත­ර්ජා­තික ප්‍රමි­ති­යෙන් යුත් වැඩ­ස­ට­හ­නක් නිර්මා­ණය කිරීම සඳහා පහ­සු­කම් ඇති ස්ටයින් මැදිරි සංකී­ර්ණයේ මැදිරි කිහි­ප­යක්ම භාවිතා කර­මින්, බ්‍රිතා­න්‍යයේ ITV සහ නෙද­ර්ල­න්තයේ තල්පා යන මාධ්‍ය ආය­ත­න­වල අධී­ක්ෂ­ණය යටතේ ලංකාවේ මේ වැඩ­ස­ට­හනේ නිෂ්පා­දන කට­යුතු සිදු­වෙ­මින් පවතී.

අති නවීන තාක්ෂ­ණය යොදා ගනි­මින් ප්‍රධාන කැමරා 19 ජාල­යක් භාවිතා කර­මින් කරනු ලබන අති දැවැන්ත නිෂ්පා­ද­න­යක් වන The voice Teens sri Lanka වැඩ­ස­ට­හනේ අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙස කට­යුතු කරන්නේ සම්මා­න­ලාභී රූප­වා­හිනී අධ්‍ය­ක්ෂ­ව­ර­යකු වන සමිත් බස්නා­ය­කයි. ප්‍රකට වැඩ­ස­ට­හන් නිෂ්පා­ද­ක­ව­ර­යකු වන වරුණ කරු­ණා­රත්න, ප්‍රධාන නිෂ්පා­ද­ක­ව­රයා ලෙස කට­යුතු කරයි.

Comments