වී ගොවියන් කබලෙන් ළිපට | සිළුමිණ

වී ගොවියන් කබලෙන් ළිපට

ශ්‍රී ලංකාවේ වැඩි­යෙන්ම පරි­භෝ­ජ­නය කරන ආහා­රය ලෙසින් ගැනෙ­නුයේ බත් ය. එය සිය­වස් ගණ­නක් අතී­තයේ සිට ම පැවත එන්නකි. එය ආහා­ර­යක් ලෙස ගැනීම දක්වා විවිධ ක්‍රම­වේද පසු­කර පැමි­ණිය යුතුය. ඒ සඳහා මූලික ම සවිය යොදන්නේ වී ගොවියා ය. දළ වශ­යෙන් ගත් කල ගොවි පවුල් 879,000ක් පමණ වී වගාව මත යැපෙති. එය රටේ මුළු ජන­ග­හ­න­යෙන් 20% ක් පමණ ප්‍රමා­ණ­යකි. එමෙන්ම එය ජාතික රැකියා නියු­ක්ති­යෙන් 32% වේ. 2010 දශ­කය ආරම්භ වීමත් සමඟ ඒ දශ­කය තුළ හෙක්ට­යාර 650,000 වී ගොවි­තැන සඳහා යෙදවූ අතර එය කෘෂි­ක­ර්මා­න්තය සඳහා වෙන් කළ භූමි ප්‍රමා­ණ­යෙන් 45% කි. ඒ අනුව ගොවී­න්ගෙන් 70% වී වගා කට­යුතු කර­නුයේ හෙක්ට­යාර එක­කට අඩු ප්‍රමා­ණ­යක ය.

කෙසේ වෙතත් වර්ත­මා­නය වන විට වී වගා කරන ලද ඉඩම් ප්‍රමා­ණ­යන් ගෙන් 70% මහ කන්නයේ දී වගා කරනු ලබයි. ඉතිරි 30% වගා කරනු ලබන්නේ යල කන්න­යේදී ය. ඒ අනුව ගත් කල පසු­ගිය වසර කිහි­ප­යක මහ කන්නයේ 2016 වර්ෂයේ දී හෙක්ට­යාර 756,000, 2017දී හෙක්ට­යාර 543,000 ක් ද වගා කරන ලදී. යල කන්නයේ දී එය පිළි­වෙ­ළින් හෙක්ට­යාර 358,000 , 249,123ක් විය.

මේ ආදී වශ­යෙන් නොයෙ­කුත් සංඛ්‍යා ලේඛන, දත්ත මගින් කරුණු ඉදි­රි­පත් වුව ද අව­සා­න­යේදී ගැට­ලු­ව­ලට මුහුණ දෙන්නේ වී ගොවියා ය. ඒ තම අස්වැන්න නිසි මිලට විකුණා ගත නොහැකි වීමෙනි. පරි­භෝ­ජ­නය කරන්නා වූ සිය­ල්ලෝම සහල් මිල ඉහළ යෑම සම්බ­න්ධ­යෙන් කාලා­නු­රූ­පීව යම් යම් ප්‍රශ්න වලට මුහුණ දුන්න ද වී ගොවියා නිර­න්ත­ර­යෙන් එහි පතු­ලේම සිටිති.

මහ කන්නය වගා කිරී­මෙන් පසු කෙමෙන් අස්වනු නෙලීමේ කාලය ආරම්භ වන විට වී මෝල් හිමි­යන් විසින් ගොවීන්ගේ අස්වැන්න නෙළා ගැනී­මට කට­යුතු කරන්නේ රුපි­යල් 27, 28, 30 වැනි අඩු මුද­ල­කට ය. නමුත් කෙමෙන් මිල ඉහළ නගින විට ඔවුන් ලබා දිය යුතු සාමාන්‍ය මිල මට්ටම වෙත ළඟා වේ. එවිට ගොවීන් තමන් සතු අස්වැන්න විකුණා දමා හමා­රය. මිල ගණන් යම් පම­ණ­කින් එහා­මෙහා වුවද කාලා­න්ත­ර­යක් තිස්සේම සිදු­වෙ­මින් පව­තින්නේ එවැ­න්නකි. අනෙක් කරුණ වන්නේ බොහෝ තැන්හිදී සිදු­වන්නේ වී මෝල් හිමි­ක­රුවා සෘජු­වම ගොවි­යා­ගෙන් වී මිලට නොගෙන අත­ර­මැ­දි­යන් මගින් වී මිලට ගැනී­මට කට­යුතු කිරී­මය.

වී මෝල් හිමි­යන් මෙසේ අඩු මුද­ල­කට ගොවි­යා­ගෙන් අස්වැන්න මිලදී ගැනී­මෙන් සිදු­ක­රනු ලබන්නේ කෙසේ හෝ මිළ පහළ දමා ගැනීමේ කුට උපා­යකි. ඔවුන්ගේ සුඛ විහ­ර­ණය උදෙසා කර­න්නාවූ මෙවන් දෑ වලින් සිදු­වන්නේ ගොවියා තවත් අස­රණ වීමයි. වී මෝල් හිමි­යන් මෙසේ දිගින් දිග­ටම කට­යුතු කළ­හොත් අනා­ග­ත­යේදී ප්‍රශ්නය උග්‍ර වනවා නිසැ­කය.

1971 අංක 14 දරන පාර්ලි­මේන්තු පන­තින් ස්ථාපිත කරන ලද ආය­ත­න­යක් වන වී අලෙවි මණ්ඩ­ලය විසින් ගොවීන්ගේ අස්වැන්න මිලට ගනු ලබන්නේ 5% පමණ ප්‍රමා­ණ­යකි. ඉතිරි 95% ම මිල­දී­ගන්නේ පුද්ග­ලික වී මෝල් හිමි­ක­රු­වන්ය. ලංකාව පුරා වී මෝල් විශාල වශ­යෙන් ව්‍යාප්තව පැව­ති­යද මේවා කිසි­ලෙ­ස­කි­න්වත් ගණ­නය කිරී­ම­කට ලක්ව නැත. නමුත් මේ වන විට වී අලෙවි මණ්ඩ­ලයේ ලියා­ප­දිංචි වී ඇති වී මෝල් හිමි­යන් ගේ සංඛ්‍යාව 300කි.

කරුණු කව­රා­කාර වුවද ගොවීන්ට මතුව ඇති මේ ප්‍රශ්නය සම්බ­න්ධ­යෙන් ක්‍රියා­මා­ර්ග­යක් ගැනී­මට රජය කට­යුතු කළේ වී අලෙවි මණ්ඩ­ලය මගින් වී කිලෝ­වක් රු.50 ට මිලදී ගැනී­මට කට­යුතු කිරී­මත් තෙත වී කිලෝ­වක් ලබා ගැනීමේ මිල රුපි­යල් 45 දක්වා ඉහළ දැමී­ම­ටත් කට­යුතු කිරී­මෙනි.

වී මෝල් හිමි­යන් එදා මෙන්ම අදත් කරනු ලබන්නේ ද පරණ සෙල්ල­මය. ඔවුන් තමන් සන්ත­කව පව­තින ගබඩා වලට අම­ත­රව වැසී ගිය මෝල්වල ගබ­ඩාද කුලි­යට ගෙන ඒවා­යේද වී තැන්පත් කරන ඇති බව සඳ­හන්ය. නමුත් මේ සියලු මිලදී ගැනීම් කරනු ලබන්නේ අහිං­සක ගොවි­යන්ගේ අස්වැන්න තුට්ටු දෙකට ලබා­ගැ­නී­මෙනි. මෙසේ වසා දමන ලද වී මෝල්වල වී ගබඩා කිරී­මෙන් පසුව රට තුළ සහල් හිඟ­යක් ඇති කිරීමේ අව­ස්ථා­වක්ද ඔවුන් සතුව පවතී. එවන් වූ අව­ස්ථා­ව­කට පසු­ගිය දෙසැ­ම්බර් මාසයේ දී ද අප මුණ දුන්නා මත­කය.

වී මෝල් හිමි­යන් විසින් කියනු ලබන කාර­ණාව වන්නේ ඔවු­න්ටද මේ සඳහා මිලක් වැය වන බවයි. ඒ කියන කරුණු කාරණා අනුව වී කිලෝ එකක් මගින් සහල් ලබා ගැනීම සඳහා ඔවුන්ට රුපි­යල් 7ක පමණ මිලක් වැය වේ.

ඒ අනුව අපට මෙසේ ද ගණ­නය කළ හැක. වී සහල් බවට පත්වීමේ ප්‍රති­ශ­තය 68% ක් බව කියනු ලැබේ. එය උප­ක­ල්ප­නය කර ගත­හොත්,

වී මෝල් හිමි­යන් පව­තින මිල­ටම එනම් රුපි­යල් 50ට ගොවි­යා­ගෙන් වී ලබා­ග­ත­හොත් වී කිලෝ සිය­ය­කට රුපි­යල් 5000 ඔහුට වැය වෙයි. ඒ සම­ඟම (නිෂ්පා­දන විය­දම් ලෙස කම්කරු ,ප්‍රවා­හන ආදී සියළු විය­දම් සමඟ කිලෝ සිය­යක් සඳහා සහල් නිෂ්පා­දන විය­දම රුපි­යල්700කි) කිලෝ සිය­යක් සඳහා ඔවුන්ට ඒ අනුව සම්පූර්ණ මුදල රුපි­යල් 5700 කි. ඒ අනුව පෙර කී ලෙස ඉහත උප­ක­ල්ප­න­යට අනුව වී කිලෝ සිය­යක් සඳහා වැය­වන්නේ රුපි­යල් 5700කි . එම මුදල 68 න් බෙදු­විට ලැබෙන උත්ත­රය රුපි­යල් 83 කි. ඒ සහල් කිලෝ­වක් සඳහා වැය­වන විය­ද­මයි. මෙම රුපි­යල් 83 වෙළ­ඳ­පලේ පව­තින ඕනෑම සහල් කිලෝ­වක මිලෙන් අඩු කළ විට ලැබෙන උත්ත­රය වී මෝල්හි මියාගේ ලාභ­යයි. නමුත් අවා­ස­නා­වට කාර­ණාව වන්නේ ඔවුන් ගොවීන්ගේ අස්වැන්න මිලදී ගනු ලබන්නේ රුපි­යල් 28-30 ක් වැනි සුළු මුද­ල­ක­ටයි. එසේ­නම් ඔබ ගණ­නය කර බැලු­ව­හොත් ඔබට මැනැ­වින් වැට­හේවි වී මෝල් හිමි­යන් සහල් කිලෝ­ව­කින් කෙත­රම් ලාභ­යක් ලබා ගන්න­වාද කියා.

වී මෝල් හිමියා එවන් වූ ලාභ­යක් ලබන විට මාස ගණ­නා­වක් තිස්සේ අව්වේ වේලි දුක් ගැහැට විඳි­මින් තමන් වගා­කර ලබා­ගත් අස්වැ­න්නට ගොවි­යාට ලැබෙන්නේ සොච්චම් මුද­ලකි. වී මෝල් හිමි­යන් නිර­න්ත­ර­යෙන්ම ගොවි­යා­ගෙන් අඩු මිලට වී මිලදී ගැනී­මට මාන බලන්නේ මේ හේතුව නිසාය. වී මෝල් හිමි­ය­න්ගෙන් සිදු­වන මෙවන් මාෆි­යා­වන් නිසා ගොවීන් විසින් රජ­යට ඉදි­රි­පත් කිරී­මට සූදා­නම් වන වැඩ පිළි­වෙ­ළක්ද පවතී. එනම් බොහෝ ගොවීන් වගා කට­යුතු කරනු ලබන්නේ මුදල් ණයට ලබා ගනි­මිනි. එම නිසා ඔවුන්ගේ ණය මුදල ගෙවී­මට රජය මැදි­හත් වී එම අස්වැන්න රජය විසින්ම ගබඩා කර තබා ගැනීමේ ක්‍රම­වේ­ද­යයි. තව­දු­ර­ටත් ඔවුන් පෙන්වා දෙන්නේ ඒ සඳහා අවශ්‍ය ගබඩා ප්‍රමා­ණ­වත් පරිදි තිබෙන බවයි.

කෙසේ වෙතත් අව­සා­නයේ පෙනෙ­න්නට තිබෙන කරුණ වන්නේ වී ගොවීන් මුදල් පම­ණක් නොව තම ශ්‍රමය සහ කාලය කැප කර­මින් සිදු­කර ඇත්තේ වී මෝල් හිමි­යන් පොහො­සත් කිරීම පම­ණක් බවය. රජය විසින් වී මිලදී ගැනීමේ මිල ගණන් ඉදි­රි­පත් කලද වී මෝල් හිමි­යන් අතින් තව­මත් සිදු නො වන්නේ ද එයයි. රජය විසින් මැදි­හත්වී නව මිල ගණන් ඉදි­රි­පත් කළා සේම තව­මත් නොවි­ස­ඳුණු කාලා­න්ත­ර­යක් තිස්සේ ඇදී ඇදී පව­තින මාෆි­යාව තුරන් කර දැමී­ම­ටද කට­යුතු යෙදිය යුතුය. එසේ නොකළ හොත් සිදු වන්නේ අනා­ග­තයේ දී වී ගොවි­තැන් කිරීම සඳහා ගොවි­යෙකු සොයා ගැනීම කළු­නික සොය­න­වා­ටත් වඩා අප­හසු කාර්ය­යක් වීම ය.

Comments