ලෙඩ්ඩු වැඩිද? දොස්ත­රලා අඩුද? | Page 2 | සිළුමිණ

ලෙඩ්ඩු වැඩිද? දොස්ත­රලා අඩුද?

මෙරට ප්‍රථම වරට වෛද්‍ය විද්‍යා­ල­යක් ස්ථාපිත කළේ 1870 වර්ෂ­යේ­දීය. ඒ කොළඹ වෛද්‍ය පීඨ­යයි. ඉන් අන­තු­රුව පේරා­දෙ­ණිය සහ යාප­නය සර­ස­වි­වල වෛද්‍ය පීඨ ආරම්භ කෙරිණි. එසේ ක්‍රම­යෙන් ආරම්භ වූ වෛද්‍ය පීඨ අද වන විට 10ක් දක්වා වර්ධ­නය වී තිබේ. මීට අම­ත­රව කොත­ලා­වල ආර­ක්ෂක විශ්ව­වි­ද්‍යා­ල­යට අයත් වෛද්‍ය පීඨ­යක් ද තිබේ. ඒ ආකා­ර­යට වෛද්‍ය පීඨ අරඹා රටට අවශ්‍ය වෛද්‍ය­ව­රුන් බිහි කිරීම ඉතා හොඳ කර්ත්‍ය­ව­යකි. එම වෛද්‍ය­ව­රුන්ට, විදේ­ශීය වෛද්‍ය උපා­ධිය ලබා මෙර­ටට පැමි­ණෙන වෛද්‍ය­ව­රුන්ද එකතු වීමෙන් වෛද්‍ය­ව­රුන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇත. දිනෙන් දින ඉහළ යන ජන­ග­හ­න­යත් සමඟ වෛද්‍ය­ව­රුන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම වර­දක් නොවේ. එහෙත් මේ සා එකතු වන වෛද්‍ය­ව­රුන්ට සාපේ­ක්ෂව හෙද හෙදි­යන්, රසා­ය­නා­ගාර ශිල්පීන්, ඖෂ­ධ­වේ­දීන් වැනි සෙසු මානව සම්පත් වර්ධ­නය නොකි­රී­මෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම­තු­ලිත බව බිඳ වැටෙන්නේ නිරා­යා­ස­යෙනි. එම නිසාම වෛද්‍ය­ව­රුන්ගේ අති­රි­ක්ත­යක් ඇති­වීමේ අව­දා­න­මක් පවතී.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සංඛ්‍යා ලේඛන අනුව ලියා­ප­දිංචි වී දැනට ක්‍රියා­කාරි වෛද්‍ය සේවයේ යෙදී සිටින වෛද්‍ය­වරු සංඛ්‍යාව 27,766 කි. 2019 ජූලි වන විට ලංකාවේ ජන­ග­හ­නය මිලි­යන 22.1 කි. ඒ අනුව ශ්‍රී ලංකාවේ වෛද්‍ය­ව­රුන් සහ ජන­ග­හ­නය අනු­පා­තය 1:750 කි. එනම් පුද්ග­ල­යන් 750ක් සඳහා එක් වෛද්‍ය­ව­ර­යෙක් සිටියි. ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ නිර්දේ­ශය අනුව පැව­තිය යුතු වෛද්‍ය/ජන­ග­හන අනු­පා­තය 1:1000 ක් ලෙස දක්වා තිබේ. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ නිර්දේ­ශ­ව­ල­ටත් වඩා උසස්, ප්‍රශස්ත මට්ට­මක ලංකාව සිටින බව සතු­ටින් සඳ­හන් කළ යුතුය.

වෛද්‍ය­ව­රුන්ගේ දැඩි හිඟ­යක් පව­තින රට­වල් ලෙස ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය නම් කර ඇති රට­වල් 57 ට ශ්‍රී ලංකාව අයිති නොවේ. එසේ නම් වෛද්‍ය­ව­රුන්ගේ හිඟ­යක් පව­තින බවට පැතිරී යන රාවය කුමක්ද? අද ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ වෛද්‍ය­ව­රුන්ගේ හිඟ­යක් නොව ස්ථාන ව්‍යාප්තිය පිළි­බ­ඳව ප්‍රශ්න­යකි. කොළඹ දිස්ත්‍රි­ක්කයේ වෛද්‍ය ජන­ග­හන අනු­පා­තය 1:400 ක් වන අතර නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ මෙම අනු­පා­තය 1:3000 ක් වේ. මේ අනුව වෛද්‍ය­ව­රුන්ගේ ස්ථාන ව්‍යාප්තියේ විස­ම­තා­වක් ඇති බව පැහැ­දි­ලිය.

තත්ත්වය එසේ තිබි­යදී රජයේ වෛද්‍ය පීඨ­ව­ලින් වාර්ෂි­කව පිට­වන වෛද්‍ය උපා­ධි­ධා­රීන්ගේ සංඛ්‍යාව 1500කි. 2018 වස­රේදී පම­ණක් සිය­ලුම වෛද්‍ය පීඨ­ව­ලින් 1480 දෙනෙක් වෛද්‍ය­ව­රුන් ලෙස සුදු­සු­කම් ලබා සිටිති. වස­ර­කට විදේ­ශීය වෛද්‍ය උපාධි ලබා ERPM (ACT 16) විභා­ගය සමත් වී වෛද්‍ය සේව­යට එකතු වන ගණන 500කි. සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය මඟින් 2019 සැප්තැ­ම්බර් නිකුත් කරන ලද මාධ්‍ය නිවේ­ද­න­යට අනුව දැනට රාජ්‍ය සේවයේ පව­තින වෛද්‍ය පුර­ප්පාඩු 1654 ක් වේ. මේ අනුව පව­තින පුර­ප්පා­ඩු­ව­ලට වඩා වැඩි වෛද්‍ය­ව­රුන් පිරි­සක් බිහි වීමේ අව­දා­නම් රතු එළිය දැන් දැල්වී තිබේ.

“කෙනෙ­කුට තර්ක­යක් හැටි­යට ඉදි­රි­පත් කරන්න පුළු­වන් අද පෞද්ග­ලික රෝහල් ඕනෑ තරම් තිබෙ­නවා. වෛද්‍ය­ව­රුන් ඒ රෝහ­ල්වල සේවය කරන්න පුළු­වන්, අද වෛද්‍ය­ව­රුන් ඕනෑ තරම් පිට­රට යනවා කියලා. ඒ කතාවේ පුංචි ඇත්තක් තිබෙ­නවා. ඒ නිසාම පසු­ගිය වසර 10 ක් තුළ සංඛ්‍යා­ලේ­ඛ­න­ව­ලට අනුව වෛද්‍ය සේව­යට එකතු වන වෛද්‍ය­ව­රුන්ගේ සේවා ස්ථාන ව්‍යාප්තිය ගැන මම සට­හ­නක් හැදුවා. එයින් පැහැ­දිලි වෙනවා වෛද්‍ය­ව­රුන් පිට­රට යන ප්‍රමා­ණය සහ පුද්ග­ලික රෝහ­ල්වල සේවය කරන ප්‍රමා­ණය ගැන.” යනු­වෙන් සඳ­හන් කළේ ළමා රෝග විශේ­ෂඥ වෛද්‍ය හැරිස් පති­ර­ගේය. ඔහු පෙන්වා දෙන දත්ත සට­හන මතු දැක්වේ.

• රාජ්‍ය සේවයේ නිරත වෛද්‍ය­වරු - 70%

• පෞද්ග­ලික සේවයේ නිරත වෛද්‍ය­වරු - 12%

• විදේ­ශ­ගත වන වෛද්‍ය­වරු - 15%

• විශ්ව­වි­ද්‍යාල වෛද්‍ය පීඨ සහ ආර­ක්ෂක අංශ රෝහ­ල්වල නිරත වෛද්‍ය­වරු - 3%

මේ අනුව වස­ර­කට වෛද්‍ය සේව­යට එකතු වන 2000 ක් පමණ වෛද්‍ය­ව­රු­න්ගෙන් 70% ක් පමණ රාජ්‍ය සේව­යට අන්තර් ග්‍රහ­ණය වන අතර ඔවු­න්ගෙන් 1400කට වාර්ෂි­කව අනි­වා­ර්ය­යෙන්ම නව පත්වීම් ලබා­දී­මට සිදුවේ. ඉතිරි පිරිස පෞද්ග­ලික රෝහල් කරා හෝ පිට­රට රැකියා සඳහා යොමු වනු ඇත. වර්ත­මා­නයේ බැලූ බැල්මට වෛද්‍ය අති­රි­ක්ත­යක් පැහැ­දි­ලිව නොපෙ­නු­ණත් මෙය ඉදි­රි­යේදී ඇති විය හැකි බවට අන­තුරු ඇඟ­වී­මට සිදු වන්නේ විදේ­ශීය රට­ව­ල්වල වෛද්‍ය උපා­ධිය හැදෑ­රී­මට යන ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන නිසාය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ 2017 සංඛ්‍යා­ලේ­ඛන අනුව වෛද්‍ය උපා­ධිය හැදෑ­රීම සඳහා ගිය ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංඛ්‍යාව 3000 ක් විය. විදේ­ශීය වෛද්‍ය උපා­ධිය ලබා ERPM පරී­ක්ෂ­ණ­යට පෙනී සිටී­මට නිය­මිත සංඛ්‍යාව 1000 ක් විය.

“ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සංඛ්‍යා­ලේ­ඛන තිබෙන්නේ අනු­කූ­ලතා සහ­ති­කය ලබා ගත් ශිෂ්‍ය­යන්ගේ විත­රයි. එහෙම නැතිව විදේ­ශ­ගත වන පිරි­ස­කුත් සිටි­නවා. විශේ­ෂ­යෙන් සම­හර දකුණු ආසි­යානු රට­ව­ල්වල තානා­පති කාර්යාල මඟින් වෛද්‍ය විද්‍යාව හැදෑ­රී­මට ශිෂ්‍යත්ව දීමේ වැඩ­පි­ළි­වෙ­ළ­කුත් ක්‍රියා­ත්මක වෙනවා. ඒ සම­හර අය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනු­කූ­ලතා සහ­ති­කය ලබා­ග­න්න­වාද කියලා ගැට­ලු­වක් ත‍ිබෙ­නවා. සම­හර ළම­යින්ගේ උසස් පෙළ ප්‍රති­ඵල ඉතා අඩු මට්ටමේ තිබෙන බව අපිට වාර්තා වෙලා තියෙ­නවා. අද වෛද්‍ය උපා­ධිය ලබා පැමි­ණෙන ශ්‍රී ලාංකික ඇතැම් වෛද්‍ය­ව­රුන් පවා වෛද්‍ය සේවය පැත්තක තියලා ලංකාවේ ළම­යින් විදේ­ශීය විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට යැවීම ජාවා­ර­මක් කර­ගෙන තිබෙ­නවා. එය තහ­වුරු කළ හැකි සාක්ෂි තිබෙ­නවා. මෙය ඉතා කන­ගා­ටු­දා­යක කරු­ණක්.” යනු­වෙන් ළමා­රෝග විශේ­ෂඥ වෛද්‍ය හැරිස් පති­රගේ පැව­සීය.

මේ අනුව විදේ­ශීය වෛද්‍ය උපා­ධිය ලබා මෙර­ටට පැමි­ණෙන අයගේ ප්‍රමි­තිය සහ ගුණා­ත්ම­ක­භා­වය පහත වැටිය හැකිය. එවැ­න්නන් සෞඛ්‍ය සේව­යට එකතු වීමෙන් රෝගී සත්කාර සේවය බිඳ වැටී රෝගී ජීවිත අව­දා­න­මට ලක් විය හැකිය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභා­පති මහා­චාර්ය හරේන්ද්‍ර ද සිල්වා­ගෙන් ඒ පිළි­බ­ඳව විම­සුවේ එබැ­විනි.

“විදේ­ශීය වෛද්‍ය උපා­ධිය ලැබී­මට පිට­රට යන ළම­යින්ගේ උසස් පෙළ ප්‍රති­ඵල අනුව අවම සුදු­සු­කම විදි­හට සම්මාන දෙකයි, සාමාන්‍ය සාමර්ථ්‍ය එකයි කියලා අපි නිර්ණා­ය­ක­යක් සකස් කළා. 2010 දී ක්‍රියා­ත්මක වෙලා 2012 දි කැබි­නට් මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කළා. ඒත් එය පාර්ලි­මේ­න්තු­වෙන් සම්මත ව‍ුණේ නැහැ. ඒ නිසා පිට­රට යන අයගේ අවම සුදු­සු­කම් අපිට නීති­යක් හැටි­යට ගේන්න බැරි­වෙලා තිබෙ­නවා. 2017 දීත් අවම ප්‍රති­ඵල ගැන නැවත වාර­යක් සලකා බැලුවා. වෛද්‍ය උපා­ධි­යට අ.පො.ස. උසස් පෙළ අවම සුදු­සු­කම විදි­හට බී සාමර්ථ්‍ය 3ක් හෝ ඊට පෙර වසරේ අවම වෛද්‍ය ප්‍රවේ­ශයේ ප්‍රති­ඵල දෙන්න කියලා කැබි­නට් මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කළා. ඒත් ඒ එක­ක්වත් නීති­යක් බවට පත් කර ගැනී­මට හැකි වුණේ නැහැ. පසු­ගිය කාලයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධි­ක­ර­ණ­යට ගෙන්වලා අධි­ක­රණ නියෝග ක්‍රියා­ත්මක කරන්න කිව්වේ ඒ හේතුව නිසයි. අවම සුදු­සු­කම් සම්පූර්ණ කරලා නැති නිසා මෙරට ලියා­ප­දිං­චිය දෙන්න බැහැ කිව්වාම සම­හ­රුන් උසාවි යනවා. එය නීති­යක් නොවන නිසා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නඩු­වෙන් පර­දි­නවා. ඒ නිසා අලුත් ස්‍යෙඛ්‍ය ඇම­ති­නිය, පවිත්‍රා වන්නි­ආ­රච්චි එකඟ වෙලා තිබෙ­නවා අඩුම වශ­යෙන් සී 2යි එස් 1යි අවම සුදු­සු­කම හැටි­යට පාර්ලි­මේ­න්තු­වෙන් සම්මත කර­ගෙන නීති­යක් ගෙනෙන්න. මෙතෙක් එය නීති­යක් නොවු­ණත් ශ්‍රී ලංකා වෛද්‍ය සභා­වට හැකි වී තිබෙ­නවා විදේ­ශීය වෛද්‍ය උපා­ධිය ලබා­ගැ­නී­මට පිට­රට යන දරු­වන්ට අනු­කූ­ලතා සහ­ති­ක­යක් (Eligibility Certificate) ලබා­ගෙන යන්න කියලා ඉල්ලී­මක් කරන්න.

අනු­කූ­ලතා සහ­ති­කය දෙන්නේ අ.පො.ස. උසස් පෙළ අවම සුදු­සු­කම සී 2යි එස් 1යි. සපුරා තිබීම සහ පිළි­ගත් විදේ­ශීය විශ්ව විද්‍යා­ල­යක් වීම යන කාරණා මත. දැන් නම් අනු­කූ­ලතා සහ­ති­කය අරන් පිට­රට යන්න පෙළ­ඹිලා තිබෙ­නවා. ඒත් සම­හ­රුන් එය ගන්නේ නැතිව නිකම්ම යනවා.” යනු­වෙන් ඔහු දීර්ඝ වශ­යෙන් විස්තර කළේය.

මෙහිදී මහා­චාර්ය හරේන්ද්‍ර ද සිල්වා තවත් අතුරු කතා­වක් පව­ස­න්නට අම­තක කළේ නැත. ඒ ඇතැම් විදේ­ශීය වෛද්‍ය උපා­ධිය ලබා මෙර­ටට පැමි­ණෙන අයගේ දැනුමේ යම් යම් අඩු­පාඩු තිබී­මයි. විශේ­ෂ­යෙන් අධි­ක­රණ වෛද්‍ය විද්‍යාව සහ මනෝ විද්‍යාව යන විෂ­යන් සම්බ­න්ධ­යෙන් දැනුම ප්‍රමා­ණ­වත් නොවන බැවින් මෙර­ටට පැමි­ණෙන අයට වෙනම පාඨ­මා­ලා­වක් ඉගැ­න්වී­මට හෝ විදේ­ශීය වෛද්‍ය පීඨ­වල පාඨ­මා­ලා­වන්ට විෂය කරුණු ඇතු­ළත් කරන ලෙස එතෙර විශ්ව විද්‍යා­ල­ව­ලින් ඉල්ලා සිටී­මට අද­හස් කරන බව තව­දු­ර­ටත් ඔහු සඳ­හන් කළේය. එහෙත් ශ්‍රී ලාංකික සුළු ශිෂ්‍ය ප්‍රජා­වක් වෙනු­වෙන් විදේ­ශීය වෛද්‍ය පීඨ ඔවුන්ගේ විෂය නිර්දේශ පුළුල් කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ද ඔහු පැව­සීය.

“අද විදේ­ශීය වෛද්‍ය උපාධි ලබා­ගෙන මෙර­ටට පැමි­ණෙන අයගේ සංඛ්‍යාව වැඩියි. පිට­රට ගිහින් වෛද්‍ය උපා­ධිය ලබා­ගෙන ආවාට ප්‍රශ්න­යක් නැහැ. හැබැයි එහි ප්‍රමි­ති­යක් තිබිය යුතුයි. ප්‍රමි­තිය ඇති කිරීමේ අර­මු­ණින් මේ වන විට වැඩ පිළි­වෙ­ළක් සකස් වෙනවා. අ.පො.ස. උසස් පෙළ අවම සුදු­සු­කම වශ­යෙන් සී 2යි එස් 1යි දෙසැ­ම්බර් 26 වැනි දා ගැසට් කළා. ළඟ­දීම එය පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කර­නවා. අපේ රටට වෛද්‍ය­ව­රුන් අව­ශ්‍යයි. මහ­ර­ගම පිළිකා රෝහ­ලට වෛද්‍ය­ව­රුන් 400 ක් අවශ්‍ය වුණත් ඉන්නේ 250යි. පොලො­න්න­රුව රෝහලේ අලු­තින් වකු­ගඩු ඒක­ක­යක් හැදු­වාට එය විවෘත කර ගන්න බැරි­වෙලා තියෙන්නේ වෛද්‍ය­ව­රුන් අඩු නිසා. සම­හර ස්ථාන මාරු පවා ක්‍රියා­ත්මක කරන්න බැරි වී තිබෙන්නේ වෛද්‍ය හිඟය නිසා. උතුරු නැගෙ­න­හිර පළා­ත්වල සම­හර ග්‍රාමීය රෝහල් වැහෙන්න යන්නේ වෛද්‍ය­ව­රුන් නැති නිසා. ඒ නිසාම වෛද්‍ය­ව­රුන්ගේ විශ්‍රා­මික වයස අවු­රුදු 60,63 දක්වා දීර්ඝ කරන්න කියලා ඉල්ලී­මක් කරන්න අපි බලා­පො­රොත්තු වෙනවා.” යනු­වෙන් සඳ­හන් කළේ රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ ලේකම් වෛද්‍ය හරිත අලු­ත්ගේය.

ඔහු තව­දු­ර­ටත් සඳ­හන් කරන්නේ රෝහල් දියු­ණු­වන විට වෛද්‍ය­ව­රුන්, හෙද කාර්යය මණ්ඩ­ලය ඇතුළු මානව සම්පත් අවශ්‍ය වන බවයි. එබැ­වින් තවත් අවු­රුදු 5කින් 6කින් හෝ ඊටත් එහා කාල­ය­කට පසුව ඇති විය හැකි වෛද්‍ය අති­රි­ක්තය ගැන දැන්ම අන­වශ්‍ය භීති­යක් ඇති කර­ගැ­නීම අන­වශ්‍ය බව ඔහු‍ගේ අද­හ­සය. වෛද්‍ය­ව­රුන් විශ්‍රාම යෑම විදේ­ශ­ගත වීම සහ පෞද්ග­ලික රෝහ­ල්වල සේවය කරා යොමු වීම නිසා වෛද්‍ය අති­රි­ක්ත­යක් ඇති වීමේ අව­දා­නම අඩු මට්ට­මක පව­තින බව ඔහු සඳ­හන් කරයි.

එහෙත් වෛද්‍ය­ව­රුන්ගේ හිඟ­ය­කට වඩා පැති­රීමේ ප්‍රශ්න­යක් ඇති බව පව­සන ශ්‍රී ලංකා වෛද්‍ය සංග­මයේ සභා­පති මහා­චාර්ය ඉන්දික කරු­ණා­ති­ලක බොහෝ රෝගීන් ප්‍රාදේ­ශීය මට්ට­මෙන් පව­තින රෝහල් කරා නොගොස් ප්‍රධාන රෝහල් කරා යෑමේ ප්‍රව­ණ­තා­වක් ඇති බැවින් එක් වෛද්‍ය­ව­ර­ය­කුට රෝගීන් විශාල සංඛ්‍යා­වක් පරීක්ෂා කිරී­මට සිදු වී ඇති බව පැව­සීය. ප්‍රධාන රෝහ­ල්වල රෝගීන්ගේ තද­බ­ද­යක් ඇති වුවත් වර්ත­මා­නයේ පශ්චාත් සීමා­වා­සික පුහු­ණුව ලබන වෛද්‍ය­ව­රුන් පර්යන්ත රෝහ­ල්ව­ලට අනු­යුක්ත කර ඇති බැවින් වෛද්‍ය­ව­රුන්ගේ හිඟ­යට විස­ඳුම් ලැබී ඇති බව ඔහුගේ අද­හස විය.

“පශ්චාත් සීමා­වා­සික පුහු­ණුව ලබන වෛද්‍ය­ව­රුන් රැසක් පොඩි රෝහ­ල්වල සේවය කර­නවා. ඒ අය අඩුම වශ­යෙන් අවු­රු­ද්ද­ක්වත් එහි සේවය කළ යුතුයි. හැබැයි ඒ අයට විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් යටතේ පුහු­ණුව ලබා­ගෙන ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කර ගැනීමේ අව­ස්ථාව නැති වෙනවා. ඉගෙ­න­ගත් දෙයින් ප්‍රයෝ­ජ­න­යක් ගන්න බැරි වෙනවා. ඒ නිසා අපිට වෛද්‍ය­ව­රුන්ගේ ගුණා­ත්ම­ක­භා­වය වැඩි කර­ගැ­නීම ගැන හිතන්න සිද්ධ වෙනවා. එහෙම නැතිව වෛද්‍ය­ව­රුන්ගේ ප්‍රමා­ණය වැඩි කිරීම රටේ සෞඛ්‍ය ක්ෂේත්‍ර­යට අහි­ත­කර අන්ද­මට බල­පාන්න පුළු­වන්. එක් වෛද්‍ය­ව­ර­ය­කුට හෙද කාර්යය මණ්ඩ­ල­යෙන් දෙදෙ­නෙක් සිටිය යුතුයි. එහෙම නොවී වෛද්‍ය­ව­රුන්ගේ සංඛ්‍යාව වැඩි කළොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම­බ­ර­තාව ගිලිහී යන්න පුළු­වන්,” යනු­වෙන් සඳ­හන් කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සංග­මයේ සභා­පති, මහා­චාර්ය ඉන්දික කරු­ණා­ති­ල­කය.

අනා­ග­ත­යේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වන එම අභි­යෝ­ග­යන්ට මුහු­ණ­දී­මට නිසි සැල­සුම් සහ ක්‍රියා­මාර්ග ගැනීම වග­කිව යුතු අයගේ යුතු­ක­මකි. නිසි සැල­සු­ම­කින් තොරව වෛද්‍ය උපා­ධි­ධා­රින් බිහි කිරීම සහ ඊට සාපෙක්ෂ අනෙ­කුත් මානව සම්පත් දාය­ක­ත්වය වර්ධ­නය නොකි­රීම යන හේතූන් නිසා අපේ රටේ සෞඛ්‍ය අංශය බර­ප­තළ අර්බු­ද­ය­කට මුහුණ පෑම වැඩි ඈතක නොවේ.

 

Comments