පත්තර මහ ගෙද­රින් රට­ටම මහ මෙහෙ­යක් කළ ඩී. ආර්. විජ­ය­ව­ර්ධන | සිළුමිණ

පත්තර මහ ගෙද­රින් රට­ටම මහ මෙහෙ­යක් කළ ඩී. ආර්. විජ­ය­ව­ර්ධන

තියේ වැඩ කරන දින­වල පෙර­වරු 8 – 9 අතර ලේක්හ­වුස් ආය­ත­නයේ කර්තෘ මණ්ඩල දොර­ටුව අසල ඔබ සිටි­යොත් අමු­තුම දසු­නක් බල­න්නට පුළු­වන. එහි එන ලේක්හ­වුස් සේවක සේවි­කාවෝ පම­ණක් නොව ඉහළ නිල­ධා­රීහු ද වැඩි පිරි­සක් එම දොර­ටුව අබි­යස ඇති පිළි­රු­ව­කට දෑත් එක්කොට හිස නමා ආචාර සමා­චාර කර ගෞරව දක්වති.

ඒ සුවි­ශේෂ පිළි­රුව අන් කාගේ­ වත් නොව ලේක්හ­වුස් ආය­ත­නයේ නිර්මාතෘ හා මෙරට නිද­හස යටතේ පුරෝ­ගා­මි­යකු වූ ඩී.ආර්. විජ­ය­ව­ර්ධන ශ්‍රීම­තා­ණන්ගේ ය. මා ඇතුළු ලේක්හ­වුස් ආය­ත­නයේ සේවය කළ හා කරන 25000 කට අධික පිරි­ස­කට හා ඔවුන්ගේ පවු­ල්ව­ලට බඩ වියත සරි කළ එතු­මාට අපි හැම­දාම පින් පමු­ණු­ව­න්නෙමු.

ලේක්හ­වුස් ආය­ත­නයේ සිටින කළ ගුණ දත් සේවක සේවිකාවෝ තම ආය­ත­නයේ නිර්මා­තෘ­ව­ර­යාට නැත්නම් ආදි කර්තෘ­ව­ර­යාට එලෙස ගෞරව දැක්වීම වසර ගණ­නා­වක සිට පැවත එන සත් ක්‍රියා­වක් බවට පත්වී තිබේ.

ලේක්හ­වුස් නිර්මාතෘ ලෙස අප හඳු­න්වන එතුමා සිය ව්‍යාපා­රික කට­යුතු ආරම්භ කළේ තොර­තුරු විකි­ණීමේ කර්මා­න්ත­යක් මඟිනි. අපේ ලෝකයේ තොර­තුරු අලෙවි කරන මහා පරි­මාන තාක්ෂ­ණික සමා­ගම් ‘ගූගල් - යාහු’ සිය අලෙවි කට­යුතු ආරම්භ කළේ මීට දශක 2 – 3කට පෙර සිටය. නමුත් ඩී‍.ආර්. විජ­ය­ව­ර්ධන තරු­ණයා මෙරට ප්‍රථම තොර­තුරු විකි­ණීමේ ව්‍යාපා­රය ලෙස වාණිජ පුව­ත්පත් කර්මා­න්තය ආරම්භ කර ඇත්තේ මීට වසර 110කට පමණ පෙරය.

එතුමා ඒ තොර­තුරු අලෙවි කිරීමේ ව්‍යාපා­රය ආරම්භ කළේ තනි­ක­රම වාණිජ පර­මා­ර්ථම මුල් කර­ගෙන ම නොවේ. එකල තිබූ රටේ නිද­හස් සට­නට ජන­තාව පෙලඹ­ව­මින් සමාජ ශෝධ­න­යත් සමඟ සමාජ විප්ල­ව­යක් ද මේ තොර­තුරු විකි­ණීමේ කර්මා­න්තය මඟින් කළ හැකි බව එතු­මාට පසක් විය. ඒ අනුව එතුමා බේරේ වැව අසල ලේක්හ­වුස් මන්දි­රය ගොඩ­නංවා පුව­ත්පත් 30කට අධික ගණ­නක් මුද්‍ර­ණය කර රටට ම ජාති හිතෛෂී තොර­තුරු දීමට කට­යුතු කළේ ය.

දින­මිණ පුව­ත්පත පසු­ගි­යදා වසර 110 සපි­රීය. දැන් ඩේලි­නි­වුස් පුව­ත්ප­තට වසර 102කි. 1930 ශත දහයේ විශ්ව විද්‍යා­ලය ලෙස ආරම්භ කළ සිළු­මිණ පුව­ත්පත 2020 මාර්තු 30 වැනිදා 90 වැනි වියට පා තබයි.

මේ අයු­රින් අප එදත් අදත් අභි­මා­න­යෙන් කථා කරන මෙරට පැර­ණිම පුව­ත්පත් ආරම්භ කර දේශීය ජාති හිතෛෂි ව්‍යාපා­ර­යක් ලෙස රටට දායක කර එම­ඟින් 25000 කට අධික පවුල් ගණ­න­කට සෙත සැල­සුවේ ඩී.ආර්. විජ­ය­ව­ර්ධන මැති­තුමා ය.

බ්‍රිතාන්‍ය සුදු අධි­රා­ජ්‍ය­වා­දී­න්ගෙන් ර‍ටට පූර්ණ නිද­හස ලබා ගැනී­මට ජාතික වාත්ස­ල්‍යය සුරැ­කී­මට එකල දේශ­මා­මක දෑ හිත­කාමී දේශ­ප්‍රේ­මීන් තම උතුම් මෙහෙය ඉහ­ළම මට්ට­මින් සිදු කරද්දී සිංහල දෙමළ ඉංගි­රිසි පුව­ත්පත් අරඹා ඒ මඟින් ප්‍රබල ජන මත­යක් හා ජාතික චින්ත­න­යක් ඇති කළ ඩී.ආර්. විජ­ය­ව­ර්ධන සූරීන් ඒ වච­නයේ පරි­ස­මාප්ත අර්ථ­යෙන් ම සැබෑ නිද­හස ලබා­ගැ­නී­මට උදව් කළ ජාති හිතෛ­ෂි­යෙකි.

1914 පමණ වන­විට වැසී­යා­මට ආස­න්නව මුද්‍ර­ණය අත­ර­මඟ නවතා තිබුණු ‘දින­මිණ’ පුව­ත්පත මිලට ගෙන මෙරට ප්‍රථම වරට වාණිජ පුව­ත්පත් කර්මා­න්ත­යක් හා ඡායා­රූප කලා­වක් මෙර­ටට හඳුන්වා දීමට එතුමා කට­යුතු කළේ නැත්නම් අද අපේ රටේ මේ තරම් වාණිජ පුව­ත්පත් කර්මාන්ත හා මෙත­රම් දින­පතා සති­පතා පුව­ත්පත් පව­තින්නේ ද නොමැත‍.

පත්තර මහ ගෙදර ලෙස 1926 දී පමණ ලේක්හ­වුස් ආය­ත­නය ඉදි­කළ මෙතුමා ලේක්හ­වුස් ආය­ත­නයේ පම­ණක් නොව මෙරට වාණිජ මහා පරි­මාණ පුව­ත්පත් කර්මා­න්තයේ මෙරට පුව­ත්පත් ඡායා­රූප කර්මා­න්තයේ ද හා වාණිජ පුව­ත්පත් කලා­වේද නිර්මා­තෘ­ව­ර­යා­ණන් යයි කීම අති­ශ­යෝ­ක්ති­යක් නොවනු ඇත.

මෙතු­මාගේ පියා­ණන් දොන් පිලිප් විජ­ය­ව­ර්ධන මැතිතුමායි. මව හෙලේනා විජ­ය­ව­ර්ධන ළමා­තැ­නීය. 1886 පෙබ­ර­වාරි 23 වැනිදා මෙලොව එළිය දුටු ඩී.ආර්. විජ­ය­ව­ර්ධන දරුවා මෝදර ශාන්ත තෝමස් විද්‍යා­ල­යෙන් මූලික අධ්‍යා­ප­නය ලැබීය. පසුව එතුමා එංග­ලන්ත කේම්බ්‍රිජ් විශ්වවිද්‍යා­ල­යේත් උසස් අධ්‍යා­ප­නය ලැබ මවු රටට පැමි­ණියේ අධි­නී­ති­ඥ­ව­ර­යකු ලෙසය.

එතුමා මෙර­ටට පැමි­ණෙන විට රටේ සිංහල ජන­තා­වට කිය­වී­මට පුව­ත්ප­තක් තිබුණේ නැත. මෙරට ඉංග්‍රීසි පුව­ත්පත් අධි­රා­ජ්‍ය­යක පැව­තුණි. සර­සවි සඳ­රැස හා සිංහල බෞද්ධයා වැනි පුව­ත්පත් මුද්‍ර­ණය වුව ද ඒවා අලෙවි වූයේ ප්‍රධාන නග­ර­වල පමණි. ඒ අනුව ඉංග්‍රීසි නොදත් සිංහල ජන­තා­වට සාර­ගර්භ දැනුම වඩ­වන මුළු රට­ටම බෙදා හරින සිංහල පුව­ත්ප­තක් අපේ රටේ නොවීය.

ඒ අඩු පාඩුව මග අර­ව­මින් 1909 ආරම්භ කර තිබූ ‘දින­මිණ’ දින­පතා සිංහල පුව­ත්පත 1914 දී මිලදී ගෙන එය පව­ත්වා­ගෙන යාමට ඩී.ආර්. විජ­ය­ව­ර්ධන මහතා දිග­ටම කට­යුතු කළේ ය.

පසුව එතුමා ‘සීල­නීස්’ ඉංග්‍රීසි පුව­ත්පත මිලට ගෙන ‘ඩේලි­නි­වුස්’ ලෙස නම වෙනස් කර මෙරට ජන­ප්‍රි­යම ඉංග්‍රීසි පුව­ත්පත ලෙස ජන­තාව අත­රට රැගෙන ගියේ ය. ඊට පසු 1923 දී යුරෝ­පි­යන් සතුව තිබූ ‘ඔබ්ස­ර්වර්’ පුව­ත්පත ද මිලදී ගෙන නවාංග සහි­තව ජන­තාව අත­රට ගෙන ගියේ ය.

ඉන්ප­සුව විවිධ තැන්වල තිබූ දින­මිණ හා ඩේලි­නි­වුස් හා ඔබ්ස­ර්වර් පුව­ත්ප­ත්වල කාර්යාල කට­යුතු හා දැන්වීම් කවු­න්ටර් එකම ස්ථාන­ය­කට ගෙන මෙරට ප්‍රථම විශා­ල­තම වාණිජ පුව­ත්පත් සමා­ගම ආරම්භ කිරී­මට මූලික අඩි­තා­ලම යෙදීය. ඒ අනුව එතුමා කොළඹ කොටුවේ බේරේ වැව අසල කදිම භූමි භාග­යක ලේක්හ­වුස් මන්දි­රය පිහි­ට­වී­මට කට­යුතු කෙළේ තම අන් සියලු ව්‍යාපා­ර­ව­ලට වඩා පුව­ත්පත් කර්මා­න්ත­යට මුල් තැන දෙමිනි.

මෙහි ප්‍රති­ඵ­ල­යක් ලෙස අද­ටත් ‘පත්තර මහ ගෙදර’ යන විරු­දා­ව­ලිය ලත් ලේක්හ­වුස් ආය­ත­නය 1926 දී පමණ මෙරට ප්‍රථම මහා වාණිජ පුව­ත්පත් ආය­තන ලෙස කට­යුතු ඇරැ­ඹීය.

විජ­ය­ව­ර්ධන පර­ම්ප­රා­වට තිබූ ඉඩ­ක­ඩම් හා වෙනත් ලාභ ලැබිය හැකි ව්‍යාපාර මගින් ඩී.ආර්. විජ­ය­ව­ර්ධන මැති­තු­මා­ටත් අධි­කව ලාභ ලැබිය හැකිව තිබි­ය­දීත් එතුමා මේ පුව­ත්පත් කර්මා­න්ත­යට නැත්නම් තොර­තුරු විකි­ණීමේ කර්මා­න්ත­යට හිත යොමු කළේ ජාති හිතෛෂී හා දේශ හිතෛෂී අර­මුණු රැසක් ද ඉටු­කර ගැනීමේ අර­මුණ ඇතිව බව ද කිව යුතු ය.

එමෙන් ම එතුමා තම වාණිජ පුව­ත්පත් කර්මා­න්තය මඟින් ආර්ථික ව්‍යාපා­රික හා සාමා­ජික ඥානය ද පද­නම් කර­ගෙන සිය කට­යුතු කර­ගෙන ගියේය.

ලේක්හ­වුස් මන්දි­රය පිහි­ටු­වී­මෙන් පසු එතුමා 1930 මාර්තු 30 වැනිදා ‘සිළු­මිණ’ පුව­ත්පත ආරම්භ කළේ ය. මෙරට ඉරිදා සිංහල පුව­ත්වල ‘රන් ඔටුන්න’ ලෙස තව­මත් හැඳි­න්විය හැකි ‘සිළු­මිණ’ පුව­ත්පත තව මාස­ය­කින් එනම් 2020 මාර්තු 30 දින සිය 90 වැනි වියට පා තබ­න්නීය.

දෙමළ දින­පතා පුව­ත්ප­තක් ලෙස තින­ක­රන් පුව­ත්පත එතුමා 1932 දී ආරම්භ කළ අතර ඊට පසු දෙමළ ඉරිදා පුව­ත්පත ලෙස ‘වාර­මං­ජරී’ ද ආරම්භ කළේ තම ව්‍යාපා­ර­යට ජාති භේද නැති බව පසක් කර­මින් ය‍.

පසුව එතුමා හා එතු­මා­ගෙන් පසු ලේක්හ­වුස් ආය­ත­නය පාල­නය කළ එතු­මාගේ බාල පුතු රංජිත් විජ­ය­ව­ර්ධන මහතා ලේක්හ­වුස් ආය­ත­නය මගින් සිංහල, දෙමළ, ඉංග්‍ර‍ීසි පුව­ත්පත් වාර සඟරා 30කට අධික ප්‍රමා­ණ­යක් මුද්‍ර­ණය කර රට­ටම බෙදා හරි­න්නට කට­යුතු කරනු ලැබීය. එය මෙරට වාණිජ පුව­ත්පත් කර්මා­න්තයේ මෙන් ම පුව­ත්පත් කලාවේ ද සුවි­ශේෂී ජය­ග්‍ර­හ­ණ­යක්ම විය.

ඩී.ආර්. විජ­ය­ව­ර්ධන මහතා මෙරට පුව­ත්පත් කර්මා­න්තයේ තවත් සුවි­ශේෂි පිය­ව­රක් ලෙස තම ආය­ත­නය මුද්‍ර­ණය කරන දින­පතා සති පතා පුව­ත්පත් පසු දිනයේ අලු­යම අදාළ පාඨ­ක­යාගේ නිවස ඉදි­රි­යට යැවී­මට සුවි­ශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් යෙදීය. ඒ අනුව ලේක්හ­වුස් ආය­ත­නයේ ලොරි හා බස් රථ 25 ක් පමණ යොදා­ගෙන රට­ටම මේ පත්තර බෙදීම අමුතු ආකා­ර­යට ඇර­ඹුණි. එය ඉටු කළේ කාලය පිරි­මැ­සෙන ඉන්ධන පිරි­මැ­සෙන අති­කාල අඩු සුවි­ශේෂ පුව­ත්පත් ප්‍රවා­හන රටා­ව­කට අනු­වය.

එම­ගින් සියලු පුව­ත්පත් අලු­යම 3 – 4 – 5 වන­විට අදාළ ප්‍රදේ­ශ­වල පත්තර ඒජ­න්සි­ව­ලට ලැබේ‍. මේ වැඩ­පි­ළි­වෙ­ළට කිසිම පර­මා­ද­ර්ශ­යක් නොවීය. ‍

පසුව ලේක්හ­වුස් පත්තර ඒජ­න්සි­වල සිටින බයි­සි­ක­ල්ක­රු­වන් විසින් ඒ පුව­ත්පත් තම පාඨ­ක­යන්ගේ නිවෙස ඉදි­රි­පි­ටට ගෙන යනු ලැබේ. අදත් ලේක්හ­වුස් ආය­ත­න­යත් ඊට පසු මෙරට බිහිවූ සියලු වාණිජ පුව­ත්පත් ආය­තන තව­මත් ක්‍රියා­වට නංවනු ලබන්නේ මේ පුව­ත්පත් ප්‍රවා­හන රටා­වයි.

අද තොර­තුරු. විකි­ණීමේ කර්මා­න්තය ලෙස මුහුණු පොත හා අන්ත­ර්ජාල කෝටි ගණන් ඉහ­ළම ආදා­යම ඉපදවූවත් එදා මීට වසර 110 කට පමණ පෙර කාලයේ තොර­තුරු විකි­ණීමේ සංක­ල්ප­යක් බිහිව නොතිබූ සම­යක මෙතුමා පුව­ත්පත් කර්මා­න්තය ආදා­යම් ඉපැ­යී­මට හැකි අලුත් කර්මා­න්ත­යක් ලෙස බිය සැක නැතිව හඳුනා ගත්තේ ය. මෙරට ඒ අනුව වාණිජ පුව­ත්පත් කර්මා­න්තයේ නිය­මුවා ලෙස එතුමා අලුත් පුව­ත්පත් රැසක් අරඹා හා අන් අයට එයට පිවි­සී­මට අත හිත දී රටට වැද­ගත් දේශ­මා­මක අද­හස් රට පුරා රැගෙන යෑමට කට­යුතු කළේ ය.

ඩී‍. ආර්. විජ­ය­ව­ර්ධන මැති­තුමා ලේක්හ­වුස් මන්දි­රය ඉදි­කි­රී­මෙන් පුව­ත්පත් මුද්‍ර­ණය කිරී­මෙන් පම­ණක් නොව කොළඹ කොටු­වට කලා­ගා­ර­යක් බඳු දේශීය සම්ප්‍ර­දා­යට අනු­ග­තව ඉදි කළ තෙම­හල් මන්දි­ර­යක් ද ලක් ජන­තා­වට පිරි­නැ­මීය. ලේක්හ­වුස් ආය­ත­නයේ ඇතු­ළත හා පිටත එදත් අදත් දක්නට ඇති සඳ­කඩ පහණ, නෙළුම් මල් මෝස්තර, නාරි­ලතා මෝස්තර, කොර­ව­ක්ගල් මගින් පෙන්නුම් කරන්නේ ලේක්හ­වුස් ගොඩ­නැ­ගිල්ල අපේ කලා ශිල්පවලට ප්‍රමු­ඛ­ත්ව­යක් දී ඇති බවයි.

මෙතු­මාගේ ව්‍යාපා­රික ඥානය අනුව මෙතුමා අපේ රටේ පුව­ත්පත් මුද්‍ර­ණය වාණිජ පුව­ත්පත් කර්මා­න්ත­යක්, වාණිජ පුව­ත්පත් කලා­වක් ලෙස දියුණු කළේ නැත්නම් අද මෙන් මෙරට දියුණු වාණිජ පුව­ත්පත් ආය­තන 15 – 20ක් බිහි­වන්නේ නොමැත. සර­ලව කීවොත් මෙරට ඇති සියලු පුව­ත්පත් නිෂ්පා­දන ආය­තන සිය­ල්ල­ගේම මූලික සැල­සු­ම්ගත අඩි­තා­ලම වන්නේ ඩී.ආර්. විජ­ය­ව­ර්ධන ශ්‍රීම­තා­ණන්ගේ ලේක්හ­වුස් ප්‍රමුඛ වාණිජ පුව­ත්පත් කර්මා­න්තයේ පර­මා­ද­ර්ශ­යන්ය. ඒ බව ඔප්පු කිරීම් ගවේ­ෂ­ණා­ත්මක සාක්කි බහු­ලව ඇත.

ඩී.ආර්. විජ­ය­ව­ර්ධන ශ්‍රීම­තා­ණන් විද්ව­තුන් රැසක් රටට දායාද ‍කළ පේරා­දෙ­ණිය විශ්ව විද්‍යාල‍ය ගොඩ­න­ගි­මින් පෙර­මුණ ගත්තේ ය. ඊට පසුව එතුමා එහි සංඝා­රා­ම­යක් ද ඉදි කළේ එකල 1920 – 30 වක­වා­නු­වේදී රුපි­යල් ලක්ෂ 2 ½ක් පරි­ත්‍යාග කර­මින් ය. ඒ අනුව මෙතුමා ජාතික නිද­හස් සට­නට මෙන්ම ජාතික අධ්‍යා­පන ක්ෂේත්‍රයේ ඉදිරි ගම­න්මග වෙනු­වෙන් කළ මෙහෙය ඉම­හත් ය.

විජ­ය­ව­ර්ධන ශ්‍රීම­තා­ණන් කැල­ණිය රජ­මහා විහා­රය, කොළඹ ගංගා­රාම විහා­ර­ස්ථා­නය හා බම්බ­ල­පිටි‍යේ වජි­රා­රා­මය දියුණු කිරීම සඳහා කළ කැප­වීම අගය කළ යුතු ය. ඒ අනුව එතුමා නිද­හස ලබා­ගැ­නී­මෙන් පසු මෙරට බෞද්ධ විහා­රා­රාම ප්‍රති­සං­ස්ක­ර­ණය කිරී­මට ගත් උත්සා­හය සිංහල බෞද්ධ ජන­තාව කෘත­ගුණ පූර්ව­කව මතක් කරති.

ඩී.ආර්. විජ­ය­ව­ර්ධන ශ්‍රීම­තා­ණන්ගේ ව්‍යාපා­රික ඥානය නිසා රට­ටම ප්‍රයෝ­ජ­න­වත් ‍දක්ෂ දැනුම ඇති පුව­ත්පත් කලා­වේ­දින් පිරි­සක් මෙන් ම දක්ෂ ඡායා­රූප ශිල්පීන් රැසක් ද අපේ රටට දායාද කිරී­මට ලේක්හ­වුස් ආය­ත­න­යට හැකි විය. රටේ අන් සියලු වාණිජ පුව­ත්පත් ආය­තන හා සමා­ගම් ඇරැ­ඹී­මේදී එහි නිත­රම නාය­ක­ත්වය ගත්තෝ අලුත් පත්ත­ර­වල ප්‍රධාන කර්තෘ­කම දැරුවේ ලේක්හ­වුස් ආය­ත­න­යෙන් බිහිවූ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේ­දී­හුය.

මේ කරනු අනුව අපේ රටේ දක්ෂ පුව­ත්පත් කලා­වේ­දීන් හා ඡායා­රූප ශිල්පීන් මෙන් ම වාණිජ පුව­ත්පත් කර්මා­න්ත­යට අවශ්‍ය දැන්වීම් අංශ ප්‍රධා­නීන් පවා මූලි­කව බිහි­වන්නේ ලේක්හ­වුස් ආය­ත­න­යෙනි. එමෙන් ම කිසිම පර­මා­ද­ර්ශ­යක් නොමැ­තිව ලුහුඩු දැන්වීම් පළ කිරීම පුව­ත්පත් ප්‍රවා­හ­නය ආදී ක්‍රම විධි මුලින් ම ආරම්භ කළේ ද ලේක්හ­වුස් ආය­ත­න­යයි. ඒ ඩී‍.ආර්. විජ­ය­ව­ර්ධන ශ්‍රීම­තා­ණන්ගේ මග පෙන්වීම අනු­වය.

ඒ අනුව මේ පිරිස අප රටට දායක කිරී­මට ඩී.ආර්. විජ­ය­ව­ර්ධන මැති­තු­මාගේ කාලීන සැල­සුම් සහ­ගත ව්‍යාපා­රික ඥානය හේතු වූවා පම­ණක් නොව එම­ගදී රටේ පවුල් දස දහස් ගණ­න­කට සෙත ද සැල­සුනි.

මේ අනුව ඩී.ආර්. විජ­ය­ව­ර්ධන ශ්‍රීම­තා­ණන්ගේ දුර­දක්නා සැල­සුම් සහ­ගත ව්‍යාපා­රික ඥානය, මෙරට පුව­ත්පත් කර්මා­න්තයේ සමා­ර­ම්භක ඉදිරි ගම­නට මෙන්ම මෙරට නිද­හස ලබා ගැනී­මට සුදුසු චින්තන විප්ල­ව­යක් ඇති කිරී­මට ද පිටු­බ­ල­යක් වූ යෝධ ශක්ති­යක් බව කිව යුතු ය.

 

Comments