නීතිය කියන රාමුව ඇතුළෙ වෙන­ස්විය යුතු ප්‍රති­සං­ස්ක­රණ රාශි­යක් තියෙ­නවා | සිළුමිණ

නීතිය කියන රාමුව ඇතුළෙ වෙන­ස්විය යුතු ප්‍රති­සං­ස්ක­රණ රාශි­යක් තියෙ­නවා

මේ රටේ නීතිය ක්‍රියා­ත්මක වීමේදී බර­ප­තළ අසා­ධා­ර­ණ­කම් සිද්ධ වීම වැළැ­ක්විය යුතුයි. මෙය කාල­න්ත­ර­යක් තිස්සේ මේ රටේ සිදු වෙමින් පව­ති­න්නකි. එය නැවත නිවැ­රදි කර සකස් කර ගැනීම වෙනු­වෙන් රජ­ය­කට විශාල වග­කී­මක් ඇත. නීතිය ක්‍රියා­ත්මක කර ගැනීමේ ආය­තන විශාල ප්‍රමා­ණ­යක් මෙරට ඇති අතර, ඒ ආය­තන ලෙස නීතිඥ සංග­මය, නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව, මානව හිමි­කම් කොමි­සම, නීති කොමි­සම, අධි­ක­ර­ණයේ විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ නීතිඥ සංග­මය හඳු­න්වා­දිය හැකිය. නමුත් අවා­ස­නා­වන්ත තත්ත්වය වන්නේ මේ කිසිදු ආය­ත­න­ය­කින් එය සිදු නොවී­මයි. මේ නිසා රටේ ජන­තාව ඉම­හත් දුෂ්ක­රතා හා අප­හ­සු­තා­වන්ට මුහුණ දී ඇත. නීතිය ක්‍රියා­ත්මක කිරී­මේදි නීතියේ ආධි­පත්‍ය සහ මේ රටේ නීතිය නැවත ප්‍රති­සං­ස්ක­ර­ණය කර­ගැ­නීම පසු­ගිය කාල­යට වඩා වර්ත­මා­නය වන විට දැඩි වෙමින් පව­තින බව අපිට ඉතා පැහැ­දි­ලිය.

මක්නි­සාද යත් වර්ත­මාන ආණ්ඩුව බල­යට පැමි‍ණියේ අසා­ධා­ර­ණ­කම් තුරන් කර­මින් සාධා­රණ සමා­ජ­යක් මේ රටේ ස්ථාපිත කර­විම උදෙ­සායි. ඒ සඳහා ‍මේ රජ­යට විශේෂ වග­කී­මක් පැවැරී ඇත. එනම් නීතිය බිඳ වැටීමේ අහි­ත­කර තත්ත්වය සහ නීතිය කඩ­වීම යන තත්ත්ව මඟ හරවා ගැනී­මයි.

අද නීතිය කඩ වීම බොහෝ විට සිදු වෙන්නේ සාමාන්‍ය මිනි­සු­න්ගෙන් නොවේ. මෙය රටක් ලෙස අහි­ත­කර තත්ත්ව­යක් බව ඉතා පැහැ­දි­ලිය. මහ­ජ­න­තාව නීතිය කඩ කරන්නේ නීතිය නොදැ­නීම නිසා වන නමුත් නීතිය නොදැ­නීම නිද­හ­සට කරු­ණක් නොවෙයි. එය කාටත් පොදු කාර­ණා­වකි. මේ රටේ සිවිල් ජන­තාව නීතිය කඩ කරන බොහෝ අවස්ථා තියෙ­නවා. නීතිය කඩ­වන්නේ ද නීතිය ක්‍රියා­ත්මක කරන ආය­තන සහ පුද්ග­ල­යන් අතිනි. මෙය වළක්වා ගැනීමේ වග­කී­මක් සහ යුතු­ක­මක් අද උද්ගත වෙලා තියෙ­නවා. උදා­හ­ර­ණ­යක් ලෙස කිව්වොත් නඩු කල් යෑම මේ වැනි දෙයකි. සම­හර නඩු සඳහා වසර දහ­ය­කට පමණ කාල­යක් ගත­වන අවස්ථා අපිට දැක­ගත හැකියි‍. මූලික අයි­ති­වා­සි­කම් නඩු­වක් ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වට අනුව මාස දෙක­කින් විම­සිම් අව­සන් කළ යුතුයි. නමුත් අද වන වසර දහ­ය­කට අධික කාල­යක් සම­හර නඩු සඳහා ග‍තවන අතර අප­රාධ නඩු­ව­කට වසර විසි ගණ­නක පමණ කාල­යක් ගත වෙයි. සිවිල් නඩු ඊටත් වඩා කාල­යක් ඊටත් වඩා අවා­ස­නා­වන්ත තත්ත්ව­යක්. මෙවැනි කරුණු වෙනස් කර­ගැ­නීමේ වග­කීම් සියලු ආය­තන වලට ඇත‍. මේ කිසිම ආය­ත­න­ය­කට සැබෑ අව­ශ්‍ය­තා­වක් නොමැති වීම මේ තත්ත්වය වෙනස් කිරී­මට බාධා­වකි. එමෙන්ම නිතිය පිළි­බ­ඳව අව­බෝ­ධ­ය­ක්‍ ­නැති වීම තවත් කාර­ණා­වකි. විශේ­ෂ­යෙන් නීතිය සම්බ­න්ධ­යෙන් දැනු­වත් කිරී­මට අදාළ ආය­ත­න­වල නිති­ඥ­යන්, සිවිල් මිනි­සු­න්‍ ­නී­තිය නොදැ­නීම අභාග්‍ය සම්පන්න කට­යු­ත්තකි. උදා­හ­ර­ණ­ය­කින් මෙය පැහැ­දිලි කළ­හොත් එක් සිර­ගෙ­යක අවු­රුදු දහ­හ­තර ප‍හළොව වයස් සීමාවේ පසු­වන පුද්ග­ල­යන් යම් මිනී­මැ­රුම් නඩු­ව­ලට සම්බන්ධ වූවා යැයි සැක­පිට අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් අන­තු­රුව ඒ පුද්ග­ල­යන් පස්දෙ­නාට එල්ලුම් ගස නියම වී සිර දඩු­වම් ලබා ඇත. අප­රාධ නඩු­වි­ධාන සංග්‍ර­හයේ 53වැනි වග­න්ති­යට අනුව වයස අවු­රුදු 18ට අඩු වයස් සිමා‍වේ පුද්ග­ල­යන් මර­ණීය දණ්ඩ­න­යට නියම කිරි­මට නොහැ­කියි. ඒ පුද්ග­ල­යන් යම් වර­ද­කට පෙලඹී තිබෙ­නුයේ අඩු වයස් සිමාවේ එනම් දහ­අ­ටට අඩු­වෙන් වීම එයට හේතු­වයි.

අන්ත­ර්ජා­තික නීති­යට අනුව සහ ළමා අයි­ති­වා­සි­කම් ප්‍රඥ­ප්ති­යට අනුව ළම­යෙක් ලෙසයි මේ පුද්ග­ල­යන් සැල­කෙන්නේ.

මෙවැනි නීති‍යේ සංශෝ­ධන කළ­යුතු තැන් සම්බ­න්ධ­යෙන් මා දැනු­ම්වත් කළ යුතු සියලු තැන් වලට දැනු­ම්වත් කළත් ඒ කිසිදු ආය­ත­න­ය­කින් හෝ පුද්ග­ල­ය­කු­ගෙන් පැහැ­දිලි පිළි­තු­රක් මට ලැබී නැති වීම අභා­ග්‍ය­යකි. හිර­මැ­දි­රි­වල වර­දක් නොක­රපු අය සහ වැර­දි­ක­රු­වන් කර සිටින පුද්ග­ලයෝ වසර තිස් හත­ළිස් ගණ­නින් හිර­භා­රයේ සිටිති. නඩු­කා­ර­වරු බලය ඉක්මවා ගිහින් දඩු­වම් කරන අවස්ථා ද වෙයි. මේ සියල්ල වෙනස් කළ යුතුයි. මේවා චක්‍ර ලේඛ­ණ­යක් මගින් සෑදිය හැකියි. මේවා සකස් කර­ගැ­නීමේ දැඩි අව­ශ්‍ය­තා­වක් මේ වන­විට පැන නැඟී ඇත. මේ රටේ නීති‍යේ අාධි­පත්‍ය තහ­වුරු කිරී­මට සහ නීතිය ගැන විශ්වා­ස­යක් ඇති කිරී­මට නම් නීතිය ක්‍රියා­ත්මක කරන සියලු ආය­තන සහ පාර්ලි­මේ­න්තු­වත් ඇතුළු සියලු ආය­තන මේ සම්බ­න්ධ­යෙන් නිවැ­ර­දිව කට­යුතු කළ යුතුයි. බෝග­ම්බර සිර­මැ­දි­රියේ සිටි කාන්තා­වක් මට මුණ ගැසුණු අතර ඇය අවි­ස්සා­වෙල්ල උසා­වි­යේදී දඩ­ය­කට ලක්වී ඇත. එ් දඩ­මු­දල හැට­හය දහ­සකි. එ් දඩය නොගෙ­වීම නිසා වසර විසි දෙකක සිර­ද­ඩු­ව­මක් ඇයට ලැබී ඇත. ඉන් පසුව මා ඒ දඩ­මු­ද­ලින් තිස්තු­න්ද­හ­සක් අඩු කර­දුන් අතර වසර විසි දෙකෙන් එකො­ළොස් වස­රක් නීති විරෝධි ලෙස ඇය දඩු­ව­මට යටත් වී සිටීම අභාග්‍ය සම්පන්න කට­යු­ත්තකි. මා එය අැපෑ­ලක් මගින් නැවත් සකස් කළ අතර අවු­රුදු ගණ­නක් මේ තැනැ­ත්තිය හිරේ දුක් විඳීම ඊට ප්‍රධාන කාර­ණා­වයි. රුපි­යල් හැට හය­ද­හ­ස­කට අවු­රුදු විසි­දෙ­කක් හිරේ ගත කර තැබූ කාලය තුළ ඇයගේ නඩ­ත්තුව වෙනු­වෙන් ඇයට වැය වූ මහ­ජන මුදල රුපි­යල් ලක්ෂ විස්සකි. මේ රටේ නීතිය ඇතැම් අව­ස්ථා­ව­ලදී ක්‍රියා­ත්මක වෙන්නේ මෙවැනි ආකා­ර­ය­ටයි.

වි‍ශේෂ­යෙන් රටේ පාර්ලි­මේ­න්තුව විසින් සකස් කරන ලද කට­යු­ත්තක් ලෙස නීතිය සංශෝ­ධ­නය කිරීමේ කරුණු රාශි­යක් ඇත. නමුත් ඒ ගැන අව‍ධා­නය යොමු කිරී­මක් සිදු­වන්නේ නැත. මන්ත්‍රී­ව­රුන් පාර්ලි­මේ­න්තු­වට ගොස් කෑකෝ ගැසීම හැර වෙන යමක් සිදු­වන්නේ නැත. මේ තත්ත්වය ඉතා ඉක්ම­නින් ‍වෙනස් විය යුතුයි. මෙවැනි අත්‍ය­වශ්‍ය නීති පන­ත­කින් හෝ අඩු­පාඩු හැදෑ­රී­මක් සිදු නොවෙයි. යම් පන­ත­කින් සිදු­වන හානිය පිළි­බඳ ව හෝ පන­තක තියෙන ගැටලු පිළි­බ­ඳව කිසි­වක් සිදුවී නැත. නීතිය සම්බ­න්ධ­යෙන් ගුණා­ත්මක වෙන­සක් පාර්ලි­මේ­න්තුව ඇතු­ළත් සිදු­වීම අත්‍ය­ශ්‍යයි. මේ සම්බ­න්ධ­යෙන් අදාළ සියලු ආය­තන පුද්ග­ල­යන්ට පුහු­ණු­වක් ලබා­දිය යුතුයි. නීතිය සම්බ­න්ධ­යෙන් මහෙ­ස්ත්‍රා­ත්වරු, නීති­වේ­දින් පුහුණු කළ යුතුයි. ඉස්සර විනි­සු­රු­වන් රජයේ සේව­යට බඳවා ගැනි­මට පෙර පුහුණු කිරි­මක් සිදුවී තිබුණි. විනි­සු­රු­ව­රුන් බඳවා ගැනී­මෙන් පසුව නීතිය ක්‍රියා­ත්මක කරන ආකා­රය සම්බ­න්ධ­යෙන් නිසි පුහු­ණු­වක් ලබා­දිය යුතුයි. මහේ­ස්ත්‍රා­ත්ව­ර­යෙක් බඳවා ගැනි­මේදී පරි­වාස දෙපා­ර්ත­මේ­න්තුව තුළ ඉති­හා­ස­යේදී පුහු­ණු­වක් ලබා­දීම මේ නීති ක්ෂේත්‍රයේ සුවි­ශේ­ෂ­ත්ව­යකි. එමෙන්ම සිර­ගෙ­වල් නැර­ඹී­මට යෑමත් ඉතා වැද­ගත් කට­යු­ත්තක් ලෙස සැල­කීය. මෙවැනි ප්‍රායෝ­ගික වැඩ පිළි­වෙළ වලින් ඇප නැතුව මිනි­සුන් වසර ගණ­නක් හිර­මැ­දි­රි­වල සිටිම වළ­කින බව ඉතා පැහැ­දි­ලියි. මේ දේවල් සම්බ­න්ධ­යෙන් කලින් දැනු­වත් වීම සිදුවී තිබුණේ මෙවැනි වැරදි නිවැ­රදි කර­ගැ­නී­මට විය හැකියි. විනි­සු­රු­ව­ර­යකු වීමට පෙර ඒ පුහු­ණුව අව­ශ්‍යයි. ළම­යෙක්ට එ් දඩු­වම ලබා දුන­හොත් පරි­වා­ස­යක තියෙන තත්ත්වය කුමක්ද කියලා පත්වීම ලැබි­මට පෙර දැනුවත්වීම වැදගත් කරුණකි. ඒ පුහු­ණුව අද වනවිට නැත. නමුත් එය අනි­වා­ර්ය­යයි. අප­රා­ධ­යක වැර­දි­ක­රු­වන් වෙනු‍වට වෙනත් කවර හෝ පාර්ශ්වයක් අත්අඩංගුවට ගෙන සියලු නඩු ඔහුට පැවරීම සිදුවේ. නමුත් බොහෝවිට අප­රා­ධක‍රු වෙනත් පැත්තක සිටිය හැකියි. මෙවැනි කරුණු උදාහරණ විශාල ගණනක් පෙන්වාදිය හැකියි. නීති­යක ආධි­ප­ත්‍ය­යක් නැති­නම් රටක් පැවැ­ති­මට නොහැ­කියි. කවුරු වර­දක් කළත් පුද්ග­ලයා ගැන නොස­ලකා එක ආකා­ර­යට සැල­කිය යුතුයි. ඒ වගේම නීතිය ක්‍රියා­ත්මක කිරී­මේදි ප්‍රමාද වීම විශාල ගැට­ලු­වකි. වසර ගණන් නඩු කල්දැ­මීම ඉක්මනින් වෙනස් විය යුතුයි. කෙටි කාල­ය­කින් නඩු අව­සන් කළ යුතුයි. ෆිලික්ස් ඩයස් මහතා විසින් 1974 දි ඇති කරන ලද වෙනස මගින් අධි­ක­රණ පනත සම්මත විය. එහිදී උසාවි සංඛාව වැඩි විය. ඒ සියල්ල වෙනස් කරමින් අධිකරණ පද්ධතිය පුළුල් විය. දිසා අධි­ක­රණ ව්‍යාප්ත විය. නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව, පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව වර්තමානය වන­විට මන්ද­ගාමි ස්වරූ­ප­යක් පවතී. මේ තත්ත්වය වෙනස් විය යුතුයි.

මිනිස්සු සාධා­ර­ණය ලබාගැනීමට අධිකරණයේ පිහිට පතයි. ඒ ගැන විශ්වා­සය බිඳ වැ‍‍ටුණොත් රටක් පව­තින්නේ නැත. ඒ ගැන විස්වා­සය ඇති කිරීම කළ යුතුයි. ඒ සම්බ­න්ධ­යෙන් සියලු පාර්ශ්ව­ව­ලට වග­කී­මක් ඇත. නීතියේ ආධි­පත්‍ය පිළි­බඳ නීතිය නීති­වේ­දීන්ට, විනි­ශ්ච­ය­කා­ර­ව­රුන් සම්බ­න්‍ධ­යෙන් අව­බෝ­ධ­යක් ලබා­දිය යුතුයි. ඒව­ගේම විනි­සු­රු­වන්ට සංවේදි වීම පිළි­බ­ඳව අව­බෝ­ධ­යක් ලබා දිය යුතුයි. මහේ­ස්ත්‍රා­ත්ව­රුන්ට සිර­ගෙ­ව­ල්ව­ලට යා යු­තුයි යන්නෙන් පනතක් ඇත. එය බලාත්මක කළ යුතුය. රිමාන්ඩ් සිර­ක­රු­වන් නිද­හස් කිරීම යනුවෙන් පන­තක් ඇත. එහි ඇත්තේ මසකට වරක් තමන්ගේ බලප්‍රදේශයේ සිරකඳවුරුවලට ගොස් සොයා බැලිය යුතු බවයි. මේවා බලාත්මක කළ යුතුයි. සු‍ප්‍රිම් උසා­වියේ විනි­සු­රු­ව­රුන්ට සිර­ගෙ­දර සංචා­රය කර, අවබෝධයක් ලබාගත යුතුයි. එවිට නඩු­කා­ර­යන් සංව්දීවන අතර, එය අත්‍ය­ව­ශ්‍ය කාරණාවකි. එමෙන්ම නඩු දික් ගැස්සීම වැළැ­ක්වීම සඳහා එදි­නෙදා නඩු ඇසීම පටන් ගෙන දින කිප­යකින් නඩුව අසා අව­සන් කළ යුතුයි. දැන් පව­තින තත්ත්වය අනුව නඩුව කැඳ­වන්නේ මාස හතරකට පහකට වරක් පමණි. එහිදී නිතී­ඥ­ව­රු­න්ටත්, විනි­සු­රු­ව­න්ටත් වග­කී­මක් ඇත. රට පාල­නය කරන අය­ටත් එහි වග­කී­මක් ඇත. සියලු දෙනා එකතු වී මේ සම්බ­න්ධ­යෙන් බැරෑ­රුම් ලෙස කතා කළ යුතුය. මොන­යම් ආකා­ර­ය­ටක ‍හෝ අධිකරණයට බල­පෑ­මක් නොකළ යුතුය. අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය සම්බ­න්ධ­යෙන්. නීති­වේ­දීන්ට, විනි­සු­රු­වන්ට කිසිදු ලෙස­කින් නඩු­වක් සම්බ­න්ධ­යෙන් විවෘත උසා­වියේ කරුණු දැක්වී­මක් හැර කිසිදු විමසීමක් නොකළ යුතුය. එවැනි ක්‍රියා කර­න්නන්ට නිරා­නු­ක­ම්පි­කව දඩු­වම් කළ යුතුය. අසා­ධා­ර­ණ­ය­කට ලක්වී සිටින බොහෝ සිර­ක­රු­වන් සම්බ­න්ධ­යෙන් අත්දැ­කීම් රාශි­යක් මා සතුයි. අප­රා­ධ­ක­රු­වන් සම්බ­න්ධ­යෙන්, නඩු ඉක්මන් කිරීම සම්බ­න්ධ­යෙන් මා සතුව යෝජනා රාශි­යක් ඇත. ඒවා රජ­යට ඉදි­රි­පත් කිරී­මට මම අපේක්ෂා කර­න අතර, එම යෝජනා ක්‍රියා­වට නැගී­මෙන් සිර­මැදිරිවල තිබෙන තද­බ­දය අඩු වීම මෙන්ම, අසා­ධා­ර­ණ­යට ලක්වූ සිර­ක­රු­වන්ට යම් සාධා­ර­ණ­යක් ඉටු වේ. ත්‍රිපු­ද්ගල කමිටු පිහි­ටුවේ, දේශ­පා­ලන නඩු අහන්න පටන් ගත්තේ දේශ­පා­ලන පලි­ගැ­නීම්වලට හැර මෙවැනි සාධාරණ ගැටලු විස­ඳී­මට නොවෙයි. ළමා අප­යෝ­ජන, මිනි­මැ­රුම්, ඇප ගෙවී­මට බැරිව හිරේ සිටින පුද්ගලයන්ගේ නඩු අසා කඩිනමින් අවසන් කළ යුතුයි. නීතිය නමැති රාමුව තුළ ඇති­විය යුතු ප්‍රති­සං­ස්ක­රණ රාශි­යක් ඇත. නීතිය ක්‍රියා­ත්මක කරන ලද ආය­තන තුල ප්‍රති සංස්ක­රණ රාශි­යක් ඇත. ඒ සම්බ­න්ධ­යෙන් අපි ජනා­ධි­ප­ති­ව­රයා දැනු­වත් කර­න්නට ඉදි­රි­යේදි කට­යුතු කිරීමට අදහස් කරනවා.

Comments