ත්‍රිකුණාමලය සසල කළ පාලම්පටාර් ඛේදවාචකය | සිළුමිණ

ත්‍රිකුණාමලය සසල කළ පාලම්පටාර් ඛේදවාචකය

ගිනි ගෙන දැවුණු ලොරි රථය
ගිනි ගෙන දැවුණු ලොරි රථය

ත්‍රිකු­ණා­ම­ලය - මහ­නු­වර ප්‍රධාන මාර්ගයේ පාල­ම්ප­ටාර් පාලම ආස­න්නයේ ලොරි රථ­යක් ගිනි ගන්නා බව පාල­ම්ප­ටාර් පාලමේ ආර­ක්ෂා­වට සිටි පොලිස් නිල­ධා­රීන්ට දැන ගන්නට ලැබුණි. ඒ පසු­ගිය පෙබ­ර­වාරි 01 දා අලු­යම 1.30 ට පම­ණය. වහා ක්‍රියා­ත්මක වූ පොලිස් නිල­ධා­රීන් ගිනි නිවන හමු­දා­වේද සහ­යෙන් ගින්න මැඬ පැවැ­ත්වී­මට කට­යුතු කෙළේය. ලොරිය පරීක්ෂා කළ නිල­ධා­රීන්ට එහි තිබී පිලි­ස්සුණු මළ සිරු­රක් හමු විය.

එම මළ සිරුර රථයේ රිය­දු­රුගේ වන්නට ඇතැයි පොලි­සිය සැක කෙළේය. පසුව සිදු කළ සෝදි­සි­ව­ලදී අනා­ව­ර­ණය වූයේ, එම මළ සිරුර ත්‍රිකු­ණා­ම­ලය මිහි­ඳු­පුර ප්‍රදේ­ශයේ පදිංචි එල්.ජී.එච්.විජ­ය­දාස මහ­තාගේ බවයි.

සිදු­වීම සම්බ­න්ධව පොලි­සිය විසින් දීර්ඝ ලෙසින් සොයා බැලීම් කළ අතර ලොරි රථයේ රියැ­දුරු අතු­රු­දන්වී තිබීම පොලි­සි­යට විශාල ගැට­ලු­වක් විය. යම් කිසි පිරි­සක් මේ ඝාත­නය කර රියැ­දුරා පැහැර ගත්තේද එසේත් නැත්නම් මේ ක්‍රියාව රියැ­දු­රාගේ වැඩක්ද යන්න ගැන පරී­ක්ෂණ අව­ධා­නය යොමු විය.

ඝාත­න­යට ලක්වු  එල්.ජී.එච්.විජ­ය­දාස

මේ අතර මන්නා­රම ඔස්සේ බෝට්ටු­ව­කින් ඉන්දි­යා­වට පලා යෑමට සූදා­න­මින් සිටි පිරි­සක් පසු­ගිය 06 වැනිදා මන්නා­රම් මුරු­ක්කන් මුර පොළේදී අත්අ­ඩං­ගු­වට පත් විය. ඔවු­න්ගෙන් ප්‍රශ්න කිරී­මේදී එක් පුද්ග­ල­යෙකු මේ රියැ­දුරා බව අනා­ව­ර­ණය විය.

ඔහු­ගෙන් පොලි­සිය විසින් දිගින් දිග­ටම ප්‍රශ්න කිරී­මේදී සියලු තොර­තුරු හෙළි කිරී­මට ඔහුට සිදු විය.

කන්ද­සාමි යෝග­නා­දන් නම් මේ සැක­කරු මීට පෙර තරු­ණි­යක දූෂ­ණය කර මරා දැමීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් විභාග වන නඩු­වක විත්ති­ක­රු­වෙකි. තමා මිය ගිය බව පෙන්ව­මින් එම නඩු­වෙන් නිද­හස් වීමට මේ අප­රා­ධය කළ ඇති බව ඔහු විසින් පිළි ගත්තේය.

47 හැවි­රිදි කන්ද­සාමි යෝග­නා­දන් කිලි­නොච්චි ධර්ම­පු­රම් පදිං­චි­ක­රු­වෙකි. ඔහු කිසි දිනක පාසල් ගොස් නැත. පළමු විවා­හ­යෙන් වෙන්වී සිටින ඔහු බිරි­දට හා දරු­වන් තිදෙ­නාට නඩත්තු ගෙව­මින් සිටි අයෙකු බව පොලි­සිය කියයි.

යෝග­නා­දන් 2013 වස­රේදී බර වාහන රිය­දු­රෙකු ලෙස මාන්කු­ලම් ප්‍රදේ­ශයේ කොන්ත්‍රාත් සමා­ග­මක සේවය කර­මින් සිටි­යදී, තවත් අයකු හා එක්වී තරු­ණි­යක් දූෂ­ණය කර මරා­දමා පාළු ළිද­කට දැමීමේ චෝද­නා­වක් සම්බ­න්ධ­යෙන් වව්නි­යාව මහා­ධි­ක­ර­ණයේ විභාග වන නඩු­වක ප්‍රධාන විත්ති­ක­රු­වෙකි.

මෙම සිද්ධි­යෙන් පසු යෝග­නා­දන්ට උතුරු ප්‍රදේ­ශයේ සිටී­මට ඉඩ නොලැ­බෙන අතර, පසුව 2014 වස­රේදී ත්‍රිකු­ණා­ම­ල­යට පැමිණ තිබේ. එහි පැමි­ණි­මෙන් පසු පෞද්ග­ලික සිමෙන්ති කම්හ­ලක රිය­දු­රෙකු ලෙස කට­යුතු කර ඇති අතර එම කාල­යේදී, වත්මන් බිරිද වන 45 හැවි­රිදි ගෞරි මනෝ­හාරි හා විවාහ වී තිබේ. ඇය ත්‍රීකු­ණා­ම­ලය මිහි­දු­පුර පදිං­චි­කා­රි­ණි­යකි. ගෞරිද කලින් විවා­හ­යෙන් වෙන්වී සිය දරුවා සමග කුඩා වෙළෙඳ සලක් කර­මින් සිටි කාන්තා­වකි.

සැක­කරු වන යෝග­නා­දන්ට එරෙහි වව්නි­යාව මහා­ධි­ක­ර­ණයේ විභාග වන ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකා­ශ­යට පත් කිරීම ආසන්න දින­යක සිදු­වී­මට නිය­මි­තව තිබී ඇති අතර, එම තීන්දුව යෝග­නා­දන්ට අවාසි සහ­ගත එකක් බව යෝග­නා­දන් දැන සිටි­යේය. මේ නිසා ඔහු සෑම විටම කල්පනා කලේ, මෙම නඩු­වෙන් නිද­හස් වීමට කළ හැකි දෑ සම්බ­න්ධ­යෙනි.

කාත් කවු­රු­වත් නොමැති ගමේ අහිං­ස­ක­යෙකු වූ විජ­ය­දාස දෙස ඔහුගේ අව­ධා­නය යොමු වූයේ එහි­දීය. ඔහුගේ සැල­සුම වූයේ කිසි­වෙ­කු­ටත් නොපෙ­නෙන සේ විජ­ය­දාස රැගෙන ගොස් තම ඇදුම් අන්දවා වාහ­න­යට දමා ගිනි තැබී­මයි. එහි එක් පිය­ව­රක් ලෙස එම ලොරි රථයේ සහා­යක ලෙසින් අවස්ථා කිහි­ප­ය­ක­දීම විජ­ය­දා­සව සම්බන්ධ කර ගැනී­මයි.

විජ­ය­දාස මත් පැනට ලොල් වූවෙන් වීම නිසා තම සැල­සුම වඩාත් පහ­සු­වෙන් ක්‍රියා­ත්මක කළ හැකි බව මේ වන විට යෝග­නා­දන්ට අව­බෝධ වී තිබුණි. ඒ අනුව ඔහු තම සැල­සුම ඉකුත් 31 වනදා ක්‍රියා­ත්මක කිරී­මට කට­යුතු කෙළේය. එදින උදය වරුවේ නිලා­වේලි ප්‍රදේ­ශ­යෙන් වී තොග­යක් පටවා ගන්නා යෝග­නා­දන් මිහ­ඳු­පුර සිය බිරි­දගේ නිව­සට පැමිණ දහ­වල් ආහා­ර­යද ගෙන සවස් වරුවේ පොලො­න්න­රුව කරා පිටත් වන්නේ, විජ­ය­දාස ද කිසි­වෙ­කුත් නොද­කින සේ තම වාහ­න­යට නංවා ගනි­මිනි.

මැදි­රි­ගි­රිය හා හිගු­ර­ක්ගොඩ පිහිටි වී මෝල් දෙක­කට වී තොගය බාන යෝග­නා­දන් ඒ වෙනු­වෙන් මුද­ලින් රුපි­යක් ලක්ෂ පහක් හා රුපි­යල් ලක්ෂ එකා­හ­මා­රක චෙක් පතක්ද ලබා ගෙන තිබේ. ඉන්පසු දෙදෙ­නාම මින්නේරියේ ඇළ­කින් දිය නා ඇති අතර, දිය නෑමෙන් පසු යෝග­නා­දන් විසින් විජ­ය­දා­සට සිය සර­මක් හා කමි­ස­යක් ඇද ගැනී­මට ලබා දෙනුයේ, තම සැල­සුමේ පළමු පිය­යර ලෙසිනි.

මහේස්ත්‍රාත්වරිය පරීක්ෂණය පවත්වමින්

අන­තු­රුව යෝග­නා­දන් විජ­ය­දා­සට නොපෙ­නෙන සේ අසල ඉන්ධන හල­කට ගොස් රුපි­යල් 400 ක භූමි තෙල් මිලදී ගෙන ඇත. ඊට අම­ත­රට මත් පැන් බෝතල භාග­යක් සහ බියර් කෑන් කිහි­ප­යක් මිලදී ගන්නේ, විජ­ය­දා­සගේ අව­සාන භෝජන සංග්‍ර­හය වෙනු­වෙනි.

පස්ව­රුව වන විට කිතු­ල්උ­තු­වට පැමි­ණෙන යෝග­නා­දන් හා විජ­ය­දාස එහිදී දහ­වල් ආහා­රය ගෙන ඇත. ඊට පෙර විජ­ය­දාස මත්පැන් බෝතල් භාගය හා බියර් කෑන් කිහි­පය පානය කර ඇතත්, යෝග­නා­දන් තමා ලොරි රථය පැද­විය යුතු බව පවසා මත් පැන් පානය කර නොමැත.

වරින් වර ලොරි රථයේ හිමි­ක­රුට දුර­ක­තන ඇම­තුම් ගනි­මින් කියා ඇත්තේ, වව්නි­යා­වට හයර් එකක් යෑමට තිබෙන බවත්, නිය­මිත මුද­ලට එකග වුව­හොත්, එම කුලී ගම­නද ගොස් පැමි­ණෙන බවයි. ඊට අම­ත­රව වාහ­නයේ ප්‍රධාන ලාම්පු­වල වරින් වර දෝෂ­යක් ඇති වන බව තම බිරි­දට දන්වා ඇති අතර, වාහ­නය අතර මග නවතා නිදා ගෙන පැමි­ණෙන බවද පවසා ඇත. මත්පැන් පාන­යෙන් පසු විජ­ය­දා­සට පිටු­පස අසුනේ නින්ද ගොස් තිබේ. විවිධ හේතු කිය­මින් පැමි­ණීම ප්‍රමාද වන බව කී යෝග­නා­දන් පසුව සිය ජංගම දුර­ක­ත­නය විසන්ධි කර ඇත. තඹ­ල­ග­මුව පාල­ම්ප­ටාර් වෙත පැමි­ණෙන යෝග­නා­දන් තම ආය­ත­න­යේම වෙනත් වාහ­න­ය­කට දුර­ක­තන ඇම­තු­මක් ලබා ගනි­මින් කියා ඇත්තේ, ලොරියේ ලාම්පු­වල ඇති ගැට­ලු­වක් නිසා රාත්‍රී කාලයේ ගමන් කළ නොහැකි හෙයින් ලොරිය අතර මඟ නවතා නිදා ගන්නා බවයි. තමා දුටු­ව­හොත්, කථා නොක­රන ලෙසත් පවසා ඇත.

පාල­ම්ප­ටාර් පාල­මට මීටර් 700 පමණ එපි­ටින් වාහ­නය නව­ත්වන යෝග­නා­දන්, පිටු­පස අසුනේ නිදා සිටින විජ­ය­දා­සගේ සිරු­රට භූමි තෙල් හලා ගිනි තබා ඇති අතර, අත­ප­සු­වී­ම­කින් විජ­ය­දා­සගේ කලින් හැද සිටි ටී ෂර්ටය එලි­යට වැටී තිබේ.

වාහ­න­යට ගිනි තබන යෝග­නා­දන් අන­තු­රුව පාල­ම්ප­ටාර් පාලම මඟ හැර ඉදි­රි­යට පැමිණ ඇති අතර, ත්‍රීකු­ණා­ම­ලයේ සිට කොළඹ බලා ගමන් ගන්නා බස් රථ­යක් හමුවී තිබේ. එම බස් රථයේ නගින යෝග­නා­දන් නැවත වරක් කොළඹ සිට ත්‍රිකු­ණා­ම­ලය කරා ගමන් කරන බස් රථ­යක නැඟී ත්‍රීකු­ණා­ම­ල­යට ගොස් ඇත.

ඒ එන විට ගිනි ගත් ලොරිය අසල විශාල පිරි­සක් එක් රැස්ව සිටින අයු­රුද ඔහු දැක තිබේ. බස් රථයේ පැමිණ තැපැල් කාර්යාල මංස­න්ධි­යෙන් බසින යෝග­නා­දන් වව්නියා බස් රථ­යක නැගී හොරො­ව්පො­තා­නෙන් බැස අනු­රා­ධ­පු­ර­යට ගොස් ඇත. අනු­රා­ධ­පු­ර­යේදී පෞද්ග­ලික බැංකු­ව­කට ගොස් ගිණු­මක් අර­ඹන සැක­කරු රුපි­යල් ලක්ෂ හත­ර­හ­මා­රක් බැංකුවේ තැන්පත් කර බැංකු කාඩ්ප­තක්ද ලබා ගෙන තිබේ. ඉන්පසු ඔහු තම උපන් ගම වූ ධර්ම පුරම් වෙත ගොස් ඇත.

තම සැමියා ගමන් කළ ලොරි රථය ගිනි ගෙන සැමි­යාද එහි දැවී මිය ගොස් ඇති බව යෝග­නා­දන්ගේ බිරිද වන ගෞරි කිලි­නො­ච්චියේ සිටින යෝග­නා­දන්ගේ ඥාතීන්ට දැනු­ම්දී­මත් සමඟ ඔහුගේ ඥාතීන් විශාල පිරි­සක් මිහි­දු­පුර පිහිටි ගෞරිගේ නිව­සට පැමිණ ඇති අතර, යෝග­නා­දන්ගේ මර­ණය වෙනු­වෙන් නිව­සද සූදා­නම් කර ඇත.

යෝග­නා­දන් ධර්ම­පු­රම්හි සිය නිවස වෙත පැමි­ණෙන විට ඔහුගේ අක්කාගේ දිය­ණිය විවාහ වී සිටි තරු­ණයා එහි පැමිණ ඇති අතර, ඔහු ඒ බව ත්‍රිකු­ණා­ම­ල­යට ගිය ඥාතීන්ට දැනුම් දී තිබේ. එම දැනු­ම්දී­මත් සමඟ කිලි­නො­ච්චියේ සිට පැමිණි පිරිස යෝග­නා­දන් වෙනු­වෙන් ප්‍රද­ර්ශ­නය කර­මින් තිබු බැන­ර­යද ගලවා ත්‍රීකු­ණා­ම­ල­යෙන් පිටව ගොස් ඇත. ඒ බව පොලි­සි­යට දැන ගන්නට ලැබී­මෙන් පසුව යෝග­නා­දන් සොයා දියත් කරන පොලිස් මෙහෙ­යුම නතර වන්නේ, මුරු­ක්කන් මුර පොලේදී යෝග­නා­දන් පොලි­සි­යට කොටු වීමෙනි. යෝග­නා­දන් රුපි­යල් ලක්ෂ දෙකක් ගෙවා බෝට්ටු­ක­රු­වෙකු මාර්ග­යෙන් ඉන්දි­යා­වට පැන යෑමට සැල­සුම් කර තිබූ බව අනා­ව­ර­ණය විය.

සැක­කරු රැද­වුම් නියෝග යටතේ රඳවා ගනි­මින් ප්‍රශ්න කර­මින් සිටින අතර, මිනිස් ඝාත­න­යක් පොලි­සි­යට වසන් කිරීමේ චෝද­නාව යටතේ යෝග­නා­දන්ගේ බිරිද වන ගෞද රක්ෂිත බන්ධ­නා­ගාර ගත කරන ලදී. තඹ­ල­ග­මුව පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සම්පත් බංඩාර මහ­තාගේ උප­දෙස් මත අප­රාධ අංශයේ නිල­ධා­රීහු පරී­ක්ෂණ මෙහෙ­ය­වති.

Comments