ආනන්දේ හඬ සදා ආන­න්ද­නීයයි | සිළුමිණ

ආනන්දේ හඬ සදා ආන­න්ද­නීයයි

නා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ආර­ක්ෂක ලේක­ම්ව­ර­යාව සිටි­යදී මුල්ගල තබන ලද කොළඹ ආනන්ද විද්‍යා­ලයේ සත්ම­හල් ගොඩ­නැ­ඟිල්ල පසු­ගි­යදා එතුමා විසින් ම විවෘත කර සිසු අයි­ති­යට පත්ක­රනු ලැබූ සුවි­ශේෂ අව­ස්ථා­වක් පසු­ගි­යදා උදා විණි. කොළඹ ආන­න්ද­යෙන් බිහිවූ ප්‍රථම ජනා­ධි­ප­ති­ව­රයා ලෙස ඉති­හා­සයේ රන් අකු­රින් ලියැ­වුණු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මේ උත්ස­වය අම­ත­මින් ප්‍රකාශ කළ දෑ අම­ර­ණීය ය.

වර්ත­මා­නයේ ජාතියේ නාය­කයා ලෙස හොඳින් රට ඉදි­රි­යට ගෙන යෑමට හැකිවී ඇත්තේ, ආනන්ද විදු­හල් මාතාව ලබා­දුන් ශක්තිය නිසා බවත්; ආනන්ද විදු­හලේ තිබූ සුවි­ශේෂ සංස්කෘ­තික ආභා­සය නිසා රටට දැඩි ලෙස ආද­රය කරන ලෙස සිසුන්ට ඉගැන්වූ බවත් ඒ නිසාම ආන­න්දය පර­ම්ප­රා­වෙන් පර­ම්ප­රා­වට දේශ­ප්‍රේමී පුතුන් බිහි කළ පාස­ලක් බවට පත්ව ඇති බවත් එතුමා කියා සිටි­යේය.

“අප රටේ තියන ප්‍රමු­ඛ­තම සිංහල බෞද්ධ විද්‍යා­ය­ත­නය ආනන්ද විදු­හ­ලයි. මේ පාසල පට­න්ගත් දා සිටම මෙහි ඉගෙ­න­ගත් සෑම සිසු­ව­කු­ටම ජාති­ක­ත්වය හා බෞද්ධ දර්ශ­නය ගැන හැඟී­මක් තිය­නවා. ආනන්ද විදු­හලේ ශිෂ්‍ය නේවා­සි­කා­ගා­රයේ නැවතී සිටි කාලයේ අපේ රටේ දැවැන්ත යුග පුරු­ෂ­යන් ඕල්කට් ශාලා­වට ඇවිත් දේශන පව­ත්ව­නවා. ඔවුන් ජාති­හි­තෛෂී ජාති­මා­මක පුද්ග­ල­යන්. නිද­හස් සට­නට උර­දුන් පිලිප් ගුණ­ව­ර්ධන, කොල්වින් ආර්. ද සිල්වා, එන්.එම්. පෙරේරා, කොට­ගම වාචි­ස්සර ස්වාමීන් වහන්සේ වැනි අය දේශන පව­ත්ව­නවා මට මත­කයි. එයින් අපට අපේ රට ගැන ආද­ර­යක් හා විශාල භක්ති­යක් ඇති­වුණා. අප රටේ හිටපු හොඳම ගුරු­ව­රුන් අධ්‍යා­ප­නය පම­ණක් නොව අපේ හර පද්ධ­තිත් සකස් කළා. අපේ අනා­ග­ත­යට හොඳ­ටම පාර කියා දුන්නා, පත­පොතේ ඇලී­ගැලී කට­යුතු කරන්නෙ නැතුව වෙනත් විෂය බාහිර ක්‍රියා­කා­ර­ක­ම්ව­ලට සහ­භාගි වීම­ටත් ඉඩ ලැබුණා. ගණි­තය, විද්‍යාව, භාෂාව ඉගෙන ගන්නවා වගේම, වඩු වැඩ, යකඩ වැඩ වගේ දේව­ලුත් අපි ඉගෙන ගත්තා. අපේ පාස­ලෙන් බිහි වූ අය අතරේ සීමිත ඕවර් තර­ග­ව­ලදී ලෝක ශූර­තාව දිනා­ගත් නාය­කයා බිහි­වුණා. ඒ වගේම අවු­රුදු 30ක් තිස්සේ මේ රට වෙළා­ගත් යුද්ධය නිම කරන්න මූලික වුණු ආර­ක්ෂක ලේක­ම්ව­ර­යෙක්, යුද හමු­දා­ප­ති­ව­ර­යෙක්, නාවික හමු­දා­ප­ති­ව­ර­යෙක්, පොලි­ස්ප­ති­ව­ර­යෙක්, සිවිල් ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ අණ දෙන නිල­ධා­රි­යෙක් වගේම යුද හමු­දාවේ නොයෙ­කුත් මට්ටමේ නාය­ක­යන් ආනන්ද විද්‍යා­ලයේ ආදි ශිෂ්‍ය­යන් ලෙස බිහි වුණා. අපේ විදු­හ­ලෙන් කීර්ති­මත් විද්‍යා­ඥ­යන් පර්යේ­ෂ­ක­යන් ඉංජි­නේ­රු­වන්, වෛද්‍ය­ව­රුන්, ජනා­ධි­පති නීති­ඥ­ව­රුන්, කලා­ක­රු­වන්, ඇම­ති­ව­රුන් හා පාර්ලි­මේ­න්තුවේ කථා­නා­ය­ක­ව­ර­යෙක්, අග්‍රා­මා­ත්‍ය­ව­ර­යෙක් බිහි කළා. දැන් ජනා­ධි­ප­ති­ව­ර­ය­කුත් බිහි කරලා තිය­නවා. ආනන්ද විද්‍යා­ලය සිංහල බෞද්ධ ප්‍රමුඛ පෙළේ පාස­ලක් වුණත් අපේ පාසලේ වෙනත් ජාතීන්ට අයත් ශිෂ්‍ය­යන් ද ඉන්නවා. හැබැයි ඒ කිසි කෙනෙක් අතර සිංහල, දෙමළ, මුස්ලිම් ජාති ආගම් භේද තිබුණේ නැහැ. අපේ පාසලේ සෑම අංශ­ය­කින් ම මේ අය දස්කම් දැක්වුවා. ඒ එක­මු­තු­කම ආන­න්දය ඉහ­ළට ඔසවා තැබුවා. විද්‍යා­ලයේ දිගු­කා­ලීන කීර්ති­මත් ඉති­හා­ස­යෙන් ඉගෙන ගත හැකි පාඩම් බොහො­ම­යක් තිබෙ­නවා.

අපේ විදු­හලේ සුවි­ශේෂ ලක්ෂ­ණ­යක් වුණේ ගුරු­ව­රුන් හා ශිෂ්‍ය­යන් අතර තිබුණු දැඩි සම්බ­න්ධ­යයි. ඒ ගුරු­ව­රුන්ට ආනන්ද විද්‍යා­ලය ගැන ගැඹුරු දැනී­මක් තිබුණා. ඒ නිසා සෑම දෙය­ක­දීම ආනන්ද විද්‍යා­ලයේ ගෞර­වය රැක­ගන්න ඔවුන් දැඩි උත්සා­හ­යක් දැරුවා. අංශ­භාර ගුරු­ව­රුන් ශිෂ්‍ය­යන්ගේ විනය ගැන මහත් උන­න්දු­වක් දැක්වුවා. අපි ගුරු­ව­රුන්ට විශාල ලෙස ගරු කළා. පසු කලෙක අපිට වින­ය­ග­රුක පුර­වැ­සි­යන් වීමට එය විශාල පිටි­ව­හ­ලක් වුණා.

ආන­න්දී­යන් හැම­දා­මත් රටට අවශ්‍ය වූ විට නාය­ක­ත්වය සැප­යුවා. ආන­න්දි­යන් වන අප සියලු දෙනාම අපේ පාස­ලට, අපේ ජාති­යට, අපේ රටට ආද­රය කර­නවා. ආන­න්දය ආන­න්ද­නී­යයි. ඒ නිසා දේශ­ප්‍රේමි අනඳ පුතුන් ලෙස, එකට එක්වී ඉදි­රි­යට විත් ජාතිය ගොඩ­නැ­ඟීමේ වැඩ­පි­ළි­වෙ­ළට ක්‍රියා­ශී­ලීව එකතු වන ලෙස මම සියලු දෙනා­ටම ආරා­ධනා කර­නවා.”

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මැති­තුමා තමන් අධ්‍යා­ප­නය ලැබූ ආන­න්දය ගැන මහත් අභි­මා­න­යෙන් යුක්තව පැව­සුවේ හද­පිරි සතු­ටිනි.

“ආනන්ද විද්‍යා­ලය බිහි කළ ශ්‍රී ලංකාවේ එකම ජනා­ධි­ප­ති­ව­රයා ලෙස ඔබව අම­ත­න්නට ලැබීම මහත් ගෞර­ව­යක්. ඒ වගේම ජීවි­තයේ ලද මහත් භාග්‍ය­යක්. ආනන්ද විද්‍යා­ලයේ දිගු­කා­ලීන කීර්ති­මත් ඉති­හා­ස­යෙන් ඉගෙන ගත හැකි පාඩම් බොහො­ම­යක් තියෙ­නවා. මේ පාඩම් මඟින් අපේ අධ්‍යා­ප­නය නැවත ප්‍රති­ව්‍යු­හ­ගත කිරී­මට හොඳ උදා­හ­රණ ගන්න පුළු­වන්. ඒක මේ යුගයේ ඉතා වැද­ගත් අව­ස්ථා­වක්. රටේ ප්‍රමු­ඛ­තම සිංහල බෞද්ධ පාසල වන ආනන්ද විද්‍යා­ලය සෑම සිසු දරු­ව­කුට ම ජාතික හැඟීම් හා බෞද්ධ දර්ශ­නය කාවද්දා තිබෙ­නවා. නිද­හස් බෞද්ධ චින්ත­න­යට තෝතැ­න්නක් වූ ආනන්ද විද්‍යා­ල­යෙන් දරු­වන්ගේ ජීවිත ආලෝ­ක­වත් වුණා.”

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ආර­ක්ෂක ලේකම් ලෙස කට­යුතු කර­මින් සිටි­යදී 2015 ජන­වාරි 01 වැනිදා එම ගොඩ­නැ­ඟිල්ල සඳහා මුල්ගල තැබුණි. මෙරට පාස­ලක ඉදි­කෙ­රුණු පළ­මු­වැනි සත්ම­හල් ගොඩ­නැ­ඟිල්ල වන එය පන්ති කාමර 44ක් ද, විද්‍යා­ගාර, පරි­ග­ණ­කා­ගාර, සෞන්දර්ය විෂ­යන් සඳහා වන කාමර, පුස්ත­කා­ල­යක් හා වෛද්‍ය මධ්‍ය­ස්ථා­න­යක් යනා­දි­යෙන් සම­න්විත වන අතර; ඒ සඳහා වැයවූ සම්පූර්ණ මුදල රුපි­යල් කෝටි 62කි. පුරා වසර 146 දුර ඈත අතී­ත­ය­කට හිමි­කම් පාන ජාතියේ බෞද්ධ තක්ස­ලාව කොළඹ ආනන්ද විද්‍යා­ලයේ අතීත වංශ කතාව ලියැ­වෙන්නේ එසේය.

දහ­න­ව­වන සිය­වසේ අග­භා­ගය වන විට, ලක්දිව සීඝ්‍ර ලෙස වැඩෙ­මින් පැවති කිතුනු ආග­මික හා මිෂ­නාරි අධ්‍යා­ප­නික බල ව්‍යාප්තිය විචා­ර­ශී­ලීව පරා­ජය කළ පංච මහා වාද­යට පණ­දුන් මිගෙ­ට්ටු­වත්තේ ගුණ­නාන්ද වාදි­භ­සිං­හ­ය‍ාණෝ වහ­න්සේගේ විජ­ය­ග්‍රාහී පාන­දු­රා­වා­දයේ ඉංග්‍රීසි පිට­ප­තක් කියැ­වී­මෙන් ප්‍රමු­දි­තව සත්‍ය ගවේ­ෂක අමෙ­රි­කානු ජාතික සෙන්ප­ති­යකු වූ හෙන්රි ස්ටීල් ඕල්කො­ට්තු­මන් ස්වකීය කළණ මිතු­රි­යක වූ රුසි­යානු ජාතික හෙලේනා පැට්රො­විනා බ්ලැවැට්ස්කි මැති­නිය ද සමඟ වර්ෂ 1880 මැයි 17 දින ශ්‍රී ලංකා­වට සැපත් වුණා. අති­පූජ්‍ය හික්ක­ඩුවේ සුමං­ගල නාහි­මි­පා­ණන් පූජ­නීය මිගෙ­ට්ටු­වත්තේ ගුණා­නන්ද නාහි­මි­පා­ණන් මෙන්ම අන­ගා­රික ධර්ම­පාල ශ්‍රීම­තා­ණන්ගේ ද අනු­ශා­ස­ක­ත්ව­යෙන් හා මඟ පෙන්වී­මෙන් දියත් කළ බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ මාහැඟි උත්තුංග ක්‍රියා­දා­මයේ පළමු දායා­දය ලෙසින් 1886 නොවැ­ම්බර් 01දා පිට­කො­ටුවේ ඉංග්‍රීසි බෞද්ධ පාසල ඇර­ඹීය. 1895 අගෝස්තු 17 දින මුද­ලිඳු ටියු­ඩර් රාජ­පක්ෂ මැති­ඳුන් විසින් පරි­ත්‍යාග කළ අක්කර 3 1/2ක භූමි භාග­ය­කින් හෙබි මර­දානේ පර­ණ­වා­ඩි­යට ගෙනැ­විත් ස්ථාපිත කරන ලද්දේ මේ ආනන්ද විද්‍යා­ල­යයි.

ආන­න්දයේ පළමු සිසු දරුවා කුරු­ප්පු­මු­ල්ලගේ ජින­රා­ජ­දාස වූ අතර දරු­වන් 37 දෙනෙ­කු­ගෙන් අර­ඹන ලදී. දෙස්, විදෙස් කීර්ති­ධර විදු­හ‍ල්ප­ති­ව­රුන් හා ගුරු මවු­පි­ය­න්ගෙන් සුපෝ­ෂිත වූ ආන­න්දයේ සිප්ස­තර හදා­රන පිරිස ක්‍රම­යෙන් වැඩි­වන විට පන්ති කාම­ර­වල අව­ශ්‍ය­තාව වැඩි විය. මීට පිළි­ය­මක් ලෙස ජනා­කීර්ණ නර­ග­බද වට­පි­ටා­වක සීමිත ඉඩ­ක­ඩ­කට කොටුවූ අනඳ විදු­බිමේ තෙම­හල් හා පස්ම­හල් ගොඩ­නැ­ඟිලි ඉදි­ව­න්නට විය. ඒ අනුව සෙන්පති ජී. ඩබ්ලිව්. රාජ­පක්ෂ විදු­හ­ල්ප­ති­තු­මාගේ පාලන සමයේ (1969 - 1980) කීර්ති­මත් ඉංජි­නේ­රු­ව­ර­යකු වූ ආචාර්ය එන්.ඒ. කුල­සිං­හ­යන්ගේ සැල­සු­ම­කට අනුව 1977 දී ආන­න්ද­යට හිමිවූ එම්.යු. මුවර් ගොඩ­නැ­ඟිල්ල (පස්ම­හල) දශක ගණ­නා­වක් පුරා අනඳ පුතුන් දස දහස් ගණ­න­කට රැක­ව­ර­ණය දෙමින් විරා­ජ­මාන විය.

කාල­යාගේ ඇවෑ­මෙන් සකල සංස්කාර ධර්ම­යන්ට ම පොදු වූ ලෝද­හම ඉදි­රියේ ක්‍රම ක්‍රම­යෙන් බිත්ති පලු­දු­වීම්, පැලුම් හා ඉරි­තැ­ලීම් ඇති­වීම නිසා ගිලා බැසීමේ අව­ධා­න­ම­කට මුහුණ දුන් මේ ගොඩ­නැ­ඟිල්ල 2010 වසර වන­විට දෙමා­පිය ගුරු­වර ආදි ශිෂ්‍ය සංග­මයේ අව­ධා­න­යට ලක්වූ අතර සත්ම­හල සක­සන ලද්දේ ඊට පිළි­ය­මක් ලෙසිනි.

ආන­න්දයේ කැඩෙට් කණ්ඩා­ය­මක් ඇති කිරීම ගැන වපර ඇසින් බැලූ අග­නු­වර අන්‍යා­ග­මික විදු­හ­ලක විදු­හ­ල්ප­ති­ව­ර­යකු කියා සිටියේ ආන­න්ද­යෙන් යුද හමු­දා­වට සෝල්ජර්ස්ලා හදන්න; අපි කැප්ටන්ලා හද­න්නම් කියා ය. ඒ කතාව ආරංචි වූ කුල­රත්න මහත්මා කියා ඇත්තේ ඒ කතාවේ අනිත් පැත්තත් වෙන්න ඉඩ තිබෙ­නවා කියා ය. අද එය සනා­ථ වී හමා­රය.

එමෙන්ම එංග­ල­න්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව­වි­ද්‍යා­ලයේ ඉගෙ­නීම ලබා එහිම මහා­චා­ර්ය­ව­ර­යකු වූ විද්ව­තකු පවසා තිබුණේ කුල­ර­ත්නලා, මල­ල­සේ­ක­ර­ලාගේ නුව­ණින් පෝෂ­ණය වූ ආන­න්දයේ ඉගෙන ගත්තා නම් ඔක්ස්ෆර්ඩ් විශ්ව­වි­ද්‍යා­ලයේ ඉගෙන ගත්තා ව‍ගේ ගෞර­ව­ය­කුත් දැනු­ම­කුත් ලබන්න පුළු­වන් යනු­වෙනි. 1972 ආන­න්දයේ ප්‍රධාන ශිෂ්‍ය නාය­කයා වූ බ්‍රිතා­න්‍යයේ රෝල්ස් රොයිස් සමා­ගමේ ඉංජි­නේරු උප­දේ­ශ­ක­ව­ර­යකු වූ දෙව්සිරි පී. හේවා­වි­දා­නගේ මහතා ආනන්ද විද්‍යා­ලයේ බෝඩිමේ ඉගෙ­න­ගත් අතර ආනන්ද බෝඩිමේ සැඟ­වුණු රස­කතා යනු­වෙන් දිගු ලිපි­මා­ලා­වක් ලියා ඇත. දෙස්, විදෙස් හි විවිධ ක්ෂේත්‍ර­වල විරා­ජ­මා­නව බැබ­ළෙන ආන­න්ද­යෙන් බිහිවූ සුවි­ශේෂ චරිත රාශි­යක් ගැන එහි සඳ­හන් ය. ඒ අනුව ආන­න්ද­යෙන් බිහිවූ අම­ර­ණීය චරිත දහස් ගණ­නකි. වත්මන් ජන­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මෙන්ම ඔහුගේ සොයුරු බැසිල් රාජ­ප­ක්ෂත් ආදි ආන­න්දියෝ වෙති.

පාසල් ක්‍රිකට් ඉති­හා­සයේ කොළඹ ආන­න්දය කැපී‍ ­පෙ­නෙන පාස­ලක් සේ පෙර­මුණ ගෙන සිටින අතර වත්මන් ජනා­ධි­පති ‍ගෝඨාභය රාජ­පක්ෂ ආන­න්දයේ හොඳ ක්‍රිකට් ක්‍රීඩ­ක­යෙකි. ඔහු වඩාත් කැමැත්ත දැක්වූයේ මිඩ් ඔන් (midon) ස්ථානයේ සිට පන්දු ඇල්ලී­මට ය. ශ්‍රී ලංකාවේ භෞමික අඛ­ණ්ඩ­තාව රැක ගැනීම හා දේශීය අභි­මා­නය වෙනු­වෙන් වීරෝ­දාර රණ­වි­රු­වන් වැඩිම පිරි­සක් ද, ජන නාය­ක­යන් රැසක් ද ආන­න්දය විසින් බිහි­කර ඇත.

බෞද්ධ පුන­ර්ජී­ව­න­යෙන් පණ­ගැන්වී සිංහ­ලයේ ප්‍රමුඛ බොදු මහ විදු­හල ලෙස පෝෂ­ණය වූ ආන­න්දය සැබ­වින්ම අධ්‍යා­පන ක්ෂේත්‍ර­යට මෙන්ම රටට ද ආන­න්ද­යකි.

කොළඹ ආනන්ද විද්‍යා­ලයේ වත්මන් තොර­තුරු ලබා­ගනු වස් පසු­ගි­යදා ආනන්ද විද්‍යා­ල­යට මා ගිය අතර වාර්ෂික පිරිත් පින්කම වෙනු­වෙන් අනඳ විදු පියස බෞද්ධ කොඩි­යෙන් අපූ­රු­වට සරසා තිබුණි. ආන­න්දයේ වත්මන් විදු­හ­ල්පති එස්.එම්. කීර්ති­රත්න මහතා මෙසේ කීය.

“ආන­න්දය කියන්නේ, දැයේ දරු­වන්ගේ නැණ ගුණ පෝෂ­ණය ගලා යන මහෝ­ඝ­යක්. ලාංකේය පාඨ­ශාලා සංස්කෘ­තියේ ප්‍රබ­ල­තම බෞද්ධ මුද්‍රා­වක්. ආන­න්දය අද අති­ශය ආස්වා­ද­ජ­නක අව­ස්ථා­වක පසු­වෙන්නේ රට කර­වන පුතකු තැනූ සොම්න­සින්.

නවීන පන්නයේ සියලු පහ­සු­ක­ම්ව­ලින් සපිරි සත්ම­හල සමඟ ආන­න්දයේ නව පරි­ච්ඡේ­ද­යක් ඇර­ඹෙ­නවා. ආන­න්දය කියන්නේ තවත් එක් පාස­ලක් පම­ණක් නොවෙයි. ආන­න්දයේ දැක්ම (VISION) වන්නේ බොදු පරි­ස­ර­යක දැහැමි උගත් නැණ­ගුණ පිරි­පුන් නිපු­ණතා සපිරි විනය ගරුක සිසු පිරි­සක් දැයට දායාද කිරී­මයි.”

සහ­කාර විදු­හ­ල්ප­තිනී කේ.එම්. වික්‍ර­ම­සේ­කර මහ­ත්මිය ආන­න්දය ගැන සිය හඬ මෙසේ අවදි කළේය.

“ආන­න්දය අධ්‍යා­ප­නික අංශය වගේම විෂය බාහිර ක්‍රියා­කා­ර­ක­ම්ව­ලින් ඉහ­ළම තැනක සිටි­නවා. 6 වසරේ සවිතු අත්සර ප්‍රනාන්දු ලෝක ඔලි­ම්පි­යාඩ් රන් පද­ක්කම දිනුවා. උසස් පෙළ ගණිත අංශ­යෙන් ලංකා­වෙන් ප්‍රථ­මයා වුණේ තරුෂ ෂිහාන් ෆොන්සේකා. පහ වසර ශිෂ්‍ය­ත්ව­යෙන් 80%, අපොස සා‍.පෙළ 74%ක්, අ‍පොස උ.පෙළ 90% වශ­යෙන් සෑම වස­ර­කම සමත් වෙනවා. විෂය බාහිර ක්‍රියා­කා­ර­කම් 75ක්, ගුරු­වරු ඉගෙ­නුම් ක්‍රියා­ව­ලි­යට පම­ණක් නෙමෙයි විෂය සම­ගාමී ක්‍රියා­කා­ර­ක­ම්වල දස්කම් දක්වන අයයි. දෙමා­පි­ය­න්ගෙන් හා ආදි ශිෂ්‍ය­ය­න්ගෙන් පාසලේ දියු­ණු­වට විශාල සහා­යක් ලැබෙ­නවා.”

ආන­න්දයේ නියෝජ්‍ය විදු­හ­ල්පති ක්‍රීඩා හා විෂය සම­ගාමී රන්දික පෙරේරා මහතා මෙසේ කීය.

“අප විද්‍යා­ලයේ විනය ඉහළ මට්ට­මක පව­ත්වා­ගෙන යෑමට විෂය සම­ගාමී හා ක්‍රීඩා කට­යු­තු­වල නිරත වීම මහත් පිටි­ව­හ­ලක්. සෑම ක්ෂේත්‍ර­ය­කම ජාතික හා අන්ත­ර්ජා­තික මට්ටමේ දක්ෂ­යන් ආන­න්ද­යෙන් බිහි­වෙලා තියෙ­නවා.”

ආන­න්දයේ තාක්ෂණ අංශ ප්‍රධානි කේ.ඒ.වී. සෙනෙ­වි­රත්න මහතා ගේ අද­හස මෙසේය.

“පසු­ගිය 2013 වසරේ ආන­න්ද­යට තාක්ෂණ අංශ‍යක් ලැබුණේ විශේෂ වර­ප්‍ර­සා­ද­යක් ලෙස­ටයි. සාමා­න්‍ය­යෙන් ප්‍රාථ­මික අංශ­යක් තියෙද්දි තාක්ෂණ අංශ­ය­කට ප්‍රති­පා­දන නොලැ­බෙන නිසා ආදි ශිෂ්‍ය සංග­මයේ ආධාර මතයි මෙය පව­ත්වා­ගෙන යන්නේ. මෙම ඉංජි­නේරු තාක්ෂණ අංශය මඟින් 2011 වසරේ ලංකාවේ උ.පෙළ එම අංශයේ දෙවෙ­නියා බිහි කළා. 2018 වසරේ ලංකාවේ ප්‍රථ­මයා වගේම 2, 4, 6, 8 ස්ථානත් ලැබුවා. 2019 6 වෙනියා බිහි කළා. ළමුන් 250 පමණ ඉගෙ­නුම ලබ­නවා. අ.පො.ස උසස් පෙළ 90% පමණ මේ අංශ­යෙන් සර­සවි වරම් ලබ­නවා.ඉංජි­නේරු තාක්ෂ­ණ­යට අම­ත­රව ජෛව පද්ධති තාක්ෂ­ණ­යත් අපි මෑත­කදී ආරම්භ කළා.”

සිය­වස් ගණ­නා­වක් පුරා එදා මෙන් අදත් හෙටත් දැය නැඟු­මට විපුල ගුණැති ලක් පුතුන් බිහි කර­මින් අනඳ මවුන් වැජ­ඹේවා! යැයි සැමගේ පැතුම වනු ඇත.

Comments