අපායේ කටු ඉඹුල් පෙනෙන අපේ කටු­පොල් වගාව | සිළුමිණ

අපායේ කටු ඉඹුල් පෙනෙන අපේ කටු­පොල් වගාව

පරි­සර විනා­ශ­කාරී කටු­පොල් ශාක ඉවත් කිරීමේ ජාතික මෙහෙ­යුමේ පළමු අදි­යර පරි­සර රාජ්‍ය ඇමැති ජයන්ත සම­ර­වීර මහතා විසින් කළු­තර දී ආරම්භ කළ අව­ස්ථාව
පරි­සර විනා­ශ­කාරී කටු­පොල් ශාක ඉවත් කිරීමේ ජාතික මෙහෙ­යුමේ පළමු අදි­යර පරි­සර රාජ්‍ය ඇමැති ජයන්ත සම­ර­වීර මහතා විසින් කළු­තර දී ආරම්භ කළ අව­ස්ථාව

ටු­පොල් වගාව ආර­ම්භ­යේ­දීම රටේ ජන­තාව දැඩි ලෙස එයට විරුද්ධ වූයේ ඒ වන විටත් කටු­පොල් වගාව හේතු­වෙන් සිදු­වන පරි­සර විනා­ශයේ බර­ප­ත­ල­කම නිසාය. කෙසේ වෙතත් දැන් රජය මඟින්ද එය ශ්‍රී ලංකා­වට නුසු­දුසු වගා­වක් බවට ප්‍රත්‍යක්ෂ කර ඇතු­වාක් මෙන්ම පරි­සර අමා­ත්‍යාං­ශයේ සෘජු මැදි­හත් වීමෙන් මෙම වින­ශ­කාරී කටු­පොල් වගාව විනාශ කිරීමේ කාර්ය­යට මුල පුරා ඇත. මෙරට සාමාන්‍ය ජන­තා­ව­ගේත් පරි­සර සංවි­ධා­න­ව­ලත් බල­වත් විරෝ­ධය මැද වාණිජ වගා­වක් ලෙස ආරම්භ කළ මෙම පරි­සර විනා­ශ­කාරී කටු­පොල් ශාකය කපා ඉවත් කිරීමේ ජාතික කර්ත­ව්‍යයේ පළමු අදි­යර මේ වන විට ආරම්භ කර ඇති අතර දොඩං­ගොඩ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යට අයත් නෑබොඩ, පැල­පි­ටිය දකුණ ප්‍රදේ­ශයේ රජයේ ඉඩම්, පෞද්ග­ලික ඉඩම්, ඇල ඉවුරු දෙපස ස්වභා­වි­කව වැවී ඇති කටු­පොල් ශාක 20,000 ක් පමණ කපා විනාශ කිරීමේ කාර්ය පසු­ගි­යදා සිදු­වූයේ පරි­සර රාජ්‍ය ඇමැති ජයන්ත සම­ර­වීර මහ­තාගේ අධී­ක්ෂ­ණය යට­තේය.

ඉතා සශ්‍රීක පහ­ත­රට මහ පොළව කටු­පොල් වලින් නිසරු වන බව දිගින් දිග­ටම ජන­තාව චෝදනා කළද පසු­ගිය දශක දෙක තුළ කටු­පොල් වගාව බොහෝ සෙයින් ප්‍රච­ලිත විය. කටු­පොල් වලට විරුද්ධ වන පිරිස් ඉල්ලා සිටින්නේ කටු­පොල් හෙවත් ෆාම් තෙල් ආන­ය­නය සීමා කරන ලෙසයි. තවත් පැත්ත­කින් ෆාම් තෙල් විරෝ­ධ­යට කරුණු දක්වන අය පෙන්වා දෙන්නේ එම­ඟින් ආහාර සුර­ක්ෂි­ත­තා­වට ඇති­වන බර­ප­තල තත්ත්ව­යයි. 2000 වස­රේදි ශ්‍රි ලංකා­වට ආන­ය­නය කළ මෙටි­රික් ටොන් 60,000 ක ෆාම් තෙල් ප්‍රමා­ණය අද වන වට මෙටි­රික් ටොන් 240,000 දක්වා වැඩි වී ඇත. ඒ අනුව ෆාම් තෙල් හා පොල් තෙල් අනු­පා­තය 9:1 දක්වා ඉහළ ගොස් ඇත. මේ අනුව පෙනී යන්නේ ෆාම් තෙල් වෙළෙඳ පොළ තුළ යම් ඒකා­ධි­කා­රි­යක නිර්මා­ණය කිරීම හරහා ආහාර සුර­ක්ෂි­ත­ත­ව­යට ප්‍රබල පහ­රක් එල්ල කර ඇති බවය.

කටු­පොල් හෙවත් ෆාම් තෙල් සහ සෝයා වෙළෙඳ පොළ ආශ්‍රි­තව දැක ගත හැකිය. කටු­පොල් හා සෝයා සෘජු­වම ආහා­ර­යට ගත නොහැකි අතර අස්වනු මහා සමා­ග­ම­කට විකුණා අව­සන් නිශ්පා­ද­නය ආහා­ර­යක් ලෙස වෙළෙඳ පොළෙන් මිලදි ගත හැකියි. මේ සම්බ­න්ධ­යෙන් වෙළෙඳ පොළ තුළ ඒකා­ධි­කා­රි­යක් ගොඩ නැඟීම වළක්වා ගත හැක්කේ ජන­තාව එම ආහාර මත යැපීම අවම කිරීම මඟිනි. පොල් ශාකයේ පව­තින බහු­විධ ආර්ථික ප්‍රති­ලාභ නිසා­වෙන් කටු­පොල් වලට එම ස්ථාන­ටය පිවි­සිය නොහැක. ෆාම් වගා­ව­කින් තෙල් නිශ්පා­දන වලට අම­ත­රව ලැබෙන්නේ කෘෂි අප­ද්‍රව්‍ය පමණි. නමුත් පොල් වලින් අප­න­ය­නය කළ හැකි සුවි­ශේෂි නිශ්පා­දන දහ­ය­ක­ටත් වඩා අධික නිශ්පා­දන ලබා ගත හැකියි.

වර්ත­මා­නයේ පොල් වගාව බර­ප­තල ලෙස කඩා වැටී ඇති අව­ධි­යක ඩොලර් මිලි­යන 300 කටත් අධික විදේශ විනි­මය වටි­නා­ක­මක් සහිත පොල් ආශ්‍රිත නිශ්පා­දන අලෙවි කෙරෙයි. නමුත් ෆාම් තෙල් ආන­ය­නය සඳහා ඩොලර් මිලි­යන 200 කට අධික විදේශ විනි­ම­යක් වැයවේ. පොල් වගා­ක­රු­වන් පව­සන්නේ පොල් වගාව හොඳින් සිදු කළ­හොත් අස්වැන්න සිය­යට 30 කින් පමණ වැඩ කළ හැකි බවයි.

කෙසේ වෙතත් මේ වන විට ලෝක වෙළෙඳ පොළේ ෆාම් තෙල් මිල මෙට්රික් ටොන් එක­කට ඩොලර් 600 ක් දක්වා පහත වැටී ඇත. ඉදි­රි­යේදි එය තවත් පහ­තට වැටෙනු ඇතැයි බොහෝ අය විස්වාස කරති. නිල නොවන වාර්තා අනුව මැලේ­සි­යානු ෆාම් තෙල් ආන­ය­නය නොක­රන ලෙසට ඉන්දි­යානු රජය විසින් සිය ආන­ය­න­ක­රු­වන්ට දැනුම් දි ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වෙතත් කටු­පොල් වගාව ගැන ජන­තාව ගැන ජන­තාව තුළ ඇත්තේ දැඩි අප්‍ර­සා­ද­යකි. ඔවුන් විවිධ කරුණු කාරණා පෙන්ව­මින් මෙහි ඇති ප්‍රති විපාක ගැන පව­සති. සිළු­මිණ අපි මේ ගැන සොය­න්නට ගියේ මෙහි ඇති ප්‍රති විපාක රටට කිය­න්න­ටය.

“කතා කරලා වැඩක් නැහැ මහ­ත්තයා කටු­පොල් අපේ ගම් බිම් විනාශ කළා. ජල­ස­ම්පත ගිල ගත්තා. දැන් මේ පළාතේ එක වර­වක් පෑව්වොත් ඉන්නට අමා­රුයි.” එසේ පව­සන්නේ ගාල්ලේ සිසිර ජය­මාන්න මහ­තාය.

නාකි­යා­දෙ­ණිය වත්තේ සේවක සේවි­කා­වන්ද පව­සන්නේ මෙවැ­නිම අද­හ­සකි. එහි වූ කිහිප දෙනෙකු සිළු­මි­ණට පැවැ­සුවේ මෙවැනි අද­හ­සකි.

“මේ බලන්න ම‍ගේ කරේ හැටි. බෙල්ල පුරාම කබ­ර­හම වාගේ ගොරෝ­සුයි. කටු­පොල් ඇදීම මාගේ රක්ෂා­වයි. මේ විදි­යට රස්සාව කල­ළාට අපේ ලෙඩ දුකට වැඩි­පුර මුද­ලක් දෙන්නේ නැහැ. අපේ පඩිය දව­සට රුපි­යල් 670යි.” ඒ මේ වගාවේ නිරත බොහෝ අයගේ දුක් අඳෝ­නාව එවැ­න්නකි.

මේ ගම­නේදි සිළු­මිණ අන­තු­රුව අපට හමු වූයේ දොඩං‍ගොඩ ප්‍රදේ­ශයේ කම්කරු ශ්‍රමික පිරි­සකි. ඔවුහු කටු පොල් ආශ්‍රිත රක්ෂා­වල් කරති.

“කුඩු ගල දිය ඇල්ලට ඉහ­ළින් කටු­පොල් සිටු­වල තියෙ­නවා. දිය ඇල්ල මේ කටු­පොල් හින්දා හොඳ­ටම හිඳිලා. සුද්දාගේ කා‍ලයේ මේ දිය ඇල්ලේ ටර්බ­යින් සවි­ක­රල විදු­ලිය නිප­ද­වලා. ඒ ආලෝ­කය වත්තේ බංග­ලා­වට ලැයි­න්ව­ලට ඉස්ටෝ­රු­වට දුන්නා. වත්තේ රබර් කර්මාන්ත ශාලාව වැඩ කළේත් ඒ විදුලි බලෙන් තමයි. කටු­පොල් සිටෙ­ව්වාට පසුව දිය­වැල හිඳුණා. ජල උල්පත් වේළී ගියා.” ඔවුහු පව­සති.

බුල­ත්සිං­හල - යට­ග­ම්පි­ටිය දේශීය උරුම ගවේ­ෂණ පද­නමේ සභා­පති ලේඛක ඉන්දික සංජීව විතා­නගේ කටු­පොල් විරෝ­ධය වචන බවට පෙර­ළ­න්නට වූයේ මෙලෙ­සිනි.

“1968 අවු­රුද්දේ තමයි කටු­පොල් ලංකා­වට ආවේ. හෙක්ට­යාර් 0.5 (බිංදු­වයි පහක) නාකි­යා­දෙ­ණියේ වත්තෙන් ආරම්භ කළ ‍කටුපොල් සිටු­වීම අද වන විට ලංකාවේ තෙත් කලා­ප­යට විශාල විප­තක් වෙලා. මුළු ලෝක­යම හානි­කර වගා­වක් බවට හඳු­නා­ගෙන ඈත්වෙන අව­දි­යක අපේ අය කටු­පොල් වගා­වට ගොදුරු වුණා.”

කටු­පොල් සිටු­වී­මට එරෙ­හිව අවු­රුදු ගණ­නා­වක සිට උද්ඝෝ­ෂණ පික­ටින් විරෝ­ධතා ව්‍යාපාර එල්ල විය. හල් වතුර ගොවි සංවි­ධා­නයේ සභා­පති (තම්බ­පාන පාසලේ විදු­හ­ල්පති) අනුර අජිත් කුල­තුංග මහතා පව­සන්නේ මෙවන් අද­හ­සකි.

“සුදු පාල­කයෝ මුලින්ම මේ ගමේ බලෙන් තේ සිටෙව්වා. ලංකාවේ දෙවැනි විශා­ලම තේ කර්මාන්ත ශාලාව තිබුණේ මේ හල්ව­තුර ගමේ. පසුව තේ වෙනු­වට රබර් ආවා. හල්ව­තුර ගමේ මේ වාණිජ භෝග වගා­වෙන් ජල උල්පත් භාග­යක්ම අඩු වුණා.

අන්ති­මේදි හල්ව­තුර වත්තේ රබර් උදුර උදුරා කටු­පොල් වව­න්නට පටන් ගත්තා. මුලින්ම කළු­ගඟ අයිනේ ඉතා සාර­වත් භූමියේ කටු­පොල් ඉන්ද­න්නට වුණා. අපි මුලින් හිතුවා ගඟ අද්දර විත­රක් සිටු­වලා නතර කරාවි කියා. ඒත් කටු­පොල් ගඟ අද්දර සිටලා වත්ත මැද්ද­ටම පැති­රුණා. ඇළ­වල් දොළ­වල් බලා සිටි­යදී සිදී යන්නට වුණා. ගමේ ඇළේ දොළේ දිය නාපු අපිට අන්ති­මේදි ඇඳු­මක් හෝදා ගන්නට තර­ම­ට­වත් පෑවි­ල්ලට වතුර අහි­මිවී ගියා. මේ ගමේ හැම ගෙද­ර­කම ගෙවතු වගාව සාර්ථ­කව කළ ගෙවතු වගා­වට වතුර නැති­වුණා. කටු­පොල් මාරයා තමයි මේ ඔක්කෝම විපත් ගමට ගෙනාවේ. අපි පාලක මහ­ත්වරු හමු­වෙලා අපේ ගොවි­යන්ගේ දුකට හේතුව කටු­පොල් බව කීවා. ඒත් තුට්ටු­ව­කට මායිම් කළේ නැහැ. අපි පෙත්සම් ඉදි­රි­පත් කළා. අපිව පොලී­සි­යට අරන් ගියා. ඒ කටු­පො­ල්ව­ලට විරුද්ධ වුණ හින්දයි.” ඔහු පැව­සුවේ ඒ අයු­රිනි. කෘෂි පර්යේ­ෂණ සහ­කාර රෝහිණී චන්ද්‍ර­ලතා මහ­ත්මිය කටු­පොල් ප්‍රහා­ර­යට හඬ අවදි කළේ මේ අයු­රිනි.

“කටු­පොල් ගමට පිළි­ල­යක් වුණා කියන්නේ කට කහ­න­වට නෙමේ. කටු­පොල් ගස්වල සර්ප‍යෝ දරණු ගැහිලා සිටි­නවා. සර්ප­යින්ව පාල­නය කර­න්නට මොන­රුන්ව ගෙනැ­විත් දැම්මා. මොනරු, සර්පයෝ ආහා­ර­යට අරන් නතර වුණේ නැහැ. මොනර රංචු පිටින් ගෙවතු වගාව කන්නට පුරුදු වෙලා මෑ කර­ලක් තියා ගන්නට බැහැ. කටට අහු­වුණු ඇසට දුටුව හැම භෝග­යක්ම මොනරු කනවා.“

විශාල මොනරු රංචු දැන් ගමට වැදී ඇත. මේ වන විට කටු­පොල් වගාව නිසා මොන­රුන් සහ මිනි­සුන් අතර ගැටු­මක් ද ඇති වන්නට මුළු පිරී ඇත.

“හල්ව­තුර කටු‍පොල් වගාව ආර­ම්භ­යේ­දීම වතු සමා­ගමේ ලොකු මහ­ත්තුරු අපේ විහා­ර­යට ආවා. ආවේ සැල­කිය යුතු පිරි­සක් සමඟ. ආපු මහ­ත්තුරු විවිධ දේ දෙන්න උත්සාහ කළා. මට පොරොන්දු වුණා ගමේ විහා­රය අංග සම්පූර්ණ කරලා දහම් පාස­ලත් දියුණු කරලා දෙනවා කියලා. කට­යු­තු­ව­ලට කාර්යා­ලීය ගොඩ­නැ­ගි­ල්ලක් හදා දෙන්නම්. මේ හල්ව­තුර වත්තේ කටු­පොල් විරෝ­ධය පාල­නය කර­න්නට පුළු­වන් ඔබ­ව­හ­න්සේට පම­ණයි කියලා විවිධ ඉල්ලීම් කළා. මම ගම රට පාවා දෙන්නේ නැහැ මහ­ත්තයෝ. හල්ව­තුර පම­ණක් නෙමේ ශ්‍රී ලංකා ධරණි තල­යම රත්වී පුපු­රන ගිනි­ගත් වියරු මරු කත­රක් කර­න්නට අපිට පුළු­වන්ද?

ඒ හල්ව­තුර විහා­රා­ධි­පති කොස්ගල සිරි­ධම්ම හිමි­යන් කටු­පොල් අර­ග­ලය සිහි­පත් කළේ එලෙ­සය.

කටු­පොල් වගා ප්‍රදේ­ශ­වල පොළව රළු­වෙයි. පස තදයි. මේ නිසා පාංශු ජල අව­ශෝ­ෂ­ණය අඩුවී මතු පිටින් ගලා යන වර්ෂා ජල ප්‍රමා­ණය වැඩියි. මේ තත්ත්වය නිර­න්තර ජල ගැලී­ම්ව­ලට ලක්වන සාධ­ක­යකි. කටු­පොල් පිළිකා - වකු­ගඩු - හෘද­යා­බාධ ඇති කරන ශාඛ­යකි. මේ නිසා පසු­ගි­යදා පරි­සර රාජ්‍ය ඇමැති ජයන්ත සම­ර­වීර මහතා විසින් මේ වගාව විනාශ කිරී­මට කට­යුතු කළේය.

“පුංචි පැළ­යක් තිබු­ණත් මේක ජාති­යට පසට දරු­වාට හතු­රුයි. අපි මේ රත්ත­රන් පොළවේ ජලය ටික අනා­ගත පර­ම්ප­රා­වට ඉතිරි කර තියන්න ඕනේ. කපලා ඉව­ත්ක­රන කටු­පොල් ගස් තිබුණු තැන පොල් පැළ සිටු­ව­නවා. කළු­තර අපිට අහිමි වුණු මැංගුස් සම්පත යළි ආරම්භ කර­නවා. මැංගුස් පැළ ලක්ෂ­යක් සිටු­ව­නවා. අපේ දරු­වන් වෙනු­වෙන් මේ යුතු­කම ඉටු කරමු. පළ­මුව වත්තේ පාර අයිනේ තියෙන, ගං ඉවුරේ තියෙන ඉබේ වැවුන කටු­පොල් ඉවත් කරමු. දෙව­නුව වවාපු කටු­පොල් ඉව­ත්කි­රීමේ මෙහෙ­යුම ආරම්භ කරමු“ යැයි පවසා සිටියේ අවු­රු­ද්ද­කින් යළිත් තෙත් බිමක් ඇති කරන බව ප්‍රතිඥා දෙමින්ය.

 

Comments