KIA Seltos වෙ‍ෙළ­ඳ­පො­ළට | සිළුමිණ

KIA Seltos වෙ‍ෙළ­ඳ­පො­ළට

ලොව සුප­තළ KIA කොරියා මෝටර් රථ සමා­ගමේ නව­තම SUV මෝටර් රථය වන Seltos මෙර­ටට හඳුන්වා දෙන ලදි.

අශ්ව­බල 140ක් උත්පා­ද­නය කරන ලීටර් 1.4 ක ටර්බෝ ආරෝ­පිත පෙට්රල් එන්ජි­ම­කින් සම­න්විත Seltos රථය වේග 07ක ද්විත්ව ක්ලච් ඔටෝ­මැ­ටික් ට්‍රාන්ස්මි­ෂන් තාක්ෂ­ණ­යෙන් යුක්තය. මෙම රථය ඇතු­ළත පුළුල් ඉඩ­ක­ඩ­කින් යුක්තව අති­න­වීන පහ­සු­ක­ම්ව­ලින් පරි­පූර්ණ වන ලෙස නිෂ්පා­ද­නය කර තිබේ.

ශක්ති­මත් සෘජු පෙනුම සහ ඉහළ ග්‍රවුන්ඩ් ක්ලිය­රන්ස් ගුණාංග හේතු­වෙන් Seltos රථය එම පන්තියේ අනි­කුත් SUV මෝටර් රථවලට වඩා ඉදි­රි­යෙන් සිටින අතර එහි සුව­ප­හසු අභ්‍ය­න්ත­රය උසස් තාක්ෂ­ණ­යෙන් අනූන වන ලෙස නිර්මා­ණය කර තිබේ. ඉදි­රි­පත් කර තිබෙන අතර මෙම රථය ඉදි­රි­පස සහ පසු­පස ස්කිඩ් ප්ලේට්ස් සහ බ්ලැක් වීල් ආර්ච් ක්ලැඩිං, අඟල් 17 ක ඇලෝයි රෝද, ඉලෙ­ක්ට්‍රික් ස්ටැබි­ලිටි කන්ට්‍රෝල්, හිල් ස්ටාර්ට් ඇසිස්ට් කන්ට්‍රෝල් සහ A.B.S වැනි ගුණාංගවලින් සම­න්විත වන නිසා ප්‍රමා­ණය සහ පන්ති­යට සාපේ­ක්ෂව ඉහළ off-road ධාවන හැකි­යා­වෙන්ද යුක්ත වේ.

Kia මෝටර්ස් (ලංකා) සමා­ගමේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ, මහේන් තම්බ­යියා මහතා අද­හස් දක්ව­මින්, Kia Seltos මෝටර් රථ­යට වඩාත් ආක­ර්ෂ­ණීය වන්නේ එය නව පර­ම්ප­රාවේ බලා­පො­රොත්තු සපු­රා­ලන පරිදි නිර්මා­ණය කර තිබීම නිසාම නොවෙයි. නවීන විලා­සි­තා­වෙන්, නවීන තාක්ෂ­ණ­යෙන් යුක්ත­වීම නිසාද වඩාත් ආක­ර්ෂ­ණීය වී තිබෙ­නවා. මෙය නියම ප්‍රමා­ණ­යෙන් සහ වෙ‍ෙළ­ඳ­පොළේ වඩාත් ආක­ර්ෂ­ණීය මිල ගණන්වලින් යුක්තයි.

Comments