‍චන්ද්‍රසිරි දොඩ­න්ගොඩ සාහිත්‍ය ප්‍රණාම 18 වැනි දා | Page 2 | සිළුමිණ

‍චන්ද්‍රසිරි දොඩ­න්ගොඩ සාහිත්‍ය ප්‍රණාම 18 වැනි දා

ප්‍රවීණ ලේඛක සහ ජ්‍යේෂ්ඨ මාධ්‍ය­වේදී චන්ද්‍ර­සිරි දොඩ­න්ගොඩ ගේ දෙවර්ෂ පූර්ණ ගුණ සම­රුව නිමි­ති­කර ගනි­මින් ඔහුගේ සාහිත්‍ය, පුව­ත්පත් මෙහෙ­වර අග­යනු වස් නවක ලේඛක ලේඛි­කා­වන්ට නිසි ඇග­යු­මක් ලබා දෙන අර­මු­ණෙන් චන්ද්‍ර­සිරි දොඩ­න්ගොඩ අනු­ස්ම­රණ පද­නම සංවි­ධා­නය කරන ලද ‘චන්ද්‍ර­සිරි දොඩ­න්ගොඩ අනු­ස්ම­රණ සාහිත්‍ය ප්‍රණාම සමස්ත ලංකා සාහිත්‍ය නිර්මාණ තර­ගා­ව­ලිය 2019’ හි ජය­ග්‍රාහී නිර්මාණ සඳහා සම්මාන, සහ­ති­ක­පත් සහ ත්‍යාග ප්‍රදා­නෝ­ත්ස­වය පෙබ­ර­වාරී 18 වැනි දා සවස 3.00 ට කොළඹ 07 මහ­වැලි කේන්ද්‍රීය ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැත්වේ. මෙහි දෙසුම් මහා­චාර්ය රෝහණ ලක්ෂ්මන් පිය­දාස, ආචාර්ය රත්න ශ්‍රී විජේ­සිංහ, ප්‍රවීණ ලේඛිකා අනුලා ද සිල්වා, ජ්‍යේෂ්ඨ මාධ්‍ය­වේදී සුන්දර නිහ­ත­මානී ද මැල්, ප්‍රති­භා­පූර්ණ සින­මා­වේදී ජයන්ත චන්ද්‍ර­සිරි යන මහ­ත්ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්වී­මට නිය­මි­තය. මෙහිදී චන්ද්‍ර­සිරි දොඩ­න්ගොඩ රචිත අව­සන් නව කතාව වන ‘අල්තී­නුගේ කතා­ව­ස්තුව’, ‘බිඳුණු පුර­හද’ අව­සාන කාව්‍ය සංග්‍ර­හය’ සමඟ චන්ද්‍ර­සිරි දොඩ­න්ගොඩ සාහිත්‍ය ප්‍රණාම 2019 සමස්ත ලංකා සාහිත්‍ය නිර්මාණ තර­ගා­ව­ලියේ ජය­ග්‍රාහී නිර්මාණ වන විමු­ක්තිය සොයා නව පොත ද සුදු සාරිය සහ තවත් පොත් කෙටි කතා සංග්‍ර­හ­යද ‘මුදල් මම වෙමි’ කාව්‍ය සහ ගීත සංග්‍ර­හය ද දොරට වැඩුම සිදුවේ. මෙහි සභා ආම­න්ත්‍ර­ණය ප්‍රවීණ සාහි­ත්‍ය­වේදී බණ්ඩාර ඇහැ­ළි­ය­ගොඩ හොබ­වන අතර සංගීත විශා­රද ශෂිකා නිසං­සලා. සංගීත විශා­රද සමන් ලෙනින් ගීත ගාය­න­යෙන් දායක වෙති.

Comments