ජන­ම­ඬල | සිළුමිණ

ජන­ම­ඬල

සිසුන් සර­සවි හැර­යන්නේ  නව­ක­ව­ධය නිසා­මද?

විශ්ව­වි­ද්‍යාල නව­ක­ව­ධය පිළි­බඳ මාතෘ­කාව යළිත් මාධ්‍ය කර­ළි­යට පැමිණ ඇති බවක් පෙනෙ­න්නට තිබේ. ඒ හරහා මේ වන විට විශ්ව­වි­ද්‍යාලවලට ඇතු­ළත් වීමට බලා සිටින සිසු­නුත් ඔවුන්ගේ මාපි­ය­නුත් විශාල භීති­ය­කට ලක්ව තිබෙ­න­වාට සැක නැත. නවක වදය පිළිබඳ කියැවෙන අනා­ව­රණ නිවැ­රදි නම් මෙරට විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය පත්ව ඇති තත්ත්වය ඉතා­මත් කන­ගා­ටු­දා­ය­කය.

‍ඒත් මේ වන විට විශ්ව­වි­ද්‍යාල නව­ක­ව­දය පිළි­බඳ පිළි­ගත හැකි සමී­ක්ෂ­ණ­යක් මඟින් ඉහත සඳ­හන් තොර­තුරු හා සංඛ්‍යා ලේඛන අනා­ව­ර­ණය කර­ගෙන තිබේද, යන්න ප්‍රශ්න­යක් පවතී. මන්ද? වර්ත­මා­නයේ විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය හැර යාම පිළි­බඳ වෙනත් හේතු ගණ­නා­වක්ද තිබෙන නිසා. අනෙක් අතින් මේ වන විට සිය­දිවි හානි­ක­ර­ගෙන ඇති බොහෝ දෙනෙක් නව­ක­යෝ්ද නොවෙති. උදා­හ­ර­ණ­යක් හැටි­යට පසු­ගිය වසරේ විෂ එන්නත් ශරී­ර­ගත කර­ගෙන මිය ගිය රුහුණු විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය සිසුවා වසර ගණ­නා­වක් පරී­ක්ෂණ අස­මත් වූ සිසු­වකු බව පසුව අනා­ව­ර­ණය විය. පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ මාකස් ප්‍රනාන්දු ශාලාව අබි­යස ගසක එල්ලී මිය ගිය (2014) සිසු­වාද නවක සිසු­වෙක් නොවේ.

වර්ත­මා­නයේ විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය හැර යෑම පිළි­බඳ හේතු අතර ප්‍රධාන කාර­ණය වී ඇත්තේ සිසුන් විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­න­යට ඇතු­ළත් නොවී (කල්ප­මාව නිසා) වෙනත් පෞද්ග­ලික කෙටි­කා­ලීන පාඨ­මා­ලා­වක් හදාරා රැකි­යා­වක් සොයා යෑමයි. ඒ අනුව වෙනත් ‍හේතූන් මත සිය දිවි හානි කර­ගන්නා හා විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය හැර යන්නන් එසේ කරන්නේ නව­ක­වධය නිසා යැයි නිග­ම­නය කිරීම සමස්ත විශ්ව­වි­ද්‍යාල සිසුන්ට කරන විශාල අව­මා­න­යක් සහ අසා­ධා­ර­ණ­යකි.

• රංජිත් අම­ර­සිරි - මාත‍ෙල්

 

රජ­යෙන් කිසිදා වැටුප් නොල­බන  විවාහ රෙජි­ස්ට්‍රා­ර්ව­රුන්ගේ දුක

සෑම පුද්ග­ල­යෙ­කු­ගේම උපත, විවා­හය ,මර­ණ­යට අදාළ ප්‍රධාන සහ­තික වසරේ දවස් තුන්සිය හැට­පහ තුළම ලබා­දෙන විවාහ උප්පැන්න මරණ රෙජි­ස්ට්‍රා­ර්ව­රුන්ට පසු­ගිය කාලය තුළ රජ­යෙන් කිසිම පහ­සු­ක­මක් ලබා දී නැත.

වසරේ දින තුන්සිය හැට­ප­හේම දවසේ පැය විසි­හ­ත­රම වැඩ කළත් මේ නිල­ධා­රීන්ට වැටුප් ලෙස රජ­යෙන් සත­ය­ක්වත් ගෙවනු නොලැබේ. රජ­යෙන් වැටුප් නොල­බන රජ­යට සම්බන්ධ අප රටේ සිටින එකම නිල­ධාරී සමූ­හය වන්නේ ද මේ විවාහ උප්පැන්න මරණ රෙජි­ස්ට්‍රා­ර්ව­රුය. එසේම කාර්යාල පහ­සු­කම්, දුර­ක­තන පහ­සු­කම් පම­ණක් නොව කාර්යා­ල­යක් සඳහා මේස­යක් පුටු­වක් පවා මොවු­නට කිසි­දි­නෙක ලබා­දී­මට රාජ්‍ය පරි­පා­ලන හා ස්වදේ­ශීය කට­යුතු අමා­ත්‍යාං­ශය පසු­ගිය කාලය තුළම කිසිම පිය­ව­රක් නොගැ­නීම ඉතා කන­ගා­ටු­දා­ය­කය. මේ නිල­ධා­රීන්ට රජ­යෙන් වැටුප් නොගෙ­වූ­වත් අදාළ චක්‍ර­ලේ­ඛන අනුව වසර හැට­ප­හ­කින් පසු මේ නිල­ධා­රීන් විශ්‍රාම ගැන්වීම ද සිදුවේ.

අතී­තයේ සිටම ගරු තන­තු­රක් වූ විවාහ උප්පැන්න මරණ රෙජි­ස්ට්‍රාර් තන­තුරේ ගෞර­ව­ණීය තත්ත්වය පසු­ගිය කාලයේ පහත හෙළී­මට ප්‍රති­පත්ති සම්පා­ද­ක­යන් කට­යුත කර තිබිණි.

දේශ­පා­ලන පළි ගැනීම් මත ඉක්ම­නින් විශ්‍රාම ගැන්වීම, දේශ­පා­ලන හිත­ව­ත්කම් මත ග්‍රාම නිල­ධාරී මට්ට­මින් සුදු­සු­කම් නොමැති අලුත් රෙජි­ස්ට්‍රා­ර්වරු පත් කිරීම නිසා මේ ක්ෂේත්‍රය ගැටලු රැසක් ඇති ක්ෂේත්‍ර­යක් බවට පත්ව තිබේ.

එබැ­වින් වත්මක් රජයේ ගරු ජනා­ධි­ප­ති­තුමා, ගරු අග­මැ­ති­තුමා, ස්වදේ­ශීය කට­යුතු හා රාජ්‍ය පරි­පා­ලන ඇමැ­ති­තුමා මේ ගැන අවධානය යොමු කර අපේ රටේ සිටින වැටුප් නැතිව වැඩ කරන එකම රාජ්‍ය නිල­ධා­රීන් වන විවාහ උප්පැන්න මරණ රෙජි­ස්ට්‍රාර් වරු සඳහා අවම කාර්යා­ලීය පහ­සු­ක­ම්වත් ලබා­දී­මට කට­යුතු කරන ලෙස කාරු­ණි­කව ඉල්ලා සිටිමි.

එමෙන්ම වසර ගණ­නා­වක් කිසිදු වැටු­පක් නොමැ­තිව රෙජි­ස්ට්‍රාර් ධූරයේ කට­යුත කළ අයට යම් ඇග­යී­මක් සිදු කිරී­මට ද කට­යුතු කරන්නේ නම් ඉතා අගනා කරු­ණක් වනු ඇත.

• සෝමා තල­ගල - හෝමා­ගම

 

1980 ජූලි වර්ජ­ක­යන්ට මාසි­කව ­දුන්  රු. 6000/=ක මුදල නැවත ලබා දෙන්න

1980 ජූලි වැඩ­ව­ර්ජ­න­යෙන් පෞද්ග­ලික අංශයේ රැකියා අහි­මි­වූ­වන් සඳහා 2000.08.21 වැනි දින කැබි­නට් අනු­මැ­ති­යෙන් දෙදා­හ­කට නොවැඩි පිරි­ස­කට රු. 25000/=ක සහන දීම­නා­වක් ලබා­ගත්තේ 20 වස­ර­කට පසු­වය. මිය­ගිය වර්ජ­ක­යන්ගේ හිමි­කම් අදාළ හිමි­ක­රු­වෙ­කුට ලබා­දුනි.

වර්ජ­ක­යාගේ හඩ නොන­ව­ත්වාම ගෙන­ය­මින් ඇති­කළ අර­ග­ලයේ ප්‍රති­ඵ­ල­යක් ලෙස 2012.11.08 දින සමගි පෙර­මුණ රජයේ මුදල් අමාත්‍ය ධුරය දැරූ ගරු මහින්ද රාජ­පක්ෂ මැති­තුමා ඉදි­රි­පත් කළ අය­වැ­යෙන් 2013.01.01 දින සිට වයස අවු­රුදු 65 සම්පූර්ණ 1980 ජූලි වර්ජ­ක­යින්ට මස­කට රු. 5000/=ක ගෙවීම 2014 නොවැ­ම්බර් මස සිට රු. 6000/= දක්වා වැඩි­කොට මාසි­කව ලබා­දී­මේදි පැනවූ වයස් සීමාව අවු­රුදු 65 අවු­රුදු 63 දක්වා අඩු­කොට මෙම දීම­නාව මිය­ගිය වර්ජ­ක­යින්ගේ වැන්ද­ඹු­ව­න්ටත් ලබා­දෙන ලෙස අය වැය යෝජ­නා­වෙන් සම්මත වූවත් එය ඉටු­කර දීමට නොහැකි වූයේ එම රජය පරා­ජ­යට පත්වී­මෙනි. රු. 6000/= මාසික දීම­නාව 2015 දෙසැ­ම්බර් දක්වාම ජීවත්ව සිටින වර්ජක පිරිස ලබා­ගති. එය වසර 35කට පසු ලැබී­මකි.

2016 ජන­වාරි එව­කට පැවති යහ­පා­ලන රජය රු. 6000/=ක මුදල අහෝ­සි­කොට හොර රහසේ එක­ව­රක් පම­ණක් ගෙවන රජයේ තීර­ණය මත ජාතික අය­වැය දෙපා­ර්ත­මේ­න්තුව මඟින් රු. 250,000/=ක මුද­ලක් ගිණු­ම්ව­ලට බැර­ක­රන ලදී. මෙවැනි ඉල්ලී­මක් කිසි­සේත් යහ­පා­ලන රජය වෙත අප යොමු කළේ නැත.

2019 සැප්තැ­ම්බර් මස 03 වෙනි අඟ­හ­රු­වාදා ප.ව. 2.30ට පමණ කොළඹ ප්‍රද­ර්ශන හා සම්මේ­ලන මධ්‍ය­ස්ථා­න­යට 3500කට නොවැඩි පිරි­සක් ඒක­රා­ශි­කොට තැබූ රැස්වී­මේදී එහි ආරා­ධි­ත­යන් කියා සිටියේ 1980 ජූලි වර්ජ­ක­යින්ගේ උදු­රා­ගත් රු. 6000/= දීම­නාව ලබා­දීමට හැකි­ බවත්ය.

1980 ජූලි වර්ජ­ක­යන්ගෙන් තාමත් ජීව­ත්වන වියපත් පිරි­සට අහි­මි­කළ රු. 6000/=ක මුදල නැවත ලබා­දෙන ලෙස ගෞර­ව­යෙන් සිහි­පත් කර­න්නෙමු.

• ඒ.ඒ. සෝම­පාල ලේකම්, පෞද්ගලික අංශයේ ජූලි වර්ජක සංවිධානය

 

ගාලු තරු­ණ­ය­න්ගෙන් ආද­ර්ශ­යක්

ගාලු පුර­ව­රයේ එකතු වන කුණු­ක­සළ මෙයට පෙර රත්ගම ප්‍රදේ­ශ­‍ෙය්දී විනාශ කර දැමී­මට හැකි­ විය. එහෙත් උසාවි නියෝ­ග මත එහි කසළ දැමීම නතර කිරී­මට ගාලු නගර සභා­වට සිදු විය. මේ නිසා ගාලු නග­රයේ ප්‍රධාන මාර්ග­යන්හි කුණු කසළ ගොඩ ගැසී දුර්ග­න්ධ­යක් පැති­රිණි. මෙයින් මහ­ජන සෞඛ්‍ය­යට අහි­ත­කර තත්ව­යක් උදා­විණි. ගාල්ලේ වග­කිව යුත්තෝ මුනි­වත රකිද්දී දෙවට කොටු­ගොඩ රාෂික් හජ්ජි­යාර් මහතා තම විශාල ඉඩමේ මෙම කසළ විනාශ කිරී­මට කට­යුතු කළ අතර ගාල්ලේ තරුණ කැල, නගර සභාව, පොලි­සිය හා ක්‍රීඩා සංවි­ධාන එක්ව ගාලු ප්‍රදේ­ශයේ කුණු කසළ ඉවත් කර ගැනීම සඳහා ශ්‍රම­දාන ව්‍යාපා­ර­යක් දියත් කළහ. මෙයට දායක වූ සැමට ගාලු ජන­තා­වගේ ප්‍රණා­මය මෙලෙස පුද කරමු.

• එම්.කේ.එම්. නිෂා­හිර් ගාල්ල කොටුව ග්‍රාම සංව­ර්ධන සමි­ති හිටපු ලේකම්

 

පිහි­ට ­වන්න

ගල්ග­මුව ඇහැ­ටු­වැව හිද්දෑව අංක 108/1/සී ලිපි­නයේ පදිංචි අවු­රුදු 02යි මාස 2ක් වය­සැති ඩී.එම්. දිහන්ස යසිත් දිසා­නා­යක දරුවා තැලි­සි­මියා රෝග­යෙන් පෙළෙන බවත් ඔහුගේ ජීවි­තය බේරා ගැනීම සඳහා ඇට මිදුළු බද්ධ කිරීමේ ශල්‍ය­ක­ර්ම­යක් කළ යුතු බවත් වෛද්‍ය­වරු නිර්දේශ කර ඇත. මේ සඳහා රුපි­යල් ලක්ෂ 55ක පමණ මුද­ලක් වැය වන බවද දන්වා ඇත. එවන් මුද­ලක් සොයා­ගත නොහැකි බැවින් ඔබගේ නොම­සුරු ආධා­රය ලබා­දෙන මෙන් ඩී.එම්. චමින්ද හේරත් දිසා­නා­යක එම දරු­වාගේ පියා ඉල්ලා සිටියි. එම ආධාර ගිණුම් අංක 107290190586 (ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගල්ග­මුව ශාඛා­වට) බැර කරන ලෙස ඉල්ලා සිටියි.

දුර­ක­තන අංකය :- 0763985648 / 0788793474

 

 

රාගම මඟීන්ට ඇයි මේ කෙනෙ­හි­ලි­කම්?

ප්‍රධාන මාර්ගයේ ප්‍රධා­නම දුම්රිය මංස­න්ධිය වන රාගම දුම්රිය ස්ථාන­යට වසර කිහි­ප­යක සිට ලැබෙන කෙණෙ­හි­ලි­කම් නිමක් නැත. දුම්රිය ස්ථාන සියල්ල අලු­ත්වැ­ඩියා කර වේදි­කා­වන් අඩි­යක් පමණ උසට තැනී­මට ප්‍රධාන මාර්ගයේ සෙසු සියලු සාමාන්‍ය දුම්රිය ස්ථාන­යන්හි පවා පිය­වර ගත් නමුත් රාගම මඟීන්ට වේදි­කා­වන් උස් නොකි­රීම නිසා විශාල ගැට­ලු­ව­කට මුහුණ පෑමට සිදුව ඇත.

ඒ සිය­ල්ල­ටම වඩා පුදු­මය වී ඇත්තේ මංස­න්ධි­යක් වන නමුත් මෑත කාලයේ ආරම්භ කළ කිසිදු දුම්රි­යක් රාගම දුම්රිය ස්ථානයේ නොන­වත්වා යැවී­මයි. එප­ම­ණක් නොව නවත්වා ධාව­නය කළ දුම්රි­යද නොන­වත්වා යවන්නේ කාගේ වුව­ම­නා­ව­ටද යන්න ගැට­ලු­වක් වී ඇත.

මේ නිසා රාගම දක්වා යන මඟීන් මෙන්ම රාගම සිට දුර බැහැර ප්‍රදේශ­ව­ලට ගමන් ගන්නා මඟීන් මෙන්ම රාගම රෝහල, වැලි­සර නාවික කඳ­වුර, රාගම පුන­රු­ත්ථා­පන රෝහල, ජාඇළ හා මහර ප්‍රාදේ­ශීය සභාව ඇතුළු රජයේ හා පෞද්ග­ලික අංශ­වල සිට සිය නිවෙස් කරා යන මඟීන් මෙන්ම රෝගීන්ද විශාල ප්‍රමා­ණ­යකට විශේ­ෂ­යෙන් පස්වරු කාලයේ පැයක පමණ කාල­යක් දුම්රිය ස්ථානයේ රස්ති­යාදු වන්නට සිදුව ඇත.

විශේ­ෂ­යෙන්ම පස්වරු 5.00 පස්වරු 6.00 අතර එම මාර්ගයේ දුම්රිය 10ක් පමණ ධාව­නය වුවත් රාගම නවත්වා ධාව­නය කරන්නේ රඹු­ක්කන දක්වා ධාව­නය වන මන්ද­ගාමී දුම්රිය පමණි. මේ නිසා මීරි­ගම, අඹේ­පුස්ස, පොල්ග­හ­වෙල දක්වා යන මඟීන් දැඩි අප­හ­සු­තා­ව­කට පත්ව තිබේ. ආර­ම්භ­යේදී පොල්ග­හ­වෙල බලා ධාව­නය වන ‘ෆවුසි‘ නමින් හඳු­න්වන දුම්රිය රාගම නවත්වා ධාව­නය කළද පසුව එය රාගම නොන­වත්වා ධාව­නය කෙළේ කාගේ වුව­ම­නා­ව­ටද යන්න ගැට­ලු­වකි. ඒ සඳහා කිසිදු විකල්ප විස­ඳු­මක් ලබා දී නැත.

එසේම පස්වරු 12.40ට මහ­නු­වර බලා ධාව­නය වන දුම්රි­යෙන් පසුව රාත්‍රී 8.20ට රාග­මට පැමි­ණෙන බදුල්ල තැපැල් දුම්රිය ධාව­නය වන තෙක් මහ­නු­වර මාර්ගයේ කිසිදු දුම්රි­යක් රාගම නොන­ව­ත්වයි.

ඒ අතර මහ­නු­වර දුම්රිය 4ක්ම රාගම නොන­වත්වා ධාව­නය කරන අතර කල­කට පෙර සංඛ්‍යා ලේඛන ලබා­ගත් දුම්රිය සාමා­න්‍යා­ධි­කා­රි­ව­ර­යකු පස්ව­රුවේ රාගම මහ­නු­වර දුම්රි­යක් නැවැ­ත්වීම අත්‍ය­ව­ශ්‍යම බව පිළි­ගෙන තාව­කා­ලි­කව සිකු­රාදා දින මහ­නු­වර බලා ධාව­නය වන වායු­ස­ම­නය කළ නග­රා­න්තර දුම්රිය නැවැ­ත්වූයේ මහ­නු­වර දුම්රි­යක් ආරම්භ කළ වහාම එහි පළමු නැව­තුම රාග­මට ලබා දෙන බව ප්‍රකාශ කර­මිනි. ඒ සාමා­න්‍යා­ධි­කා­රි­ව­රයා දැන් විශ්‍රාම ගොසිනි. දැන් මහ­නු­වර දුම්රි­යක් ආරම්භ කළද එහි නැව­තුම් එක එක් පුද්ග­ල­යින්ට අවශ්‍ය ලෙසින් සකස් කර­ගෙන තිබේ. නව දුම්රිය අමා­ත්‍ය­ව­රුන් හෝ මේ තත්ත්වය දෙස විම­සි­ලි­මත්ව බලා රාග­මට මඟීන්ට සිදු­වන මේ කෙණෙ­හි­ලි­කම් නවත්වා මඟී පහ­සුව සලසා දෙන මෙන් ඉල්ලා සිටිමි.

• කේ. දිසා­නා­යක - අඹේ­පුස්ස 

 

ව්‍යාජ යාච­කයන්­ රටේ දියුණුවට බාධාවක්

යාච­ක­යන් යනු තමාට කිසි­වක් කර ගැනී­මට අප­හසු, කිසි­ව­කුගේ පිළි­ස­ර­ණක් නොමැති අඩුම තරමේ ඉන්නට හිටි­න්නට තැනක් නොමැති අස­රණ පුද්ගල කොට­සකි. එලෙ­සම අස­රණ අයෙකු වුවත් යාච­ක­යකු වන්නේ තවත් අයෙ­කු­ගෙන් ආහා­ර­පාන, මුද­ල්හ­දල් ආදිය යැදී­මේ­දීය. එවිට ඔහු යාච­ක­යකු යන නාම­යෙන් ආම­න්ත්‍ර­ණය කරනු ලබයි.

යාච­ක­යන්ද විවි­ධා­කාර ලෙස වර්ග කළ හැකිය. මේ වන විට ලංකාව පුරාම සැබෑ යාචක සංඛ්‍යාව ඉතා අඩු ප්‍රති­ශ­ත­යක් ගනු ලබන බව සමී­ක්ෂ­කයෝ පව­සති. එහෙත් බස් රථ­වල, දුම්රි­යන් තුළ ව්‍යාජ යාච­ක­යන් ලෙස පෙනී සිටින බහු­ත­ර­යක් වෙස් ගත්තෝ වෙති.

ඔහුන් සිඟ­මනේ යෑම ඔහුන්ගේ ජීව­නෝ­පාය බවට පත්ක­ර­ගෙන ඇත. මෙම යාච­ක­යන්ගේ හැසි­රීම් රටාව ක්‍රියා කලා­පය නිසා අපගේ රට පිළි­බ­ඳව ඉම­හත් පටු ලෙස සල­ක­න්නට අනික් රට­වල සංචා­ර­ක­යින් පසු­බට නොවනු ඇත. කෙසේ වුවත් අද වන විට අප‍ෙග් සමා­ජයේ ආර්ථික රටාව ඉතා­මත් යහ­පත් දිශා­වක් කරා වර්ධ­නය වෙමින් පව­තියි.

එන­මුත් මෙවැනි ආර්ථික රටා­වක් තිබු­ණද ව්‍යාජ යාච­ක­යින්ගේ අඩු­වක් නම් නොවේ.

තමා විසින්ම උප­යා­ නො­ගෙන සමා­ජයේ පහත් තත්ව­ය­කට වැටීම නිසා යාචක තත්ත්ව­යට පත්වී මිනි­සුන් මුලා කිරීම කන­ගා­ටු­දා­ය­කය.

මේ පිළි­බ­ඳව වග­කි­ව­යු­ත්තන් පුළුල් විම­ර්ශ­න­යක් කොට යාචක ප්‍රව­ණ­තා­වයේ වර්ධ­නයට පිළියම් යොදා රටේ ආර්ථි­කය හා සමාජ මට්ටම් ගොඩ ගැනී­මට වග­බලා ගත යුතු කාලය දැන් එළැඹ ති‍ෙබ්.

• ජේ.ඩී. දිනූෂා දිල්රුක්ෂි පෙරේරා 

 

සිරිපා වන්දනාවට බස්රථ ලබා දෙන්න 

ශ්‍රී පාද වන්දනා සමයේ වන්දනාකරුවන්ට ප්‍රවාහනය කිරීම සඳහා නල්ලතණ්ණියේ සිට හැටන් දක්වා හෝ නුවර, කොළඹ බස් රථ නොමැති වීම මගීන්ට මහත් අපහසුතාවයක් වී ඇත. නල්ලතණ්ණියේ සිට හැටන් දක්වා සවස 5 ත් 5.30ත් අතර බස් රථයක් ධාවනය වන අතර ඉන් පසුව අවසාන බස් රථය ධාවනය වන්නේ රාත්‍රී 9.30ට ය. ඒ වන තෙක් මගීන් නල්ලතණ්ණියේ රැඳී සිටිය යුතු ය. එම බස් රථය හැටන් දක්වා ධාවනය වුවත් හැටන් සිට විවිධ ප්‍රදේශ වලට මගීන්ට යෑමට ඇත්තේ රාත්‍රී තැපැල් දුම්රිය පමණි. එයත් විශාල වශයෙන් මගීන්ගෙන් පිරී ඇති බැවින් මගීන් මහත් අපහසුතාවයට පත්ව ඇත. මේ ගැන සලකා බලා බලධාරීන් නිසි පියවරක් ගන්නේ නම් සිරිපා වන්දනාකරුවන්ට සහනයක් සැලසේවි.

• නිමන්ති ගු ණසේකර - හැටන්

Comments