ගීත නිර්මා­ණ­ක­රු­වන් 50,000 කට මාර්තු 1 සිට කර්තෘ භාගය | Page 2 | සිළුමිණ

ගීත නිර්මා­ණ­ක­රු­වන් 50,000 කට මාර්තු 1 සිට කර්තෘ භාගය

ගීත නිර්මා­ණ­ක­රු­වන් 50,000කට‍ ­ආ­සන්න පිරි­ස­කට මාර්තු මස 01 වැනිදා සිට කර්තෘ භාගය ගෙවී­මට රජය පිය­වර ගෙන තිබේ. ගුවන් විදුලි ආය­ත­න­ව­ලින් රුපි­යල් 20ක් ද රූප­වා­හිනි ආය­ත­න­ව­ලින් රුපි­යල් 100ක මුද­ලක් ද කර්තෘ භාගය ලෙස ගෙවිය යුතු බව තොර­තරු සහ සන්නි­වේ­දන තාක්ෂණ සහ උසස් අධ්‍යා­පන, තාක්ෂණ සහ නවෝ­ත්පා­දන ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා ‘සිළු­මිණ’ ට පැව­සීය.

බුද්ධි­මය දේපළ අයි­තිය යටතේ ගීතයේ අයි­ති­ක­රු­වන්ට මෙම කර්තෘ භාගය ගෙවීම සිදු කරන අතර ගීත රචක, තනු නිර්මාණ ශිල්පී, ගාය­කයා ලෙස ගීතයේ අයි­තිය කොට­ස්ක­රු­වන් තිදෙ­නකු වෙත බෙදී යන බව ද ඇමැ­ති­ව­රයා සඳ­හන් කළේ ය.

Comments