කොරෝනා ශ්‍රී ලාංකා මෙහෙයුම සාර්ථකව නිමාවේ | Page 2 | සිළුමිණ

කොරෝනා ශ්‍රී ලාංකා මෙහෙයුම සාර්ථකව නිමාවේ

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වුහාන් නග­රයේ සිට පැමිණ දිය­ත­ලාව යුද හමුදා කඳ­වුරේ නිරෝ­ධා­යන මධ්‍ය­ස්ථා­නය වෙත යොමු කරන ලද ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනා දෙමා­පි­යන් වෙත භාර­දීම වෙනු­වෙන් විශේෂ හමු­වක් ඉකුත් 14 සිකු­රාදා පස්ව­රුවේදී පැවැත්විණි. යුද හමු­දා­පති සහ වැඩබලන ආර­ක්ෂක මාණ්ඩ­ලික ප්‍රධානී ලුති­නන් ජන­රාල් ශවේන්ද්‍ර සිල්වා මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් අකු­රේ­ගොඩ යුද හමුදා මූල­ස්ථා­නයේ දී පැවති එම හමුවේ අව­ස්ථාවක් මෙහි වේ. විදේශ අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ ඇතුළු ජ්‍යෙෂ්්ඨ නිලධාරීහු කිහිප දෙනෙක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

Comments