එජාපය නායයයි - ශ්‍රීල­නි­පය දෙද­රයි | සිළුමිණ

එජාපය නායයයි - ශ්‍රීල­නි­පය දෙද­රයි

බන අප්‍රේල් මස පැවැ­ත්වී­මට යෝජිත මහ මැති­ව­ර­ණය හේතු­වෙන් මේ වන විට එජා­පය දෙකඩ වී ඇති අතර කණ්ඩා­යම් දෙකක් වශ­යෙන් තරග වදිනු ඇත.

එජා­පයේ නිල අයි­තිය හිමි නායක රනිල් වික්‍ර­ම­සිංහ පාර්ශ්ව­යෙන් එක්සත් ජාතික පක්ෂය තුළ නාය­කත්ව මණ්ඩ­ල­යක් ඇති­ කර එම නාය­කත්ව මණ්ඩ­ලයේ නාය­ක­ත්වය හා පක්ෂයේ මහ ලේකම් ධුරය කථා­නා­යක කරු ජය­සු­රිය වෙත ලබා­දී­මට යෝජනා කර තිබේ. වත්මන් එජාප අර්බු­දය විසඳාගැනීම සඳහා රනිල් වික්‍ර­ම­සිංහ මහතා එක­ඟ­තා­ව­ට පැමිණ ඇතැයි කියන යෝජ­නාව එය වේ.

එසේම එජා­පය ප්‍රමුඛ සන්ධා­නය 'හංසයා' ලකු­ණින් මහ මැති­ව­ර­ණ­යට තරග කිරී­මට පක්ෂ නායක රනිල් වික්‍ර­ම­සිංහ මහතා යෝජනා කර තිබේ. එහෙත් සජිත් පාර්ශ්වය විසින් එම යෝජ­නා­වට විරෝ­ධය පළ­කර ඇති බවත් එජාප නාය­ක­ත්වය හා අලියා ලකුණ තමන්ට නොදෙන්නේ නම් ‘හද­වත‘ ලකු­ණින් සමඟි ජන බල­වේ­ගය පක්ෂ­යෙන් මහ මැති­ව­ර­ණ­යට තරග වැදී­මට ඔවුන් තීර­ණය කර ඇති අතර ඒ සඳහා මේ වන විට රට පුරා අපේ­ක්ෂ­ක­යින්ද ඔවුහු තෝරා පත් කර ගනි­මින් සිටිති. රවුෆ් හකීම්ගේ නාය­ක­ත්ව­යෙන් යුත් මුස්ලිම් කොංග්‍ර­සය සහ රිෂාඩ් බද්යු­ද්දීන්ගේ නාය­ක­ත්ව­යෙන් යුත් සමස්ත ලංකා මහ­ජන කොංග්‍ර­සය සහාය සජිත් ප්‍රේම­දා­සට හිමි­වු­වද දෙම ජාතික සන්ධා­නයේ සහාය හිම­වන්නේ රනිල් වික්‍ර­ම­සිං­හ­ටය.පව­තින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය තුළද දැඩි අර්බු­ද­කාරී වාතා­ව­ර­ණ­යක් උද්ගත වී ඇති අතර පොදු ජන පෙර­මුණ වෙනම තරග කළ­හොත් ශ්‍රීල­නි­පය තුළ දැනට සිටින මන්ත්‍රී­ව­රුන් විශාල පිරි­සක් ශ්‍රීල­නි­පය අත­හැර පොදු ජන පෙර­මුණ යටතේ පොහො­ට්ටුව ලකු­ණින් තරග කිරීම සඳහා සාකච්ඡා කර තිබේ

Comments