ස්ථීර රජ­යක් බිහි වීම කාට­වත් වළ­ක්වන්න බෑ | සිළුමිණ

ස්ථීර රජ­යක් බිහි වීම කාට­වත් වළ­ක්වන්න බෑ

 ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය සහ පොදු­ජන පෙර­මුණ අතර ගැටු­මක් තියන බවට ‍ෙම් දින­වල ජන­මාධ්‍ය මඟින් මෙන් ම දේශ­පා­ලන වේදි­කා­වෙන් නිතර ඇසෙ­නවා. මේක සත්‍ය කතා­වක්ද?

ඒක අසත්‍ය ප්‍රචා­ර­යක්. ගැටු­මක් කියලා කිසිම දෙයක් නැහැ ඇත්ත­ටම. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ කිසිම කෙනෙක් පොහො­ට්ටුව එපා කියන්නේ නැහැ. ඔවුන් ලොකු කැමැ­ත්ත­කුත් තිබෙ­නවා. අපේ­ක්ෂ­ක­යන් ඉදි­රි­පත් කිරී­මේදි යම් යම් ප්‍රති­ප­ත්ති­මය කරුණු පිළි­බ­ඳව අප දෙගො­ල්ල­න්ටම කති­කා­වක් තිබෙ­නවා. එය කිසිම වේලා­වක ගැටු­මක් හැටි­යට මා දකින්නේ නැහැ. සන්ධා­න­ගත වෙලා එක්ව ගම­නක් යන­කොට එවැනි මත ගැටුම් ප්‍රති­ප­ත්ති­මය කරුණු සම්බ­න්ධව යම් යම් විවාද ඇති වෙනවා. අප මේ පිළි­බ­ඳව සාකච්ඡා කර­නවා. ඉකුත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට පෙර එවැනි තත්ව­යක් තිබුණා. නමුත් ඒක ගැටු­මක් වුණේ නැහැ. ඔවුන් ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා අපට ලොකු සහ­යෝ­ග­යක් ලබා දුන්නා. ඒ වේලාවේ රටේ තිබූ තත්ව­යට අනුව යහ­පා­ල­නය මේ රට විනාශ කරලා තිබුණා. මෙයින් රට මුදා ගැනීම සඳහා අප සියලු දෙනා රටට හිතැති රටට ආද­රය කරන රට ගොඩ­න­ඟන කඳ­වු­රක් ලෙස නොබි­යව එකට සිට­ගත්තා.

ඉදිරි මහ­මැ­ති­ව­ර­ණ­යට තර­ග­ව­දින සන්ධා­නය හෝ පොදු­ජන පෙර­මුණ පොහො­ට්ටුව ලකු­ණි­න්මද තරග කරන්නේ? නැත­හොත් වෙනත් ලකු­ණ­කින් තරග කර­න­වාද?

ඇත්ත වශ­යෙන් ම බහු­ත­ර­ය­කගේ මතය තිබෙන්නේ පොහො­ට්ටුව ලකු­ණින් ම තරග කරන්න ඕන කියන එක. ඊට හේතුව තමයි පළාත් පාලන මැති­ව­ර­ණය මෙන් ම ජනා­ධි­ප­ති­ව­ර­ණය පොහො­ට්ටුව ලකු­ණින් විශිෂ්ට ජයක් ලබා ගැනීම. ඒ වගේම මේ වන විට රටේ ජන­ප්‍රි­යම ලාංඡ­නය බවට පත්වෙලා තිබෙන්නේ පොහො­ට්ටුව. මේ නිසා අපිත් සමඟ සිටින සෙසු දේශ­පා­ලන පක්ෂ සියල්ල මේ සඳහා සිය කැමැත්ත ලබා දෙනවා කියන එක මට ලොකු විශ්වා­ස­යක් තිබෙ­නවා.

ඉකුත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී පොහො­ට්ටුව ලකුණ යටතේ තරග කර ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ලක්ෂ 69ක ඡන්ද ප්‍රමා­ණ­යක් ලබ­මින් ජනා­ධි­ප­ති­ව­රයා බවට පත් වුණා. ඉදිරි මහ මැති­ව­ර­ණය කුමන අයු­ර­කින් ජය­ග්‍ර­හ­ණය කිරී­මට හැකි වේද?

ඇත්ත­ටම ඉතා සතු­ටින් කිව යුතු කරු­ණක් තමයි අපි ඒ ප්‍රමා­ණය ඉක්ම­ව­මින් මහ­මැ­ති­ව­ර­ණ­යේදී ඡන්දය ලබා ගන්නවා. ජන­තාව ඡන්දය ප්‍රකාශ කරන සංඛ්‍යාව අනුව මේ ප්‍රමා­ණය ලක්ෂ ගණ­න­කින් වැඩි­වේවි. ඒ නැතත් ප්‍රකා­ශිත ඡන්ද වලින් ඉතා ඉහළ ප්‍රති­ශ­ත­යක් ලබා ගැනී­මට ජන­තාව අප සමඟ එක්රොක් වේවි. ඒ වගේ­මයි. එක්සත් ජාතික පක්ෂයේ ඉකුත් පාල­න­යට සහය ලබා දුන් පිරිස් බොහෝ ප්‍රමා­ණ­යක් වර්ත­මාන රජයේ සහ ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ වැඩ­පි­ළි­වෙ­ළට සහය ලබා දෙමින් අපට එකතු වනවා. එප­ම­ණක් නොවෙයි එක්සත් ජාතික පක්ෂයේ නාය­කත්ව අර්බු­දයේ මෙන්ම දැවැන්ත කඩා වැටී­මත් සමඟ ජන­තාව පොහො­ට්ටුව වටා රොක් වේවි. එය අපට පැහැ­දි­ලිව පෙනෙ­න්නට තිබෙන කරු­ණක්.

ඉකුත් වසර කිහි­පය දිහා ආපසු බලද්දී මේ රටේ දේශ­පා­ල­නය තුළ ශක්ති­මත් රජ­යක් බිහි කිරී­මට දේශ­පා­ලන පක්ෂ­ය­කට හෝ සන්ධා­න­ය­කට නොහැකි වුණා. ඉදිරි මහ මැති­ව­ර­ණ­යෙන් පසු­වත් මේ තත්වය පව­තින්න පුළු­වන් නේද?

ඉතා­මත්ව පැහැ­දි­ලිව අප කිය­නවා අපිට අති බහු­ත­ර­යක් සහිත රජ­යක් බිහි කිරී­මට පුළු­වන්. ඉති­හා­සයේ රජ­යක් බිහි­වන ශක්ති­මත්ම අව­ස්ථාව මෙය බවත් කිව හැකියි.

එක්සත් ජාතික පක්ෂයේ මෙම නාය යාම තුළ අපට තුනෙන් දෙකක බල­යට හෝ ඊට ආසන්න පාර්ලි­මේන්තු බල­යක් ලබා ගත හැකි බව අප විශ්වාස කර­නවා. ඒ බැව් අපට පෙනෙ­න්නට තිබෙ­නවා. මේ තත්වය ජන­තා­වත් තේරුම් ගනියි. රටට ශක්ති­මත් ආණ්ඩු­වක් ලබා දිය යුතු බවට ඍජු තීන්දු තීරණ ගන්න. ඉතා සර­ලව ඕනෑම ගැට­ලු­වක් නිරා­ක­ර­ණය කරන මේ රටට ආද­රය කරන ගැමි සුවඳ දන්නා රාජ්‍ය නාය­ක­යෙකු එසේත් නැත්නම් ජනා­ධි­ප­ති­ව­ර­යකු මේ වන විටත් ජන­තාව පත් කරලා අව­සන්. ඔහු එම විශ්වා­සය දිනෙන් දින වැඩි කර ගනි­මින් ක්‍රියා කර­නවා.

මහ මැති­ව­ර­ණ­යට ඉතාම කෙටි කාල­යයි තිබෙන්නේ. අද හෙටම මේ රජය විසු­රුවා හරි­නවා. මහ මැති­ව­ර­ණ­යක් රටක තීර­ණා­ත්මක මැති­ව­ර­ණ­යක් හැටි­යට සල­ක­නවා. මෙම මැති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය ලබා ගැනී­මට පොදු­ජන පෙර­මුණ ප්‍රමුඛ සන්ධා­නයේ පක්ෂ කො‍ෙහා­මද සූදා­නම?

ඉතාම පැහැ­දි­ලිව අප ඒ සඳහා සූදා­නම් වෙමින් සිටින්නේ. අප සමඟ සම්බන්ධ වී සන්ධා­න­ගත වී සිටින පක්ෂ අතර කිසිම ගැට­ලු­වක් නැහැ. අපි මැති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා මෙන් ම ජන­තාව අප­ගෙන් බලා­පො­රොත්තු වන කරුණු කාරණා සම්බ­න්ධව දීර්ඝ වශ­යෙන් සාකච්ඡා කර­මින් සිටින්නේ.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී අප පක්ෂ සමඟ ඇති කර­ගත් එක­ඟතා මෙන් ම පසු­ගිය පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී ඇති කර­ගත් එක­ඟතා මත ඒ ඒ පක්ෂ සමඟ ඇති කර­ගත් එක­ඟ­තා­වන් ලබා­දී­මට බැසිල් රාජ­පක්ෂ මහතා ක්‍රියා කර තිබෙ­නවා. ඒ නිසා ඉදිරි කාල­යට අවශ්‍ය අද­හස් මෙන්ම වැඩ­ස­ට­හන් සකස් කර­මින් යනවා. මැති­ව­ර­ණ­යට අදාළ දිනය ප්‍රකා­ශ­යට පත් කරන දවස වන විට අප එක­ඟ­තා­ව­යන්ට පැමි­ණිලා. අපගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් ගම්ම­ට්ටමේ සිට වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක වෙනවා.

සර­සවි ශිෂ්‍ය­යන් ඇතුළු තවත් කණ්ඩා­යම් කිහි­ප­යක් දිගින් දිගට ම උද්ඝෝ­ෂණ සහ විරෝ­ධ­තා­වල නිරත වෙමින් ජනා­ධි­පති ලේකම් කාර්යාල භූමි­යට පැමි­ණෙ­නවා. ඔවුන් දිගින් දිග­ටම මෙලෙස පැමි­ණෙන්නේ රජය ඔවුන්ට සවන් නොදෙන නිසාද? එහෙ­මත් නොමැති නම් මෙයට හේතුව කුමක්ද?

රජය ඕනෑම කෙනෙ­කුගේ, සංවි­ධා­න­යක හෝ වෘත්තීය සමි­ති­ය­කට සවන් දෙන්න සූදා­නම්. ජන­තාව තමයි අප පත් කරලා තිබෙන්නේ. ඔවුන්ට ප්‍රබල අයි­ති­යක් තිබෙ­නවා ඔවුන්ගේ ගැටලු අපට ඉදි­රි­පත් කරන්න.

විශේ­ෂ­යෙන් ම රටේ අනා­ගත බලා­පො­රොත්තු වන සර­සවි සිසුන්ගේ ගැට­ලු­ව­ලට අප කඩි­න­මින් පිළි­තුරු ලබා දෙන්න සූදා­නම්. ඔවුන් සමඟ සාකච්ඡා කරන්න සූදා­නම්. උදා­හ­ර­ණ­යක් ලෙස කිව­හොත් මේ මෑත­කදී උද්ඝෝ­ෂණ කර­මින් විරෝ­ධතා පාමින් ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය ඉදි­රි­පි­ටට පැමිණි සර­සවි සිසුන්ට ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ නිල­ධා­රින් විසින් ඔවුන්ගේ නියෝ­ජි­ත­යන් පිරි­සක් ජනා­ධි­පති කාර්යා­ලය වෙත කැඳ­වා­ගෙන ගොස් තේ පැන් සංග්‍ර­හ­යක් ද ලබා දී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කළා. මේ සියල්ල සිදු වුණේ ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ උප­දෙස් පරි­දියි.

ඇත්ත­ටම පොදුවේ ගත්කල 2019 වසර හෝ ඊට ඉහත වස­රක් ගත­හොත් ලංකාව පුරා වස­ර­කට උද්ඝෝ­ෂණ, විරෝ­ධතා දෙද­හ­ස­කට ආසන්න ප්‍රමා­ණ­යක් ක්‍රියා­ත්මක වෙනවා. මේවා රට­කට ඔරොත්තු දෙන්නේ නැහැ.

‍ජන­හි­ත­කාමි ජනා­ධි­ප­ති­ව­ර­යකු පත්ව සිටින මේ අව­ස්ථාවේ මෙන් ම මාර්තු මාසයේ බිහි­වන අප ස්ථාවර රජ­යත් සමඟ මේ තත්වය සම්පූ­ර්ණ­යෙන් ම වෙනස් වේවි.

මේ පිළි­බ­ඳව දීර්ඝ වශ­යෙන් සොයා බැලී­මේදී පෙනී යන්නේ නොයෙක් විෂ­ම­තා­වන් හේතු කර­ගෙන මෙලෙස උද්ඝෝ­ෂණ, විරෝ­ධතා ඇති වන බවයි.

සංස්කෘ­තික අමා­ත්‍යාං­ශය, මහ­ජන බැංකුව වැනි ආය­ත­න­ව­ලට සේව­ක­යන් බඳ­වා­ගෙන තිබෙන්නේ පද­න­ම­කින් තොර­වයි. මහ­ජන බැංකුව ගත­හොත් එහි බඳවා ගැනීම් සඳහා තරග විභා­ග­යක් පව­ත්ව­නවා. රාජ්‍ය ආය­ත­න­ව­ලට බඳවා ගැනී­ම්ව­ලදී මෙවැනි විභාග ක්‍රම­යක් ඇතුළු ක්‍රම­වේ­ද­යක් තිබෙ­නවා. ඉකුත් පාලන සමයේ මේ බඳවා ගැනීම් කර තිබෙන්නේ නීති රාමු­වට පිටින් ගොස් සුදු­සු­කම් නොමැ­ති­වයි. මෙන්ම මේ හේතු නිසා උද්ඝෝ­ෂණ, විරෝ­ධතා නිර්මා­ණය වෙනවා. මේවා වෙනස් විය යුතුයි.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට මෙම රජයේ මන්ත්‍රී­ධුර සම්බ­න්ධව සිය­යට තිහක අයි­ති­යක් පිළි­බ­ඳව එම පක්ෂයේ කිහි­ප­දෙ­නකු යම් යම් ප්‍රකාශ කර තිබෙ­නවා. එයින් බල­පෑම් ඇති වෙන්නේ පොදු­ජන පෙර­මුණ ප්‍රමුඛ සන්ධා­න­යට. ඔබ මේ තත්වය දකින්නේ කෙසේද?

ඇත්ත­ටම මෙම රජය මෙන් ම ජනා­ධි­පති බිහි කිරී­මේදී ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය භාර­දූර වැඩ­කො­ට­සක් සිදු කළා. එම පක්ෂය අප සන්ධා­නය සමඟ සිටි­නවා. මෙම ගැටලු ඇති කිරී­මට උත්සහ කරන්නේ ශක්ති­මත් ආණ්ඩු­වක් බිහි වන­වාට විරුද්ධ පිරිස් කියලා මට කියන්න පුළු­වන්. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය පම­ණක් නොවෙයි.

පොදු­ජන පෙර­මුණ සන්ධා­න­ගත වී ඇති තවත් පක්ෂ දාහ­තක් තිබෙ­නවා. අප ප්‍රති­ප­ත්ති­මය වශ­යෙන්, ක්‍රියා­කාරී වශ­යෙන් යම් යම් සම්මු­තී­න්ව­ලට එළඹ තිබෙ­නවා. එක් අයෙ­කුගේ හෝ දෙදෙ­න­කුගේ අව­ශ්‍ය­තා­ව­යන් වෙනු­වෙන් අප සන්ධා­නය ලබා­ගන්නා විශිෂ්ට ජය නව­තා­ල­න්නට බැහැ.

 

මේ රට දේශ­පා­ලන ඉති­හා­සය තුළ ජනා­ධි­පති, අග­මැති ඇතුළු නාය­ක­යින් රැසක් බිහි කළ එක්සත් ජාතික පක්ෂය ප්‍රබල ලෙස කඩා වැටිලා. මහ මැති­ව­ර­ණ­යට ඉදි­රි­ප­ත්වීම සම්බ­න්ධව ගැටලු ඇති වෙලා. ඔබ මෙය දකින්නේ කෙසේද?

ලලිත් ඇතු­ල­ත්මු­දලි, ගාමිණි දිසා­නා­යක වැනි දක්ෂ නාය­ක­යින් මේ පක්ෂ­යෙන් ඉවත් වූ දා සිට මේ පක්ෂය නාය යාම එසේත් නැත්නම් මේ දැවැන්ත කඩා වැටීම සිදු වුණා කියන එක මගේ මත­යයි.

ඒ වගේම වර්ත­මාන නාය­කයා රනිල් වික්‍ර­ම­සිංහ මහතා මේ නාය යාම තවත් වේග­වත් කළා. දැනට තිබෙන කඩා වැටී­මත් සමඟ එක්සත් ජාතික පක්ෂ­යට ඉදිරි මහ­මැ­ති­ව­ර­ණය පම­ණක් නොවෙයි තව වසර දහ­යක් විස්සක් යන තුරු බලය ලබා ගැනී­මට වඩා පක්ෂය ස්ථාවර කර ගන්න යයි කියලා මට හිතෙ­නවා.

මේක බොහොම හානි­කර තත්ත්ව­යක් හැටි­යට මා දකි­නවා. මොකද ඕනෑම රටක දේශ­පා­ල­න­යේදී ප්‍රබල විප­ක්ෂ­යක් තිබෙ­න්නට ඕන. අද මේ රට තුළ එහෙම විප­ක්ෂ­යක් නැහැ.

Comments