එජාපය පටෝරියං | සිළුමිණ

එජාපය පටෝරියං

 ඉන්දීය අග්‍රා­මාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා 2020/01/03 දින ලිපි­යක් සහිත ආරා­ධ­න­යක් ශ්‍රී ලංකා අග්‍රා­මා­ත්‍ය­ව­රයා වෙත යොමු කර තිබිණි. එහි සඳ­හන් වූයේ සිවු දින රාජ්‍ය සංචා­ර­යක් සඳහා පෙබ­ර­වාරි මස දෙවැනි සතියේ ඉන්දි­යා­වට පැමි­ණෙන ලෙසය. ඒ අනුව පසු­ගිය සිකු­රාදා සවස අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා ඇතුළු දූත පිරිස ඉන්දි­යාව බලා පිට­ත්වූහ.

අමාත්‍ය ආරු­මු­ගන් තොණ්ඩ­මන්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවා­නන්ද, අග්‍රා­මාත්‍ය ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක හිටපු අමාත්‍ය මහා­චාර්ය ජී.එල්. පීරිස්, පාර්ලි­මේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණ­වීර, ජනා­ධි­පති ලේකම් පී.බී. ජය­සු­න්දර, අග්‍රා­මාත්‍ය ලේකම් ගාමිණි සෙන­රත්, මුදල් අමා­ත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටි­ගල, විදේශ සබ­ඳතා අමා­ත්‍යාංශ ලේකම් රවි­නාත් ආරි­ය­සිංහ යන පිරිස දූත පිරි­සට අයත් වූහ.

පෙබ­ර­වාරි 07 වැනිදා ලංකාවේ වේලා­වෙන් පස්වරු 1.45ට ශ්‍රී ලන්කන් ගුවන් සමා­ග­මට අයත් යූ.එල්. 195 ගුවන් යාන­යෙන් ඉන්දි­යාව බලා පිටත්වූ අග්‍රා­මා­ත්‍ය­ව­රයා ඇතුළු කණ්ඩා­යම ඉන්දි­යාවේ නව­දිල්ලි ගුවන් තොටු­ප­ළේදී ඉන්දි­යාවේ මානව හිමි­කම් සංව­ර්ධන, සන්නි­වේ­දන, විද්‍යුත් හා තොර­තුරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය දෝර් සංජය ෂර්මා සහ නව­දි­ල්ලියේ ශ්‍රී ලංකා මහ­කො­ම­සා­රිස් කාර්යා­ලීය කාර්ය මණ්ඩ­ලය විසින් අග්‍රා­මා­ත්‍ය­ව­රයා උණු­සුම් අන්ද­මින් පිළි­ගනු ලැබීය. අන­තු­රුව අග්‍රා­මා­ත්‍ය­ව­රයා ඇතුළු පිරි­සට නවා­තැන් සපයා තිබූ හෝට­ලය වෙත පැමිණි අග්‍රා­මා­ත්‍ය­ව­රයා එදි­නම හිටපු ඉන්දීය අග්‍රා­මාත්‍ය මන්මෝ­හන් සිං, ඉන්දීය කොංග්‍රස් පක්ෂ හිටපු නායක රාහුල් ගාන්ධි හමු­විය.

දෙරටේ ආර­ක්ෂාව පිළි­බඳ සාක­ච්ඡා­වක්

පසු දින ඉන්දීය විදේශ කට­යුතු අමාත්‍ය සුබ්‍ර­ම­නි­යම් ජය­ශං­කර් සමඟ සාකච්ඡා පැවැ­ත්වී­මෙන් අන­තු­රුව අග්‍රා­මා­ත්‍ය­ව­රයා වෙනු­වෙන් පැවැ­ත්වෙන විශේෂ පිළි­ගැ­නීම් උත්ස­ව­යක් සඳහා එක් විය. රාජ්‍ය නාය­ක­යෙකු සඳහා ලබා­දෙන විශේෂ හමු­දා­මය උත්ත­මා­චාර ඉන්දීය රජය මඟින් සූදා­නම් කර තිබූ අතර එම අව­ස්ථාව සඳහා ඉන්දීය ජනා­ධි­පති මන්දි­රය වෙත රාෂ්ට­ප­ති­භ­වාන් දක්වා අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ කැඳවා ගෙන එනු ලැබුවේ අශ්වා­රෝ­හ­ක­යන් පිරි­වරා ‍ගනිමිනි. හමුදා උත්ත­මා­චාර පිළි­ගත් අග්‍රා­මා­ත්‍ය­ව­රයා එම ස්ථාන­යෙන් පිටව යෑම සඳහා මෝටර් රථ­යට ගොඩ වීමට පෙර එතැ­නට පැමිණි ඉන්දීය අග්‍රා­මාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳ­හන් කළේ දෙරටේ පව­තින මිත්‍ර­ත්වය ශක්ති­මත් කර­ගැ­නී­මට මේ සියලු දේවල් ඉව­හල් වන බවයි.

දිල්ලියේ රාජ්ගාට් හි පිහිටි මහත්මා ගාන්ධි පිළි­රු­වට පුෂ්පෝ­ප­හාර දැක්වී­ම­ටද මේ සංචා­රය තුළ අම­තක නොකළ අග්‍රා­මා­ත්‍ය­ව­රයා එහි පැමි­ණෙන අමු­ත්තන් සමරු සට­හන් තබන පොතේ සට­හ­නක්ද තැබීය.

එම රාජ්‍ය සංචා­රයේ විශේ­ෂි­තම අව­ස්ථාව වූයේ දෙරටේ අග­මැ­ති­ව­රුන් දෙප­ළගේ හමු­වයි. දෙරටේ අග්‍රා­මා­ත්‍ය­ව­රුන්ට පම­ණක් සීමා වූ විනාඩි 10ක පමණ සාක­ච්ඡා­ව­කින් පසු දෙපා­ර්ශ්වයේ දූත කණ්ඩා­යම් අතර සාකච්ඡා පැවැ­ත්විණි. ඉන්දි­යාවේ මැදි­හත් වීමෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියා­ත්මක වන ව්‍යාපෘති සම්බ­න්ධ­යෙන් එහිදී අව­ධා­නය යොමු විය. ඉන්දි­යාවේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ආර­ක්ෂක සහ‍යෝ­ගී­තාව වර්ධ­නය කිරීම සම්බ­න්ධ­යෙන් එහිදී සාකච්ඡා පැවැ­ත්විණි. එම සාක­ච්ඡා­ව­ලින් අන­තු­රුව ඉන්දීය අග්‍රා­මා­ත්‍ය­ව­රයා ශ්‍රී ලංකා­වෙන් පැමිණි පිරිස සඳහා දිවා භෝජන සංග්‍ර­හ­යක් ද පිරි­නමා තිබිණි.

අග්‍රා­මා­ත්‍ය­ව­රුන් දෙපළ අතර පෞද්ග­ලික මට්ට­මින් පැවැති සාක­ච්ඡා­වේදී තමා බලයේ සිටින අව­ස්ථා­වේදී මෙන්ම බලයේ නැති අව­ස්ථා­ව­ල­දීත් එක ලෙස පිළි­ග­නි­මින් ආග­න්තුක සත්කාර පැවැ­ත්වීම සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකා අග්‍රා­මා­ත්‍ය­ව­රයා ඉන්දීය අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාට විශේෂ ස්තුති­යක් ද පළ කළේය.

මෝදි නාමල් ගැන අසයි

එදි­නම පස්ව­රුවේ රාෂ්ට්‍ර­ප­ති­භ­වාන් හී දී ඉන්දීය ජනා­ධි­පති රාම්නාත් කෝවින්ද් සමඟ නිල සාකච්ඡා පැවැත්වූ අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාට නවා­තැන් පහ­සු­කම් සපයා තිබූ හෝට­ල­යේදී ද හින්දු­ස්ථාන්, හින්දු­ස්ථාන් ටයිම්ස් පුව­ත්ප­ත්ව­ලට සහ හින්දු ටුඩෙ ටී.වී. රූප­වා­හිනි නාළි­කා­ව­ටත් සම්මුඛ සාකච්ඡා ලබා දුන්නේය.

අග්‍රා­මා­ත්‍ය­ව­රුන් දෙපළ සමු­ගැ­නී­මට පෙර ශ්‍රී ලංකා අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාගේ ඉන්දීය සංචා­රය සිහි­පත් කිරී­මක් ලෙස සමරු සට­හ­නක් තැබී­මද සිදු විණි. ඒ සඳහා අග්‍රා­මා­ත්‍ය­ව­රයා භාවිත කළ පෑන ඒ මොහො‍‍ෙත්ම රඳ­ව­න­යක දමා අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­ප­ක්ෂට තිළිණ කිරී­මට අග්‍රා­මාත්‍ය මෝදි කට­යුතු කෙළේය. ඉන්දි­යා­වට පැමි­ණෙන රාජ්‍ය නාය­ක­යන් සමඟ සාකච්ඡා පව­ත්වන හයි­ද්‍රා­බාද් හවුස් නිවසේ ඇති පැර­ණිම පෑන එය බවත් එහිදී අග­මැ­ති­ව­රයා පැව­සීය.

ඉන්දීය අග්‍රා­මා­ත්‍ය­ව­රයා සහ ශ්‍රී ලංකා අග්‍රා­මා­ත්‍ය­ව­රයා අතර පැවැති සාක­ච්ඡා­ව­ලදී ශ්‍රී ලංකාවේ ක්‍රියා­ත්මක වන ව්‍යාපෘති සම්බ­න්ධ­යෙන් ද අද­හස් පළ විණි. මත්තල ගුව­න්තො­ටු­පළ පිළි­බඳ මෙහිදී විශේ­ෂ­යෙන් සාකච්ඡා විණි. මත්තල ගුවන් තොටු­පළේ මෙහෙ­යුම් කට­යුතු ඉන්දි­යා­වට ලබා­දෙන්නේ නම් එය අගය කරන බව එම සාක­ච්ඡා­ව­ලදී කියැ­වු­ණද, ඒ සෑම අව­ස්ථා­ව­කම ශ්‍රී ලංකා අග්‍රා­මා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේ මත්තල ගුවන් තොටු­පළ ශ්‍රී ලංකා ආර්ථි­කයේ සුවි­ශේෂි මධ්‍ය­ස්ථා­න­යක් බැවින් ගුව­න්තො­ටු­පළේ සියලු කට­යුතු ශ්‍රී ලංකා රජයේ අධී­ක්ෂ­ණය යටතේ ක්‍රියා­ත්මක කිරී­මට තමන් තීර­ණය කර ඇති බවයි.

ඉන්දීය රාජ්‍ය සංචා­ර­යට එක් වූ ශ්‍රී ලංකාවේ පිරි­සට ඉන්දීය අග්‍රා­මාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබා දුන් දිවා භෝජන සංග්‍ර­හ­යෙන් අන­තු­රුව ශ්‍රී ලංකා අග්‍රා­මා­ත්‍ය­ව­රයා ඉන්දීය අග්‍රා­මා­ත්‍ය­ව­ර­යා­ගෙන් සමු­ගත්තේ අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාට සුබ­ප­ත­මිනි. ඒ අව­ස්ථා­වේදී නාමල් රාජ­පක්ෂ මන්ත්‍රී­ව­රයා සම්බ­න්ධ­යෙන් විම­සී­මට ඉන්දීය අග්‍රා­මා­ත්‍ය­ව­රයා අම­තක නොක­ළේය. මේ දින­වල නාමල් අති­ශය කාර්ය බහු­ලව සිටින බව එහිදී අග්‍රා­මා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේය.

ඉන්දි­යා­වට පැමිණි අව­ස්ථාවේ සිටම ශ්‍රී ලංකා අග්‍රා­මා­ත්‍ය­ව­රයා වෙනු­වෙන් ඉන්දීය අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාට ලබා­දෙන ආර­ක්ෂා­වට සමාන ආර­ක්ෂා­වක් ලබා­දී­මට ඉන්දීය රජය පිය­වර ගෙන තිබිණි. ඉන්දීය රජ­යෙන් ලබාදී තිබූ විශේෂ ගුවන් යානය තුළත් ආර­ක්ෂක අංශ යොදවා සිටි අතර ඊට අම­ත­රව ඉන්දීය විදේශ කට­යුතු අමා­ත්‍යාංශ නිල­ධා­රීන් ද සංචා­රය පුරා සම්බ­න්ධී­ක­රණ කට­යුතු වෙනු­වෙන් යොදවා තිබිණි.

අග්‍රා­මා­ත්‍ය­ව­රයා වෙනු­වෙන් විශේෂ ගුව­න්යා­න­යක්

පසුව ජම්බු­ද්වීප විහා­ර­ස්ථා­න­යට පැමිණි අග්‍රා­මා­ත්‍ය­ව­රයා, භික්ෂූන් වහන්සේ සහ ශ්‍රී ලාංකි­ක­යන් විසින් ඉතා උණු­සුම් අන්ද­මින් පිළි­ගනු ලැබූ අතර මෙහිදී අ‍ශෝක ස්ථම්භයේ අනු­රු­වක් ඇතුළු තවත් සමරු තිළිණ රැසක් අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාට පිරි­නැ­මී­මද සිදු විය.

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශ­නාව සිදු කළ ඉසි­ප­තන මිග­දාය පූජා­භූ­මිය, සාරා­නාත් කෞතු­කා­ගා­රය, මූල­ගන්ධ කුටි විහා­රය සහ ඉන්දු - ශ්‍රී ලංකා බෞද්ධ මධ­ය­ස්ථා­නයේ ද අග්‍රා­මා­ත්‍ය­ව­රයා සංචා­රය කළේය.

ඉන්දීය ජන­තාව පූජ­නී­ය­ත්ව­යෙන් සල­කන ගංගා නදිය නැර­ඹී­මට එක් වූ අග්‍රා­මා­ත්‍ය­ව­රයා, ගංගා නදිය පිරි­සුදු කිරීම සඳහා අග්‍රා­මාත්‍ය මෝදි මහතා විසින් ක්‍රියා­ත්මක කරනු ලැබ තිබෙන නමාමි ගංඟේ සංව­ර්ධන වැඩ­ස­ට­හන පැස­සු­මට ලක් කළේය.

අග්‍රා­මා­ත්‍ය­ව­රයා ඉන්දි­යා­වට පැමිණි මොහොතේ සිට යන එන මඟ තොට සැම තැන­කම දෙරටේ අග්‍රා­මා­ත්‍ය­ව­රුන්ගේ රුව සහිත බැනර් මඟ දෙපස ප්‍රද­ර්ශ­නය කිරී­මක් එම සංචා­රය පුරා­වට දැක­ගත හැකි විය. දෙරටේ සහ­යෝ­ගී­තාව වර්ධ­නය කිරී­මක් වශ­යෙන් සංවි­ධා­නය වූ එම රාජ්‍ය සංචා­ර­යේදී ශ්‍රී ලංකා අග්‍රා­මා­ත්‍ය­ව­රයා වෙනු­වෙන් එවැනි පිළි­ගැ­නීම් බොහෝ ස්ථාන­වල සංවි­ධා­නය කර තිබිණි.

වාරා­නාසි හී සංචා­රය නිමා කළ අග්‍රා­මා­ත්‍ය­ව­රයා නැව­තත් වාරා­නාසි ගුවන් තොටු­පොළ දක්වා පිටත්ව යන අත­ර­තුර මඟ දෙපස ශ්‍රී ලංකා ජාතික කොඩි ලෙළ­ව­මින් පාසල් දරු­වන් ඇතුළු විශාල ජන­තා­වක් රැස්ව සිටීම ද වි‍ශේෂ­ත්ව­යකි.

ඉන්දීය සංචා­රයේ අව­සන් දිනය වූ පසු­ගිය 11 වැනිදා පෙර­ව­රුවේ තිරු­පති කෝවිලේ පැවැති විශේෂ ආග­මික පූජා­ව­කට ද අග්‍රා­මා­ත්‍ය­ව­රයා එක් විය. තිරු­පති පූජා­භූ­මි­යට අයත් ප්‍රදේ­ශයේ විශ්ව විද්‍යා­ල­යක්, පාස­ලක්, රෝහ­ලක් ආදී සියලු පිහි­ටීම් අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාගේ අව­ධා­න­යට ලක්ව තිබිණි.

පොහො­ට්ටුව නිසා තමයි අපි නැඟිට්ටේ 

ඉන්දීය සංචා­රය නිමවා අග­මැති මහින්ද රාජ­පක්ෂ යළි මෙර­ටට ආවේ අඟ­හ­රු­වා­දාය. අගමැති මහින්ද රාජ­පක්ෂ පිළි­ගැ­නී­මට ඇමැති ප්‍රසන්න රණ­තුං­ගද ගුව­න්තො­ටු­පො­ළට ගොස් සිටි­යේය. එහිදී ඇමැති ප්‍රසන්න සහ අග­මැති මහින්ද රාජ­පක්ෂ අතර කතා­බ­හට ලක් වූයේ වර්ත­මාන දේශ­පා­ලන තත්ත්වය සම්බ­න්ධ­යෙනි.

ඉදි­රියේ දී පැවැ­ත්වී­මට නිය­මිත මහ මැති­ව­ර­ණය මෙන්ම ඊට මුහුණ දෙන ආකා­රය සම්බ­න්ධ­යෙන් ද මෙහිදී සාක­ච්ඡා­වට ලක් විය.

“ඔබ­තුමා මේ ඡන්දෙට ගම්ප­හින් තරග කළොත් හොඳයි“ ඇමැති ප්‍රසන්න කීවේය.

“මම මොක­ටද , ඔයා ඉන්න­වනේ ගම්ප­හට. ඒ ඇති“ අග­මැති මහින්ද පැව­සීය.

“මම ඔබ­තු­මාට ගම්ප­හින් තරග කරන්න කියලා ඉල්ලන්නේ විශේෂ හේතු­වක් නිසයි. මට ඕනේ වෙලා තියෙ­නවා ඉති­හා­සයේ වැඩිම මනා­ප­ව­ලින් පාර්ලි­මේන්තු ගිය අග­මැ­ති­ව­රයා විදි­යට ඔබ­තු­මාට ගෞර­ව­යක් අරන් දෙන්න. ඒකට හොඳම දිස්ත්‍රි­ක්කය තමයි ගම්පහ“ ඇමැති ප්‍රසන්න පැහැ­දිලි කළේය.

“අපි බල­මුකෝ“ අග­මැති මහින්ද උත්තර දුන්නේය.

“ඒ වගේම සර්, මේ පාර අපි ඉල්ලන්න ඕනේ පොහො­ට්ටු­වෙන්. පොහො­ට්ටුව තමයි අපේ ජය­ග්‍ර­හ­ණයේ සංකේ­තය. ඒක වෙනස් කළොත් අපිට අවා­සියි“ ඇමැති ප්‍රසන්න පැව­සීය.

“ඔව් ඒක නම් ඇත්ත. පොහො­ට්ටුව නිසා තමයි අපි නැඟිට්ටේ. අපි බල­මුකෝ අනෙක් අයත් එක්ක කතා කරලා“ අග­මැති මහින්ද ඇමැති ප්‍රස­න්නට උත්තර දුන්නේය.

පසු­ගිය සතියේ දින­යක ඇමැති ප්‍රසන්න , පාර්ලි­මේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත , ඇමැති රොෂාන් රණ­සිංහ ඇතුළු මැති ඇමැ­ති­වරු පිරි­සක් අර­ලි­ය­ගහ මන්දි­රයේ දී අග­මැති මහින්ද හමු වීමෙන් අන­තු­රුව සුහද කතා­බ­හක නියැ­ළෙ­මින් සිටි­යහ. එහිදී සාක­ච්ඡා­වට ලක් වූයේ ඇමැති ප්‍රසන්න ගෙන­ගිය විරෝ­ධ­තාව ගැනය.

“මොකද ඇමැ­ති­තුමා අර මෛත්‍රී­පාල සිරි­සේන හිටපු ජනා­ධි­ප­ති­තු­මාට විරු­ද්ධව යුද්ධ ප්‍රකාශ කරලා තියෙන්නේ“ පාර්ලි­මේන්තු මන්ත්‍රී පියල් කතා­වට මුල පිරුවේ එසේය.

“මම එදා ඉඳන් මෛත්‍රී විශ්වාස කරන්නේ නෑ. අනෙක අපේ රට අද මුහු­ණ­පාලා තිබෙන තත්ත්ව­යට වග­කි­යන්න ඕනෑ මෛත්‍රී­පා­ලයි “ ඇමැති ප්‍රසන්න පැව­සීය.

“අපිට තියෙන ඡන්දත් නැති වෙනවා උන්නැහේ එක්ක ඡන්දෙට ගියොත්. අනෙක අපේ ලකුණ වෙන්න ඕනේ පොහො­ට්ටු­වයි. “ ඇමැති ප්‍රසන්න කීය.

“ඒ වුණාට දයා­සි­රිලා කියන්නේ ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී පුටු­වෙන් ඉල්ලන්න එකඟ වුණා කියලා“ මන්ත්‍රී පියල් නිශාන්ත ඇසු­වේය.

“මොන පිස්සුද? කොහෙද එහෙම ගිවි­සු­මක් තියෙන්නේ. මම ස්ථිර­වම කියන්නේ කොහෙ­දි­වත් එහෙම ගිවි­සු­මක් අස්සන් කරලා නැහැ. අස්සන් කරලා තියෙ­නවා නම් පෙන්නන්න කිය­ලත් මම අභි­යෝග කර­නවා“ ඇමැති ප්‍රසන්න අව­ධා­ර­ණය කළේය.

“එක්සත් ජාතික පක්ෂයේ අර්බු­ද­යත් විසැ­ඳෙන පාටක් නැහැ නේද? ඇමැති රොෂාන් ඇසු­වේය.

“ඒක විසැ­ඳෙන අර්බු­ද­යක් නෙමේ. නාය­ක­ත්ව­යට ගහ ගන්නවා. විපක්ෂ නාය­ක­ක­මට ගහ­ග­න්නවා. ඉව­ර­යක් නැහැ“ මන්ත්‍රී පියල් කීය.

“එක්සත් ජාතික පක්ෂයේ අව­සා­නය තමයි දැන් උදා වෙලා තියෙන්නේ. පක්ෂ­ය­ට­වත් රට­ට­වත් ආද­රය නොක­රන අය ඇවිත් නිද­හස් පක්ෂ­යත් විනාශ වුණා. එක්සත් ජාතික පක්ෂ­යත් විනාශ වුණා. මේවා සේරම නාය­ක­යන්ගේ වැරැදි“ ඇමැති ප්‍රසන්න කීය.

පසු­ගිය බදාදා කැබි­නට් රැස්වීම පැවැ­ත්වුණේ ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂගේ ප්‍රධා­න­ත්ව­යෙනි. එහිදී විශේෂ අව­ධා­න­යක් යොමු කෙරුණේ බඩු­මිල සම්බ­න්ධ­යෙනි. එහිදී ජනා­ධි­ප­ති­ව­රයා මෙන්ම අග­මැ­ති­ව­ර­යාත් අද­හස් දැක්වීය. බඩු මිල පහත දැමී­මට වැඩ­පි­ළි­වෙ­ළක් සැක­සී­මට නිල­ධා­රීන් දැනු­වත් කිරී­මට තීර­ණය ෙකරුණු අතර ඇමැ­ති­ව­රුන්ගේ මැදි­හ­ත්වී­මත් ඊට අවශ්‍ය බව අව­ධා­ර­ණය කෙරිණි.

සහල් මිල සම්බ­න්ධ­යෙන් ද මෙහිදී විශේ­ෂ­යෙන් සාක­ච්ඡා­වට ලක් කෙරුණු අතර සහල් මිල සම්බන්ධ ගැට­ලු­වට ප්‍රධාන වශ­යෙන් බලපා ඇත්තේ පසු­ගිය රජය සහල් අති­රි­ක්ත­යක් පව­ත්වා­ගෙන නොයෑම බව ඇමැති චමල් රාජ­පක්ෂ පෙන්වා දුන්නේය. ඒ අනුව ඉදි­රියේ දී අස්වනු මිල දී ගැනී­මෙන් අන­තු­රුව සහල් අති­රි­ක්ත­යක් පව­ත්වා­ගෙන යෑමත් හදිසි අව­ස්ථා­වල දී එය වෙළෙ­ඳ­පො­ළට නිකුත් කර සහල් මිල පාල­නය කිරීම සම්බ­න්ධ­වත් මෙහිදී දිර්ඝ වශ­යෙන් සාකච්ඡා කෙරිණි.

ඇමෙ­රි­කාවේ සිට පැමිණි ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක හිටපු ඇමැති බැසිල් රාජ­පක්ෂ පසු­ගි­යදා පළ­මු­ව­රට නෙලුම් මාවතේ කාර්යා­ල­යට පැමි­ණියේ ඉදිරි මැති­ව­රණ සංවි­ධාන කට­යුතු ආරම්භ කිරීම පිළි­බඳ සැල­සුම් කිරී­ම­ටය. එහි පැමිණ සිටි මන්ත්‍රී­වරු තම තමන්ගේ දිස්ත්‍රි­ක්ක­වල විවිධ මට්ටමේ අය­ගෙන් සිදු වන අක­ට­යු­තු­කම් පිළි­බඳ පොහො­ට්ටුවේ ජාතික සංවි­ධා­යක බැසිල් රාජ­ප­ක්ෂට දුක කීහ.

බැසි­ල් ගෙන් ඉදිරි සට­නට උප­දෙස්

සියල්ල අසා සිටි හිටපු ඇමැති බැසිල් පැව­සුවේ “කවු­රුත් මතක තියා­ගන්න, පොහො­ට්ටු­වෙන් කිසිම ආස­න­ය­කට සංවි­ධා­ය­ක­ව­රුන් පත්ක­රලා නැහැ. අපි පාර්ලි­මේ­න්තුවේ බහු­ත­රය ලබා­ගන්න නම් හැමෝම එකතු වෙලා මේ මැති­ව­ර­ණය වැඩි ආසන ගණ­න­කින් දිනා­ගන්න ඕනෑ. අපේ අය අතර ප්‍රශ්න ඇති වුණොත් අප­ට­මයි අමාරු. පසු­ගිය රජයේ හිටපු ඇම­ති­ව­රුන් ඒ රජයේ ඉඳ­ගෙන අපට විශාල සහා­යක් දුන්නා. දැන් ඔවුන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒ නිසා කවු­රුත් මතක තියා­ගන්න තවම පොහො­ට්ටුවේ සංවි­ධා­ය­ක­ව­රුන් නැහැ. සියලු දෙනාම එකතු වී ජනා­ධි­ප­ති­තු­මාට පාර්ලි­මේ­න්තුවේ තුනෙන් දෙකක බල­යක් දෙන්න මහන්සි වෙන්න.

“දැන්තමා ඇඟට හයි­යක් ආවේ. ඔබ­තුමා අපිව බලා­ග­න්නවා කියන විශ්වා­සය තියෙ­නවා. අපි දිනන එක සහ­සු­ද්දයි. තුනෙන් දෙකක් ගන්න මහන්සි වෙමු “ එහි සිටි මන්ත්‍රී­වරු කීහ.

ගිය සති­යේදී ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක බැසිල් රාජ­පක්ෂ රාජ්‍ය සංස්ථා මණ්ඩ­ල­වල සභා­ප­ති­ව­රුන් හමු වීය. “අපි ජන­තා­වට අපේ වැඩ­පි­ළි­වෙ­ළක් ඉදි­රි­පත් කළා. රට හදන සෞභා­ග්‍යයේ දැක්ම. ඒකට ජන­තාව ඡන්දය දුන්නා. දැන් ඒ වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කළ යුතුයි. තමු­න්නා­න්සේලාට එතැ­නදී විශාල වග­කී­මක් පැව­රිලා තියෙ­නවා. නිවැ­රදි දේ කරන්න. ඒ වගේම රටේ ආර්ථි­කය ගොඩ නඟන්න ක්‍රියා­කාරී වෙන්න. ඔබේ ආය­තන දියුණු කළොත් රට ඉක්ම­නින් දියුණු වේවි. ඔබට හැකි­යා­වක් ඇති බවට ඇති විශ්වාස කරලා තමයි වග­කීම් භාර දී තියෙන්නේ. ඒක නිසා ක්‍රියා­වෙන් හැකි­යාව පෙන්වන්න. ඒ වගේම රජය ගෙන යන දේශ­පා­ලන වැඩ­පි­ළි­වෙ­ළට සහාය දෙන්න. ඇමැ­ති­ව­රුන් සහ නිල­ධා­රීන් එක්ක ගැටුම් ඇති කර­ගන්න එපා. අපේ කාගෙත් අර­මුණ රට ගොඩ­ගන්න. ඒක කරමු. තන­තුරු ලැබුණා කියා ඒකෙන් හිස උදු­ම්මා­ගන්න එපා. සම­හර අය පත් කරලා පැය ගණ­න­කින් ඉවත් කරන්න වුණා. ඒ වගේ නොගැ­ළ­පෙ­නවා නම් දෙසැ­ර­යක් හිතන්නේ නැහැ. ඒක රටේ ප්‍රමුඛ අව­ශ්‍ය­තාව ලෙස සලකා තන­තු­රින් ඉවත් කර­නවා. මොකද මේ ඉන්න සිය­ල්ලම අපේ අය යැයි“ හිටපු ඇමැති බැසිල් රාජ­පක්ෂ පැහැ­දිලි ලෙස කියා සිටි­යේය.

සජිත් පාර්ශ්වයේ සටන දුර්වල වෙයි

එක්සත් ජාතික පක්ෂයේ අර්බු­දය මේ වන විට ඔඩු දුවා තිබේ. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යෙන් වෙන් වී කණ්ඩා­ය­මක් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ නිර්මා­ණය කළ අයු­රින් ම මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩා­ය­මක් ජාතික සමඟි ජන­බ­ල­වේ­ගය නමින් පක්ෂ­යක් මැති­ව­රණ කොමි­සමේ ලියා­ප­දිංචි කර තිබේ. ජාතික ජන බල­වේ­ගය පක්ෂයේ නිල ලාංඡ­නය ලෙස හද­වත ලකුණ ලියා­ප­දිංචි කර තිබේ. ජාතික ජන බල­වේ­ගය පක්ෂයේ උපත සිදු වී ඇත්තේ අපේ ජාතික පෙර­මුණ පක්ෂයේ නම වෙනස් කිරී­මෙනි.

අපේ ජාතික පෙර­මුණ පක්ෂයේ නාය­කයා වන්නේ ආචාර්ය සේන­කද සිල්වාය. එම පක්ෂයේ ලේක­ම්ව­රයා වන්නේ බස්නා­හිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීනී ඩයනා ගම­ගේය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍ර­ම­සිං­හට එරෙ­හිව එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේම­දාස ඇතුළු කණ්ඩා­ය­මක් ගෙන ගිය අර­ග­ලය මේ වන විට එ.ජා.ප ය දෙකට කැඩෙන තැනට පත් කර තිබේ. සජිත් පාර්ශ්වය කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂයේ නාය­ක­ත්වය ලබා­ගැ­නී­මට අර­ග­ල­යක් කළද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යා­ධි­කාරී මණ්ඩ­ලයේ බලය අල්ලා­ගැ­නී­මට නොහැකි වීම හේතු­වෙන් පක්ෂ නාය­ක­ත්වය ලබා­ගැ­නීමේ සටන දුර්වල වී තිබේ.

එහි අව­සාන ප්‍රති­ඵ­ලය බවට පත් වී ඇත්තේ සජිත් ප්‍රේම­දා­සගේ සභා­ප­ති­ත්­ව­යෙන් යුතුව සමඟි ජන බල­වේ­ගය පක්ෂය නිර්මා­ණය වීමය. ජාතික සමඟි ජන බල­වේ­ගය පක්ෂය ඉංග්‍රිසි භාෂා­වෙන් ලියා නම කෙටි කළ පසුව “යු.ඇන්.පී“ ලෙස කිය­වෙන නිසා ඊට එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් නිශ්ශංක නානා­ය­ක්කාර මැති­ව­රණ කොමි­ස­මෙන් ලිඛි­තව ඉල්ලා තිබුණේ ජාතිත සමඟි ජන බල­වේ­ගය පක්ෂයේ ලියා­ප­දිං­චිය පිළි නොගන්නා ලෙසය.

අලියා සහ හද­වත අතර දැඩි මත­ගැ­ටුම්

මේ අත­ර­තුර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යා­ධි­කාරී මණ්ඩල රැස්වීම ගිය සතියේ සිරි­කොත පක්ෂ මුල­ස්ථා­න­යේදී පැවැ­ත්විණි. එහිදී මුලින්ම සාක­ච්ඡා­වට ලක් වූයේ පක්ෂය ඉදිරි මහා මැති­ව­ර­ණ­යට තරග කරන ලාංඡ­නය ගැනය. “අපේ පාක්ෂි­ක­යන්ට එක්සත් ජාතික පක්ෂයේ හුරු ලකුණ තමයි අලියා ලකුණ. ඒ නිසා අපි මහා මැති­ව­ර­ණ­යට අලියා ලකු­ණෙන් තරග කරමු. “කෘත්‍යා­ධි­කාරී මණ්ඩල සභික සුනිල් සිල්වා කියා සිටි­යේය. ඊට සජිත් පාර්ශ්වයේ සාමා­ජි­ක­ය­න්ගෙන් එල්ල වූයේ දැඩි විරෝ­ධ­යකි.

ඉන් පසුව කෘත්‍යා­ධි­කාරී මණ්ඩ­ල­යට අද­හස් දැක්වූයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී ජෝන් අම­ර­තුං­ගය. “ රනිල් වික්‍ර­ම­සිංහ නාය­ක­තුමා සහ මම සම­කා­ලි­නයෝ. අපි දෙන්නම පාර්ලි­මේන්තු ආවේ එකට. අලියා ලකුණ තමයි ගමේ ගොඩේ කවු­රුත් දන්නේ “ ජෝන් අම­ර­තුංග කියා සිටි­යේය. එම කතා­වට පාර්ලි­මේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩා­රද සහාය පළ කර­මින් කතා කළේය.

“අපි අලිය ලකු­ණින් මහා මැති­ව­ර­ණ­යට තරග කර­නවා නම් මොක­ටද වෙනම සන්ධා­න­යක් ලියා­ප­දිංචි කළේ. මේ දව­ස්වල හම්බ­න්තොට සහ මොන­රා­ගල දිස්ත්‍රික්ක දෙකම පරාද නාය­ක­යන් කියලා ෆේස්බුක් එකේ මඩ ගහ­නවා. එක්සත් ජාතික පක්ෂ­යට අමා­රුම දිස්ත්‍රික්ක දෙක කමයි මොන­රා­ගල සහ හම්බ­න්තොට. ඔය කයි­වාරු ගහන අයට පුළු­වන් නම් ඒ දිස්ත්‍රික්ක දෙක අර­ගෙන දිනලා පෙන්වන්න. “ පාර්ලි­මේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු දැඩි ස්වර­යෙන් කියා සිටි­යේය.

මේ අත­ර­තුර එ.ජා.ප නායක රනිල් ඉදිරි මහා මැති­ව­ර­ණ­යේදී නාම යෝජනා කමි­ටු­වට ඇතු­ළත් කෘත්‍යා­ධි­කාරී සභි­ක­යන්ගේ නාම ලේඛ­නය කෘත්‍යා­ධි­කාරී මණ්ඩ­ල­යට ඉදි­රි­පත් ක‍ළේය. එම නම් අතර එ.ජා.ප පාර්ලි­මේන්තු මන්ත්‍රී රවි කරු­ණා­නා­ය­කගේ නමද කිය­විණි. ඊට සජිත් ප්‍රේම­දාස එ.ජා.ප නියෝජ්‍ය නාය­කයා විරෝ­ධය පළ කර සිටි­යේය. “ මම සන්ධා­නයේ නාය­කයා. මට ඕන විදි­යට නාම යෝජනා ලැයි­ස්තුව හදන්න බැරි නම් ඒකේ තේරු­මක් නෑ“ සජිත් ප්‍රේම­දාස එසේ කිය­මින් සිය විරෝ­ධය දක්ව­මින් කෘත්‍යා­ධි­කාරී මණ්ඩල රැස්වී­මෙන් නැඟිට ගියේය.

Comments