අපි එක­තු­වෙලා ස්ථීර රජ­යක් හද­න­වා­මයි | සිළුමිණ

අපි එක­තු­වෙලා ස්ථීර රජ­යක් හද­න­වා­මයි

 ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය සහ පොදු­ජන පෙර­මුණ අතර ගැටු­මක් නිර්මා­ණය වී ඇති බව ජන­මාධ්‍ය වාර්තා කර­නවා. එලෙ­සම පක්ෂයේ ඇතැම් දේශ­පා­ලන නාය­ක­යන්ගේ ප්‍රකාශ වලි­නුත් මේ බව හැඟී යනවා. කුමක්ද මෙහි ඇත්ත?

ඒක මම සම්පූ­ර්ණ­යෙන් ම ප්‍රති­ක්ෂේප කර­නවා. පක්ෂ දෙකක ඇති ප්‍රති­ප­ත්ති­මය කරුණු වෙනස් විය හැකියි; ගැටිය හැකියි. එහෙත් අප සන්ධා­න­යට ඔය කියන ආකා­රයේ ගැටු­මක් හෝ ගැට­ලු­වක් නැහැ. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ එක්ව ගොඩ­න­ඟා­ගෙන ඇති පුළුල් බල­වේ­ගය දෙකඩ කිරී­මට උත්සහ කරන්නේ ඉදිරි මැති­ව­ර­ණ­යේදී ස්ථාවර ආණ්ඩු­වක් බිහි­වීම වැළැ­ක්වී­මට අවශ්‍ය වෙනත් අර­මු­ණු­වල සිටින කණ්ඩා­යම් බව මම පැහැ­දි­ලිව කිය­නවා. ඔවුන් ‍පවසන ඇතැම් දේ නිසා දෙපා­ර්ශ්වය අතර බෙදී­මක් සිදු වුව හොත් ඉදිරි මහ මැති­ව­ර­ණ­යේ­දීත් බිහි වන්නේ 2015 දී මෙන් අස්ථා­වර ආණ්ඩු­වක් බව පැහැ­දි­ලිව කිව යුතුයි.

ඔබ අද­හස් කරන ආකා­ර­යට ස්ථාවර ආණ්ඩු­වක් බිහි කිරී­මට වර්ත­මාන රජය කුමක් කළ යුතුද?

ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ වැඩ­පි­ළි­වෙළ ඉදි­රි­යට ගෙන යා හැකි පුළුල් සන්ධා­න­යක් ‍මඟින් පම­ණයි. මෙන්න මේ හේතුව නිසා අප නිර්මා­ණය කර ඇති සන්ධා­නය තුළ බෙදී­මක් ඇති කර, බිහි වීමට නිය­මිත ශක්ති­මත් ආණ්ඩුව අස්ථා­වර එකක් කිරී­මට යම් පිරි­සක් කට­යුතු කර­නවා. එය අප හොඳින් තේරුම් ගත යුතුයි.

සන්ධා­නයේ ලකුණ ගැන ස්ථිර තීර­ණ­යක් තිබෙ­න­වාද?

ඉදි­රි­යේදි ඒ පිළි­බ­ඳව සාකච්ඡා කර­නවා. ජනා­ධි­ප­ති­ව­ර­යාගේ මෙන් ම අග­මැ­ති­ව­ර­යා­ගෙන් සහ බැසිල් රාජ­පක්ෂ මහතා සමඟ සාකච්ඡා දෙකක් ඉල්ලා තිබෙ­නවා. අපට පොහො­ට්ටු­වෙන් තරග කිරීම ගැන ගැට­ලු­වක් නැහැ. නමුත් ශ්‍රී ලංකා නිද­හස් පොදු­ජන සන්ධා­නය පිහි­ටු­විය යුතුයි. ලකු­ණක් නිසා මේ පුළුල් බල­වේ­ගය දෙකඩ කරන්න අපට අවශ්‍ය නැහැ. ඇතැ­මුන් උත්සහ කරන්නේ මේ එක­මු­තුව දෙකඩ කර 2015 සිට 2019 දක්වා තිබූ ආකා­රයේ අස්ථා­වර ආණ්ඩු­වක් හද­න්නයි. 

ඔබ පක්ෂය නියෝ­ජ­නය කරන ඇතැම් පිරිස් සහ දේශ­පා­ලන වට පිටාවේ කියැ­වෙන කරු­ණක් තමයි ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය මෙවර මහ මැති­ව­ර­ණ­යට තනිව තරග කරන බව. මේක වෙන්න පුළු­වන්ද?

කිසි­සේත් අපි තනි­වම ඉල්ලීමේ සූදා­න­මක් නැහැ. එහෙත් සන්ධා­න­යක් හැටි­යට මැති­ව­රණ වලට ඉදි­රි­පත් වීමට තමයි අප නොවැ­ම්බර් 17ට පෙර හදපු ගිවි­සු­ම්ව­ලින් බැඳිලා හිටියේ. පක්ෂ 17ක් මේ සන්ධා­න­යට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ සන්ධා­නය අවශ්‍ය නැත්නම් අපට කියන්න ඕන මෙත­නින් එහාට සන්ධාන අවශ්‍ය නෑ කියලා. එත‍‍ෙ­කාට අපට කියන්න පුළු­වන් අප ගන්නා තීන්දුව කුමක්ද කියලා.

පොදු­ජන පෙර­මුණ ඔබ­ලාට දැනුම් දීමක් කරලා තිබෙ­න­වාද සන්ධා­න­යෙන් ඉවත් වන බව?

නැහැ. කිසි­සේත් ම අපට එවැනි දැනුම් දීමක් සිදු කර නැහැ. අප අතර එවැනි කඩා වැටී­මක් නොමැති බව මේ අනුව ඕනෑම අයෙ­කුට පැහැ­දි­ලිව පෙනෙන කරු­ණක්.

ඒ නිසා මම නැවත නැවත කිය­නවා පාර­වල් දිගේ ආඩ­පාළි දොඩ­වන ප්‍රති­ප­ත්ති­යක් නැති දේශ­පා­ලන හෙංච­යි­යන්ට අප උත්තර බැඳිය යුතු නැහැ. අපි පැහැ­දි­ලිව තීන්දු තීරණ ගත යුත්තේ අදාළ දේශ­පා­ලන නාය­ක­යින් සමඟ කතා බහ කරලා.

මහ­මැ­ති­ව­ර­ණ­යට තව කෙටි කාල­යයි තිබෙන්නේ. මේ වෙනු­වෙන් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සූදා­නම  කොහො­මද?

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සාමා­ජි­ක­යින් තමයි පොදු­ජන පෙර­මුණු සාමා­ජි­ක­යින් කියලා කියන්නේ. අද පොදු­ජන පෙර­මු­ණක් නැහැ. පොදු­ජන පෙර­මු­ණක් නැහැ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යක් නැත්නම්.

ඒ නිසා පොදු­ජන පෙර­මුණු සාමා­ජි­ක­යින් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට ඕනෑම වේලා­වක සම්බ­න්ධයි. ඔවුන් ඒ සඳහා සිය සහ­යෝ­ගය ලබා දෙනවා. අපි මේ සියල්ල හොඳින් අව­බෝධ කර­ගෙන ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය හැටි­යට ගම් මට්ට­මින් අපගේ සංවි­ධාන ජාලය හදලා තිබෙන්නේ. එය ක්‍රියා­ත්ම­කයි නිර­න්ත­ර­යෙන්. ඒ නිසා අපිට හොඳ සංවි­ධාන ශක්ති­යක් තිබෙ­නවා කියන එක අප දන්නවා. ඒ වගේම ඔවුන් අප සමඟ සම්බන්ධ වන බවත් අප දන්නවා. අප සන්ධාන ගත­වෙලා පොදු­ජන පෙර­මුණ සමඟ මැති­ව­රණ සටන ක්‍රියා­ත්මක කරන්න බලා­පො­රො­ත්තු­වෙන් සිටින්නේ.

පසු­ගිය කාලය පුරා­ව­ටම ස්ථාවර රජ­යක් බිහි වූයේ නැහැ. ඔබ හිතන්නේ ඉදිරි මහ මැති­ව­ර­ණ­යේදී ස්ථාවර රජ­යක් බිහි කළ හැකිද?

ඔව්. ස්ථාවර රජ­යක් බිහි කිරී­මට නම් පව­තින රජ­යට පාර්ලි­මේ­න්තුව තුළ 113කට වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යා­වක් හිමි කර ගත යුතුයි. ඒ නිසා එය ඉතා වැද­ගත් කරු­ණක් බව රජය මතක තබා ගත යුතුයි මෙන්ම මේ හේතුව නිසා අප තනි තනිව තරග නොකර සන්ධා­න­ගත වෙලා එක­සිය දහ­තුන ලබා ගැනී­මට මැති­ව­ර­ණ­යට සූදා­නම් විය යුතුයි. සැල­සුම ක්‍රියා­ත්මක කළ යුතුයි. පොදු­ජන පෙර­මුණ හැටි­යට ඉදි­රි­පත් වෙලා මේ ජය­ග්‍ර­හ­ණය ලබා ගන්න පුළු­වන් කියලා හිත­නවා නම් එය සාර්ථක උත්ස­හ­යක් නොවෙයි. ඒ නිසා තමයි අප අව­ධා­ර­ණය කරන්නේ සන්ධා­න­ග­තව මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් විය යුතු කියන කාරණ.

පොදු­ජන පෙර­මුණ සහ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය අතර ඇතිවූ අව­බෝ­ධතා ගිවි­සුම අහෝසි වෙලාද? ‍ ෙම් දින­වල ඒ පිළි­බ­ඳව කතා බහ වනවා. මොකක්ද සිද්ධ වෙලා තිබෙන්නේ?

ඉකුත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මෙන් ම මේ මොහොත දක්වා අපි එම ගිවි­සුම පැහැ­දි­ලිව ආරක්ෂා කරා. තව­දු­ර­ටත් ඒ ගිවි­සුම රකින්න සූදා­නම්. එය කඩා­ක­ප්පල් කිරීම සඳහා විවිධ කණ්ඩා­යම් බල­වේග ක්‍රියා­ත්මක වෙනවා. මෙය දෙපා­ර්ශ්ව­යේම ඉන්න අය අව­බෝධ කර ගත යුතුයි. අප දැන ගත යුතුයි කවුරු විසින්ද මේ ආකා­ර­යට සම­ගිය නැති කිරීම සඳහා කට­යුතු කරන්නේ කියන එක.

නව සන්ධා­නයේ සම සභා­පති තන­තුර මෛත්‍රි­පාල සිරි­සේන මහ­තාට ලබා­දිය නොහැකි බව පොදු­ජන පෙර­මුණේ ඇතැ­මුන්ගේ අද­හ­සක් බවට පත්වෙලා නේද?

ඇත්තට ම සම නාය­ක්ත­ව­යක් අපි ඉල්ලුවේ නැහැ. එය යෝජනා කළේ පොදු ජන පෙර­මුණේ නාය­ක­යින් බැසිල් රාජ­පක්ෂ, ඩලස් අල­හ­ප්පෙ­රුම, ජී.එල්. පීරිස් යන මහ­ත්වරු සමඟ පැවැති සාකච්ඡා වලදී. නිල­ධාරී මණ්ඩ­ලය පත් කිරීම ඉදි­රි­යේදි සාර්ථ­කව සිදු වේවි.

මෛත්‍රී­පාල සිරි‍ෙස්න මහතා තරග කර­න­වා­ට­ඇ­තැ­මුන් විරු­ද්ධයි නේද? 

ඇත්ත­ටම එම විරෝ­ධ­තාව මනාප පිළි­බ­ඳව ප්‍රශ්න­යක් කිය­ලයි මට හිතෙන්නේ?

වියත් මග නියෝ­ජ­නය කරන නියෝ­ජි­ත­යින් මැති­ව­ර­ණ­යට පැමි­ණෙ­න­වාට පොදු­ජන පෙර­මුණේ ඇත­මුන් විරුද්ධ බව පේනවා නේද?

අපට වියත් මග නියෝ­ජි­ත­යින් ප්‍රශ්න­යක් නොවෙයි. ඔවුන් අපේ­ක්ෂක ලැයි­ස්තු­වට ආවොත් ලැයි­ස්තුව ඉතා ආක­ර්ෂ­ණීය වේවි. දේශ­පා­ල­න­ඥ­යින් හා ඔවුන් අතර වෙන­ස්කම් තිබෙන බව ජන­තාව තේරුම් ගත යුතුයි. හිටපු ජනා­ධි­ප­ති­ව­රයා ඉකුත් මහ මැති­ව­ර­ණ­යේදී මර්වින් සිල්වා මහතා ඇතුළු සිවු­දෙ­නෙ­කුට නාම යෝජනා ලබා දුන්නේ නැහැ. එය ලොකු වෙන­සක් බවට පත් වුණා. එය අලුත් මුහු­ණු­ව­රක් වුණා.

දැනට පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරන ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මන්ත්‍රී­වරු සියලු දෙනා­ටම ඔබලා ඉදිරි පාර්ලි­මේන්තු මහ මැති­ව­ර­ණ­යට තරග කිරීමේ අව­ස්ථාව ලබා දෙන­වාද?

ඔව්. අපගේ පක්ෂය නියෝ­ජ­න­ය­ක­රන සෑම පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­ය­කු­ටම අප එම අව­ස්ථාව ලබා දීමට කට­යුතු කර­නවා.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට නාම යෝජනා ලැයි­ස්තුවේ සිය­යට තිහක කොට­සක් ලැබෙ­න­වාද?

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට නාම යෝජනා ලැයි­ස්තුවේ සිය­යට තිහක කොට­සක් ලැබෙන්නේ එක­ඟ­තා­ව­කට අනු­වයි. අපි ඉකුත් පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී ලබා ගත් ඡන්ද ප්‍රමා­ණය අනුව එම එක­ඟ­තාව ඇතිවී තිබෙ­නවා.

එක්සත් ජාතික පක්ෂය දෙකඩ වෙලා. ඔවුන්ට පක්ෂ ලකුණ ඡන්ද­යට ඉදි­රි­පත් වීම ඇතුළු කාරණා රැසක්

අවු­ලෙන් අවු­ලට ගිහිල්ලා මොකක්ද මේකට හේතුව?

එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පක්ෂ­යක්. එහෙත් අද එය කඩා වැටිලා. වර්ත­මාන නාය­ක­යින් එම පක්ෂය තවත් පසු බෑමට ලක්ක­ර­නවා. ඊට වඩාත්ම සමී­ප­තම හේතුව නාය­ක­ත්ව­යයි. නාය­ක­ත්වය ගැන පම­ණක් සිත­මින් ක්‍රියා කිරීම නිසා ඔවුන් දිනෙන් දින කඩා­ගෙන වැටෙ­නවා.

ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජනා­ධි­ප­ති­ව­රයා ලෙස පත් වීමෙන් පසු වර්ත­මාන රජය කට­යුතු කළ­මෙම කෙටි කාලය ජන­තාව සෑහී­මට පත්වෙ­නවා කියලා ඔබ හිත­න­වාද?

ජන­තාව පීඩා­වට පත් කළ බදු බරින් ඔවුන් නිද­හස් කර­මින් ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩ­පි­ළි­වෙළ ජාත්‍ය­න්තර මුල්‍ය අර­මු­දලේ ප්‍රශං­සා­වට ලක්වී තිබෙ­නවා. මේ වන විට ණය බරින් පීඩා­වට පත්ව සිටින ස්වයං රැකි­යා­වල නියුතු කාන්තා ව්‍යව­සා­ය­ක­යින් ඉන් මුදා ගැනීමේ වැඩ­පි­ළි­වෙ­ළක් අවශ්‍ය බවත් ඔවුන් දන්වා තිබෙ­නවා. මේ රජය ක්‍රියා කරන ආකා­රය පිළි­බ­ඳව සතු­ටු­විය හැකියි. දූෂණ වංචා, අල්ලස් අඩු කිරී­මට රජය කට­යුතු කර­නවා. විශේ­ෂ­යෙන් ම ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුව වැනි ස්ථාන­ව­ලට ගොස් වංචා දූෂණ මඩි­න්නට ක්‍රියා කරපු ආකා­රය පිළි­බ­ඳව ජන­තා­වගේ දැඩි ප්‍රසා­ද­යට ලක්වූවා. මේ රජය හැකි උප­රිම ලෙස ජන­තා­වට සේවය කර­මින් සිටි­නවා.

Comments