ශ්‍රී ලංකාව බලාපොරොත්තු පොදි බැඳගෙන යයි | සිළුමිණ

ශ්‍රී ලංකාව බලාපොරොත්තු පොදි බැඳගෙන යයි

ස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදි මෙම මස 21 වැනිදා ආරම්භ විමට නියමිත විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම චමරි අතපත්තුගේ නායකත්වයෙන් තරගාවලියට එක්වෙයි. තරගාවලියට නික්ම යැමට පෙර ධනාත්මක ප්‍රකාශයක් කරමින් චමරි පවසා සිටියේ මෙවර තරගාවලියේදි විශේෂ දෙයක් කළ හැකි බවට ලොකු විශ්වාසයක් ඇති බවයි. මගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලාපොරොත්තු වනදේ 200%කින් ලබාදීමට බලාපොරොත්තු වන බවද ඇය පවසා සිටියා.

මම මෙම තරගාවලියට එක්වන්නේ බිග් බෑෂ් තරගාවලිය නියෝජනය කිරිමෙන් අනතුරුවයි. මට ඒ තරගාවලිය ලොකු පිටිවාහලක් වුණා. මගේ ක්‍රීඩාදිවියේ වර්ධනීය සාධක ගොඩනගා ගන්න.එමෙන්ම විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නෙත් බොහෝ දුරට මම ඕස්ට්‍රේලියාවේදි ක්‍රීඩා කළ ක්‍රීඩා පිටිවල ඒ නිසා මට ලොකු අවස්ථාවක් තිබෙනවා මගේ දක්ෂතා අතරට ඇවිත් කණ්ඩායමට ලොකු දෙයක් කරන්න බලනවා.අවස්ථාවක් ලබාදෙන්න මෙම තරගාවලි‍ෙයන් ඉදිරියට යැමට. අපි තරගාවලියට එක් වන්නේ පළමු කාණ්ඩයෙන්. එම කාණ්ඩය නියෝජනය කරමින් නවසීලන්තය, ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව සිටිනවා. අපට පළමුවෙන් හමුවන්නේ නවසීලන්ත කණ්ඩායම. එම කණ්ඩායමේ අන්තර් ජාතික විස්සයි 20 ලීග් තරගාවලි නියෝජනය කරන ක්‍රීඩිකාවන් හය හත් දෙනෙකු පමණ සිටිනවා. එය විශාල අභියෝගයක්. නමුත් අපට මෙම තරගාවලියේදී විශාල දෙයක් කිරිමේ හැකියාව තිබෙනවා. ප්‍රතිරූපවලට වඩා එහාට ගිය දෙයක් මම මගේ කණ්ඩාය‍ෙමන් බලාපොරොත්තු වෙනවා. මම වැඩි බලාපොරොත්තු තියාගෙන ඉන්නේ පන්දු යවන්නියන් ගැනයි. ඒ අතර වේග පන්දු යවන ක්‍රිඩිකා අචිනි කුලසුරිය ගැන මගේ වැඩි අවධානය තිබෙනවා. ඇයට අත්දැකිම් නොතිබුණත් ඇගේ දක්ෂතා මෙම තරගාවලියේදී දැක ගැනිමට හැකි වෙයි කියා මා බලාපොරොත්තු වෙනවා.

පිතිකාරිණියන් තමන්ගේ කොටසේ වගකීම නිසියාකාරව ඉටුකලොත් මෙම තරගාවලියේදී පළමු සිව් දෙනා අතරට පැමිණී අපහසු වන්නේ නෑ. හැම තරගාවලියකදීම ලකුණු 150 – 160ක් පමණ ලබාගත යුතු වෙනවා. ඒ වගේම ලකුණු 160ක් පමණ හඹායැමේ හැකියාව තියෙන්න ඕනෑ. මම සිතනවා අපිට ඒ අවස්ථාවට ලගා විය හැකියි කියා.

නවකයින් තිදෙනෙක් මගේ කණ්ඩායමට මේ වන විට එක්ව සිටිනවා. ඔවුන් අතරින් උපනායිකා හර්ෂිතා මාධවී ප්‍රධානයි. ඇය දක්ෂ ක්‍රීඩිකාවක්. ඇය ගැන මගේ ලොකු බාලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම කවිෂා දිල්හාරී ඇයත් නවකයන් අතර සිටින දක්ෂ ක්‍රිඩිකාවක්. ඒ වගේම නවකයෙකු ලෙස එක්වන අචිනි කුලසූරිය යන මේ තිදෙනා ගැනම මගේ ලොකු විශ්වාසයක් තිබෙනවා. මම හැම විටම මේ තිදෙනාට තියෙන්නේ ලෝක කුසලානය ගැන හිතන්නේවත් නැතුව ක්‍රීඩා කරලා තමන්ගේ දක්ෂතා අතරට එන ලෙසයි. නවකයින් ද ජේෂඨයන්ද කියා වයසින් හෝ පළපුරුද්දෙන් තරගාවලියකට එක් විය නොහැකියි. හැම දෙනාම එකට එක්ව කණ්ඩායමක් හැටියට ක්‍රිඩා කළොත් ලෝක කුසලානයට යන මාවත ළඟා කර ගත හැකියි.

නවකයින් මෙන්ම ප්‍රවීණයන්ද ඔවුන්ගේ යුතුකම හා වගකීම රටවෙනුවෙන් ලබාදෙයි කියලා විශ්වාසයි. මගේ කණ්ඩායම් සිටිනවා අත්දැකීම් සමුදායකින් සමන්විත හිටපු නායිකා ශෂිකළා සිරිවර්ධන. ඇය තමයි ලකුණු 2000සිමාව හා කඩුලු 100 සිමාව පසුකර තියෙන්නේ ඇය සහාභාගි වන අවසන් තරගාවලිය. මෙම තරගාවලියෙන් පසු ක්‍රීඩා දිවියට සමුදෙන බවට ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ඇයගේ අත්දැකීම් ලොකු පිටිවාහලක් වෙයි මෙම තරගාවලියෙන් ඉදිරියට ඒමට.

2016 වසරේදී පමණයි අපට අර්ධ අවසන් පුර්ව වටයට පැමිණිමට හැකි වුණේ. නමුත් පළමු සිව්දෙනා අතර ඒම අභියෝගයක්. ක්‍රීකට්වල ශ්‍රේණිගත කිරිම් මට නම් අංකයක් පමණයි. තරගයෙන් තරගයට මුහුණ දෙමින් තම තමන්ගේ වගකිම හා වගවිම නිසි ලෙස ඉටු කළොත් ඔය කියන අංක ලොකු දෙයක් නෙමෙයි.“

ශ්‍රී ලංකා කණ්ඩායම චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා මාධවී (උප නායිකා) අනුෂ්කා සංජිවනී, හංසිමා කරුණාරත්න, ශෂිකළා සිරිවර්ධන, නිලක්ෂි ද සිල්වා, අමා කාංචනා, කවිෂා දිල්හාරි, උදේෂිකා ප්‍රබෝදනී, අචිනි කුලසුරිය, හසිනි පෙරේරා, සත්‍යා සංදිපනී, උමේෂා තිමේෂනි, සුරංකිකා කුමාරි සහ ඩිලානි මනෝදර යන ක්‍රීඩිකාවන්ගෙන් සමන්විතය.

 

Comments