ක්‍රීඩාව සුපිරිසුදු කරන්න ඩලස්ගෙන් සුපිරි වැඩක් | සිළුමිණ

ක්‍රීඩාව සුපිරිසුදු කරන්න ඩලස්ගෙන් සුපිරි වැඩක්

ජාතික ක්‍රීඩාවල අවංකභාවය ආරක්ෂා කිරීම හා යහපත් ලෙස පවත්වාගෙන යෑමේ අරමුණින් ක්‍රීඩාවල තරග පාවාදීම්, දූෂණ, නීතිවිරෝධී මෙහෙයවීම හා නීති විරෝධී ඔට්ටු ඇල්ලීම වැළැක්වීම උදෙසා 2019 අංක 24 දරන ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ වන වරදක් සම්බන්ධයෙන් විමර්ශන සදහා බලතල සහිත විශේෂ ඒකකයක් සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරී භූමියේ විවෘත විය.මෙම පනත පාර්ලිමේන්තුව තුළදී සම්මත කරගැනීමට එවකට සිටි අමාත්‍යවරු ඇතුළු නිලධාරීන් සුවිශාල කාර්යයක් ඉටු කළහ. මෙකි පනත මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට අලුත් අත්දැකීමක් මෙන්ම නව මගක් බව නොරහසකි.

ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදි ප්‍රකාශ කළේ මෙවැනි විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කිරීම මඟින් බලාපොරොත්තු වන්නේ වැඩි වැඩියෙන් පැමිණිලි විභාග කිරීමටත් වඩා , ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ කිසියම් වැරැද්දක් සිදු වේ නම් එවැනි වැරැදි නවතාලීමට දිරිගැන්විමක් බවය.

මෙම විශේෂ විමර්ශන ඒකකය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා යටතට පත්කළ අතර එහිදී අප වැරදි හොය හොයා දඬුවම් කිරීමට කල්පනා කරන්නේ නෑ. අපට අවශ්‍ය මේ ඒකකයේ ක්‍රියාකාරීත්වය තුලින් වැරදි සිදු නොවන වට පිටාවක් නිර්මාණය කරන්න යැයි හෙතෙම පැවැසිය.

Comments