රාජ්‍ය සේවා­වට තවත් ‘දේවා­නිලා’ ඕනෑකර තිබේ | සිළුමිණ

රාජ්‍ය සේවා­වට තවත් ‘දේවා­නිලා’ ඕනෑකර තිබේ

මීග­මුව මුන්න­ක්කර කඩො­ලාන පද්ධ­තියේ පිහිටි දූප­තක ක්‍රීඩා පිටි­යක් ඉදි­කි­රී­මට අව­ස­රය ලබා දෙන මෙන් ගම්පහ දිසා වන නිල­ධා­රිනී දේවානි ජය­ති­ලක මහ­ත්මි­ය­ගෙන් පසු­ගි­යදා කළ ඉල්ලී­ම­කට; ඇය දැඩි සේ විරු­ද්ධ­ත්වය දැක්වීම පිළි­බඳ පුවත සමස්ත සමා­ජයේ දැඩි ආන්දෝ­ල­න­ය­කට තුඩු දුන්නේ ය. ධීවර හා මිරි­දිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේ­රාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඉකුත් 11 වැනිදා පිටි­පන ධීවර වරාය රැස්වීම් ශාලා­වේදී මේ සාක­ච්ඡාව පැවැ­ත්විණි. ඇමැ­ති­ව­ර­යාත්, දිසා වන නිල­ධා­රි­නි­යත්, ගම්වාසී ධීවර ප්‍රජා­වත් අතර මෙහිදී සිදු­වුණු මත ගැටුම නිසා, දේවානි ජය­ති­ලක මේ වන විට සමා­ජයේ විශේෂ අව­ධා­න­ය­කට ලක් වී සිටි­න්නීය.

“අපට හුස්ම ගන්න ඔක්සි­ජන් නෑ. ගම්පහ දිස්ත්‍රි­ක්කයේ වන ගහ­නය 1.6%යි. වන සංර­ක්ෂි­ත­යයි, කඩො­ලා­නයි විනාශ කරන්න දෙන්න බෑ. කවුද මේවට වග කියන්නේ? ගමේ අයට ඕනෑ ඕනෑ විදි­යට කට­යුතු කරන්න නම් මේ තරම් ඉගෙ­න­ගෙන අපි මේ තැන්ව­ලට එන්න අවශ්‍ය නෑ. නීති­යට පිටින් ගිහින් වන රක්ෂිත බිම් අඟ­ලක් වත් දෙන්න මම අස්සන් කරන්නේ නෑ.”

දේවා­නිගේ නිර්භය හඬ සමස්ත රාජ්‍ය නිල­ධා­රීන්ට ම අදී­න­ත්වය හා වග­කීම් සහ­ගත බව පිළි­බඳ ආද­ර්ශ­යකි. රටක පාල­කයා නිද­හස් චින්ත­න­යක් ඇත්තකු හා එකී නිව­හල් චින්ත­නය වෙනු­වෙන් පෙනී සිටින්න හැකි නාය­ක­යකු වූ විට මෙදා විරල මේ සිදු­වීම; ඉදි­රි­යේදී සුලබ කරන්න අපට වැඩි කල් ගත නොවනු ඇත. දේවානි ජය­ති­ල­කගේ ඒ හඬ නිද­හස් වෘත්ති­ක­ය­කුගේ හඬයි. නිද­හස් පරි­ස­ර­යක් නොව­න්නට සිය දහස් ගණ­නක් රාජ්‍ය නිල­ධා­රීන් සිටි­යද ඕනෑම ව්‍යස­න­ය­කට කට නාරින වෘත්ති­ක­යන් වීම වැළැ­ක්විය නොහැකි බවට වන උදා­හ­රණ සහිත වක­වා­නු­වක් අපි පසු කළෙමු. විල්පත්තු ප්‍රේරණ කලා­පය හිටපු ඇමැ­ති­ව­ර­ය­කුගේ ‘ආශී­ර්වා­ද­යෙන්’ විනාශ වෙද්දී කට අරින්නට හෝ ක්‍රියා­ත්මක වන්නට කිසිදු නිල­ධ­ර­යකු නිර්භ­යව ඉදි­රි­පත් නොවූයේ රාජ්‍ය නිල­ධා­රීන්ට සිය වෘත්තී­භා­වය ආරක්ෂා කර­ගෙන යෑමට හැකි පරි­ස­ර­යක් නොවූ නිසාය. ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ නාය­ක­ත්වය හා රැක­ව­ර­ණය යටතේ රාජ්‍ය නිල­ධ­ර­යන්ට කිසිදු බියක් සැක­ක් නැතිව ඍජුව සිය නිවැ­රදි රාජ­කාරි තීන්දු ගැනී­මට අවශ්‍ය පරි­ස­රය සකසා ඇති බැව් තොර­තුරු සන්නි­වේ­දන තාක්ෂණ, උසස් අධ්‍යා­පන, තාක්ෂණ හා නවෝ­ත්පා­දන අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණ­ව­ර්ධන මහතා පව­සන්නේ එබැ­විනි.

‍මීට දශක හත­ර­කට ඉහත ලංකාවේ වන ගහ­නය 35%ත් 37%ත් අතර ප්‍රමා­ණ­යක පැවැති අතර; දැන් එය 21% දක්වා ඌන­නය වී තිබේ. ලෝක උෂ්ණ­ත්වය ද දිනෙන් දින වැඩි වෙමින් පව­තින්නේ පෘථි­විය ජන­තා­වට ජීවත් විය නොහැකි ග්‍රහ­ලෝ­ක­යක් බවට මො‍හොතින් මොහොත පත් කර­මිනි. 21 වැනි සිය­ව­සේදී ලෝකයේ කාල­ගුණ විද්‍යා­ඥ­යන්ගේ පොදු එක­ඟ­තාව වන්නේ මේ වන විට ‍ගෝලීය උෂ්ණ­ත්වය තව සෙල්සි­යස් අංශක 2කින් ඉහළ නොයෑ­මට එකා­වන්ව ක්‍රියා කළ යුතු බවයි. ඒ නිසා මේ හදන්න යන පිට්ට­නියේ සෙල්ලම් කරන්නේ එකී ව්‍යස­න­යට හෙට මුහුණ දීමට නිය­මිත අපේම දරු පර­පුර ය. දේවානි නොබි­යව කතා කළේ අපේ ඒ දරු පර­පුරේ අනා­ගත සුර­ක්ෂිත භාවය වෙනු­වෙනි.

මුන්න­ක්කර කඩො­ලාන සහිත ප්‍රදේ­ශය රක්ෂි­ත­යක් ලෙස නම් කර ගැසට් කිරී­මට යවා තිබි­යදී කල­පුව හාරා ලබා­ගන්නා පස් පුරවා ක්‍රීඩා පිටි­යක් ඉදි කිරීමේ අඩි­තා­ලම දැමුවේ පසු­ගිය රජයේ ධීවර ඇමැ­ති­ව­රයා බව ධීවර හා ජලජ සම්පත් අමා­ත්‍ය­ව­රයා පවසා සිටියි. දේවානි මහ­ත්මිය පව­සන්නේ මේ සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණයේ නඩු­වක් පවරා ඇති බව ය. ඇය නිර්භ­යව හඬ නඟන්නේ සමස්ත ප්‍රජා­වට ම ඔක්සි­ජන් අවැසි ඇයි දැයි කරන පැහැ­දිලි කිරී­මක් ද සම­ඟිනි. දේවානි මහ­ත්මිය පව­සන ආකා­ර­යට මේ වන විට බොයි­ලේරු 51ක් තිබේ. ඒ එක් බොයි­ලේ­රු­වක් වෙනු­වෙන් දව­ස­කට ටොන් 7ක ගස් වැය වේ. ටොන් 7කින් පිට වන කාබ­න්ඩ­යො­ක්ස­යිඩ් උරා­ගන්නට මේ භූමියේ ගස් තිබිය යුතුය. ඇය හඬ නඟන්නේ සමස්ත ප්‍රජා­වගේ හුස්ම ගැනීමේ අයි­තිය වෙනු­වෙනි.

ඇය ඔක්සි­ජන් වෙනු­වෙන් පෙනී සිටි­යදී ඒ ප්‍රදේ­ශ­යේම තවත් පුද්ග­ල­යකු කියන්නේ ඔක්සි­ජන් අවශ්‍ය නෑ කියා ය! ඔක්සි­ජ­නී­කෘත රුධි­රය සැප­යීම විනාඩි කිහි­ප­යක් අක්‍රීය වුව හොත් ඕනෑ ම කෙන­කුගේ මර­ණය සිදු වේ. ඔක්සි­ජන් නැති විට කොන්ක්‍රීට් ගොඩ­නැ­ඟිලි දූවිලි බවට හැරේ. ඔක්සි­ජන් අහිමි වූ කල ජීවීහු පුපුරා යති. මේ ඇය තනිව සටන් කරන්න මඟට බට ඔක්සි­ජන්හි වැද­ග­ත්ක­මයි. දේවානි මේ සටන් කළේ සමස්ත ප්‍රජා­වගේ හුස්ම ගැනීමේ අයි­තිය වෙනු­වෙන් වන්නේ ඒ නිසා ය.

කඩො­ලාන ගැට­ලු­වේදී පරි­සර නිල­ධා­රි­නි­යගේ ස්ථාව­රය නිවැ­රදි සේ ම ධීවර හා ජලජ සම්පත් අමා­ත්‍ය­ව­ර­යාගේ උත්සා‍හයේ ද වර­දක් නැත. පරි­ස­ර­යට හා ඒ පරි­ස­රයේ ජීවත් වන අපට ආද­රය කරන පරි­සර නිල­ධා­රි­නි­යක සිටීම කොන්දේසි විර­හි­තව අපට ආඩ­ම්බ­ර­යට කරු­ණකි. එමෙන්ම ධීවර හා මිරි­දිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය ඇමැ­ති­ව­ර­යාගේ වෑයම වූයේ ද තම ප්‍රජා­වගේ ගැටලු සපු­රා­ලීම ය. වන සංර­ක්ෂ­ණය වෙනු­වෙන් නොබි­යව පෙනී සිටින ‍ඒ නිල­ධා­රි­නිය සේ ම ඔහු ද උත්සුක වන්නට ඇත්තේ සිය ජන­තා­වගේ ගැටලු විස­ඳා­ලී­මට ය. එහෙත් ඒ ගැටලු විස­ඳීමේ නෛතික හා පාරි­ස­රික එළැ­ඹුම ගැන ඇමැ­ති­ව­රයා සවි­ඥා­නක නොවීම කන­ගා­ටු­වට කරු­ණකි.

1994 වස­රේදී වයඹ දිග වෙරළ තීරයේ ධීවර ප්‍රජාව වීදි බැස සටන් වැදුණේ ඉර­ණ­විල ප්‍රදේ­ශයේ ‘ඇම­රි­කන් හඬ’ ගුව­න්වි­දුලි සම්ප්‍රේ­ෂ­ණා­ගා­ර­යක් ඉදි කිරී­මට විරෝ­ධය පාමිනි. මේ සම්ප්‍රේ­ෂ­ණා­ගා­රය හේතු­වෙන් ප්‍රදේ­ශ­වා­සීන් හට සෞඛ්‍ය උව­දුරු හට­ගන්නා බවත්, චූල ධීවර ප්‍රජා­ව­කගේ බත සරි කරන කලපු සහ තවත් කුඩා ජල පෝෂක ප්‍රදේශ අහිමි වන බවත් පව­ස­මින් ගෙන ගිය සටන අව­සාන වූයේ බෙන­ඩික්ට් ප්‍රනාන්දු නම් ධීවර විරෝ­ධ­තා­ක­රුවා වෙඩි උණ්ඩ­ය­කින් පර­ලොව යෑමෙනි. ‘ඇම­රි­කන් හඬ’ නැව­තුණේ නැත.

වසර 26ක් ගෙවී ඇත. 2020 වර්ෂය වන විට ලංකාවේ වයඹ දිග වෙරළ ඇතැම් ධීව­ර­යන් සටන් වදින්නේ කඩො­ලාන බිමක් ක්‍රීඩා පිට්ට­නි­යක් කර­ගැ­නී­මට ය. කඩො­ලාන ගැන කිසිම තැකී­මක්, දැනු­මක් නැති කෙනෙක් ඔක්සි­ජන් ද අන­වශ්‍ය බව කියන්නේ ය. මේ සියලු දෑ මැද නොමිලේ උගත් ශිල්ප­යට ණය­ගැති නැති හුදෙ­කලා නිල­ධා­රි­නි­යක් පරි­ස­රය වෙනු­වෙන් නොපැ­කි­ළව ඉදි­රි­පත් වන්නී ය. ඇයගේ ‍ඒ නිර්භීත බව සමස්ත රාජ්‍ය සේවා­වට ම ආද­ර්ශ­යකි. එකී නිද­හස් නිව­හල් බවෙන් යුතු රාජ්‍ය සේවා­වක් ක්‍රියා­ත්මක වන තෙක් 94 දී වු‍ණු දේ අපට නැවත වන්නේ නැත. ඉඩම් හා ඉඩම් සංව­ර්ධන පරි­සර හා වන­ජීවී සම්පත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍ර­සේන මහතා දේවානි ජය­ති­ලක රටට අවශ්‍ය රාජ්‍ය සේවා­වක ගුණා­ත්මක බව ක්‍රියා­වෙන් පෙන්වූ බවත්; එවැනි ඍජු නිල­ධා­රීන්ගේ සේවාව අව­ශ්‍යම මොහො­තක් අප ගත කර­මින් සිටින බවත් පැව­සුවේ ඒ නිසා ය.

නව චින්ත­න­යක, නිද­හස් දැක්මක හා බලා­පො­රොත්තු සහ­ගත අනා­ග­ත­යක මල් පොහොට්ටු පිබි­දෙ­මින් තිබේ. ඒ අනුව ඉදි­රි­යේදී අපේ රාජ්‍ය සේවා­වට තවත් දේවා­නිලා බිහි වනු දැක්ම අපේ ප්‍රාර්ථ­න­යයි.

Comments