'ආදරය දේශපාලනිකයි ?' සෞන්දර්ය සන්ධ්‍යාව අද රෑ 7ට | Page 3 | සිළුමිණ

'ආදරය දේශපාලනිකයි ?' සෞන්දර්ය සන්ධ්‍යාව අද රෑ 7ට

අපි ගන්නා හුස්මවලත් දේශපාලනය තියනවා.

ඒ නිසා ආදරය වගේ හෘදය සංවේදී මනුෂ්‍ය ක්‍රියාවලියක දේශපාලනය නැති වෙන්නෙ නෑ.

ආදරය ඇතුළත වගේ ම ආදරයෙන් පිටත උපදින sex ඇතුළෙත් 'බල අරගල' හොයාගන්න පුළුවන්.

සෙනෙහස, ආදරය සහ sex ඇතුළෙ අපි දැනුවත්ව වගේම නොදැනුවත්ව තියන 'බල අරගල' මොනවද ? මේ සියල්ලටම ඉහළින් දේශපාලනය ස්ථානගත වෙන්නෙ කොහොමද ?

මේ සංවාදය එක්ක අපි අපේ පොත් කියවනවා. ඒ තුළ සැඟවිලා තියෙන ජීවිත අත්දැකීම් කතා කරනවා. 

ආදරය, දේශපාලනය සහ සංගීතය මුසුවුණු ප්‍රේමණීය හැන්දෑවක් මේ අවුරුද්දේ ආදරවන්තයන්ගේ දිනයට පූර්විකාව කරගම්මු.

ඒ අතරේ ලස්සන සින්දු ටිකකුත් එක්ක ජීවිතේ තව රහ දේවල් විඳින්න කැමති නම් ආදරය කරන අයත් එක්කම පෙබරවාරි 13 සවස 7ට කොළඹ 7, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ නුග ගහ යටට එන්න. ඇතුළුවීම නොමිලේ.

පොත් කියවන්නෙ රසික ජයකොඩි, මිලින්ද රාජපක්, දිල්ෂි තත්සරණි, යේෂා ෆර්නැන්ඩු

 

Comments