වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළට | Page 2 | සිළුමිණ

වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළට

කොළඹ ඇතුළු නගර කිහිපයක වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කළේ අද උදෑසන කාලයේ එම නගරවල වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඒකක 100 ඉක්මවා ඇති බවයි.

එම තත්ත්වය මේ මස අග දක්වා පැවතිය හැකි බව ද ඔහු පැවසුවේ ය.

පුත්තලම, වව්නියාව, මහනුවර හා කුරුණෑගල නගර වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ ගිය සෙසු නගර වේ.

Comments