පොහොර හිඟයක් රට තුළ නැහැ | සිළුමිණ

පොහොර හිඟයක් රට තුළ නැහැ

යූරියා පොහොර හිඟයක් මේ වනවිට රට තුළ නොමැති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල සඳහන් කළේ, යූරියා මෙට්‍රික්ටොන් 24,000 ක නැවක් පසුගිය දා දිවයිනට සේන්දු වූ බවයි.

එම පොහොර තොග බෙදා හැරීම මේ වනවිට සිදු කෙරෙන බව ද ඔහු පැවසුවේ ය.

අධ්‍යක්ෂවරයා කියා සිටියේ පොහොර තොග සඟවා ගෙන සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ද වැටලීම් ක්‍රියාත්මක බවයි.

දිවයිනේ ප්‍රදේශ රැසකින් පසුගිය සතියේ යූරියා පොහොර හිඟයක් වාර්තා වූ අතර ඒ පිළිබඳව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ද තහවුරු කළේ ය.

 

Comments