ඇලන් බෝඩර් සම්මානය ඩේවිඩ් වෝනර්ට | සිළුමිණ

ඇලන් බෝඩර් සම්මානය ඩේවිඩ් වෝනර්ට

වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ඇලන් බෝඩර් පදක්කම වාර්ෂික ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මාන උළෙලේදී මෙවර දිනා ගැනීමට ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සමත් විය.

මෙවර ඔස්ට්‍රෙලියානු වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙල මෙල්බර්න්හිදීයි පැවැත්විණ.

ඔස්ට්‍රේලියාව නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීතවයෙන් මෙය පැවැත්විණ.

මෙවර සම්මාන උළෙලේදී වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ඇලන් බෝඩර් පදක්කම සඳහා ස්ටීව් ස්මිත්, පැට් කමින්ස් හා ඩේවිඩ් වෝනර් නම් නිර්දේශ වී තිබීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් සම්මාන උළෙලේදී තුන්වන වරටත් වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ඇලන් බෝඩර් පදක්කම දිනා ගැනීමට ඩේවිඩ් වෝනර් සමත් විය.

සම්මානය දිනා ගැනීමෙන් අනතුරුව ඩේවිඩ් වෝනර් ඉතා හැඟීම්බරව අදහස් පළ කිරීම බොහෝ දෙනාගේ අවධානයට යොමුවිය.

සම්මාන උළෙලේදී එලිස් පේරි වසරේ ක්‍රීඩිකාවට හිමි බෙලින්ඩා ක්ලාක් පදක්කමෙන් පිදුම් ලැබුවා ය.

ඇය ද එම සම්මානයෙන් පිදුම් ලැබූ තෙවන අවස්ථාව මෙයයි.

වසරේ ජාත්‍යන්තර 20යි 20 ක්‍රීඩකයා ලෙස ද ඩේවිඩ් වෝනර් සම්මාන හිමි කර ගත්තේ ය. .

එරෝන් ෆින්ච් සම්මානයෙන් පිදුම් ලැබුවේ වසරේ ජාත්‍යන්තර එක්දින ක්‍රීඩකයා ලෙසයි.

වසරේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙස මර්නස් ලබුෂේන් සම්මානයෙන් පිදුම් ලැබී ය.

 

Comments