ඕස්ට්‍රේ­ලි­යාව ප්‍රථම වරට කොරෝනා වයි­ර­සය ප්‍රති­නි­ර්මා­ණය කරයි | සිළුමිණ

ඕස්ට්‍රේ­ලි­යාව ප්‍රථම වරට කොරෝනා වයි­ර­සය ප්‍රති­නි­ර්මා­ණය කරයි

ස්ට්‍රේ­ලි­යාව ප්‍රථම වරට චීන­යෙන් පිටත කොරෝනා වයි­ර­සය ප්‍රති­නි­ර්මා­ණය කර තිබේ. මෙය චීන­යෙන් පිටත කොරෝනා වයි­ර­සය ප්‍රති­නි­ර්මා­ණය කළ ප්‍රථම අව­ස්ථාව වේ. ඕස්ට්‍රේ­ලි­යානු විද්‍යා­ඥ­යන් විසින් විද්‍යා­ගාර තුළදී මේ වයි­ර­සය ප්‍රති­නි­ර්මා­ණය කර ඇති අතර එහි දෙවැනි පිය­වර ලෙස වයි­ර­සය මැඩ පැවැ­ත්විය හැකි ක්‍රම­යක් කෙරෙහි අව­ධා­නය යොමු කරන බවද ඔවුන් පවසා තිබේ.

ඕස්ට්‍රේ­ලි­යානු විද්‍යා­ඥ­යන්ගේ මේ උත්සා­හය සම්බ­න්ධව ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ ප්‍රශං­සාව හිමි වී තිබේ. එමෙන්ම මේ වයි­ර­සය ප්‍රති­නි­ර්මා­ණය කිරීම මගින් එහි හැසි­රීම නිශ්චි­තව හඳුනා ගනි­මින් එය මර්ධ­නය කිරීමේ ක්‍රම­වේද ඉක්ම­නින් සොයා ගැනී­මට හැකි­වනු ඇතැයි ඔවුන් විශ්වා­සය පළ කර තිබේ. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය ප්‍රකා­ශ­යක් නිකුත් කර­මින් පවසා ඇත්තේ කොරෝනා වයි­ර­සය මැඩ පැවැ­ත්විය හැකි බවයි.

වයි­ර­සය ප්‍රති­නි­ර්මා­ණය කළ මෙල්බර්න් හි විද්‍යා­ඥ­යන් පවසා ඇත්තේ ඔවුන් ආසා­දිත රෝගි­ය­කු­ගෙන් ලබා ගත් සාම්ප­ල­යක අනුක සැකැස්ම නිරී­ක්ෂ­ණය කර­මින් ඒ අනුව වයි­ර­සය ප්‍රති­නි­ර්මා­ණය කළ බවයි. මීට පෙර චීන විද්‍යා­ඥ­යන්ද කොරෝනා වයි­ර­සය ප්‍රති­නි­ර්මා­ණය කර තිබේ. ඕස්ට්‍රේ­ලි­යානු විද්‍යා­ඥ­යන් පවසා සිටින්නේ මේ ප්‍රති­නි­ර්මිත වෛර­සය ඔස්සේ ප්‍රති­කා­ර­ක­යද ඉක්ම­නින්ම සොයා ගත හැකි වනු ඇති බවයි.

මේ හැර ලෝකයේ තවත් රට­වල් රැසක්ම වයි­ර­ස­යට එරෙ­හිව විද්‍යා­ගාර තුළදී සටන් වැදීම අරඹා තිබේ. කිසි­යම් රෝග බීජ­යක් මෙලෙස ලොව පුරා පැතිර යන අව­ස්ථා­ව­න්ව­ලදී ලෝකයේ බොහෝ විද්‍යා­ඥ­යන් ඒ සම්බ­න්ධව තම දාය­ක­ත්වය ලබා දීමට එක්වේ. මීට පෙර සාර්ස් වසං­ග­තය පැතිර යන අව­ස්ථා­වේදී ශ්‍රී ලාංකික විද්‍යා­ඥ­යකු වන මලික් පීරිස් ප්‍රමුඛ විද්‍යා­ඥ­යන් පිරි­සක් විසින් ප්‍රථම වරට සාර්ස් වයි­ර­සය නිශ්චය කිරීමේ ගෞර­වය ලබා තිබේ. එම­ගින් ඒ වයි­ර­සය සඳහා ඖෂධ නිප­ද­වී­මට හැකි­යාව ලැබුණු අතර රෝගය පැතිර යෑම වැළැ­ක්වීමේ ගෞර­ව­යෙන් විශාල ප්‍රමා­ණ­යක් මේ ශ්‍රී ලාංකි­ක­යාගේ නමට වෙන් වී තිබේ.

ඔහු මේ වීර ක්‍රියාව සිදු කර ඇත්තේ 2003 වසරේ හොංකොං විශ්ව­වි­ද්‍යා­ල­යේ­දීය.

Comments