ජේ.ආර්. ගේ නිවෙසේ ඉදි ­වුණු ජගත් බොදු සර­ස­විය | Page 2 | සිළුමිණ

ජේ.ආර්. ගේ නිවෙසේ ඉදි ­වුණු ජගත් බොදු සර­ස­විය

මුළු ලොවම විශ්ව ගම්මා­න­යක් වී ඇති මේ කාලයේ බුදු­ද­හම ආශ්‍රි­තව තොර­තුරු තාක්ෂ­ණය ආශ්‍රි­තව එතෙර මෙතෙර බෞද්ධ භික්ෂු පර­පු­රට හා එතෙර මෙතෙර සිසු පර­පු­රට ආචාර්ය උපා­ධිය දක්වා උපාධි ලබා­දෙන ජගත් මට්ටමේ බෞද්ධ සර­ස­වි­යක් දැන් අපේ රටේ පිහි­ටුවා ඇත.

කැල­ණිය බොල්ලෑ­ගල ප්‍රදේ­ශයේ අක්කර 50 ක මන­රම් භූමි භාග­යක ඉදි­කර ඇති ලොව­ටම ආග­මික හැදි­යා­වම බෙදා දෙන මේ පින් බිම අද හඳු­න්වන්නේ නාගා­නන්ද ජාත්‍ය­න්තර බෞද්ධ විශ්ව­වි­ද්‍යා­ලය ලෙසයි. මෙම පුද­බිම හිටපු ප්‍රථම විධා­යක ජනා­ධි­පති ජේ.ආර්. ජය­ව­ර්ධන මහතා හා එම මැති­නිය සංඝ­ර­ත්න­යට පූජා කළ භූමි­යකි. ආසි­යාවේ පළමු විශ්ව­වි­ද්‍යා­ලය වූ ඉන්දි­යාවේ නාලන්දා විශ්ව විද්‍යා­ලය ආදර්ශ කර­ග­නි­මින් 21 වැනි සිය­වසේ අපේ රටේ ඉදි­වුණු මේ ජාත්‍ය­න්තර බෞද්ධ විශ්වවිද්‍යා­ලය අපේ රටේ බිහිවූ මේ ආකා­රයේ එකම බෞද්ධ සර­ස­වි­යයි. අද භික්ෂුන් වහන්සේ පම­ණක් නොව මෙහෙ­ණින් වහ­න්සේට හා ගිහි තරුණ තරු­ණි­යන් ද ආචාර්ය උපා­ධිය දක්වා උපාධි ලබා­ගෙන මේ ආය­ත­නය මානෙ­ල්වත්ත පුද­බිමේ මන­රම් භූමි භාග­යක පුරා විසිරී පැතිරී තිබේ.

මානෙ­ල්වත්ත රජ­මහා විහා­රා­ධි­පති සහ තායි­වා­නයේ ප්‍රධාන සංඝ­නා­යක ආචාර්ය බෝදා­ගම චන්දිම නාහි­මි­යන් මූලි­ක­ත්ව­යෙන් ඉදිවූ මෙම නාගා­නන්ද සර­ස­වියේ අධ්‍යා­ප­නය ලබන 5000 ක පමණ නේවා­සික පහ­සු­කම් ලබා­දී­මට කට­යුතු කර­මින් ඇතැයි මෙම ආය­ත­නයේ සෙනෙට් මණ්ඩල සාමා­ජික උප­කු­ල­පති හිමි­යන්ගේ සම්බ­න්ධී­ක­රණ ලේකම් ශාස්ත්‍ර­පති දොඩ­ම්ප­හළ ශ්‍රී රාහුල හිමි­පාණෝ පව­සති.‍

මේ පිළි­බ­ඳව කරුණු දක්වන මෙම විශ්ව විද්‍යා­ලයේ පරි­පා­ලන මණ්ඩ­ලයේ සාමා­ජික පල්ලෙ­ගම සුමන හිමි­පාණෝ පැව­සුවේ මෙම සර­ස­වි­යට අනු­බ­ද්ධව ඉදි­රි­යේදී ද බෞද්ධ සංචා­රක හා සමා­ජ­සේවා ක්‍ෂේත්‍ර අනු­බද්ධ පාඨ­මාලා රැසක් ආරම්භ කරන බවයි.

මේ පිළි­බ­ඳව අපට කරුණු දැක්වූ උප­කු­ල­පති ආචාර්ය බෝදා­ගම චන්දිම හිමි­පාණෝ පැව­සුවේ මේ අධ්‍යා­පන මධ්‍ය­ස්ථා­නය එතෙර මෙතෙර සැමටම සෙත සලසන බොදු ජගත් සරසවියක් බවයි.

එදා නාලන්දා විශ්ව­වි­ද්‍යා­ල­යෙන් තමයි ලොවම උගත්තු බිහි­වූයේ. ඒ අනුව එම විශ්ව­වි­ද්‍යා­ලයේ සැලැ­ස්මට අනුව මෙම නාගා­නන්ද ජාත්‍ය­න්තර බෞද්ධ විශ්ව­වි­ද්‍යා­ලය ඉදි­කි­රී­මට පිය­වර ගත්තා. ගොඩ­නැ­ගිලි දේශන ශාලා ආදිය සියල්ල නාල­න්දාවේ සැල­සු­මට අනුව ඉදි­ක­රනු ලැබුවා. ලොව ප්‍රථම නෙළුම් මල් සංකේ­තය පළමු වරට ලොවට හඳුන්වා දුන්නේ ඉන්දි­යාව. එම නෙළුම් මල් සංකේ­තය මෙම විශ්ව­වි­ද්‍යා­ලයේ දේශන ශාලාවේ වහ­ලයේ කැට­යම් ලෙස යොදා­ගනු ලැබුවා.

මෙය තමයි මේ සිය­වසේ ලොව තිබෙන ථෙර­වාද, මහා­යාන සහ වජ්‍ර­යාන යන බුද්ධා­ග­මට සම්බන්ධ සිය­ලුම ඉගැ­න්වීම් කට­යුතු කරන එකම විශ්ව­වි­ද්‍යා­ලය. එදා නාලන්දා විශ්ව­වි­ද්‍යා­ල­යෙන් පසු මෙලෙස සිය­ලුම බෞද්ධ ඉගැ­න්වීම් කට­යුතු සිදු­ක­රන විශ්ව­වි­ද්‍යා­ල­යක් ලොව කොහේ­වත් බිහි­වූයේ නැහැ. ථෙර­වාද, මහා­යාන, වජ්‍ර­යාන ඉගැ­න්වීම් වෙන වෙනම සිදු­ක­රන විශ්ව­වි­ද්‍යාල සහ අධ්‍යා­පන ආය­තන පම­ණයි තිබෙන්නේ.

ලෝක­ය­ටම බුදු දහම පතු­රු­වන්න නම් මේ සියල්ල එක තැනක ඉගැ­න්වීම් සිදු­ක­රන විශ්ව­වි­ද්‍යා­ල­යක් තිබිය යුතුයි. එනිසා මෙම විශ්ව­වි­ද්‍යා­ලය තුළ ඒ සියලු අධ්‍ය­යන කට­යුතු ලබා­දෙ­නවා.

එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස මේ වන­විට දේශීය මෙන් ම විදේ­ශීය භික්ෂූන් වහ­න්සේලා සහ මෙහෙ­ණින් වහන්සේ අධ්‍යා­ප­නය ලබ­නවා.

මෙහි තොර­තුරු තාක්ෂ­ණික විද්‍යා­ගා­ර­යක් තිබෙ­නවා. බුදු­ද­හම පිළි­බඳ පර්යේ­ෂණ කිරී­මට පහ­සු­කම් තිබෙ­නවා යැයි ද ආචාර්ය බෝදා­ගම චන්දිම හිමි­පාණෝ පැව­සූහ.

ඒ සම­ඟම ඉදි­රි­යේදී රට­වල් කිහි­ප­යක් සම­ඟම ශිෂ්‍ය හුව­මාරු වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරී­මට අවශ්‍ය අව­බෝ­ධතා ගිවි­සුම් අස්සන් කර තිබෙ­නවා. ඒ අනුව ඉන්දි­යාව නේපා­ලය තායි­වා­නය කොරි­යාව ජපා­නය චීනය රුසි­යාව වැනි රට­වල ශිෂ්‍ය ශිෂ්‍යා­වන් රැස­කට අවශ්‍ය නේවා­සි­කා­ගාර පහ­සු­කම් ද සප­යනු ලබයි.‍

බුදු­ර­ජා­ණන් වහන්සේ බුද්ධ­ත්ව­යට පත්වී නව වන අවු­රුද්දේ මණි­අ­ක්ඛික නා රජුගේ ආරා­ධ­නා­වෙන් කැලණි පුර­යට වැඩ­මවා වදාළ අව­ස්ථාවේ රජු විසින් මෙම බොල්ලා­ගල පුර­ව­රය බුදු­ර­දුන්ට පූජා කරන ලදී. ඉති­හාස මූලා­ශ්‍ර­ව­ලට අනුව කැල­ණිය, බොල්ලෑ­ගල පිහිටි අද මානෙ­ල්වතු මහා විහා­රය නමින් හැඳි­න්වෙන මෙම භූමිය අතී­තයේ රජ­වත්ත නමින් හඳු­න්වනු ලැබූ අතර මෙය පිහිටා ඇත්තේ එදා බුදු­ර­දුන් වෙත පූජා කරන ලද භූමිය තුළයි.‍

මෙම භූමිය ලංකාවේ පළමු විධා­යක ජනා­ධි­පති ‍ෙජ්. ආර්. ජය­ව­ර්ධන මහතා හා එලීනා ජය­ව­ර්ධන මහ­ත්මිය විසින් 1962 ජන­වාරි 20 වැනි දින සඟ සතු­කොට එකල මල්වතු මහා­නා­හි­මි­යන් වැඩ සිටි වැලි­විට සංඝ­රාජ විහා­ර­ස්ථා­න­යට පූජා කරන ලදී. අන­තු­රුව මානෙ­ල්වතු විහා­රා­ධි­පති වශ­යෙන් කන්ඩ­ක්කු­ලමේ ධම්ම­කිත්ති නාහි­මි­යන් පත් කරන ලදී. 2002 දී මැලේ­සි­යාවේ ශ්‍රී ලංකා මහා විහා­රා­ධි­පති කිරින්දේ ධම්මා­නන්ද මාහි­මි­යන්ගේ උප­දෙස් පරිදි මානෙ­ල්වතු විහා­රය සංව­ර්ධ­නය කර­මින් අනා­ග­ත­යට දායාද කර­න්නට තායි­වා­නයේ ප්‍රධාන සංඝ­නා­යක ආචාර්ය බෝදා­ගම චන්දිම නාහි­මි­යන් වෙත පව­රනු ලැබූහ. මේ වන­විට උන්ව­හ­න්සේගේ නාය­ක­ත්වය හා මෙහෙ­ය­වීම යටතේ මෙම මානෙ­ල්වත්ත පුද බිම, මානෙ­ල්වත්ත මහා විහා­රය අධ්‍යා­පන ඇක­ඩ­මිය, නාගා­නන්ද ජාත්‍ය­න්තර බෞද්ධ විශ්ව­වි­ද්‍යා­ලය, බුද්ධ­ශ්‍රා­විකා අධ්‍යා­පන පුහුණු ආය­ත­නය, ආයු­ර්වේද වෛද්‍ය අංශය, තොර­තුරු තාක්ෂණ අංශය, සම්ම­න්ත්‍රණ ශාලාව යනාදී අංශ­ව­ලින් සුවි­ශේ­ෂ ලෝක ශාස­නික හා සමාජ මෙහෙ­ව­රක් කර­මින් පවතී.

තොර­තුරු, සන්නි­වේ­දන තාක්ෂණ, උසස් අධ්‍යා­පන, තාක්ෂණ හා නවෝ­ත්පා­දන ඇමැති සහ ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන නාගා­නන්ද බෞද්ධ විශ්ව­වි­ද්‍යා­ලය නිරී­ක්ෂ­ණය කළ අවස්ථා‍වේ විශ්වවිද්‍යාලයේ උප­ කු­ල­පති බෝදා­ගම චන්දිම නාහිමිපාණන් ඇමැතිවරයාට බුදු පිළිමයක් පිරිනැමූ අවස්ථාව. ශාස්ත්‍ර­පති දොඩ­ම්ප­හළ ශ්‍රී රාහුල හිමිපාණෝද මෙහි වෙති. 

මෙම මානෙ­ල්වතු විහා­රයේ දක්නට ලැබෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ අංකු­ර­යක් වන බෝධීන් වහන්සේ ඉතා ආක­ර්ෂ­ණී­යය. එය වැඩම කරවා රෝප­ණය කරවා ඇත්තේ ද හිටපු ජනා­ධි­පති ජේ.ආර්. ජය­ව­ර්ධන මහතා විසිනි. මෙම විහාර භූමියේ ඉදි­කර ඇති චෛත්‍ය­රා­ජ­යා­ණන් වහ­න්සේගේ ස්ථාන තුනක ධාතු නිධ­න්කර තිබේ. එය අනෙ­කුත් චෛත්‍ය­යන් තුළ දක්නට නොලැ­බෙන අව­ස්ථා­වකි. පේසා­ව­ළලු 3 අසල ද සීවලී මහ රහ­තුන් වහ­න්සේගේ ධාතු තැන්පත් කර ඇත.

1978 ශ්‍රී ලංකා­වට වැඩම කරනු ලැබූ කපි­ල­වස්තු ධාතූන් වහ­න්සේ‍ලාගේ දෙ‍නමක් ද මෙම චෛත්‍යයේ ම හත­රැස් කොටුවේ තැන්පත් කර ඇත.

හිටපු ජනා­ධි­ප­ති­තුමා විසින් මෙම පූජා භූමිය පූජා කිරීමේ ඔප්පුවේ සඳ­හන් කර ඇත්තේ මෙම විහා­ර­ස්ථා­නය ජාත්‍ය­න්තර බෞද්ධ අධ්‍යා­පන ආය­ත­න­යක් විය යුතු බවයි. එකී අර­මුණ ඉටු­වන පරිදි ආචාර්ය බෝදා­ගම චන්දිම හිමි­පා­ණන් දැන­ට­මත් මෙම ස්ථානය ජාත්‍ය­න්තර බෞද්ධ විශ්ව­වි­ද්‍යා­ල­යක් බවට පත්කර ඇත. මෙහි තෙම­හල්, සිවු­ම­හල් ගොඩ­නැ­ගිලි 11ක් ඉදිවී ඇත. ඒ අතර පරි­පා­ලන ගොඩ­නැ­ගිලි සංකී­ර්ණය, දේශන ශාලා, අංග සම්පූර්ණ පුස්ත­කා­ලය 1500කට පමණ පහ­සු­කම් සහිත ශ්‍රව­ණා­ගා­රය, ස්ත්‍රී/පුරුෂ දෙස් විදෙස් 2000 දෙනා සඳහා නේවා­සි­කව පහ­සු­කම් හා ආපන ශාලා ඉදිවී ඇත. නාගා­නන්ද ජාත්‍ය­න්තර බෞද්ධ විශ්ව­වි­ද්‍යා­ල­යට පාලක සභා­වක් හා සෙනෙට් සභා­වක් ඇත. සෙනෙට් සභාවේ ප්‍රධාන වන්නේ එම බෞද්ධ විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති හා තායි­වා­නයේ ප්‍රධාන සංඝ­නා­යක ආචාර්ය බෝදා­ගම චන්දිම හිමි­පා­ණන් ය.‍

මෙහි සියලු අධ්‍යා­පන කට­යුතු පාඨ­මාලා කට­යුතු හා දේශන ආදිය සංවි­ධා­නය කරන ප්‍රධාන පීඨා­ධි­පති ලෙස කට­යුතු කරන්නේ මහා­චාර්ය සුම­න­පාල ගල්ම­න්ගොඩ මහා­චාර්ය තුමා ය. ඊට අම­ත­රව මහා­චාර්ය ඉත්තෑ­දෙ­ම­ළියේ ඉන්ද්‍ර­සර නාහිමි හා මහා­චාර්ය මැද­ගොඩ අභය තිස්ස මහ­නා­හිමි ඇතුළු විද්වත් මහා සංඝ­ර­ත්නය හා මහා­චාර්ය චන්දිම විජය බණ්ඩාර මහතා ඇතුළු ගිහි විද්වත් පිරි­සක් ද මෙම සර­සවි විශ්ව විද්‍යා­ලයේ කට­යුතු මෙහෙ­ය­වති.

නාගා­නන්ද බෞද්ධ විශ්ව­වි­ද්‍යා­ලයේ (NIIBS) උස­ස්පෙළ, සාමාන්‍ය පෙළ හා ප්‍රාචීණ සමත් මහා සංඝ­ර­ත්නය හා ගිහි තරුණ තරු­ණි­යන්ට සුදුසු පාඨ­මාලා 30 කට අධික ගණ­නක් ක්‍රියා­ත්මක වේ. ඒ අතර තොර­තුරු තාක්ෂණ යෙද­වුම් පාඨ­මා­ලාව, තොර­තුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨ­මා­ලාව, බෞද්ධ භාව­නාව පිළි­බඳ පාඨ­මා­ලාව, උප­දේ­ශන මනෝ­විද්‍යා පාඨ­මා­ලාව, බෞද්ධ අධ්‍ය­ය­නය පිළි­බඳ දර්ශන පති උපා­ධිය හා සිංහල, ඉංග්‍රීසි, පාලි, හින්දු, ජපන් චීන, දෙමළ ආදී භාෂා පිළි­බඳ පාඨ මාලා­වන් ඇතුළු පාඨ­මාලා රැසක් ක්‍රියා­ත්මක වෙයි.

ඊට අම­ත­රව බෞද්ධ භාව­නා­වල මනෝ චිකි­ත්සක හා ආධ්‍යා­ත්මක සංව­ර්ධ­නය පිළි­බඳ ඩිප්ලෝමා පාඨ­මා­ලාව, බෞද්ධා­යු­ර්වේද ආහාර ඖෂධ හා චර්යා කළ­ම­නා­ක­ර­ණය පිළි­බඳ ඩිප්ලෝමා පාඨ­මා­ලාව, බෞද්ධා­යු­ර්වේ­දීය වෘද්ධත්ව කළ­ම­නා­ක­රණ පිළි­බඳ ඩිප්ලෝමා පාඨ­මා­ලාව, ජ්‍යොති­ෂය හා සම­ගාමී විද්‍යා (හස්ත රේඛා ශාස්ත්‍රය හා ශාන්ති­කර්ම) පිළි­බඳ සහ­තික පත්‍ර පාඨ­මා­ලාව යන පාඨ­මා­ලාව ද මෙම විශ්ව­වි­ද්‍යා­ලයේ ක්‍රියා­ත්මක ය.‍

එමෙන් ම ශාස්ත්‍ර­වේදී සාමාන්‍ය උපා­ධිය, ගෞරව උපා­ධිය හා ‍ශාස්ත්‍රපති, දර්ශ­න­පති උපාධි පාඨ­මාලා ද ආරම්භ කෙරේ. දේශීය හා විදේ­ශීය භාෂා­වන්ද යොදා ගැනේ.

දෙද­හස් වසක් නිර්මල ථේර­වාද බුදු දහම ආරක්ෂා කර­ග­නි­මින් මුළු ලොව­ටම දායාද කළ කේන්ද්‍ර­ස්ථා­නය වන ශ්‍රී ලංකා­වෙහි සිට අනා­ගත ලෝක­යෙහි සුව­හ­සක් ධර්ම අධ්‍යා­පන අභි­ලාෂී විද්‍යා­ර්ථීන් වෙනු­වෙන් යුගයේ අව­ශ්‍ය­තා­ව­යක් සේ සලකා මේ ලෝක සාස­නික මෙහෙ­වර සිදු­ක­ර­න්නට අති පූජ්‍ය බෝදා­ගම චන්දිම නායක මාහි­මි­පා­ණන් වහ­න්සේට සුවි­ශේෂී ශක්තිය අනු­ග්‍ර­හය ලබාදී ඇත්තේ විදේශ ධර්මා­භි­ලාශී බොදු ජන­තා­වගේ සහ­යෝ­ග­යයි.

නාගා­නන්ද ජගත් බෞද්ධ විශ්ව­වි­ද්‍යා­ලයේ ඉහත සියලු පාඨ­මාලා පිළි­බ­ඳව වැඩි විස්තර 0113662846 දුර­ක­තන අංක­යෙන් විම­සී­මට පුළු­වන.

මෙම ස්ථානයේ ඇති සුවි­ශේෂ ශ්‍රව­ණා­ගා­රය මෙරට ඉහ­ළම ශ්‍රව්‍ය දෘෂ්‍ය තාක්ෂ­ණ­යෙන් පරි­පූ­ර්ණය. වාහන නැව­තීමේ ඉඩ­කඩ සහ සුන්දර වටා පිටා­වක් ඇති මෙම ස්ථානය ආග­මට දහ­මට ගරු­ක­රන ඕනෑම ප්‍රසං­ග­ය­කට සමු­ළු­ව­කට වැඩ­ස­ට­හ­න­කට විවෘ­තව පවතී. අධි­වේගී මාර්ග කොත­ලා­වල පිවි­සුමේ සිට විනාඩි 5 කින් මෙම ස්ථාන­යට පැමි­ණී­මට හැකි ය.‍‍ මෙම විශ්ව­වි­ද්‍යා­ලයේ සෙනෙට් මණ්ඩල සාමා­ජික ශාස්ත්‍ර­පති දොඩ­ම්ප­හළ ශ්‍රී රාහුල හිමි­යන් පව­සන පරිදි දැනට මෙම විශ්ව­වි­ද්‍යා­ලය විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම විසින් නම් කර ඇති අධ්‍ය­ය­නාංශ, දේශන ශාලා, නේවා­සි­කා­ගාර, පුස්ත­කාල, පරි­ග­ණක, ආපන ශාලා, හා ක්‍රීඩා කට­යුතු සඳහා ස්ථාන ආදී සියලු පහ­සු­කම්වලින් සම­න්වි­තය. ඒ අනුව මේ පිළි­බ­ඳව උසස් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ අව­ධා­නය යොමු කර මෙම සර­ස­වි­යට වර­ලත් තත්ත්වය ලබා­දෙන්නේ නම් එතෙර මෙතෙර බෞද්ධ භික්ෂු භික්ෂු­ණීන්ට හා එතෙර මෙතෙර බෞද්ධා­ග­මික තරුණ තරු­ණි­යන්ට ඉම­හත් ප්‍රති­ලා­භ­යක් අත්වනු ඇති බව ද රාහුල හිමි­පාණෝ පව­සති.

මේ පිළි­බ­ඳව තොර­තුරු, සන්නි­වේ­දන තාක්ෂණ, උසස් අධ්‍යා­පන, තාක්ෂණ හා නවෝ­ත්පා­දන ඇමැති සහ කැබි­නට් ප්‍රකා­ශක ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහ­තාගේ අව­ධා­නය යොමුවී තිබීම ඉතාම සතුටු දායක බව ද රාහුල හිමි­පාණෝ පව­සති. ථේර­වාද, මහා­යාන සහ වජ්‍ර­යාන සම්ප්‍ර­දා­යන් තුනම උගැ­න්වෙන තැනක් මෙරට නොමැති තරම්ය. නාගා­නන්ද විශ්ව­වි­ද්‍යා­ලය ඒ වෙනු­වෙන් දොරටු විවර කොට තිබේ. මෙහි පීඨ5 ක් වේ. දෙස් විදෙස්, ගිහි පැවිදි, ස්ත්‍රී ප‍ුරුෂ ශිෂ්‍ය ශිෂ්‍යා­වන්ට බෞද්ධ විශ්ව­වි­ද්‍යා­ලයේ දැනුම් දොර­ටුව හැර තිබේ. එසේම බෞද්ධ විෂ­යයේ ප්‍රායෝ­ගික පැත්ත සංව­ර්ධ­නය කර­මින් භාව­නාව වැඩි දියුණු කිරීම සඳහා ගම්පහ ඉඹු­ල්ගොඩ ප්‍රදේ­ශයේ මිහිඳු අරණ නම් වූ අස­පු­වක් වෙත යොමු කෙරේ.

විදේ­ශා­ධාර ඔස්සේ ත්‍රිපි­ට­කය, පිරු­වානා පොත් වහන්සේ වැනි ධර්ම පුස්තක මුද්‍ර­ණය කර­වීම පූජ්‍ය බෝදා­ගම චන්දිම හිමිගේ මඟ­පෙ­න්වීම යටතේ මේ පුද­බිමේ සිදු­වන මහා පුණ්‍ය කර්ම­යන් ය.

සෑම පුන් පොහෝ දිනක් ම මානෙ­ල්වත්ත පුද­බිම අෂ්ටාංග ශීල­යට සම­වැ­දුණු උවැසි උවැ­සි­යන් දහ­ස­කට අධික පිරි­ස­ක­ගෙන් පිරී යන්නකි. උදේ 6.30 පටන් සවස 5.00 දක්වා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා වැඩ­ස­ට­හ­න්ව­ලින් පොහෝ දිනය වඩාත් අර්ථ­වත් දින­යක් ලෙසට ගත කෙරෙනු ඇත. මීට අම­ත­රව තායි­වා­නය, ජපා­නය ඇතුළු රට­වල පැවිදි පිරිස් බෞද්ධ සහ­ජී­ව­නය වඩ­වා­ලනු පිණිස සංවි­ධා­නය කරන වැඩ­ස­ට­හන් ද මානෙ­ල්වත්ත පුද­බි­මට ආග­න්තුක නොවේ.

මේ අනුව බෝදා­ගම චන්දිම නාහි­මි­යන්ගේ අනු­ශා­සනා පරිදි අපේ රටේ මහ සඟ­රු­වනේ හා ගිහි විද්වත් පිරි­ස­කගේ මෙහෙ­ය­වීම මත මෙරට ඉදි­කළ සියලු අධ්‍යා­ප­නික අංග උපාංග සහිත මේ ජගත් බොදු සර­ස­විය මෙන් ම මේ සිත නිවන මානෙ­ල්වත්ත පින්බිම සුරැ­කී­මට හා සංව­ර්ධ­නය කිරී­මට රජයේ නිල­ධා­රීන්ගේ බල­ධා­රීන්ගේ හා පින් කැමැති සියලු දෙනාගේ සහය ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

 

සේයාරූ - ශාන් රඹු­ක්වැල්ල

 

Comments