HNBA සමූ­හයේ 2020 ඉල­ක්කය ක්ෂේත්‍රයේ අති­වි­ශි­ෂ්ට­ත්වය අත්ක­ර­ගැ­නී­මයි | සිළුමිණ

HNBA සමූ­හයේ 2020 ඉල­ක්කය ක්ෂේත්‍රයේ අති­වි­ශි­ෂ්ට­ත්වය අත්ක­ර­ගැ­නී­මයි

කළ­ම­නා­කාර අධ්‍යක්ෂ දීප්ති ලොකු­ආ­රච්චි
කළ­ම­නා­කාර අධ්‍යක්ෂ දීප්ති ලොකු­ආ­රච්චි

HNB ඇෂු­ව­රන්ස් PLC (HNBA) සහ එහි පූර්ණ අනු­බ­ද්ධිත HNB ජෙන­රල් ඉන්ෂු­ව­රන්ස් ලිමි­ටඩ් (HNBGI) 2020 සඳහා එහි තේමාව වන '2020 හි ක්ෂේත්‍රයේ අති­වි­ශි­ෂ්ට­යන්' යන්න එළි­දැ­ක්වීය. මතු විය හැකි වෙ‍ෙළ­ඳ‍ෙ­පාළ අවස්ථා, අභි­යෝග සහ ප්‍රව­ණතා පිළි­බ­ඳ විවෘත ආක­ල්ප­යක් පවත්වා ගනි­මින් සේවා විශි­ෂ්ට­ත්වය, පාර්ශව කරු­වන් හට වටි­නා­කම් නිර්මා­ණය කිරීම, සේවක සතුට, ඩිජි­ටල් පරි­ව­ර්ත­නය, නවෝ­ත්පා­දන විශි­ෂ්ට­ත්වය සහ සමාජ භාර­කා­ර­ත්වය යන තෝරා ගත් කාණ්ඩ 6ක් තුළ විශි­ෂ්ටයා වීමේ ගම­නට සමූ­හය තම අව­ධා­නය යොමු කර ඇත.

 

“නව වසර, නව කාරණා” යන අභි­ප්‍රේ­රණ ප්‍රකා­ශය සැල­කි­ල්ලට ගනි­මින්, සමා­ග­මක් ලෙස, පාරි­භෝ­ගික සේවය, සේවක යහ­පැ­වැත්ම සහ සමා­ජීය යහ­පැ­වැත්ම සම්බ­න්ධ­යෙන් තම පාර්ශව කරු­වන්ගේ සියලු අව­ශ්‍යතා සපු­රා­ලීමේ වැද­ග­ත්කම ද මෙම තේමාව මගින් අව­ධා­ර­ණය කෙරේ.

HNBA සහ HNBGI හි කළ­ම­නා­කාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධා­යක නිල­ධාරි දීප්ති ලොකු­ආ­රච්චි මහතා අද­හස් දක්ව­මින් පැව­සුවේ “HNBA සමූ­හ­යට 2019 සාර්ථ­කව අව­සන් කිරී­මට හැකි වූ අතර, එම වසරේ අභි­යෝ­ගා­ත්මක වෙළ­ඳ­ප­ළක් මධ්‍යයේ වුවත් විශිෂ්ට ප්‍රති­ඵල සහ අනා­ගත වර්ධන අවස්ථා සලසා ගැනී­මට ද හැකි විය. පසු­ගිය වසර කිහි­පය සලකා බලන විට සියලු පාර්ශ­ව­ක­රු­වන්ට ඉහළ ප්‍රති­ලාභ ලබා දීමේ සිය පොරො­න්දුව සමූ­හය ඉටු කර තිබේ.

'සිය­ලුම පාර්ශ්වකරු­වන්ට ඉහ­ළම ප්‍රති­ලාභ' ලබා දීමේ සමූ­හයේ දැක්ම මුල් කර ගත් '2020 හි ක්ෂේත්‍රයේ අති­වි­ශි­ෂ්ට­යන්' යන තේමාව, තෝරා ගත් කාණ්ඩ 6ක් සම්බ­න්ධ­යෙන් විශේෂ අව­ධා­න­යක් යොමු කරයි.

මේ මගින් අපගේ සෑම පාර්ශ්­ව­ක­රු­ව­කු­ටම අති­වි­ශිෂ්ට සේවා­වක් සහ තිර­සාර ප්‍රති­ලාභ ලබා දීමට සමූ­හ­යට තවත් හැකි වනු ඇත.”

HNB ඇෂු­ව­රන්ස් PLC ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍ර­යෙන් වර්ධ­නය වන රක්ෂණ සමා­ග­මක් වන අතර එහි ශාඛා­වන් 62ක් දැනට රට පුරා පවතී. HNBA, Fitch Ratings Lanka වෙතින් කෙරෙන ජාතික රක්ෂණ සමා­ගම් හී මූල්‍ය සවිය ශ්‍රේණි­ගත කිරීම අනුව A (lka) යන ශ්‍රේණිය ලබා­ගත් ජීවිත රක්ෂණ සමා­ග­මක් වේ.

ශ්‍රී ලංකා රක්ෂණ නියා­ම­කයා විසින් 2015 ජන­වාරි මස හඳුන්වා දුන් සමා­ගම් වෙන් කිරීමේ නීතිය අනුව HNB General Insurance Limited සමා­ගම එහි මෙහෙ­යුම් ඇර­ඹුවේ ය. HNBGI යනු සාමාන්‍ය රක්ෂණ සේවා­වන් වන මෝටර් රථ, මෝටර් රථ නොවන සහ ටකා­ෆුල් රක්ෂණ විස­ඳුම් සලසා දෙන HNB Assurance PLC හී සම්පූර්ණ හිමි­කා­රි­ත්වය ඇති පරි­පා­ලි­ත­යක් වේ.

HNBA, LMD විසින් නම් කරන ලද ශ්‍රී ලංකාවේ හොඳම සමා­ගම් 100 ඇතු­ළ­තත් ශ්‍රී ලංකාවේ හොඳම වෙළඳ නාම 100 ඇතු­ළ­තත් ඇග­යුම් ලබා තිබෙන අතර අන්තර්ජාතික තලයේ වෙළඳ නාම විශි­ෂ්ට­ත්වය, ඩිජි­ටල් අලෙ­වි­ක­ර­ණය, මානව කළ­ම­නා­ක­රණ විශි­ෂ්ට­ත්වය සඳහා සම්මාන ද එහි වාර්ෂික වාර්තා­ සඳහා ශ්‍රී ලංකා වර­ලත් ගණ­කා­ධි­ක­රණ ආය­ත­නය විසින් සහ දකුණු ආසි­යානු ගණ­කා­ධි­කාරී වරුන්ගේ සංග­මය විසින් ලබා දෙන නොයෙ­කුත් සම්මා­නත් ජය ගත් සමා­ග­මකි.

Comments