ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් නිල­ධා­රීන්ට නව මෝටර් බයි­සි­කල් | සිළුමිණ

ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් නිල­ධා­රීන්ට නව මෝටර් බයි­සි­කල්

ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් මෝටර් තාක්ෂ­ණික නිල­ධා­රී­න්ට මෝටර් බයි­සි­කල් ලබා­දීම 2020 ජන­වාරි 17 වන දින ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් ප්‍රධාන කාර්යා­ල­යේදී සිදු කරන ලද අතර මෙම අව­ස්ථාව සඳහා ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් සභා­පති ජගත් වැල්ල­වත්ත මහතා, ප්‍රධාන විධා­යක නිල­ධාරී චන්දන එල් අලු‍ත්ගම මහතා සහ ආය­ත­නයේ ඉහළ කළ­ම­නා­කා­රී­ත්වය සහ­භාගී විය.

 

ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්‍ෂණ වෙළෙ­ඳ­පොළ ප්‍රමු­ඛයා ලෙස සේවාව සප­යන ප්‍රමුඛ පෙළේ සන්නා­ම­යක් වන ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් මෝටර් ප්ලස් ශ්‍රී ලංකාවේ විශා­ල­තම මෝටර් තාක්ෂ­ණික නිල­ධාරී ජාල­යට හිමි­කම් කියන අතර රට පුරා ප්‍රදේ­ශ­ව­ලට අනි­යු­ක්තව සේවය කර­මින් පාරි­භෝ­ගි­ක­යන්ට පුළුල් ආව­ර­ණ­යක් සැප­යීම සිදු­ක­රයි.

මෝටර් තාක්ෂ­ණික නිල­ධා­රීන් සඳහා මෝටර් බයි­සි­කල් ලබා­දී­මත් සමග ඔවු­නට අන­තුරු සිදුවී ඇති ස්ථානය කරා ඉක්ම­නින් ළඟා වීමට හා ඉක්ම­නින් තක්සේ­රුව සිදු­කි­රී­මට හැකි­යාව ලැබෙන අතර, පාරි­භෝ­ගි­ක­යන්ට තක්සේ­රුව ලැබෙන තෙක් අන­තුර සිදුවී ඇති ස්ථානයේ රැඳී සිටී­මට සිදු­වන කාලය අවම කරයි.

මෙම අව­ස්ථා­වේදී අද­හස් දක්ව­මින් සභා­පති ජගත් වැල්ල­වත්ත මහතා මෙසේ සඳ­හන් කළේය: ‘අප අපගේ සේවා ප්‍රමි­තීන් ඉහළ නැංවී­මට සහ අපගේ පාරි­භෝ­ගි­ක­යින්ට සුවි­ශේෂ පාරි­භෝ­ගික සේවා­වක් ලබා දීමට අඛ­ණ්ඩව උත්සාහ කර­මින් සිටිමු.”

 

Comments