ඩේන්ටි රස නි‍ෙව­සින් තවත් නිෂ්පා­දන රැසක් | සිළුමිණ

ඩේන්ටි රස නි‍ෙව­සින් තවත් නිෂ්පා­දන රැසක්

ටොෆි, චොක­ලට් රස විඳින කවු­රුත් ඩේන්ටි නිෂ්පා­දන රස විද ඇතු­වාට සැක නැහැ. විසි පස් වස­රක් පුරා රටට රස බෙදන ඩේන්ටි නිර­තුරු අලුත් නිෂ්පා­දන වෙළෙ­ඳ­පො­ළට හඳුන්වා දී තිබෙ­නවා.

 

රස ගුණ සපිරි අනර්ඝ ඩේන්ටි නිෂ්පා­දන ජය ගෙන ඇත්තේ මෙරට රස කැවිලි වෙළෙ­ඳ­පළ පම­ණක් නොවෙයි. දේශ­යට අභි­මා­න­යක් ගෙන දෙමින් මෙම නිෂ්පා­දන මේ වන­විට රට­වල් ගණ­නා­වක් වෙත අප­න­ය­නය කෙරෙන අතර ඒ නිසා ම අප රටට සැල­කිය යුතු විදේශ විනි­මය ආදා­ය­මක් උපයා ද‍ීමට ද ඩේන්ටි නිෂ්පා­දන සම­ත්කම් දක්වා තිබෙ­නවා.

ඩේන්ටි ආය­ත­නය පසු­ගි­යදා සිය නව­තම නිෂ්පා­ද­නය ද වෙළෙ­ඳ­පො­ළට හඳුන්වා දුන්නා.

එය කැපූ පොල් යොදා ගනි­මින් නිෂ්පා­ද­නය කරන ලද ශ්‍රී ලංකාවේ පළමු රස කැවිලි නිෂ්පා­ද­නය ලෙස හඳුන්වා දීමම විශේ­ෂ­ත්ව­යක්. ‍ෙඩ්න්ටි සමා­ගම මේ අපූරු රස­බර රස­කැ­විලි නිෂ්පා­ද­නය නිල වශ­යෙන් හඳුන්වා දෙනු ලැබුවේ එම සමා­ගම මඟින් වාර්ෂි­කව පව­ත්වනු ලබන කුස­ලතා සම්මාන උලෙ­ළේ­දීය.

‍ඩේන්ටි සමා­ගම විසින් මෙම අනර්ඝ රස කැවිලි විශේ­ෂය තම සමා­ගම සතු සුවි­ශේෂ සන්නාම නාම­යක් වන ‘මයි­ලේඩි’ නාමය යටතේ වෙළෙ­ඳ­ප­ළට නිකුත් කළ අතර ‘කොක­නට් ඉක්ලෙ­යාර්’ ටොෆි­යක් වන එය මේ වන­විට ඉතා වේග­යෙන් වෙළෙ­ඳ­පොළ තුළ ජන­ප්‍රිය වී තිබෙ­නවා.

මොර­ටුව ගොර­කාන රන්මල් සංචා­රක නිකේ­ත­න­යේදී පැවැති එම උලෙළේ ප්‍රධාන ආරා­ධි­ත­යින් ලෙස ඩේන්ටී සමා­ගමේ නිර්මාතෘ සභා­පති, විද්වත් වෘත්ති­ක­යෙකු ව‍ූ මහා­චාර්ය අයාල් ජය­ති­ලක, සම සභා­ප­තිනි නිල්මිණි ගුණ­රත්න, විධා­යක අධ්‍යක්ෂ සිල්වෙ­ස්ටර් පෙරේරා සහ අලෙවි අධ්‍යක්ෂ නිශාන්ත මෙන්ඩිස් යන මහත්ම මහ­ත්මීහු සහ­භාගි වුණා.

2020 නව වස­රක උදා­වත් සමඟ සම්භා­ව­නීය ඩේන්ටි පවුලේ විශි­ෂ්ට­තම අලෙවි නියෝ­ජි­ත­යින් රැසක් 2019 වස‍රේ ද‍ී සිය විශිෂ්ට වූ ක්‍රියා­කා­රි­ත්වය වෙනු­වෙන් කුස­ලතා සම්මා­න­යෙන් පිදුම් ලැබුවේ මෙම රාත්‍රි­යේ­දීය.

මීට වසර 35 කට පෙර 1984 වස­රේදී එක් යන්ත්‍ර­ය­කින් රත්ම­ලානේ කඳ­වල දී නිෂ්පා­දන ක්‍රියා­ව­ලිය අරඹා 2020 වස­රේදී 36 වැනි වියට පිය ඔස­වන ඩේන්ටී සමා­ගම මේ වන­විට නවීන තාක්ෂ­ණ­යෙන් යුත් කර්මාන්ත ශාලා සංකීර්ණ ද්විත්ව­ය­කට හා අංග­ස­ම්පූර්ණ ගබඩා සංකී­ර්ණ­ය­කට හිමි­කම් කීමට සමත්ව තිබී­මත් ආඩ­ම්බ­ර­යට කරු­ණක්.

පූර්ණ වශ­යෙන් ම දේශීය සමා­ග­මක් වන සීමා­ස­හිත ඩේන්ටී සමා­ගම ISO 9001 – 2000 ජාත්‍ය­න්තර තත්ත්ව සම්මා­න­යට හිමි­කම් කියනු ලබන අතර, සිය ශක්ති­මත් ක්‍රියා­කා­රි­ත්ව­යත්, සම්ප්‍ර­දායි ප්‍රව­ර්ධන කට­යු­ත්තකි. පුද්ගල සාර්ථ­ක­ත්වය, කණ්ඩා­යම් හැඟීම සහ ඵල­දායි සහ­යෝ­ගීතා ඇගැ­යීම් වස් ඩේන්ටී අලෙවි කුස­ලතා සම්මාන උලෙළ නොක­ඩවා වාර්ෂි­කව පව­ත්වනු ලබ­නවා. මෙවර සම්මාන රාත්‍රි­යට දිව­යින පුරා විසිර සිටින 130 ක් පමණ වූ බෙදා­හැ­රීම් ජාලයේ ජාතික පද්ධ­තියේ අලෙවි නියෝ­ජි­ත­යින් සහ­භාගි වූ අතර ඉන් 42 කටම කුස­ලතා සම්මාන ප්‍රදා­නය කෙරුණා.

මෙහිදී සමස්ත අලෙවි නියෝ­ජිත ජාලය නියෝ­ජ­නය කර­මින් 2019 වසරේ හොඳම අලෙ­විය සඳහා හය දෙනෙ­කුට ද වැඩිම අලෙ­විය සඳහා හත් දෙනෙකුට ද, නිෂ්පා­දන වර්ග පහක් සඳහා හොඳම අලෙ­විය සඳහා පහ­ළොස් දෙනෙ­කුට ද මෙන්තෝල් ටොෆි හොඳම අලෙ­විය වෙනු­වෙන් තවත් හත් දෙනෙ­කුට ද ඇතු­ළුව වසරේ විශි­ෂ්ට­තම අලෙවි නියෝ­ජි­තයන් රැසකට සම්මාන හිමි­ විය.

මීට අම­ත­රව 2019 වසරේ හොඳම අලෙවි කණ්ඩා­යම හා 2019 වසරේ දෙසැ­ම්බර් මාසයේ හොඳම අලෙවි කණ්ඩා­යම ද සම්මා­න­යට පාත්‍ර වූ අතර ඒ මයුර මල­ල්ගොඩ මහ­තාගේ නාය­ක­ත්ව­යෙන් යුත් කණ්ඩා­ය­මයි. පාරි‍‍භෝ­ගික නිෂ්පා­දන රාශි­ය­කට දායක වූ සමා­ගමේ නව­තම නිෂ්පා­ද­න­යව‍ූ ‘මයි­ලේඩි’ සන්නාම නාම­යෙන් වෙළෙ­ඳ­පොළ ට ඉදි­රි­පත් කළ නව­තම කොක­නට් ඉක්ලෙ­යාර් (Coconut Éclair) ටොෆි නිෂ්පා­ද­නය වෙළෙ­ඳ­පො­ළට හඳු­න්වා­දීම සිදු කෙරුණේ ඩේන්ටී සභා­පති අයාල් ජය­ති­ලක සහ අලෙවි අධ්‍යක්ෂ නිශාන්ත මෙන්ඩිස් යන මහ­ත්ව­රුන්ගේ ම‍ූලි­ක­ත්ව­යෙනි.

ඩේන්ටී සමා­ගමේ අලෙවි අධ්‍යක්ෂ නිශාන්ත මෙන්ඩිස් මහතා නව­තම නිෂ්පා­ද­නය ගැන අද­හස් දක්ව­මින්, චොක­ලට් හා දියර කිරි හා කැපූ පොල් (ඩෙසි­කේ­ටඩ් කොක­නට්) ආශ්‍රිත නිෂ්පා­ද­න­යක් වූ කොක­නට් ඉක්ලෙ­යාර් ටොෆිය සම්පූ­ර්ණ­යෙන් ම දේශීය නිෂ්පා­ද­න­යක් වන අතර කැපූ ස්වාභා­වික පොල් යොදා ගනි­මින් නිෂ්පා­ද­න­යක් වෙළෙ­ඳ­පො­ළට ඉදි­රි­පත් කැරෙන ප්‍රථම අව­ස්ථාව මෙම අව­ස්ථාව වන බැවින් ශ්‍රී ලාංකික සියලු පාරි­භෝ­ගි­ක­යි­නට මෙය නැවුම් අත්දැ­කී­මක් වනු ඇති බව සඳ­හන් කළා.

තර­ග­කාරී වෙළෙ­ඳ­පොළ තුළ මුල් තැන සිටින ඩේන්ටී ආය­ත­නය ඉකුත් 2019 වර්ෂ­යේදී රුපි­යල් බිලි­යන 2.4 ක ආදා­යම් ඉල­ක්ක­යක් සපුරා ගෙන ඇති අතර ඉදිරි 2020 වස­රේදී රුපි­යල් මිලි­යන 250 ක අලෙවි ප්‍රව­ර්ධ­නය ඇති­කර ගැනීමේ සාර්ථක ඉ‍ලක්ක­යක් කරා ළඟා­වී­මට සැල­සුම් පිළි­යෙල කර ඇති බව ද ‍ඔහු පැව­සුවා.

මෙම අලෙවි කුස­ලතා සම්මාන ප්‍රදා­න­යට සහ­කාර අලෙවි කළ­ම­නා­කාර චාල්ස් ද සිල්වා, නන්දන දිසා­නා­යක, පරි­පා­ලන විධා­යක ජීවන්ත, ප්‍රධාන ගණ­කා­ධි­කාරි ජගත් ප්‍රනාන්දු, ගිණුම් විධා­යක චමින්ද හේවා­මා­නගේ, තාක්ෂණ විධා­යක නිලංග පෙරේරා, නිශාන් නන්දන සහ අලෙවි කළ­ම­නා­කාර සහ­කාර මධු­ෂිකා යන මහත්ම මහ­ත්මීහු ඇතුළු විශාල පිරි­සක් සහ­භාගි වූහ. සන්නි­වේ­දන කට­යුතු අලෙවි ප්‍රව­ර්ධන කළ­ම­නා­කාර කපිල වීර­සිංහ මහතා විසින් සිදු කළ අතර මෙම සම්මාන උලෙ­ළේදී දිවං­ගත කළ­ම­නා­කාර අධ්‍යක්ෂ ධම්මික ගුණ­රත්න මහ­තාගේ දස වැනි ගුණ­ස­ම­රුව වෙනු­වෙන් ඔහුගේ පුත් ගුවන් නියමු රශ්මින් ගුණ­රත්න මහතා වෙත සිහි­ව­ට­න­යක් ද ප්‍රදා­නය කිරී­මට කට­යුතු යොදා තිබුණා.

 

 

• ගාමිණී රූපා­නන්ද

 

 

Comments