චීන ආහාර කලාවේ දේශීය ප්‍රමු­ඛයා 77 වැනි සංව­ත්ස­රය සම­රයි | සිළුමිණ

චීන ආහාර කලාවේ දේශීය ප්‍රමු­ඛයා 77 වැනි සංව­ත්ස­රය සම­රයි

ශ්‍රී ලංකා­වට චීන අව­න්හල් සම්ප්‍ර­දාය හඳු­න්වා­දුන් පුරෝ­ගාමී හා ප්‍රමු­ඛ­තම සමා­ග­ම­වන ‘චයි­නීස් ඩ්‍රැගන් කැෆේ පුද්. සමා­ගම’ (Chinese Dragon Café (pvt) Ltd) සමාජ සත්කා­රක වැඩ­ස­ට­හන් සමඟ තම 77 වැනි සංව­ත්ස­රය පසු­ගි­යදා සම­රනු ලැබීය.

 

‘චයි­නීස් ඩ්‍රැගන් කැෆේ’ 1942 දී චින­යෙන් පැමිණ ස්වදේ­ශික පවු­ලක් විසින් ඇර­ඹු­වක් වන අතර, ශ්‍රි ලාංකික දේශීය සමා­ග­මක් ලෙස ගෙවුණු 77 වසර පුරාම එම අව­න්හල ආහාර රස­වි­ඳි­න්නන්ගේ අග­නු­වර ප්‍රිය­තම චීන අව­හ­න්හල් ජාලය බවට පත්ව ඇත්තේ ඔවු­න්ටම ආවේ­ණික වූ ආහාර වට්ටෝරු හා සේවා­වන් හේතුවෙනි.

ශ්‍රී ලංකාවේ ප්‍රමු­ඛ­තම චීන අව­හ­න්හල ලෙසින් මුල්ව­රට ආහාර ඇණ­වුම් නොමිලේ සිය නිව­ස­ටම බෙදා­හැ­රීම ඇරඹූ ‘චයි­නීස් ඩ්‍රැගන් කැෆේ පුද්. සමා­ගම’ එම සේවාව බම්බ­ල­පි­ටිය, රත්ම­ලාන, රාජ­ගි­රිය, කොළඹ කොටුව, වත්තල, පැල­වත්ත, නාවල හා නුගේ­ගොඩ පිහිටි ‘චයි­නීස් ඩ්‍රැගන් කැෆේ අව­න්හල් 8 මගින් තමා වෙත ලැබෙන ආහාර ඇණ­වුම් නොමිලේ බෙදා­හැ­රීම සිදු කෙරේ.

‘චයි­නීස් ඩ්‍රැගන් කැෆේ’ හි 77 වැනි සංව­ත්සර වැඩ­ස­ට­හන් පිළි­බඳ අද­හස් දැක් වූ එම සමා­ගමේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ, උදේශී මහතා මෙසේ පැවසීය: ‘මෙරට සැබෑ චීන ආහාර රස­වි­ඳීමේ අව­ස්ථාව සල­සා­දුන් අප සමා­ගම දැන් වසර 77 ක් පුරාම අග­නු­වර වඩාත් ප්‍රිය­තම චීන අව­හ­න්හල ලෙස පාරි­භෝ­ගික ප්‍රසා­ද­යට ලක්වූවා. ඒ සියලු ජය­ග්‍ර­හණ පසු­පස සිටින්නේ මනා කැප­වී­ම­කින් යුත් අපේ කාර්ය මණ්ඩ­ල­යයි.

ඒ නිසා අප සමා­ගමේ 77 වැනි සංව­ත්ස­රය සර්ව ආග­මික වතා­ව­ත්ව­ලින් පසු සැම­රුවේ අපේ කාර්ය මණ්ඩ­ල­යෙහි ශුභ­සා­ධ­නය මුල් කර­ග­නි­මි­නුයි.”

 

Comments