හැත්තෑ­හය හැවි­රිදි විනි­ප්‍රිඩා මර­ණින් පසුත් ප්‍රේති­යක වී රූප­ලා­ව­ණ්‍යා­ගා­ර­යට එයි | Page 2 | සිළුමිණ

හැත්තෑ­හය හැවි­රිදි විනි­ප්‍රිඩා මර­ණින් පසුත් ප්‍රේති­යක වී රූප­ලා­ව­ණ්‍යා­ගා­ර­යට එයි

රූපය යැයි අප මසැ­සට දකින අභ්‍ය­න්තර, බාහිර සියලු රූප පියවි ඇසට නොපෙ­නෙන ඉතා සියුම් වූ රූප­ක­ ලාප මිටි­යක, සමූ­හ­යක, සන්ත­ති­යක එක­තු­වකි. නවීන විද්‍යාවේ කිසිම උප­ක­ර­ණ­ය­කින් තව­මත් දැකිය නොහැ­කිව ඇති මේ සියුම් රූප කලා­පය තුළ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා යන ශුද්ධා­ෂ්ට­කය අනි­වා­ර්ය­යෙන් පව­තින බව බුදු නුව­ණින් දැක්කේය. ඒ නිසා ම විප­රි­නා­ම­යට පත්වන බව ද දැක වදා­ළහ.

ජපා­නයේ සුකුබා (TSUKUBA) විශ්ව විද්‍යා­ලයේ ජාන ඉංජි­නේරු මහා­චාර්ය කසුඕ මුරා­කමි (KAZUO MURAKAMI) විසින් කරන ලද පර්යේ­ෂ­ණ­යක් අනුව ලියන ලද “ජීවි­තය පිළි­බඳ ආශ්ච­ර්ය­මත් පණි­වු­ඩ­යක්” නමැති ග්‍රන්ථයේ රූපයේ සියුම් අව­ස්ථාව පැහැ­දිලි කරයි. ඕනෑම ජීවි­යෙක්, මිනි­සෙකු, සතෙකු හෝ වේවා ගහක්, ගලක්, ද්‍රව්‍ය­යක් හෝ වේවා මේ සියුම් රූප කලාප විශාල සංඛ්‍යා­වක එක­තු­ව­කින් සැදුම් ලද්දේ වෙයි. (ඔහු රූප කලා­පය ශෛලය ලෙස හඳු­න්වයි.) ජීවි­ත­යක් ආරම්භ වන්නේ ඒක සෛල කල­ල­ය­කිනි. මේ කුඩා සියුම් රූප කලාප 1. භෞතික කබ­ලීං­කා­හාර 2. පස්ස ආහාර 3. මනෝ සංචේ­තනා ආහාර 4. විඥාන ආහාර වලින් වර්ධ­නය වෙයි.

එසේම ක්ෂණ­යක් පාසා ජරා­වට ද විප­රි­නා­ම­යට ද පත් වේ. මේ දිරා­යෑම, මහ­ලු­වීම, ලෙඩ රෝග­ව­ලට පත්වීම, මර­ණය, ලෝක ධර්ම­තා­ව­යයි. මේ ගැන නුව­ණින් නොදක්නා අය බහුරූ කෝළම් නටති. මෙහි පව­තින අනිච්ච, දුක්ඛ, අනන්ත බව යම් තර­ම­කින් හෝ දකින පුද්ග­ලයා සෝවාන් මාර්ග­යට පැමි­ණෙයි.

කැල­ණි­යට නුදු­රුව රූප­ලා­වණ්‍ය ආය­ත­න­යක් පවත්වා ගෙන යන ආකර්ෂා හත­ළිස් පස් හැවි­රි­දිය. දියුණු තත්ත්ව­ය­කින් පවත්වා ගෙන ආ මේ ආය­ත­න­යට දැනට මාස හත­රක සිට සේවා­දා­යක දායි­කා­වන් පැමි­ණෙන්නේ නැත. ඇගේ හිත­වත් දක්ෂ ප්‍රධාන සේවි­කාව රූපා උම­තු­වෙන් මෙන් බලා­ගත් අත බලා­ගෙන සිටී. අනෙක් සේවි­කා­වන් සමඟ රණ්ඩු කරයි. ආකර්ෂා නිතර සන්ධි වේද­නා­ව­න්ගෙන් පෙළෙයි. වැඩක් කර­න්නට හිත නොදෙයි. ආය­ත­නය පුරා වරින් වර මහා දුර්ග­න්ධ­යක් පැතිරී යයි. ආදා­යම පහත වැටීම සේව්‍ය සේවක හැම දෙනාට ම තදින් බලපා ඇත.

මේ තත්ත්ව­යෙන් මිදෙ­න්නට විවිධ වත් පිළි­වෙත් කළත් විශේ­ෂ­යක් යහ­ප­තක් සිදු වූයේ නැත. “සිළු­මිණ” පත්‍රයේ “පියවි ඇසින් ඔබ්බට විශේ­ෂාං­ගය කිය­වන හිත­ව­ති­ය­කගේ උප­දෙස් මත ආකර්ෂා, රූපා සමඟ ඇතුල් කෝට්ටේ ගුප්ත ගවේ­ෂණ මධ්‍ය­ස්ථා­නය සොයා ගෙන ආවාය.

ආධ්‍යා­ත්මීය උප­දේ­ශ­ක­ව­රයා මුණ ගැසී තම දුක් ගැන­විල්ල පැව­සු­වාය. පළමු ප්‍රති­කාර අව­ස්ථාවේ ආකර්ෂා පැද්දෙ­න්නට වූවාය. රූපා අඬ­න්නට වූවාය. මේ ඇයට අම­නුෂ්‍ය බල­පෑ­මක් ඇතැයි වට­හා­ගත් ගවේ­ෂ­ක­ව­රයා ඔවුන්ට ගමේ පන්සලේ දී දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඊට අවශ්‍ය උප­දෙස් දුන්නේය.

බෝධි පූජා අව­සන් කොට නැවත පැමිණි දිනයේ රූපාගේ ශරී­ර­යෙන් භූතා­ත්ම­යක් මතු වී ආවේය. ගවේ­ෂ­ක­ව­රයා ඒ භූතා­ත්මය සමඟ සාකච්ඡා ඇර­ඹීය.

“කවුද මේ ශරී­ර­යට ඇතු­ල්වෙලා ඉන්නේ?” ඇසීය.

“මම විනි­ප්‍රිඩා” භූතා­ත්මය කීවාය.

“කවුද විනි­ප්‍රිඩා කියන්නේ?”

“මේ සැලෝන් එකේ හොඳම ගනු­දෙ­නු­කාරි මම. පර­ණම ගනු­දෙ­නු­කාරි මම.”

“මොකක්ද ඔබ කරන ගනු­දෙ­නුව?”

“සති­යට දවස් තුනක් මේ සැලෝන් එකට එනවා ඇඟ රැළි වැටෙන තැන් හදා­ගන්න. කෙස් කළු කැර ගන්න. ඇහි බැම හදා ගන්න. තරුණ පෙනුම ගන්න. මවිල් ගල­වන්න.”

“ඇයි ඔබ තරුණ නැද්ද?”

“තරු­ණයි තරු­ණයි මම ලස්ස­නයි.”

“වයස කීයද?”

“තවම අවු­රුදු හැත්තෑ හයයි. ඒත් පාරෙ යන කොට කී දෙනෙක් මා දිහා බල­න­වද? එත­කොට මට කොයි තරම් සතු­ටුද? මගේ රූපය ගැන මම ආඩ­ම්බර වෙනවා.”

“ඔබ කොයි තරම් මුද­ලක් මේ අයට ගෙව­න­වද?”

“මාස­ය­කට රුපි­යල් 80000/= ක් විතර ගෙව­නවා.”

“අසූ දාහක්?”

“ඔව්. ඔව්. මම අසූ දාහක් ගෙව­නවා. මට සල්ලි තියෙ­නවා. මහ­ත්තයා මැරුණා. දේපළ බූද­ලය මට තියෙ­නවා. මම රූපය ආරක්ෂා කර ගන්න විය­දම් කර­නවා.”

“රූපය” කියන්නේ මොකක්ද කියලා ඔබ දන්න­වාද?”

“අනේ නැහැ. මම දැන ගන්න කැම­තියි. කියන්න මහ­ත්තයා.”

“රූපය කියන්නේ සීත උෂ්ණා­දි­යෙන් රුප්ප­නය වන නිසා, විප­රි­නා­ම­යට පත් වෙන නිසා රූප­යයි කිය­නවා. රූපය ක්ෂණ­යක් පාසා විකා­ර­යට පත් වෙනවා. අනුන් කෙරෙහි කරුණා මෛත්‍රි­යෙන් ජීවත් වන අය ඊළඟ ජාතියේ රූමත්ව උප­දි­නවා. ඒකත් හේතු ඵල දහ­මට අනු­වයි සිදු­වන්නේ. මේ ජාතියේ රූපය ගැන මාන­යෙන් ආඩ­ම්බ­ර­යෙන් ඉන්න අය ඊළඟ ජාතියේ විරූපී ප්‍රේත­යන් වී උප­දි­නවා.”

“ඒ කොහො­මද?”

“මාස­ය­කට 80000ක් විය­දම් කළ ඔබේ රූප­යට අන්ති­මට මොකද වුණේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ඔබ දැන් විරූපී ප්‍රේති­යක්. ඒක නොදැන තව­මත් රූපය ගැන තණ්හා­වෙන් ඇලිලා. ඔබ දැන් සිටින විරූපී තත්ත්වය මේ දෙන්නාට පෙන්න­න්නද?”

“අනේ එපා... එපා... ඒක නම් කරන්න එපා.”

මේ විනි­ප්‍රි­ඩාගේ දැඩි සම්බ­න්ධය කුමක්දැ?යි ගවේ­ෂ­ක­ව­රයා ආක­ර්ෂා­ගෙන් ඇසීය.

“මම ඉස්සර වෙන සැලෝන් එකක සේවි­කා­වක්. මේ විනි­ප්‍රිඩා මැඩම් එතැ­නට ආවාම මමයි එයාට සේවය කළේ. මගේ වැඩ ගැන පැහැ­දිලා මගේ දියු­ණු­ව­ටය කියලා මට වෙනම සැලෝන් එකක් පටන් ගන්න මුදල් දුන්නේ විනි­ප්‍රිඩා මැඩම්. එහෙම කළත් අපෙන් ලබා ගන්න සේව­යට මැඩම් නිය­මිත ගෙවීම් කළා. එතු­මිය අපට ඒ තරම් උදව් කළ කෙනෙක්. තමන්ගේ රූප­ලා­වණ්‍ය රැක­ගන්න අත දිග ඇරලා විය­දම් කළා. මගේ ළඟ වැඩ කරන මේ රූපාත් මැඩම්ට උන­න්දු­වෙන් සේවය කළා. එතු­මිය රූපා­ටත් හිත­වත්. එතු­මි­යගේ මර­ණය අපට විශාල පාඩු­වක් වුණා. ඒත් මේ වගේ දෙයක් වේවි යැයි අපි හීනෙ­කි­න්වත් හිතුවේ නැහැ” ආකර්ෂා කීවාය.

ගවේ­ෂ­ක­ව­රයා භූතා­ත්මය යළි ඇම­තීය.

“ඔබ දැන් විනි­ප්‍රිඩා නොවෙයි. දැන් ප්‍රේති­යක්. මේ අයට හිත­වත් නම් කරු­ණා­කර ඉවත් වෙලා යන්න.”

“බැහැ බැහැ මම මේ දෙන්නාට ආද­රෙයි. මම යන්නේ නෑ.” යි ප්‍රේතිය කීවාය.

“එහෙම නම් දැන් ඒ සැලෝන් එක ගැන හිතන්න” යැයි ප්‍රේති­යට නියම කොට ශක්ති කිරණ එල්ල කැර දවා­ලීය.

“අනේ පිච්චෙ­නවා. පිච්චෙ­නවා යැයි කෑ ගස­න­තුරු දවා­ලීය.

“සැලෝන් එක ගැන හිතන කොට පිච්චෙ­නවා නම් දැන් බුදු පිළි­ම­යක් ගැන හිතන්න” ප්‍රේති­යට නියම කළ ගවේ­ෂ­ක­ව­රයා සුව කිරණ එල්ල කළේය. “අනේ හරි සනී­පයි. හරිම සනී­පයි”. ප්‍රේතිය කීවාය.

“එහෙම නම් සැලෝන් එක අත­හැර සුව­දා­යක සිද්ධ­ස්ථා­න­ය­කට යන්න.”

“හොඳයි පිච්චෙන නිසා යන්නම්.”

නග­රයේ යාච­ක­යන් සඳහා සති­යක් ආහාර පාන පිරි­නමා, රූප­ලා­ව­ණ්‍යා­ය­ත­නයේ දී සාංඝික දාන­යක් පිරි­නමා විනි­ප්‍රි­ඩාට පින් අනු­මෝ­දන් කර නැවත එන්නැයි ඔවුන්ට නියම කළේය.

දාන මාන පිරි නමා පින් අනු­මෝ­දන් කොට නැවත පැමිණි දිනයේ ප්‍රේතිය මල්ව­ට්ටි­ය­කට සම්බන්ධ කොට ඔවුන් අතම අනු­රා­ධ­පු­ර­යට යැවීය.

Comments