සූරියවැව තාක්ෂ­ණික උද්‍යා­නය ‘යහ­පා­ල­න’ වේයෝ කාලා! | Page 3 | සිළුමිණ

සූරියවැව තාක්ෂ­ණික උද්‍යා­නය ‘යහ­පා­ල­න’ වේයෝ කාලා!

 

සු­ගි­යදා තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ, උසස් අධ්‍යා­පන, තාක්ෂණ හා නවෝ­ත්පා­දන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා සූරියවැව තොර­තුරු තාක්ෂණ උද්‍යා­න­යේ විනාශය නැර­ඹී­මට එ් ප්‍රදේ­ශයේ කළ නිරී­ක්ෂණ චාරි­කාව ඇස ගැටී­මත් සමඟ ඒ පිළි­බඳ ව කිසි­යම් විම­සී­මක් කළ යුතු යැයි අපට සිත් විය. ඒ අනුව පසු­ගිය දිනක අපි එහි ගියෙමු.

මහින්ද රාජ­පක්ෂ අන්ත­ර්ජා­තික ක්‍රීඩාං­ග­ණ­යට යාබද ව සූරි­ය­වැව තොර­තුරු තාක්ෂ­ණික උද්‍යා­නය වෙනු­වෙන් ඉදි කළ මහල් හත­ර­කින් සම­න්විත දැවැන්ත ගොඩ­නැ­ගිලි සංකී­ර්ණය අප ඉදි­රියේ වෙයි. විශාල පිරි­වැ­යක් දරා ඉදි­කර තිබූ එ් ගොඩ­නැගිලි සංකී­ර්ණය දුටු විට “දෙවි­යනේ මේ අපේ රටේ ජාතික සම්පත් නේද? යන සිතු­විල්ල සිතට නැගෙන්නේ නිරා­යා­ස­යෙනි. මේ දැවැන්ත ගොඩ­නැ­ගිලි සංකී­ර්ණය මේ වන විට ගස්කො­ළන් වැවී, වතුර පිරී, පාසි බැඳී වවු­ලන්ගේ නිව­හ­නක් බවට පත්ව නික­රුණේ විනාශ වී ගොසිනි. මෙලෙස නික­රුණේ විනාශ කර ඇත්තේ අප දරු­වන්ගේ අනා­ග­තය ආලෝ­ක­වත් කළ හැකි සම්පත් නොවේද?

මේ ව්‍යාපෘ­තිය ආරම්භ වන්නේ මෙරට ආසි­යාවේ දැනුම් කේන්ද්‍ර­ස්ථා­න­යක් බවට පත් කළ යුතු බවට වන යෝජ­නාව අනුව 2005 වසරේ බල­යට පත් මහින්ද චින්තන වැඩ පිළි­වෙල මඟිනි. නූතන ලෝකයේ ඕනෑ ම රටක ආර්ථි­ක­මය සෞභාග්‍ය ළඟා කර ගැනීම සඳහා දැනු­මට හා නවෝ­ත්පා­ද­න­යන් සඳහා හිමිව ඇත්තේ ඉතාම සුවි­ශේෂී ස්ථාන­යකි. ඒ අනුව ලෙහෙ­සි­යෙන් ඉඩම් අත්පත් කර ගත හැකි ප්‍රදේශ ඉලක්ක කර ගනි­මින් මේ සංව­ර්ධන ව්‍යාපෘති ආරම්භ කිරී­මට එවක රජය පිය­වර ගත්තේ ය.

ආර්ථි­කය ශක්ති­මත් කළ හැකි ආර්ථික මර්ම­ස්ථාන රාශි­ය­කින් සම­න්විත හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කය ඒ සඳහා සුදුසු ම පාරි­ස­රික කලා­පය බවට තීර­ණය වූයේ ඒ අනුව ය.

සූරි­ය­වැව තොර­තුරු තාක්ෂ­ණික උද්‍යා­නය, මාග­ම්පුර වරාය, මත්තල ජාත්‍ය­න්තර ගුවන් තොටු­පොළ, අන්ත­ර්ජා­තික ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණය, අන්ත­ර්ජා­තික සම්ම­න්ත්‍රණ ශාලාව, රන්මි­ණි­තැන්න ටෙලි සිනමා ගම්මා­නය, වියළි කලා­පීය උද්භිත උද්‍යා­නය, රිදි­ය­ගම සෆාරි උද්‍යා­නය, නවීන පහ­සු­ක­ම්ව­ලින් සම­න්විත රෝහල සහ අධි­වේගී මාර්ග පද්ධ­තිය ආදිය ඉදි­කි­රීම් ආරම්භ වූයේ ඒ අනු­වය. මින් බොහො­ම­යක් 2015 වන විට අව­සන් අදි­ර­යට පැමිණ තිබිණි. නමුත් 2015 බල­යට පත් යහ­පා­ලන රජය කිසිදු වග­වි­භා­ග­ය­කින් තොරව මේ සියලු සැල­සුම් පසෙ­කට වීසි කර දැමීය.

එහි ඛේද­නීය ඉර­ණම අප නෙත ගැටුණේ පසු­ගි­යදා තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ, උසස් අධ්‍යා­පන, තාක්ෂණ හා නවෝ­ත්පා­දන අමාත්‍ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා එ් ප්‍රදේ­ශයේ කළ නිරී­ක්ෂණ චාරි­කා­වේදී ය. එහිදී සූරි­ය­වැව අන්ත­ර්ජා­තික ක්‍රීඩාං­ග­ණ­යට සමී­පව ඉදි කිරීම් කට­යුතු අත­හැර දමා තිබූ සූරියවැව තොර­තුරු තාක්ෂණ උද්‍යා­නය අමා­ත්‍ය­ව­ර­යාගේ නිරී­ක්ෂ­ණ­යට ලක් විය. ජාතික සම්පත් මේ ලෙස විනාශ මුඛ­යට ඇද දමා ඇති ආකා­රය නිරී­ක්ෂ­ණය කළ අමා­ත්‍ය­ව­රයා මේ සම්බ­න්ධ­යෙන් වහා පිය­වර ගැනී­මට අදාළ බල­ධා­රීන්ට උප­දෙස් දුන්නේය.

දේශීය හා විදේ­ශීය ආයෝ­ජ­ක­යන් සම්බන්ධ කර ගනි­මින් ලංකාවේ විශා­ලම තාක්ෂණ හා අධි තාක්ෂණ විශ්ව­වි­ද්‍යා­ලය මේ වසර තුළම ආරම්භ කිරී­මට පිය­වර ගන්නා බව පැවසූ අමා­ත්‍ය­ව­රයා; එහි තොර­තුරු තාක්ෂණ, පරිග­ණක මෘදු­කාංග, ඉංජි­නේරු තාක්ෂණ , රොබො­ටික් ඉංජි­නේරු පාඨ­මාලා ඇතුළු වෙනත් අධි­තා­ක්ෂ­ණික උපාධි පාඨ­මාලා ආරම්භ කිරී­මට පිය­වර ගන්නා බව ද පැව­සීය. දේශීය සිසුන්ට මෙන්ම ඉන්දි­යාව, මාල­දි­ව­යින, බංග්ලා­දේ­ශය, පාකි­ස්තා­නය ආදී ආසි­යා­තික රට­වල සිසුන් මේ සඳහා ආක­ර්ෂ­ණය කර ගැනීම තම ඉල­ක්කය බවත්; මීට අම­ත­රව දකුණු පළාතේ තිබෙන මහි­න්දෝ­දය තාක්ෂ­ණික විද්‍යා­ගා­ර­වල පරි­ග­ණ­කා­ගාර යොදා­ගෙන ඒ සියලු පාසල් අධි තාක්ෂ­ණික විශ්ව­වි­ද්‍යා­ල­යට අනු­බද්ධ කර එම­ඟින් මුළු දකුණු පළාතේ ම සිසුන්ට තොරු­තුරු තාක්ෂ­ණික ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා ලබාගත හැකි පරි­ස­ර­යක් ඇති කළ හැකි බවත් අමා­ත්‍ය­ව­රයා ප්‍රකාශ කර සිටි­යේය.

ඇත්තෙන් ම මේ මෙර­ටට විදේශ විනි­මය මැවිය හැකි ධන උල්ප­තකි; ජාතික සම්ප­තකි. පසු­ගිය රජය මේ ජාතික සම්පත් රට ඉදි­රියේ පම­ණක් නොව ලෝකය ඉදි­රියේ ද හෑල්ලු­වට ලක් කළේය. මෙරට ආර්ථි­කයේ දැවැ­න්තම ආයෝ­ජ­නය වූ හම්බ­න්තොට වරාය විකුණා දැමූ ඔවුන්; මත්තල ගුවන් තොටු­පොළ පරි­ශ්‍රයේ වී ගබඩා කළේ සිය මුග්ධ­කම මොන­වට ප්‍රද­ර්ශ­නය කර­මිනි.

වත්මන් ජනා­ධි­පති ගෝඨාභය රාජ­පක්ෂ මහ­තාගේ පූර්ණ අධී­ක්‍ෂ­ණය, මඟ­පෙ­න්වීම යටතේ මෙහි ඉදි­කි­රීම් කඩි­නම් කිරී­මට සැල­සුම් සකස් කර තිබේ. නුදු­රේ­දීම මේ තොර­තුරු තාක්‍ෂණ උද්‍යා­නය මෙරට තරුණ තරු­ණි­යන්ට ඉහළ වැටුප් සහිත අන්ත­ර්ජා­තික මට්ටමේ රැකියා අවස්ථා හිමි කර­දෙන වෘත්තීය විශ්ව­වි­ද්‍යා­ල­යක් බවට පත්ව­නවා නොඅ­නු­මාන ය.

 

ඡායාරූප - සුදත් මලවීර

Comments