වෛද්‍ය උපා­ධිය වෙනු­වට මර­ණය උරුම වූ කාංචනා | Page 3 | සිළුමිණ

වෛද්‍ය උපා­ධිය වෙනු­වට මර­ණය උරුම වූ කාංචනා

යාප­නයේ පන්නෙයි මුහුදු වෙරළ තීරය දැන් ගාලු මුව­දො­රට නොදෙ­වෙ­නිය. කාලා­න්ත­ර­යෙක් ජන ශුන්‍ය වූ එහි පෙම්බස් දොඩන්නෝ මෙන්ම මුහුදු සුළං විඳි­න්නට එන්නෝද අප­ම­ණය. පසු­ගිය බදාදා තම ස්වාමි­පු­රු­ෂ­යාගේ ඇරි­යු­මින් වෛද්‍ය උපා­ධිය ලැබී­මට ආස­න්නව සිටි රෝෂණී කාංච­නාද එහි යන්නේ යම් හෝ ආදර සුව­යක් ලැබී­මට විය හැකිය.

කාංචනා සිය සැමියා වූ එරංග දිලීප් කුමාර සමග පන්නෙයි වෙරළ දිගේ ඇවිද යමින් ඒ අසල වූ කොන්ක්‍රීට් බංකු­වක වාඩි ගත්තේ දැඩි අව් රශ්මිය මැද­මය.

කාංච­නාගේ මුළු ජීවි­ත­ය­ටම සෙවණ ලබා දෙනු ඇතයි යන විශ්වා­සය මත මීට වසර තුන­හ­මා­ර­කට පමණ ඉහ­තදී විවාහ දිවිය සදහා තෝරා­ගත් සිය ස්වාමි­යාට මේ අව් රශ්මිය දරා ගත නොහැකි නිසා ඔහුට සෙවණ හා සිසිල සැප­යූවේ කාංච­නාගේ ලස්ස­නට මල් වැටුණු පුංචි කුඩ­යයි. විවාහ වී සිටි­යද ඒ වන විට දෙදෙනා වෙන් වීමට අධි­ක­ර­ණයේ නඩු­වක් පවරා තිබුණි. එසේ වුවත් කාංචනා තම සැමියා හමු­වට මීට පෙරද මේ ලෙසින්ම පැමිණ ඇත.

වෙරළ තීරයේ සිටි අයද මේ දෙදෙනා දෙස උව­ම­නා­ව­කින් නොබැ­ලුවේ පන්නෙයි මුහුදු වෙරළ තීරයේ පෙම්ව­තුන් නිතර පැමි­ණෙන නිසා ය.

හදි­සි­යේම ඇසුණු කාංච­නාගේ විලාප හඩ නිසා පන්නෙයි මුහුදු වෙරළේ වෙනදා රළ බිදී­මෙන් නැගෙන රිද්මය ද එදා මොහො­ත­කින් වෙනස් විය.

මහා අන­තු­රක සෙයි­යා­වක් දුටු අවට වැසියෝ කාංච­නාත් ඇගේ ස්වාමි­යාත් සිටි ඉස­ව්වට නෙත් යොමු­ ක­රන විට එක් අයෙකු දුටුවේ කාංචනා මුහු­දට තල්ලු කරන දසු­නයි.

මේ සිද්ධිය දුටු පුද්ග­ලයා මහා හයි­යෙන් විලාප තබ­මින් උත්සහ කළේ දියේ ගිලෙ­මින් සිටි කාංච­නාව බේරා ගැනී­ම­ටත් වඩා ඇය මුහු­දට තල්ලු කර දිව යන සැක­කරු අල්ලා ගැනී­ම­ටය. සැක­කරු පසු පස ලුහු­බැද යමින් සිටි ඔහුට වටේ පිරි­ස­ගෙන් ලද සහය නිසා ඉතා ඉක්මනින් සැක­කරු අල්ලා ගැනී­මට හැකි විය.

දිව යන්නට ගිය සැක­කරු අල්ලා­ගත් සැණින් ඔහුට පරුෂ වච­න­යෙන් බැණ වැදුණු තරු­ණයෝ ඔහුට පහර පිට පහර දෙන්නට විය. තවත් පිරි­සක් මුහුදේ පාවෙ­මින් සිටි කාංචනා දෙසට හැරු­ණාහ.

පන්නෙයි මුහුදු තීරයේ ඉතාම පිරි­සුදු නිල්වන් ජලය කෙමෙන් කෙමෙන් රත්පැහැ ගැන්වී විනාඩි කීප­ය­කින් නිල්වන් ජලය රත්පැහැ වූයේ කාංච­නාගේ සිරු­රෙන් ගලා­ගිය රුධිර ධාරාව නිසා­මය.

කාංචනා පිළි­බ­දව විප­රම් කළ පිරිස තව­දු­ර­ටත් කාංචනා ජීව­තුන් අතර නොමැති බවට නිග­ම­නය කොට ඒ පුවත සැක­ක­රුව අල්ලා ගෙන සිටි පිරි­සට දැනුම් දුන්නා පමණි. යළිත් වරක් සැක­ක­රුට පන්නෙයි වෙරළ තීරයේ සිටි පිරි­ස­ගෙන් ගුටි­බැට පූජා­වක් ලැබුණි. වැඩි­දෙ­නෙක් ඔහුට පහර දෙන ලද්දේ යතුරු පැදි­වල පැමිණි පිරිස හිසට දමා­ගෙන සිටි හෙල්ම­ට්ව­ලිනි.

සැක­කරු අල්ලා ගත් ස්ථාන­යට පොලී­සිය කඩි­න­මින් නොපැ­මි­ණෙ­න්න­ට ­ඇ­යගේ සැමි­යාද කාංචනා ගිය ලෝක­ය­ටම යව­න්නට තරු­ණ­යන් කට­යුතු කරණු ඇත.

කාංච­නාගේ දේහය යාප­නය ශීක්ෂණ රෝහල වෙත රැගෙන යද්දී කාංච­නාගේ ස්වාමියා යාප­නය පොලී­සිය වෙත රැගෙන යනු ලැබීය.

යාප­නයේ තරු­ණයෝ වැල නොකැඩී යාප­නය ශීක්ෂණ රෝහ­ලට ඇදී ආහ. ඒ කාංචනා හොදින් දන්නා හඳු­නන නිසා නොවේ. මේ සිද්ධිය ඔවුන් කිසි­සේත්ම අනු­මත නොක­රන නිසාත් කාංචනා වෙනු­වෙන් උපන් දැඩි සංවේ­දී­භා­ව­යත් නිසා­මය.

නොදන්නා කාංචනා වෙනු­වෙන් යාප­නයේ තරු­ණයෝ දුක් වූවා පම­ණක් නොව කාංච­නාගේ නිසල දේහය ගමන් කර­මින් තිබූ සෑම ස්ථාන­ය­ක­ටම ඒ තරු­ණ­යෝද ගමන් කළහ. ඇතැම් තරු­ණයෝ කදුළු සැලූහ. ඒ මේ සිදුව ඇති පොළොව නුහු­ලන අප­රා­ධය හා මහා විනා­ශය දැකී­මෙන් සලිත වූ හද­වත් නිසා­මය.

විප­තක් වූ විට බොහෝ මිනි­සුන් කරන්නේ ඒ ස්ථාන­යෙන් ඉවත්ව යෑමයි. නමුත් යාප­නයේ තරු­ණයෝ සැක­ක­රුව අල්ලා පොලී­සි­යට බාර­දී­මෙන් නතර නොවී ඒ සිද්ධි­යට අදා­ළව සාක්කි දීම සඳහා පොලී­සි­ය­ටද පැමිණ සිටි­යහ.

මේ ක්‍රියාව තමන්ට අදාළ නොවන කාර­ණ­යක් යැයි යාප­නයේ තරු­ණයෝ කිසි විට­කත් නොසි­තූහ. සියලු මූලික පරී­ක්ෂණ අව­සන් වන තුරු ඒ තරු­ණ­යන්ගෙන් පොලී­සි­යට නොමද සහ­යෝ­ග­යක් ලැබිණි.

ඔවුහු තමන් දුටු දේ පොලි­සි­යට කීහ.

කොහොම හරි අපිට ගෑනු කෙනෙක් කෑග­හ­නවා ඇහුණේ. මම හිතුව මොකක් හරි අන­තු­රක් වෙන්න ඇති කියල. මොකද හැම තැනම කළුගල් තියන නිසා. ඒත් එක්කම කළු­පාට ඇඳු­මක් ඇද­ගෙන හිටිය කෙනා කාන්තා­වත් එක්ක පොර බැදුවා. එක පාර­ටම කාන්තාව මුහු­දට තල්ලු කරලා මෙයා දුවන්න ගත්තා.

සිද්ධිය වුණු තැන ගොඩාක් දුර නැතත් අපිට එක පාර­ටම එයාව අල්ල ගන්න දුවන්න බැරි­වුණා. මේ නිසා අපි ඊට ඉස්ස­ර­හින් හිටිය අයට කෑග­හලා කිව්වා මෙයාව අල්ල ගන්න කියලා. එහෙම පිරි­සක් එකතු වෙලා තමයි මෙයාව අල්ල ගත්තේ.”

යාප­නය පොලී­සියේ අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන් සිද්ධිය වූ ස්ථාන­යට පැමි­ණෙන විට කාංචනා මිය­ගොස් විනාඩි ගණ­නා­වක් ගත වී ගොසිනි. ඇගේ සන්ත­ක­යෙන් ගිලි­හුණු ජංගම දුර­ක­ත­නය කළු­ගල් ගොඩේ එක්තැ­නක තිබුණි. ඊට මදක් දුරින් කාංච­නාගේ මුදල් පසු­ම්බිය තිබුණි. එක් සෙරෙ­ප්පු­වක් දිස්වූයේ මුහුදේ ජල­යත් කළු­ගල් පෙළත් වෙන් කරණ සීමා­වේය.

දුක්මු­සුම දසු­නක් වූයේ කාංචනා ආද­ර­යෙන් සිය සැමි­යාට සෙවණ හා සිසිල දුන් කුඩය කළු­ගල් පෙළ ­මත ඉහළු නියා­යෙන්ම තිබී­මය.

කවර හෝ හේතු­වක් මත නීති­යෙන් වෙන් වන්නට කට­යුතු කොට තිබු­ණත් කාංචනා සිය සැමියා වන දිලිප් කුමා­රට නපු­රු­කම් නොක­ළාය. පුංචි සන්ධියේ සිටම දලුලා වැඩුණු ආද­රය තව­මත් ඔහු ළග ඇතැයි ඇයට දැනෙ­න්නට මෙන්ම විශ්වා­ස­යක්ද ගොඩ නැගී තිබු­ණාට කිසිදු සැක­යක් නොමැත. එය එසේ නොවූ­වා­නම් කුමන කරු­ණක් විසදා ගැනී­මට වූවද නීති­යෙන් වෙන්වී­මට කට­යුතු සැලසී ඇති සිය සැමියා කියන තැන­කට පැමි­ණී­මට තරම් කාංචනා අද­බාල හෝ මෝඩ කාන්තා­වක් නොවිය යුතුය.

එමෙන්ම ඇය තුළ වෛර­යක් තිබුණේ නම් ඇය කිසි­වි­ට­කත් තමන් හැර යන්නට සූදා­නම් වන සැමි­යාට සෙවණ දීමට කුඩය ඇල්ලී­මක් නොක­රණු ඇත. කාංච­නාගේ උග­ත්කම අභි­භ­ව­මින් අන්ධ වූ ආලය ඉස්මතු වීමක් සිදු­ව­න්නට ඇතැයි සම­හ­රෙ­කුට සිතෙ­න්නට පුළුවන. නමුත් කාංචනා මෙතෙන්ට තනි පංග­ලමේ පැමි­ණෙ­න්නට ඇත්තේ විසඳා ගත යුතුව තිබූ යමක් විසඳා ගැනීමේ මූලික බලා­පො­රො­ත්තුව ඇතිව විය හැකිය.

නමුත් කාංච­නාගේ ස්වාමියා එතැ­නට පැමිණ ඇත්තේ කුමක් හෝ සිදු­වු­ව­හොත් කාංච­නාගේ ඉර­ණම සද­හ­ටම විස­ද­නවා යැයි යන බලා­පො­රො­ත්තුව ඇතිව බව පැහැ­දි­ලිය. ඊට හොදම සාක්කිය වන්නේ ඔහුගේ බෑගයේ දමා ගෙන ආ තියුණු මුව­හ­තක් ඇති පිහි­යයි. මේ නිසා කාංචනා මේ ලෝක­යෙන් තුරන් කිරී­මට විශාල වුව­ම­නා­වක් කාංච­නාගේ ස්වාමි­යාට තිබෙ­න්නට ඇති බවද ඉතාම පැහැ­දි­ලිය.

කාංච­නාගේ ස්වාමියා වෘත්ති­යෙන් යුද හමු­දාවේ සේවය කළත් ඔහු අනු­යු­ක්තව කට­යුතු කොට ඇත්තේ වෛද්‍ය බළ­කා­යේය. ඔහුගේ රාජ­කා­රියේ කොට­සක් වන්නේ අනුන් සුව­පත් කිරීම වුවත් නපුරු වූ කුරුරු සිතක් තිබූ ඔහුට පුංචි සන්ධියේ සිට තමන් ආලය කල කාංච­නාගේ ජීවි­තය බේරන්නට කිසිම වුව­ම­නා­වක් නොති­බීම දිලිප් කුමා­රගේ රැකි­යා­ව­ටද නිගා­වකි.

එමෙන්ම මේ ලෝකයේ සිටින සුවාසූ දහ­සක් රෝගීන් සුව­පත් කිරී­මට මම මේ ගමන යන්නෙ­මියි තර­යේම සිතා­ගෙන කාංචනා දෙම­ව්පි­යන්ගේ දෙපා නැමද යාප­න­යට පැමි­ණියේ මහත් බලා­පො­රොත්තු රාශි­යක්ම පොදි බැද­ගෙ­නය. කාංච­නාගේ අධම ස්වාමි පුරු­ෂයා විසින් කාන්ච­නාගේ ඒ බලා­පො­රොත්තු සමු­දා­යද කාංච­නාගේ පවුලේ උද­වි­යගේ ප්‍රාර්ථ­නාද පම­ණක් නොව මේ රටේ ජන­තා­වගේ බලා­පො­රො­ත්තුද විනාශ කොට දමා තිබේ.

යාප­නය ශීක්ෂණ රෝහ­ලේදී අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී එන්.ප්‍රේම්ශං­කර් මහතා විසින් සිදු­කල පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යෙන් නිග­ම­නය වී තිබුණේ ඉතා සියුම් ආයු­ධ­ය­කින් සිරුරේ ස්ථාන නව­ය­කට දැඩි ලෙස කැපුම් තුවාල සිදු වී එම තුවාල වලින් වහ­නය වූ අධික රුධි­රය හේතු­වෙන් හා දැඩි කම්ප­නය නිසා කාංච­නාගේ මර­ණය සිදු වූ බව­ටය.

මේ අනුව පන්නෙයි මුහුදු තීරයේ සිටි තරු­ණයෝ ගන්නා ලද ක්ෂණික තීර­ණය ඉතාම නිවැ­රදි බවද මෙහිදී පසක් වෙයි. ඔවුන් මුහුදේ පාවුණු කාංච­නාගේ මළ­සි­රුර ගොඩ ගැනී­මට උත්සහ කළේ නම් අනි­වා­ර්යෙන්ම සැක­කරු ඒ ස්ථාන­යෙන් සාක්කි නොමැ­ති­වම පලා යනු නිය­තය.

තරු­ණ­යින්ගේ උත්සා­හය නිසා සැක­කරු කරේ එල්ලා ගෙන ආ බෑග­යද කාංච­නාට ඇනී­මට භාවිත කළ පිහි­යද සොයා ගැනී­මට පොලී­සි­යට හැකි විය.

කාංචනා හා සැමියා යන දෙදෙ­නාම බේරු­වල පදිං­චි­ක­රු­වන් වන අතර මීට වසර තුන­කට පමණ ඉහ­තදී මේ දෙදෙනා විවාහ වී ඇත. විවාහ වී ඔවුන් එකම නිව­සක වාසය කර ඇත.

පසුව ඇය යාප­නය විශ්ව විද්‍යා­ලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යා­වක් ලෙස පැමිණ තිබේ.

පොලී­සි­යට ලැබී ඇති තොර­තුරු වලට අනුව දෙදෙනා අතර නිත­රම ආර­වුල් ඇති වී තිබෙන අතර සැක­කරු එක් වරක කියා තිබෙන්නේ මේ විවා­හ­යට බිරි­දගේ මව අකැ­ම­ති­වීම නිසා එවැනි තත්ත්ව­යක් ඇති වූ බවයි.

මේ ආර­වුල් නිසා ඔවුන් නීති­යෙන් වෙන් වී දික්ක­සාද වීම සදහා නඩු­වක් පවරා තිබෙන බව­ටද තොර­තුරු ලැබී ඇත. අධි­ක­ර­ණයේ නඩු­වක් පැව­රී­මෙන් පසුව වුවද මේ දෙදෙනා වරින් වර හමුව ඇත.

විවා­හ­යට කාංච­නාගේ මවගේ ඇති අකැ­මැත්ත නිසා දෙදෙනා වෙන් වීම සඳහා නඩු පව­රා ­ති­බෙන බවද වාර්තා වේ. එහෙත් සැක­කරු තවත් වරක කියා ඇත්තේ තම බිරිද වෙනත් අයෙකු සමග සම්බ­න්ධ­යක් ඇති කර­ගෙන සිටින නිසා තමන්ව දැන් නුරු­ස්සන බවයි.

මේ සිද්ධිය වූ දින­යේ­දිත් බහි­න්බස් වීමක් ඇති වූයේ ඒ කතාව පද­නම් කර­ගෙන බවත් ඔහු පවසා තිබේ. ඒ අනුව දුර දිග ගිය ආර­වු­ලෙන් පසුව ඇයට පිහි­යෙන් ඇන තිබේ. 29 හැවි­රිදි වියේ පසුවූ කාංච­නාට අව­සන් ගමන් යන්නට වූයේ උපා­ධිය ලබා ගන්නට ආස­න්නව සිටි­ය­දී­මය. හැඟීම් පාල­නය කර ගන්නට නොහැකි වීම මෙන්ම ඉව­සීම නැති­කම නිසා සිදුවූ තවත් එක් අවා­ස­නා­වන්ත මර­ණ­යක් ලෙස පම­ණක් මෙය හඳුන්වා දීමට පුළු­වන.

Comments