පාසලේ දොර වැසුණු සංඝමිත්තාවේ දරුවෝ | සිළුමිණ

පාසලේ දොර වැසුණු සංඝමිත්තාවේ දරුවෝ

රු­වකු පාසල් යෑමට බලා­ගෙන සිටින්නේ මහත් ආසා­වෙනි. මවුපියන් තම දරුවා පාස­ලට ඇතු­ළත් කරන්නේ වච­න­යෙන් විස්තර කළ නොහැකි තරමේ අපේ­ක්ෂා­ රැසක් පොදි බැඳ­ගෙ­නය. මේ නිසාම ජාතික පාස­ල්ව­ලට දරු­වන් ඇතු­ළත් කිරීම සඳහා අති විශාල තර­ඟ­යක් නිර්මා­ණය වී තිබේ.

ගාල්ලේ සංඝ­මිත්තා බාලිකා විද්‍යා­ලය ඇතුළු පාසල් කිහි­ප­යක්ද මේ තර­ඟ­යට මුහුණ පා ඇති බවට විවා­ද­යක් නැත. පළ­මු­ව­ස­රට ළමයින් ඇතු­ළත් කිරීම සඳහා තෝරා­ගත් සීමිත පිරි­ස­කට මේ පාස­ල්වල දොර­ගුළු විවෘත වෙයි.

පසු­ගිය දා ගාල්ල සංඝ­මිත්තා බාලි­කාවේ අධ්‍යා­ප­න­යට වරම් ලැබූ සිසු­වියෝ සිය ගණ­නක් මහත් ඉහ­ළින් පිළි­ගැ­නීමේ උත්ස­ව­යක් පැවැ­ති­විණි.

උත්ස­වය අව­සා­නයේ දරු­වෝද සිය දෙම­වු­පි­යන් සම­ඟින් තමන්ට හිමි පන්ති කාම­ර­ව­ලට ගිය අතර පාසලේ ගුරු­භ­ව­තුන් කියා සිටියේ 'දැන් ඔයා­ලට දීපු සිසු තොර­තුරු පොතේ ඔයා­ලගේ ඇත්ත­ටම පදිංචි ලිපි­නය ලියන්න. අපිට දරුවා ගැන දැන්වත් ඇත්ත තොර­තුරු දෙන්න. යනු­වෙනි. ජන­ප්‍රිය පාස­ල­කට සිය දරු­වන් ඇතු­ළත් කර­න්නට දෙමා­පි­යන් විසින් ව්‍යාජ ලේඛන සත්‍ය ලේඛන වංචා සහ­ග­තව සකස් කළ බව දන්නා ගුරු­වරු එසේ පැව­සීම පුදු­ම­යක් නොවේ.

ඒත් ගැටලු මතු වන්නේ සංඝ­මිත්තා විද්‍යා­ලය අස­ලම පදිංචි දෙමා­පි­යන්ගේ දරු­වන්ට මේ වංචා හා ව්‍යාජ ලේඛන නිසා පාසල අහි­මිවී යාමයි. එලෙස සංඝ­මි­ත්තාවේ දොර වැසුණු දරු­වන් හය දෙනකු වෙනු­වෙන් ඔවුන්ගේ දෙමා­පියෝ පාසල ඉදි­රි­යිට අඛණ්ඩ උප­වා­ස­යක නිර­තව සියේ ඒ නිසා­වෙනි.

ගාල්ල බට­ග­න්විල වේවැ­ල්වල පාරේ පදිංචි සබීතා සුම­න­සිංහ මහ­ත්මිය (29) මෙසේ කීවාය.

“මම සංඝ­මිත්තේ ආදි ශිෂ්‍යා­වක්. ආදි ශිෂ්‍ය පද­න­මෙන් දරුවා පාස­ලට දැමී­මට නම් ලක්ෂ ගණ­නක් ව්‍යාපෘ­ති­ව­ලට කියා විය­දම් කරන්න වෙනවා. මම රජයේ සේව­ක­යෙක්. අපිට එහෙම විය­දම් කරන්න සල්ලි නැහැ. උපන් දා සිට මම පදි­චිව ඉන්නේ වේවැ­ල්වල පාරේ. මගේ ගෙද­රට මීට වඩා ආසන්න පාස­ලක් නැහැ. ඒ නිසා වෙනත් පාස­ල්ව­ලට ඉල්ලුම් කළෙත් නැහැ. සම්මුඛ පරී­ක්ෂ­ණ­යෙන් ලකුණු 90ක් තිබුණා. දෙසැ­ම්බර් 24 වැනිදා විරෝ­ධ­තා­වක් තියෙ­නවා කියා කැඳෙව්වා. දෙසැ­ම්බර් 31 සහ ජන­වාරි 06 වැනිදා නැවත කැඳෙව්වා. ජන­වාරි 06 වැනිදා සවස 3.00ට කැඳ­වලා නැවත රෑ 7.30ට කැඳෙව්වා. ඒ වෙලාවේ රවු­මක් ගහලා පෙන්නලා කිව්වා රිපන් විද්‍යා­ල­යට ලකුණු කප­නවා කියලා. මේක ලොකු අසා­ධා­ර­ණ­යක්....“ ඇය පැව­සුවේ වේද­නා­වෙනි.

කේ.එල්.ශෂිනි ප්‍රසං­ගිකා (30) මහ­ත්මිය මෙසේ කීවාය.

“මගේ අම්මත් මමත් සංඝ­මිත්තා විද්‍යා­ලයේ ආදි ශිෂ්‍යා­වන්. මුල් පරි­ක්ෂ­ණයේ දී ලකුණු 95ක් තිබුණා. දෙසැ­ම්බර් 26 විරෝ­ධතා කැඳෙව්වා. විදු­හ­ල්ප­ති­නිය විත­ර­මයි හිටියේ. මම ගමේ පදිංචි නෑ කියලා විරෝ­ධ­තා­ව­යක් මතු­වෙලා කියලා ගමේ පදිංචි බවට දිවු­රුම් ප්‍රකා­ශ­යක් ලියවා ගත්තා. පොරොත්තු ලේඛ­නයේ මගේ නම 53ට වැටිලා. මේ ලේඛ­නය එන­විට මට තිබුණේ ලකුණු 85යි.“

එම්.එම්.ජී. සුජිත් නිශාන්ත (40) මහතා පව­සන්නේ පොරොත්තු ලේඛ­නයේ 11 වැනි­යාට ලකුණු තිබූ තමන්ට විරෝ­ධ­තා­වක් තියෙ­නවා කියා නැවත කැඳවා පරීක්ෂා කර ලකුණු වෙනස් නොවන බවට අත්ස­නක් පවා රැගෙන තිබිය දී අසා­ධා­රණ ලෙස ලකුණු 86 දක්වා අඩු­කර ඇති බවයි. මේ නිසා තම දිය­ණි­යට පාස­ලක් අහි­මිවූ බව ඔහු පව­සයි.

මගේ නිවසේ ඔප්පුව තියෙන්නේ මගේ නමට. පාස­ලට දුර කිලෝ මීට­ර­යයි. නමුත් ලකුණු කපලා. ලකුණු කැපුවේ ඇයි කියලා කිව්වේ නැහැ. මේ ගැන කතා­ක­රන්න විදු­හ­ල්ප­ති­නිය හමු­වෙන්න අව­ස්ථා­වක් ඉල්ලු­වත් කිසිම වෙලා­වක අව­ස්ථා­වක් ලැබුණේ නැහැ. මේක ලොකු අසා­ධා­ර­ණ­යක්. අපිට අඩුම ගණනේ ඇයි මගේ ළමයා පාස­ලට ඇතු­ළත් කර­ගන්නේ නැත්තේ කියලා දැන ගන්න අයි­ති­යක් තියෙ­නවා.

ප්‍රමිලා ගීතානි මහ­ත්මිය (36) ද මේ ප්‍රශ්න­යට මැදි වූ තවත් එක් මවකි.

“මම පදිං­චිව ඉන්නේ උපන් ගෙදර. ඒ ගෙදර ඉදලා තමයි මමත් සංඝ­මිත්තේ ඉගෙන ගන්න ගියේ. මගේ අම්මත් සංඝ­මි­ත්තාවේ ආදි සිසුන්. ස්ථිර පදිංචි නිසා ආදි ශිෂ්‍ය පද­න­මෙන් අයැ­දුම් කළේ නෑ. අපි පදිංචි නිව­සට ඔප්පු­වක් තිබුණේ නැහැ. අපිට ප්‍රකා­ශන ඔප්පු­වක් 2015 වර්ෂයේ ලැබුණා. ඒ ඔප්පුව අම්මා 2017 මගේ නමට හැරෙව්වා. ඉඩ­මට ඔප්පු­වක් නෑ කියලා සම්මුඛ පරී­ක්ෂ­ණයේ දී ලකුණු දුන්නේ ම නැහැ. අභි­යා­චනා දැම්මාම ලකුණු දීලා පර­මා­නන්ද විද්‍යා­ල­යට ලකුණු පහක් කප­නවා කිව්වා. අනිත් පාස­ල්ව­ලට සම්මුඛ පරී­ක්ෂ­ණ­ව­ලට ගියාම කිව්වා සංඝ­මිත්තේ ඉස්ස­ර­හනේ ඉන්නේ ඒකට දාගන්න කියලා අපිට මේ පාස­ලෙන් දුන්නේ ලකුණු 85.7යි. ළමයා ඇතු­ළත් කර­ගන්න බැරි­වුණා.

සංඝ­මිත්තා විද්‍යා­ලය ඉදි­රි­පි­ටින් දිවෙන දුම්රිය මාර්ගයේ දෙපස අන­ව­සර පදිං­චි­ක­රුවෝ රැසක් සිටිති. ඔවුන්ට ප්‍රවේ­ණි­ගත ඉඩම් ඔප්පු නැත. අන­ව­සර පදිං­චි­ක­රු­වන් යැයි කියා එවැනි ඉඩ­මක පදිංචි කේ.එම්.ඩී.ප්‍රිය­ද­ර්ශන (33) මහ­තාගේ දිය­ණිය සංඝ­මිත්තා විද්‍යා­ල­යට ඇතු­ළත් කර ගැනී­මට අව­ස්ථාව අහි­මිවී ඇත.

'අපි රේල් පාර අයිනේ අන­ව­සර පදිං­චි­ක­රු­වන් කියා සම්මුඛ පරී­ක්ෂ­ණයේ දී ලකුණු දුන්නේ නැහැ. මට තියෙන්නේ ප්‍රකා­ශන ඔප්පු­වක්. ඒ ඔප්පුව 2016 දී ලියා­ප­දිංචි කළා. ඒ ඔප්පුව පව­රන්න බැහැ. සම්මුඛ පරී­ක්ෂ­ණ­යට පෙර දිනයේ කතා කරලා කිව්වා ස්ථිර ලේඛන ඉදි­රි­පත් කරන්න කියලා. අභි­යා­චනා දැම්මා. ඒ වෙලාවේ දැක්කා ඔප්පු­වට දී තිබෙන්නේ ලුකණු 12යි.

ඩී.ජී.චින්තක සඳ­රු­වන් මහතා (34) සංඝ­මිත්තා බාලිකා විද්‍යා­ලයේ ප්‍රධාන ගේට්ටුවේ සිට මීටර 20ක් පමණ දුරින් නිව­සක් ඉදි­ක­ර­ගෙන පදිං­චි­යට පැමිණ ඇත්තේ මීට වසර හත­ර­කට පෙරා­තු­වය. ඔහුගේ පදිංචි කාලය වසර හත­රක් යැයි පව­ස­මින් ඔප්පු­වට ලකුණු පහක් අඩු­කර ඇත. ඡන්ද හිමි නාම ලේඛ­නයේ ද නම සඳ­හන්ව ඇත්තේ අවු­රුදු හත­රක් බැවින් ලකුණු අඩු­කර ආස­න්න­තා­වට හිමි­විය යූතු ලකුණු 50 ම ලබා දී ඇත. ප්‍රති­ඵ­ලය වී ඇත්තේ දරුවා පාස­ලට ඇතු­ළත් කර ගැනී­මට නොහැකි වීමයි. ඔහු පව­සන්නේ සංඝ­මිත්තේ ගේට්ටුව ඉදි­රි­පට පදිංචි තම දරු­වාට රජයේ ප්‍රති­ප­ත්තිය අනුව සංඝ­මිත්තා බාලිකා විද්‍යා­ල­යට යැවීම හැර වෙනත් වික­ල්ප­යක් නොමැති බවය.

පසු­ගිය වසරේ දී මෙවැ­නිම ගැට­ලු­ව­කට මුහුණ දී සිටි ගාල්ල නග­රයේ පදිං­චි­ක­රු­වන්ගේ දරු­වන් පාස­ල්ව­ලට ඇතු­ළත් කර­ලීම සඳහා ක්‍රියා­කාරී දාය­ක­ත්ව­යක් සැපයූ නිද­හස් අධ්‍යා­ප­නය සඳහා සිසු ජන ව්‍යාපා­රයේ රත්ක­රව්වේ ජින­ර­තන හිමියෝ මෙසේ කීහ.

'2018/25 අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ චක්‍ර­ලේ­ඛය නිසා පසු­ගිය වස­රේ­දීත් මේ වගේම ප්‍රශ්න ඇති­වුණා. ළඟම පාසල හොඳම පාසල කියා බොරු පොරොන්දු දීලා ප්‍රචා­ර­යන් ගෙන ගියාට එය යථා­ර්ථ­යක් වෙන්නේ නැහැ. මේ ඊනියා චක්‍ර­ලේඛ නිසා පාස­ලට ළමුන් ඇතු­ලත් කිරීමේ දී මුදල් ගැනීම පවා නීති­ගත වෙලා තියෙ­නවා. අපි රජ­යෙන් ඉල්ලා සිටි­නවා මේ දරු­වන්ට සාධා­ර­ණ­යක් කරන්න කියා. මුදල් ඇති සහ නැති සියලු පවු­ල්වල දරු­වන්ට පාස­ලක් හිමි­විය යුතුයි.

මේ සම්බ­න්ධ­යෙන් සංඝ­මිත්තා බාලිකා විද්‍යා­ලයේ විදු­හ­ල්ප­තිනි චාන්දනී උඩ­කු­ඹුර මහ­ත්මි­ය­ගෙන් විමසූ විට ඇය මෙසේ කීවාය.

'පාසල ඉදි­රි­පිට විරෝ­ධතා කරන දෙමා­පියෝ මා හමු­ව­න්නට ආවේ නැහැ. ඔවුන් කවු­රුන්ද කියා මා දන්නේ නැහැ. මම රජයේ චක්‍ර­ලේඛ අනුව කට­යුතු කර තිබෙ­නවා. පළමු වටයේ පාස­ලට තේරුණු ඇතැම් දරු­වන් විරෝ­ධතා සහ අභි­යා­ච­නා­වල දී කැපී ගියා. මේ අභි­යා­චනා මණ්ඩ­ලයේ සිටියේ මම නොවෙයි. ඔවුන් අභි­යා­චනා මණ්ඩ­ලයේ දී කැපී ගිය බව කිය­නවා. අභි­යා­චනා මණ්ඩ­ලයේ සිටියේ ආසන්න පාස­ලක විදු­හ­ල්ප­ති­ව­ර­යෙක්. අපි මේ තෝරා­ගැ­නීම් විනි­විද භාව­යෙන් සිදු­කළා. පාස­ලට අය­දු­ම්ක­රන හැම දරු­වෙක් ම පාස­ලට ඇතු­ළත් කර­ගන්න අපි කැමති වුණත් ඉඩ පහ­සු­කම් අනුව තෝර­ගැ­නී­මක් කර­නවා. එය මගේ හිතු­ම­ත­යට කරන්න පුළු­වන් දෙයක් නොවෙයි.”

මවුපි­යන් සමග අට්ටා­ල­යට වී සිටින දරුවන් දුර බැහැර සිට විවිද ආකා­රයේ වාහ­න­ව­ලින් පැමිණ පාසල ඇතු­ළට යන තම සම වය­සේම පසු­වන අනෙ­කුත් සහෝ­ද­රි­යන් දෙස බලා සිටින්නේ කවදා හෝ තමන්ට ද මේ පාසලේ දොර විවෘ­ත­වනු ඇතැයි සිත­මිනි.

 

Comments