දඟ­ගෙ­යින් මිදී සැබෑ වැර­දි­කා­රිය දං ගෙඩි­යට යැවූ නිලූකා | Page 3 | සිළුමිණ

දඟ­ගෙ­යින් මිදී සැබෑ වැර­දි­කා­රිය දං ගෙඩි­යට යැවූ නිලූකා

හොරො­යින් ග්රෑම් 80 කට වැඩි ප්‍රමා­ණ­යක් සන්ත­කයේ තබා­ග­නි­මින් ජාවා­රම් කිරීම, මත්ද්‍ර­ව්‍ය­ව­ලට කිසි­සේත්ම සම්බන්ධ නොවු කාන්තා­වක පිළි­බඳ බොරු සාක්ෂි ලබා­දෙ­මින් පොලි­සිය, අධි­ක­ර­ණය නොමඟ යැවිම ඒ සඳහා නිල­ධා­රීන්ට අල්ලස් ලබා­දීම ඇතුළු චෝදනා රැස­කට වැර­දි­කා­රිය බව, සාධා­රණ සැක­යෙන් තොරව ඔප්පු­වීම නිසා ගම­ආ­ර­ච්චිගේ නිලුකා දිල්රුක්ෂි නමැ­ත්ති­යට මර­ණීය දණ්ඩ­නය ලබා­දී­මට කොළඹ මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා නියෝග කරන ලදි.

එසේම සාවද්‍ය සාක්ෂි මත මත්කුඩු චෝද­නා­ව­ලට ලක්ව, මාස 08 ට වැඩි කාල­යක් බන්ධ­නා­ගා­ර­ග­තව සිටි 33 හැවි­රිදි අමිතා දම­යන්ති නමැති දෙදරු මව නිදොස් කොට නිද­හස් කිරී­ම­ටත්, ඇයට සිදු වූ අග­තිය වෙනු­වෙන් රුපි­යල් ලක්ෂ 05ක වන්දි­යක් ගෙවී­ම­ටත් නිලුකා දිල්රු­ක්ෂිට නියෝග කරන ලදී.

සිද්ධි­යට සම්බන්ධ පසු­බිම් කතාව දිග හැරෙන්නෙ මෙසේය.

අමිතා ඇගේ සැමියා ශිරන්ත. දිය­ණිය කවින්ද්‍යා සහ සිසිර පුතා ජීව­ත්වන්නේ මාලි­ගා­වත්ත සමී­පයේ මහල් අට­කින් යුත් මහල් නිවාස සංකී­ර්ණයේ 7 වන මහ­ලේය. දරු­වන් පාසල් අධ්‍යා­ප­නය හදා­රන අතර ශිරන්ත සුළු ව්‍යාපා­ර­යක යෙදෙ­මින් යහ­පත් පවුල් ජීවි­ත­යක් ගත කරයි. ඔවුන් සමාජ අසා­ධා­රණ පිටු­ද­කින නිර­න්තර ඊට එරෙ­හිව කට­යුතු කරන පවු­ලක් බව කවු­රුත් දනිති.

මත් උව­දුර වෙලා­ගෙන සිටින එම ප්‍රදේ­ශයේ සිදු වන යම් යම් අක­ට­යු­තු­කම් නොඉ­ව­සන අමිතා ඊට එරෙ­හිව ප්‍රසි­ද්ධියේ විවේ­ච­නය කර­න්නීය. මේ ප්‍රදේ­ශයේ මත්කුඩු සංස­ර­ණය වීම සාමාන්‍ය සිද්ධි­යකි. එහි අතුරු ඵල ලෙස සොර­කම්, කාන්තා­වන්ට සිදු­වන හිංසා මෙන්ම. තරුණ පිරිස් කුඩු­ව­ලට අද්දවා ගැනීම් ද නිමක් නැත. අමි­තාගේ නිවාස සංකී­ර්ණයේ ජීවත් වන කිහිප දෙනෙක්ද ඊට සෘජු­වම සබන්ධ අතර ඒ ගැන අමිතා හොඳින්ම දැන සිටි­යාය.

මත්ද්‍රව්‍ය ගැන තොර­තුරු පොලි­සි­යට දෙන්නේ අමිතා යැයි සැක­ක­රන ජාවා­ර­ම්ක­රු­ව­න්ගෙන් අමි­තාට තර්ජන ගර්ජන පව­තින්නේ දිගු කලක සිටය. ඔවුන් උත්සාහ කරන්නේ අමි­තාගේ පවුල මාලි­ගා­ව­ත්තෙන් පළවා හැරී­ම­ටය.

අමිතා හැර, නිවසේ කිසි­ව­කුත් නැති විටක මුහුණු ආව­ර­ණය කර­ගත් තිදෙ­නෙකු අමි­තාගේ නිව­සට පැමිණ ඇයගේ කට පිහි­ය­කින් කපා තුවාල සිදු­කොට පලා ගිය අතර ඇය රෝහ­ල්ගත කරනු ලැබු­වාය. ඒ පිළි­බ­ඳව මාලි­ගා­වත්ත පොලි­සි­යට පැමි­ණිලි කළද අප­රා­ධ­ක­රු­වන් අල්ලා ගැනී­මට සමත් නොවීය.

කාලය ගෙවී යන අතර කුඩු ජාවා­ර­මද ගජ­රා­මෙට කෙරී­ගෙන ගියේය. අමි­තාගේ විරෝ­ධය පෑම් ද අඩු­වක් නැත. අග­න­ග­රයේ පල­තුරු ව්‍යාපා­ර­යක් කර­ගෙන යන ශිරන්ත වැඩි කාල­යක් නිවසේ නොරැ‍ඳෙයි.

එදින දහ­වල් අමිතා මාලි­ගා­වත්ත නිවාස සංකී­ර්ණයේ බිම් මහලේ මිතු­රි­ය­කගේ නිවසේ සිටි විටක සිවිල් ඇඳු­මින් සැර­සුණු පොලිස් නිල­ධා­රීහු පොලිස් කාන්තා­වක්ද සමඟ පැමිණ අමි­තාගේ නිවස පරීක්ෂා කිරී­මට අවශ්‍ය බව පැවැ­සුහ. හත්වන මහලේ ඇයගේ නිවස පරීක්ෂා කරන පොලිස් නිල­ධා­රීන් අත­රින් එක් අයෙක් කාම­ර­යක තිබී මේ තියෙන්නේ බඩු යැයි කිය­මින් මත්කුඩු පාර්ස­ල­යක් සොයා ගත්තේය.

අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ අමිතා කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කෙරුණු අතර ඇය රිමාන්ඩ් බාර­යට පත් කරනු ලැබු­වාය. මේ අතර අමි­තාගේ සැමියා ශිරන්ත. පොලිස් මුල­ස්ථා­න­යට, මානව හිමි­කම් කොමි­ස­මට පැමි­ණිලි කළද කිසිඳු සහ­න­යක් නොලැබේ.

මාස හයක් පමණ රිමාන්ඩ් බාරයේ ගත කර­මින් සිටි අමිතා නීති­ඥ­ව­ර­යෙකු මගින් මහා­ධි­ක­ර­ණ­යට ඇප අය­දු­ම්ප­තක් යොමු කළාය.

කොළඹ මහා­ධි­ක­ර­ණ­යේදී අමි­තාගේ ඇප අය­දු­ම්පත් සලකා බැලිණි. අධි­ක­රණ නියෝග මත පොලි­සිය විසින් නැවත සිදු­ක­රන ලද පරී­ක්ෂ­ණ­ව­ලදී සත්‍ය සිද්ධිය අනා­ව­ර­ණය කර ගැනී­මට හැකි විය. අමිතා අත්අ­ඩං­ගු­වට ගැනීම සිදු­වන්නේ ඒ වන විටත් දිගු­ක­ලක් වැලි­කඩ බන්ධ­නා­ගා­ර­ග­තව සිටින ගම­ආ­ර­ච්චිගේ නිලුකා දිල්රුක්ෂි නමැ­ත්ති­යගේ මෙහෙ­ය­වීම මත හා බොරු සාක්ෂි ලබා­දීම මත බව හෙළි කර ගැනී­මට නිල­ධා­රීන් සමත් වූහ.

මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් ඇය පොලි­සි­යට තොර­තුරු ලබා­දෙන බවට සැක කර­මින් අමිතා නිහඬ කිරී­මට ඒ වන විට රිමාන්ඩ් බන්ධ­නා­ගා­රයේ සිටින නිලුකා දිල්රුක්ෂි නමැ­ත්තිය තම සහ­ච­ර­යන් මගින් පොලි­සිය නොමග යව­මින් අල්ලස් ලබා­දෙ­මින් සිදු කළ වැරදි ක්‍රියා­ව­ලියේ අග­මුල හෙළි කර­ගැ­නී­මට විම­ර්ශන කණ්ඩා­යම සම­ත්විය. අමිතා දම­යන්ති මත්කුඩු ව්‍යාපා­ර­යට විරුද්ධ හෙයින් බොරු නඩු­ව­කට පට­ලවා කූඩු­වට යැවීම සැල­සුම විය.

නිලුකා දිල්රුක්ෂි නැමැ­ත්තිය බන්ධ­නා­ගා­රය තුළ සිටි­මින් තම සහ­ච­ර­යන් මගින් පොලි­සි­යට සහ බන්ධ­නා­ගාර නිල­ධා­රීන්ට අල්ලස් ලබා­දුන් බවද ඔප්පු කර­ගැ­නී­මට විම­ර්ශන කණ්ඩා­යම සමත් විය.

මත්කුඩු සම්බ­න්ධව එක්ව­රක් හෝ චෝද­නා­ව­කට ලක්ව බන්ධ­නා­ගා­ර­ග­තව සිට පැමි­ණී­මෙන් පසු එම ව්‍යාපා­ර­යට අද්දවා ගැනීම පහසු කරු­ණක් බව කුඩු ව්‍යාපා­රයේ යෙදෙන පිරිස් හොඳින් දන්නා කරු­ණකි. නිලු­කාගේ උත්සා­හය වූයේද අමි­තා­වද කුඩු ලෝක­යට ඇඳා ගැනී­මය. එහෙත් මත්කු­ඩු­ව­ලට මුල සිටම එරෙ­හි­වෙ­මින් ප්‍රසි­ද්ධියේ විවේ­ච­නය කළ ඇය තමන් වෙත එල්ල වූ අභූත චෝදනා ඉදි­රියේ නීතියේ සරණ පත­මින් ඉන් ජය ලබා­ගැ­නී­මට සමත් වූවාය.

දිඟු කාල­යක් තිස්සේ මාලි­ගා­වත්ත ප්‍රදේ­ශයේ කුඩු ජාවා­ර­ම්ව­ලට සම්බන්ධ නිලුකා දිල්රුක්ෂි ඇතුළු පිරිස් නීතියේ රැහැ­නට හසු­කර දීමට වැර­දි­කා­රි­යට මර­ණීය දණ්ඩ­නය ලබා­දීම කරා නීති කට­යු­තු­ව­ලට උදව් කිරී­ම­ටත් අමි­තාට හැකි­විය. (නම් ගම් මනඃ­ක­ල්පි­තය)

සිතු­වම - හර්ෂ ගු ණ­ව­ර්ධන

Comments