ජන­ප­තිගේ උප­දෙස් පරිදි සියලු රාජ්‍ය ආය­තන එකම ජාල­ය­කට | Page 3 | සිළුමිණ

ජන­ප­තිගේ උප­දෙස් පරිදි සියලු රාජ්‍ය ආය­තන එකම ජාල­ය­කට

 

රාජ්‍ය යන්ත්‍ර­ණ­යෙහි පව­තින කාර්ය­ක්ෂ­ම­තාව, ප්‍රමා­දය සහ දූෂණ පිටු දැකීම අර­මුණු කර­ග­නි­මින් සියලු රාජ්‍ය ආය­තන එකම දත්ත ජාල­ය­කට යොමු කිරී­මට ජන­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා අදාළ නිල­ධා­රීන්ට උප­දෙස් දී තිබේ.

 

ඊ - පාල­න­යක් (e-governance) මඟින් රාජ්‍ය සේවා සැල­සීම 1919 රාජ්‍ය තොර­තුරු කේන්ද්‍රය වහාම යාව­ත්කා­ලීන කිරීම සහ රාජ්‍ය සේව­යට දක්ෂ­ය­න්ගෙන් සැදු­ම්ලත් නිපු­ණතා සංචි­ත­යක් ඇති කිරීම එම­ඟින් අපේක්ෂා කෙරේ.

සේවා ලාභියා, සේවා සප­යන්නා ළඟට යනවා වෙනු­වට අන්ත­ර්ජා­ලය මඟින් අදාළ සේවා සහ අනු­මැ­තීන් සප­යන ක්‍රම­වේ­ද­යක් කඩි­න­මින් සක­ස­න්නැයි ද ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන් සහ තොර­තුරු තාක්ෂණ නිල­ධා­රීන් සමඟ පසු­ගි­යදා පැවැති සාක­ච්ඡා­වේදී උප­දෙස් ලබා දුන්නේය.

ඒ අනුව සියලු රාජ්‍ය ආය­තන සතු දත්ත ශ්‍රී ලංකා තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ ආය­ත‍‍නයේ පූර්ණ මැදි­හත් වීමෙන් එක් රැස් කෙරේ.

ජන­තා­වට වඩාත් සමීප සියලු ම රාජ්‍ය ආය­ත­න­ව­ලට ප්‍රමු­ඛ­තාව දෙමින් ජාල­ගත කිරීම සිදු වේ.

නව ක්‍රම­වේ­දය මඟින් තාක්ෂ­ණය සහ අන්ත­ර්ජා­ලය භාවි­ත­යෙන් හැඳු­නු­ම්පත් රිය­දුරු සහ ගුවන් බල­පත්‍ර, උප්පැන්න විවාහ හා මරණ සහ­තික ලියා­ප­දිංචි කිරීම සහ ර‍ජයේ ඉඩම් ඔප්පු ඇතුළු ක්ෂේත්‍ර රැසක සේවා කඩි­න­මින් ඉටු­කර ගැනී­මට හැකියි.

දත්ත එක් පද්ධ­ති­ය­කට ගැනී­මෙන් කාලය අවම කර ආකා­ර්ය­ක්ෂ­ම­තාව සහ දූෂ­ණය වළක්වා ගත හැකි බව ජනා­ධි­ප­ති­ව­රයා පෙන්වා දුන්නේය. බදු අය කිරීමේ සිට විශ්‍රාම වැටුප දක්වා වූ ක්ෂේත්‍ර රැසක ක්‍රියා­කා­ර­කම් ස්වයං­ක්‍රී­ය­ක­ර­ණ­යෙන් (Automation) ඉටු කර ගැනී­මට අව­කා­ශය සැල­සීම මෙහි මූලික අපේ­ක්ෂා­වයි.

දත්ත ඒක් රැස්ව තිබී­මෙන් රට­කට බල­පාන ප්‍රධාන තීන්දු තීරණ ගැනී­මේදී නිවැ­රැදි විශ්ලේ­ෂ­ණ­යක් කළ හැකි බව මෙහිදී ජනා­ධි­ප­ති­ව­රයා පෙන්වා දුන්නේය.

සාමාන්‍ය ජන­තාව සිය අව­ශ්‍යතා ඉටු­කර ගැනී­මේදී රාජ්‍ය ආය­ත­න­වල සිදු­වන ප්‍රමා­දය සම්පූ­ර්ණ­යෙන් වළකා ගැනී­මට ද මින් හැකිවේ. 1919 රාජ්‍ය තොර­තුරු කේන්ද්‍රය ඔස්සේ ජන­තා­වට තොර­තුරු සන්නි­වේ­ද­නය යළි සකස් කිරීම කෙරෙහි ද අව­ධා­නය යොමු කෙරිණි.

රටේ වේග­වත් අභි­වෘ­ද්ධි­යක් වෙනු­වෙන් ආය­තන රැසක ප්‍රධා­නීන් ලෙස විෂ­යා­නු­බද්ධ විද්ව­තුන් පත් කර ඇත. ඔවුහු බොහෝ දෙනෙක් වැටුප් රහි­තව රට වෙනු­වෙන් සේව­යට කැප වී සිටිති. ඔවුන්ට රාජ්‍ය නිල­ධා­රීන් උප­රිම සහාය දිය යුතු බව ජනා­ධි­ප­ති­ව­රයා පෙන්වා දුන්නේය.

කඩි­න­මින් පණ ගැන්විය යුතු ආය­තන රැසක ප්‍රධා­නීන් පත් කිරී­මේදී අදාළ ක්ෂේත්‍රයේ දක්ෂතා ඇති අය පිළි­බඳ තොර­තුරු ගොනු­වක් නොති­බීම බාධා­වක් යැයි ජනා­ධි­ප­ති­ව­රයා පැව­සීය.

රාජ්‍ය සේවයේ සිටින දක්ෂ­යන් ඉතා කඩි­න­මින් හඳු­නා­ගෙන නිපු­ණතා සංචි­ත­යක් බිහි කිරීමේ අව­ශ්‍ය­තාව අව­ධා­ර­ණය කෙරිණි. වහාම අදාළ පිරිස් හඳු­නා­ගෙන සංචි­තය සඳහා නිර්දේශ යොමු කරන ලෙස ද සිය­ලුම අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන්ට උප­දෙස් දෙනු ලැබීය.

තොර­තුරු තාක්ෂ­ණය සහ සිය ක්ෂේත්‍ර­යන්ට අදා­ළව දේශීය සහ විදේ­ශීය පුහු­ණු­වීම් ලබා­දී­මට පිය­වර ගැනී­මෙන් දක්ෂ රාජ්‍ය සේව­ක­යෙක් සහ යහ­පත් රාජ්‍ය සේවා­වක් නිර්මා­ණය කළ හැකි බව ජනා­ධි­ප­ති­ව­රයා පෙන්වා දුන්නේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචා­ර­යක් සඳහා පැමි­ණෙන ලෙස අබු­ඩාබි එමි­රේට්හි ඔටුන්න හිමි කුමරු ෂේක් මොහො­මඩ් බින් සයීඩ් අල් නහ්යන් මහතා ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට ආරා­ධනා කර ඇත.

ඔටුන්න හිමි කුම­රුගේ උණු­සුම් ශුභා­ශිං­ස­න­යට එලෙ­සින්ම ප්‍රති­චාර පළ කළ රාජ­පක්ෂ මහතා ඇර­යුම පිළි­ග­ත්තේය. මෙය දෙරට අතර අද­හස් හුව­මාරු කර­ගැ­නී­මට හා පොදු අභි­ලාෂ සාකච්ඡා කිරී­මට මහඟු අව­ස්ථා­වක් වනු ඇත.

මේ අතර ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ තිර­සාර සංව­ර්ධන වැඩ­පි­ළි­වෙ­ළට එක්සත් ජාතීන්ගේ නේවා­සික සම්බ­න්ධී­කා­රක හැනා සිංගර් මහ­ත්මිය සිය ප්‍රසා­දය පළ කළාය. ජනා­ධි­පති කාර්යා­ල­යේදී ජනා­ධි­ප­ති­ව­ර­යාට ඒ බැව් ඇය ප්‍රකාශ කළාය.

කාල­ගු­ණික විප­ර්යාස, රජයේ ආය­තන ඩිජි­ට­ල්ක­ර­ණය, දිළිඳු බව පිටුදැකීම, අතු­රු­ද­හන් වූවන් පිළි­බඳ ගැට­ලුව කළ­ම­නා­ක­ර­ණය ඇතුළු කරුණු ගණ­නා­වක් මෙහිදී සාකච්ඡා කෙරිණි.

අධ්‍යා­පන ක්ෂේත්‍රය, තොර­තුරු තාක්ෂණ විෂය ප්‍රව­ර්ධ­නය සහ රාජ්‍ය ආය­තන ඩිජි­ට­ල්ක­ර­ණය යන කට­යු­තු­ව­ලදී එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ සහාය ලබා­දී­මට නියෝ­ජි­ත­ව­රිය මෙහිදී පොරොන්දු වූවාය.

මෙහිදී අතු­රු­ද­හන් වූ පුද්ග­ල­යන් පිළි­බ­ඳව ගැට­ලුව කෙරෙ­හිද අව­ධා­නය යොමු කෙරිණි. අදාළ පවු­ල්වල ජීව­නෝ­පා­ය­මාර්ග සංව­ර්ධ­නය වෙනු­වෙන් ක්‍රම­වේ­ද­යක් සකස් කිරී­මට සැල­සුම් කර ඇති බව ජනා­ධි­ප­ති­ව­රයා පෙන්වා දුන්නේය.

ජාතික බාල­දක්ෂ ව්‍යාපා­රයේ ප්‍රධාන බාල­දක්ෂ පද­විය ශ්‍රී ලංකා බාල­දක්ෂ සංග­මය විසින් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වෙත පිරි­න­මන ලදි. බාල­දක්ෂ සංග­මයේ ප්‍රධාන අනු­ශා­සක ධුරය ද ජනා­ධි­ප­ති­ව­ර­යාට පිරි­නැ­මීම විශේ­ෂ­ත්ව­යකි.

රටට වැඩ­දා­යක සහ ගුණ­ධ­ර්ම­ව­ලින් පෝෂ­ණය වූ නිර්මා­ණා­ත්මක පුර­වැසි පර­පු­රක් බිහි­කි­රීම බාල­දක්ෂ ව්‍යාපා­රයේ අර­මුණ ඉව­හල් වන බව ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කළේය.

මේ පර­මා­ර්ථය සපුරා ගැනීම සඳහා බාල­දක්ෂ ව්‍යාපාර‍ය සමඟ සහ­යෝ­ග­යෙන් ක්‍රියා­ක­රන මෙන් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශ­යට උප­දෙස් ලබා දීමට ජනා­ධි­ප­ති­ව­රයා පිය­වර ගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ වත්මන් අධ්‍යා­පන ක්‍රමය වෙනස් කොට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යා­පන ක්‍රම­යක් ස්ථාප­නය කරන බවද ජනා­ධි­ප­ති­ව­රයා පව­සයි. රටට අවශ්‍ය අභි­යෝග ජය ගැනී­මට හැකි පුර­වැ­සි­යන් බිහි කළ හැක්කේ එම­ඟින් පම­ණක් යැයි ද ඔහු අව­ධා­ර­ණය කළේය.

අද තිබෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යා­පන ක්‍රම­යක්. එය වහාම ශිෂ්‍ය කේන්ද්‍රීය දිශා­වට යොමු කළ යුතුයි. බාල­දක්ෂ ව්‍යාපා­රය මේ සඳහා දායක කර­ගන්නා ආකා­රය ද ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කරයි.

ශ්‍රී ලංකාව අන්තර්ජාතික දැනුම් කේන්ද්‍ර­ස්ථා­නයක් බවට පත් කිරීමේ අර­මුණ ඇතිව විදේ­ශීය සිසුන්ට මෙරට විශ්ව­වි­ද්‍යා­ල­වල අධ්‍යා­ප­නය ලැබීම සඳහා වෙන් කර ඇති ප්‍රති­ශත සීමාව ඇතු­ළත ගාස්තු අය­කර විදේ­ශීය සිසුන් බඳවා ගැනීම ප්‍රව­ර්ධ­නය කිරී­ම­ටත් විදේශ රැකි­යා­වල නියුතු ශ්‍රී ලාංකි­ක­යන්ගේ දරු­වන් විදේ­ශීය මුද­ලින් පාඨ­මාලා ගාස්තු ගෙවීමේ පද­නම මත බඳවා ගැනී­ම­ටත් ලෝක විශ්ව­වි­ද්‍යාල ශ්‍රේණි­ගත කිරීම අනුව ලොව පිළි­ගත් විශ්ව­වි­ද්‍යා­ල­වල ශාඛා මෙරට ආරම්භ කිරී­ම­ටත් රජය තීර­ණය කර තිබේ.

ඉකුත් 23 දා කැබි­නට් තීරණ මාධ්‍ය සාක­ච්ඡා­වේදී මෙම තොර­තුරු අනා­ව­ර­ණය කෙරිණි. එහිදී තවත් කැබි­නට් තීරණ රැසක් පිළි­බ­ඳව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති බන්දුල ගුණ­ව­ර්ධන මහතා මෙසේ සඳ­හන් කළේය.

2019/20 මහ කන්නයේ අස්වැන්න නෙළීම මේ වන විට ආරම්භ වී ඇති අතර වී මෙට්‍රික් ටොන් මිලි­යන 03ක පමණ අස්වැ­න්නක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ප්‍රති­ප­ත්ති­යක් ලෙස රජය විසින් සහල් ආන­ය­නය නොකි­රීම හේතු­වෙන් සහල් මිල තර­මක් ඉහළ ගොස් ඇති නමුත් එම­ඟින් ඇමෙ­රි­කන් එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 100ක පමණ විදේශ විනි­මය ඉතිරි කර ගැනී­මට හැකි වී ඇත.

එම තත්ත්වය විනි­මය අනු­පා­තය ස්ථාවර වීමට මෙන්ම පොලී අනු­පා­තය අඩු වීමට ද බල­පෑ­මක් සිදු කර ඇත. ඒ අනුව වී මිල ස්ථාව­රව පව­ත්වා­ගෙන යාමේ සහ සාධා­රණ මිල­කට ගොවී­න්ගෙන් වී මිල දී ගැනීම සඳහා පෞද්ග­ලික අංශයේ සහල් මෝල් හිමි­යන් පෙල­ඹ­වීමේ අර­මු­ණින් 2019 /20 මහ කන්නයේ අති­රික්ත වී තොග මිල දී ගැනීම සඳහා රජය මැදි­හත් විය යුතු බවට අමාත්‍ය මණ්ඩ­ලය විසින් තීර­ණය කරන ලදී.

ඒ අනුව, පහත සඳ­හන් පිය­වර නොප­මාව ක්‍රියා­ත්මක කිරී­මට වැඩි­දු­ර­ටත් තීර­ණය කරන ලදි.

ප්‍රමි­ති­යෙන් යුත් (තෙත­ම­නය පිළි­බඳ නිර්ණා­ය­ක­යට යටත්ව) වී කිලෝ­වක් සඳහා රුපි­යල් 50/- ක අවම සහ­තික මිලක් නියම කළ අතර තෙත­ම­නය සහිත වී කිලෝ­වක අවම සහ­තික මිල රුපි­යල් 45/- ක් වශ­යෙන් නියම කිරී­මට ද කැබි­නට් මණ්ඩ­ලය තීර­ණය කළහ.

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර, වයඹ, රුහුණු, කොළඹ, සබ­ර­ග­මුව, පේරා­දෙ­ණිය, මොර­ටුව සහ ශ්‍රී ලංකා භික්ෂු යන විශ්ව­වි­ද්‍යා­ල­වල යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය කිරීම කඩි­නම් කිරීම ද ශ්‍රී ලංකාව තුළ උසස් අධ්‍යා­ප­නය සඳහා විදේශ හා නේවා­සික නොවන ශ්‍රී ලංකික සිසුන් ආක­ර්ෂ­ණය කර­ගැ­නී­මට වැඩ­ස­ට­හ­නක් සකස් කර­ගැ­නී­මට ද කැබි­නට් මණ්ඩ­ලය නීති රීති අනු­මත කර ඇත.

Comments