කල දවස | Page 2 | සිළුමිණ

කල දවස

ධනු රාශිගතව සිටි සෙනසුරු ග්‍රහයා  පසුගිය 24දා මකර රාශිගත විය. එය ලග්නවලට බලපාන්නේ මෙසේය.

මේෂ - ආර්ථික අංශ­යට වැඩි නැඹු­රු­වක්

රැකියා කට­යුතු සම්බ­න්ධ­යෙන් ද යහ­පත්ය. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් මධ්‍යස්ථ ප්‍රති­ඵල ලැබේ. ගෙද­ර­දොර කට­යුතු හා යුග­දි­විය සම්බන්ධ කට­යුතු තර­මක් ඉව­සි­ලි­මත් විය යුතුයි. දරු­වන්ගේ කට­යුතු යහ­පත්ය. අධ්‍යා­පන අංශ­වල නියුක්ත වූ අයට සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. ආර්ථික අංශ­යට වැඩි නැඹු­රු­වක් ද පෙන්වයි.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

වෘෂභ - ආදා­යම් මාර්ග පෑදෙයි

වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යෑමේ දී විටින් විට බාධා අව­හි­රතා ගැට­ලු­කාරී තත්ත්ව උදා වේ. ඔබ බලා­පො­රොත්තු වන තර­මට සාර්ථක නැත. මිල මුදල් ලැබීම අතින් ශුභ­දා­ය­කයි. ආදා­යම් මාර්ග පාදා ගත හැකිය. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී තර­මක් ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. දරු­වන්ගේ කට­යුතු සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කිරීම අව­ශ්‍යයි. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

 

මිථුන - ප්‍රේම සම්බ­න්ධතා වර්ධ­නය වෙයි

ආදා­යම් ලැබුණ ද විය­දම් අධික වේ. කෙටි ගම­න්බි­මන් අධි­කයි. බොහෝ විට නිෂ්ඵල ගමන්ය. කෙසේ වුවත් ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු යහ­පත්ය. තරුණ තරු­ණි­යන් අතර ප්‍රේම සම්බ­න්ධතා වර්ධ­නය වේ. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට ඉගෙ­නී‍ෙම් කට­යු­තු­ව­ලට පරි­බා­හිර දේව­ලට හිත ඇදී යයි. මූත්‍ර දෝෂ, ඇස්වල දුර්ව­ලතා, උෂ්ණා­ධික, උද­රා­ශ්‍රිත රෝග­ව­ලින් පරිස්­සම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

 

කටක - උසස් නිල­ධා­රීන් හා කට­යුතු කල්ප­නා­වෙන්

මිල මුදල් ලැබීම අතින් යහ­පත් වුව ද ඔබට විය­දම් පක්ෂය පාල­නය කර ගැනීම අසීරු වේ. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­ව­ලදී කල්ප­නා­කාරී වන්න. නොඑසේ නම් ණය­තු­රු­ස්වීමේ ඉඩ පවතී. වෘත්තීය සහ රැකියා අංශ­ව­ලදී ද තර­මක් කල්ප­නා­කාරී වන්න. උසස් නිල­ධා­රීන් සමග කට­යුතු කිරී­මේදී වඩාත් සැලකිලිමත් වන්න. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

 

සිංහ - මිල මුදල් ලැබීම සතු­ටු­දා­ය­කයි

වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍ර­වල දී තර­මක් කල්ප­නා­කාරී වන්න. උසස් නිල­ධා­රීන් සමග කට­යුතු කිරීමේ දී සැල­කි­ලි­මත් විය යුතුයි. නොඑසේ නම් ආකූ­ලතා මතු කළ හැකිය. මිල මුදල් ලැබීම සම්බ­න්ධ­යෙන් ශුභ­දා­ය­කයි. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට ශුභයි. වාසි­දා­ය­කයි. ගෙද­ර­දොර කට­යුතු සාමාන්‍ය වේ. දර­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­න­යෙන් පසු වන්න. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය.

ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා

 

කන්‍යා - අධ්‍යා­පන කට­යුතු සාර්ථ­කයි

වෘත්තීය සහ රැකියා අංශ­ව­ලදී සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලැබිය හැකිය. අන්‍ය­යන්ගේ ආධා­රය උප­කා­රය ලැබීම තුළ තමාගේ කට­යුතු සාර්ථක වේ. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ආදා­යම් මාර්ග පාදා ගනී. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලැබිය හැකිය. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අය සාර්ථක පල ලබයි. උද­ර­ගත පීඩා, ලේ දූශ්‍යා­බාධ, රුධිර පීඩ­නය, පපුව පෙණ­හැල්ල ආශ්‍රිත පීඩා­ව­ලින් පරිස්­සම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

 

තුලා - වෙළෙඳ ව්‍යාපා­ර­ව­ලින් වාසි

වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී බාධා අව­හි­රතා ඉස්මතු වේ. විටෙක ඔබ බලා­පො­රොත්තු වන තර­මට සාර්ථක ප්‍රති­ඵල උදා නොවේ. මිල මුදල් ලැබීම අතින් යහ­පත්ය. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට ශුභයි. වාසි සහ­ග­තයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බ­න්ධ­යෙන් ශුභයි. සම­ඟිය සාමය සුර­ක්ෂිත වේ. දරු­වන්ගේ කට­යුතු යහ­පත්ය. දියු­ණු­වක් ලබයි. අධ්‍යා­පන අංශ­වල දී ශුභයි. අලුත් විෂ­යන් ඉගෙ­නී­මට ලැබේ.

ජය වර්ණය- නිල්, අංකය- 06. දිනය- සිකු­රාදා

 

වෘශ්චික - ගෙද­ර­දොර කට­යුතු කල්ප­නා­වෙන්

වෘත්තීය සහ රැකියා කට­යු­තු­ව­ලදී කල්ප­නා­කාරී වන්න. නොඑසේ නම් ආකූ­ලතා මතු කළ හැකිය. විටෙක තද ලෙස කේන්ති යයි. ආවේ­ග­ශීලී ද වේ. මිල මුදල් ලැබීම අතින් ශුභ­දා­ය­කයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් වැය වේ. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට උත්සා­හය තුළ ප්‍රති­ඵල ලැබිය හැකිය.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

ධනු - බාධා ආවත් රැකි­යාවේ දියු­ණු­වක්

බාධා ප්‍රමා­දතා මධ්‍යයේ වුව ද සිය උත්සා­හය තුළ වෘත්තීය වශ­යෙන් ශුභයි. කෙසේ වුවත් උසස් නිල­ධා­රීන් සමග කට­යුතු කිරීමේ දී සැල­කි­ලි­මත් වන්න. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීම තුළ ආර්ථික ලාභ ලබනු ඇත. ගෙද­ර­දොර කට­යුතු සැල­කි­ලි­මත් වන්න. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­නය යොමු කළ යුතුයි. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට උත්සා­හය අනුව සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

මකර - මිල මුදල් ලාභ

අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට අලුත් විෂ­ය­යන් කෙරෙහි අව­ධා­නය යොමු වේ. වෘත්තීය සහ රැකී­රක්ෂා අංශ­වල දී දියු­ණු­වක් ලබයි. අන්‍ය­යන්ගේ සහාය ලබයි. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීමෙන් සාර්ථක ප්‍රති­ඵල ලබයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී තර­මක් ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. දරු­වන්ගේ කට­යුතු යහ­පත්ය. දියු­ණු­වක් ලබයි.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙන­සු­රාදා

 

කුම්භ - දරු­වන්ගේ කට­යුතු සඳහා වෙහෙ­සෙයි

ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූ­ලතා මතු කළ හැකිය. වෘත්තීය සහ රැකියා අංශ­වල දී බාධා අව­හි­රතා ඉස්මතු වේ. මිල මුදල් ලැබුණ ද විය­දම් අධික වේ. ගෙද­ර­දොර කට­යු­තු­වල දී යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී ද ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූ­ලතා මතු කළ හැකිය. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙන­සු­රාදා

 

මීන - සම­පල ගෙන දෙන සති­යක්

වෘත්තීය සහ රැකියා අංශ­වල දී බාධා අව­හි­ර­තා­වලට ඉඩ පවතී. ආදා­යම් ලැබුණ ද විය­දම් අධික වේ. ගෙද­ර­දොර කට­ය­ුතු­වල දී ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කරන්න. නොඑසේ නම් සම­ඟි­යට සාම­යට බාධා එල්ල වනු ඇත. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාලය, ශ්‍රමය, ධනය වැය වේ. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට උත්සා­හ­යෙන් ප්‍රති­ඵල ලද හැකිය.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

Comments