ආන­ය­නික කිරි­පිටි සිරු­රට වින කරන හැටි | සිළුමිණ

ආන­ය­නික කිරි­පිටි සිරු­රට වින කරන හැටි

දේශා­භි­මානි ගීත සාහි­ත්‍ය­යක් අපට උරුම වූයේ ශ්‍රී ලංකාව වසර 133ක් මුළුල්ලේ යටත්විජි­ත­යක් ලෙස පැව­තීමේ ප්‍රති­ඵ­ල­යක් වශ­යෙනි. මෙම දේශා­භි­මානි ගීත අත­රින් මීට දශක ගණ­නා­ව­කට පෙර ලක්ෂ්මි බායි ගායන ශිල්පි­නිය විසින් ගැයූ “ආදි සිංහ­ලුන් පිට දීප දේශ ජය ගත්තා” ගීතය ඉම­හත් ජන­ප්‍රි­ය­ත්ව­යට පත් වූයේ දේශී­ය­ත්වය අග­යන සිති­විලි එයින් මනාව උද්දී­ප­නය කර­මින් පර­ගැ­ති­භා­වය හෑල්ලු­වට ලක්වන නිසා විය යුතුය. “කිරි නැති හින්දා රට­කිරි දීලා සිංහල දරුවො මරන්නා” යනු­වෙන් එදා ඈ එහි ගැයුවේ කිරි­පිටි භාවි­තය සිංහල අපට ආවේ­ණික දෙයක් නොවු නිසාය. තේ, කෝපි වෙනු­වට බෙලි­මල්, රණ­වරා පානය කළ අපේ මුතුන් මිත්තන් එදා කිරි­පිටි වෙනු­වට පානය කළේ නැවුම් එළ­කිරි පමණි. එහෙත් පිට­රැ­ටි­යන් පුරුදු කළ කිරි­පිටි පානය සමඟ වැස්සි­ය­ගෙන් දොවා ගන්නා එළ­කිරි බෝතල් විකුණා ගත් මුද­ලින් දරු­වන්ට කිරි­පිටි පැකැ­ට්ටු­වක් මිල දී ගැනීමේ පුරු­ද්දක් අපට ඇති විය. අද වන විට එය අත් හැර ගත නොහැකි තර­මට ම ඇබ්බැ­හි­යක් වී තිබේ.

එහෙත් අප විසින් භාවි­ත­යට ගනු ලබන කිරි­පිටි මෙර­ටට ලැබෙන්නේ විදේ­ශීය රට­ව­ල්ව­ලින් ගෙන්වී­මෙනි. අපේ රටේ සකස් කර ගැනෙන දේශීය කිරි­පිටි තිබෙන්නේ වර්ග 2ක් පමණි. මෙසේ ආන­ය­නය කෙරෙන කිරි­පිටි මගින් ලෙඩ­රෝග රැසක් ඇති කරන බව රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ සඳ­හන් කරයි. ඔහු සඳ­හන් කරන ආකා­ර­යට වර්ත­මා­නයේ බෝ නොවන රෝග­ව­ලට ගොදුරු වන අයගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යෑමට කිරි­පිටි පරි­භෝ­ජ­නය හේතු වී තිබේ.

“ආන­ය­නික කිරි­පිටි ගැන කාල­යෙන් කාල­යට කතා කර­නවා. කාල­ය­කදී ඒවායේ ෆාම්තෙල් තියෙ­නවා කිය­නවා, තවත් කාල­ය­කදී ඌරු තෙල් තියෙ­නවා කිය­නවා. එක්කෝ බැක්ටී­රියා තියෙ­නවා කිය­නවා. මේ විදි­හට හැම­දාම මොකක් හරි ප්‍රශ්න­යක් තියෙ­නවා. රජයේ වෛද්‍ය­ව­රුන් කිරි­පිටි පරි­භෝ­ජ­නයේ අවැ­ද­ග­ත්කම ජන­තා­වට පැහැ­දිලි කර දුන්නත් කිරි­පිටි ගෙන්වන සමා­ගම් ගෙන ­යන ප්‍රචා­රක වැඩ පිළි­වෙළ එක්ක වෛද්‍ය­ව­රුන්ගේ හඬ යට­පත් වෙනවා. මේ වන විට ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය පෙන්වා දී තිබෙ­නවා කිරි­පිටි නිසා බර­ප­තළ රෝග 21ක් හැදෙන බව. ඒකට හේතු වී ත‍ිබෙන්නේ කිරි­පි­ටි­වල අඩංගු වී තිබෙන රසා­ය­නික සංයෝග. නව­සී­ල­න්තයේ කිරි­පිටි නිෂ්පා­ද­නය කරන සමා­ග­මක NZMP වෙබ් අඩ­වියේ කිරි මේදය කිලෝ 1ක මිල සඳ­හන් වී තිබෙ­නවා. එය ලංකාවේ මුද­ලින් රු. 900ත් - රු.1000ත් අතර වෙනවා. ෆාම්තෙල් කිලෝ 1කට විය­දම් වන්නේ රු. 200.00ක් වැනි මුද­ලක්. ලංකාව වැනි රට­ව­ල්ව­ලට නියම කිරි මේදය අඩංගු කරලා කිරි­පිටි විකු­ණන්න අමාරු නිසා තියෙන මේදය ඉවත් කරලා මේදය පිරවූ තෙල් යොදා­ගෙන කිරි­පිටි නිෂ්පා­ද­නය කරන බව මෙම වෙබ් අඩ­වියේ සඳ­හන් වී තිබෙ­නවා. නියම කිරි මේදය අඩංගු කිරි­පි­ටි­වල මිල ඉතා ඉහ­ළයි. ඒ මිලට ලංකාවේ කිරි­පිටි විකු­ණන්න බැහැ. ඒ නිසා තියෙන මේදය ඉවත් කරලා නිශ්චිත තෙල් ප්‍රමා­ණ­යක් අවශ්‍ය නිසා ඒ වෙනු­වට එළ­වළු තෙල්, ෆාම්තෙල් සංයෝග කර­නවා. ලංකාව වැනි රට­ව­ල්ව­ලට එවන්නේ ඒ කිරි­පිටි. ඒ කිරි­පි­ටි­ව­ලින් පෝෂ­ණ­යක් ලැබෙ­න­වාද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. අනික කටු­පො­ල්වල තෙල් එකතු කළොත් මොකද වෙන්නේ. පිළිකා හැදෙ­නවා. කටු­පොල් කියන්නේ පිළිකා කාර­ක­යක්.

අනික නව­සී­ල­න්තයේ සමස්ත දියර කිරි නිෂ්පා­ද­න­යෙන් 99.05% ක්ම ඒ රටේ පරි­භෝ­ජ­න­යට යොදා ගන්නවා. ඒ අය අපිට කිරි­පිටි එව්වාට එයාලා බොන්නේ දියර කිරි. එත­කොට කිරි­පිටි නිෂ්පා­ද­න­යට යොදා ගැනෙන්නේ 1%ටත් වඩා අඩු ප්‍රමා­ණ­යක්. ඒ වගේ සුළු ප්‍රමා­ණ­ය­කින් කොහො­මද කිරි­පිටි නිෂ්පා­ද­නය මහා පරි­මා­ණ­යෙන් කරන්නේ? අනි­වා­ර්ය­යෙන් රසා­ය­නික ද්‍රව්‍ය සංයෝග කරලා කිරි­පිටි නිෂ්පා­ද­නය කරන්නේ. කිරි­පි­ටි­වල අඩංගු වී තිබෙන්නේ කිරි­වල අඩංගු නියම ලැක්ටොස් නෙමෙයි. පිටින් එකතු කරපු ලැක්ටෝස්”. යනු­වෙන් විස්තර කරන වෛද්‍ය හරිත අලුත්ගේ දිය­වැ­ඩි­යාව, කොලෙ­ස්ට­රෝල්, අධික රුධිර පීඩ­නය, පිළිකා, ඇදුම සහ හතිය වැනි රෝග 21කට කිරි­පිටි පරි­භෝ­ජ­නය හේතු වන බව පැහැ­දිලි කළේය.

මෙර­ටට ආන­ය­නය කරනු ලබන කිරි­පි­ටි­වල ප්‍රමි­තිය පරීක්ෂා කිරීම සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ආහාර පාලන ඒක­ක­යෙන් සිදු කෙරේ. ඒ අනුව ආන­ය­නික සෑම කිරි­පිටි වර්ග­ය­කම සාම්පල් පරික්ෂා කර ප්‍රමි­තිය සහ­තික කෙරෙනු ඇත. ඊට අම­ත­රව හානි­කර විකි­රණ වර්ග අඩංගු වී තිබේද යන්න පරීක්ෂා කෙරෙන්නේ ශ්‍රී ලංකා පර­මා­ණුක බල­ශක්ති මණ්ඩ­ලය මගිනි.

“ලංකා­වට ආන­ය­නය කෙරෙන සිය­ලුම කිරි­පිටි වර්ග­වල සාම්පල් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ආහාර පාලන ඒක­ක­යෙන් අපට එව­නවා. අපි සිදු කරන්නේ විකි­ර­ණ­ශී­ලි­තාව මැනීම පම­ණයි. 2019 වස­රට ළදරු කිරි­පිටි වර්ග ඇතු­ළුව කිරි­පිටි පරීක්ෂා කිරීම් 4777ක් අපේ ආය­ත­න­යෙන් සිදු කළා. මෑත කාල­යේදී නම් කිරි­පි­ටි­වල අහි­ත­කර දෙයක් අඩංගු වූ බවක් වාර්තා වුණේ නැහැ. අපේ ආය­ත­නයේ නියා­මන සභා­වෙන් හොඳ ප්‍රමි­ති­යෙන් යුක්ත බවට තහ­වුරු කරලා වාර්තා­වක් දෙනවා. හැබැයි අපි මෙහේ පරීක්ෂා කරන්නේ විකි­ර­ණ­ශී­ලි­තාව විත­රයි.” යනු­වෙන් පැව­සුවේ ශ්‍රී ලංකා පර­මා­ණුක බල­ශක්ති මණ්ඩ­ලයේ අධ්‍යක්ෂ ජන­රාල් ටී.එම්.ආර්. තෙන්න­කෝන්ය.

මේ අනුව ආන­ය­නික කිරි­පිටි මෙරට බෙදා හරිනු ලබන්නේ ප්‍රමි­තිය සහ­තික කිරී­මෙන් අන­තු­රු­වය. එසේ නම් අප බිය විය යුත්තේ කුම­ක­ට­දැයි කෙනෙ­කුට සිතෙ­න්නේ නම් එහි වර­ද­කුත් නැත.

“කිරි­පිටි පරීක්ෂා කිරී­මේදි ප්‍රෝටීන් තියෙ­න­වාද කියලා බලන්නේ නයි­ට්‍ර­ජන් අණු­ව­ලින්. මේදය තියෙ­න­වාද කියලා බලන්නේ කාබන් අණු­ව­ලින්. ඒවගේ ක්‍රම­වේ­ද­ය­කට තමයි ලංකාවේ රසා­ය­නා­ගා­ර­වල පරීක්ෂා කිරීමේ සිද්ධ වෙන්නේ. ඒත් ඒ අණු, සත්ව අණු ද ශාක අණු ද කියලා විශ්ලේ­ෂ­ණය කෙරෙන්නේ නැහැ. ඒ නිසා කිරි මේදය වෙනු­වට වෙනත් තෙල් වර්ග­යක් එකතු කර­ලාද ලැක්ටෝස් වෙනු­වට වෙනත් රසා­ය­නික ද්‍රව්‍ය­යක් එකතු කරලා ද කියලා තහ­වුරු කර ගන්න හැකි­යා­වක් ලැබෙන්නේ නැහැ. ටික කාල­ය­කට පෙර පාර්ලි­මේන්තු මන්ත්‍රී බුද්ධික පති­රණ මහතා කිරි­පි­ටි­වල අඩංගු සංයෝග ගැන කතා කළා. ඒ වෙලාවේ කථා­නා­යක කරූ ජය­සූ­රිය මහතා කිරි­පිටි පරීක්ෂා කරලා වාර්තා­වක් දෙන්න කියලා පාරි­භෝ­ගික සේවා අධි­කා­රි­යට දැනුම් දුන්නා. දැන් පාරි­භෝ­ගික සේවා අධි­කා­රි­යෙන් ඒ වාර්තාව පාර්ලි­මේ­න්තු­වට භාර දී තිබෙ­නවා. ඒ වාර්තා­වට අනුව කිරි­පිටි අධි අව­දා­නම් කාණ්ඩයේ ආහා­ර­යක් කියලා සඳ­හන් වෙනවා. ලෝකයේ දියු­ණුම තත්ත්වයේ රසා­ය­නා­ගා­ර­ව­ලට වුණත් අහු වෙන්නේ නැති විදි­යට 20%ක ප්‍රමා­ණ­යක් එකතු කරන්න පුළු­වන් කියලා පාරි­භෝ­ගික සේවා අධි­කා­රි­යෙන් දීපු වාර්තාවේ සඳ­හන් වෙනවා. කිරි­පිටි කියන්නේ අධි අව­දා­නම් කාණ්ඩයේ ආහා­ර­යක් කියලා හැඳින්වුවාට පසුව බය වෙන්නේ නැතිව ඉන්නේ කොහො­මද?” යනු­වෙන් ප්‍රශ්න කළේ රජයේ ‍ෛවද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ ලේකම්, වෛද්‍ය හරිත අලු­ත්ගේය.

ඔහු පව­සන ආකා­ර­යට පාර්ල‍ි­මේ­න්තු­වට පාරි­භෝ­ගික සේවා අධි­කා­රි­යෙන් දුන් වාර්තාව එසේ මෙසේ වාර්තා­වක් නෙවේ. ඒ පිළි­බඳ තොර­තුරු දැන­ගැ­නීමේ අටි­යෙන් පාරි­භෝ­ගික සේවා අධි­කා­රියේ අධ්‍යක්ෂ ජන­රාල් ඇමතු වූ විට ඔහු පිළි­තුරු දීම ප්‍රති­ක්ෂේප කළේ එකී වාර්තාව තව­මත් පාර්ල‍ි­මේ­න්තුවේ සභා­ගත කර නොමැති බව දන්ව­මිනි.

කෙසේ වුවද සාමා­න්‍ය­යෙන් ලංකා­වට වාර්ෂි­කව ආන­ය­නය කරනු ලබන කිරි­පිටි ප්‍රමා­ණය මෙට්‍රික් ටොන් 80 කි. ඒ සඳහා වැය වන මුදල රු. බිලි­යන 57 කි. ලංකාව ඖෂධ ආන­ය­නය කිරී­මට වර්ෂ­ය­කට වැය කරනු ලබන මුදල රු. බිලි­යන 40 කි. අප රු. බිලි­යන 57 ක් වැය කර­මින් ගෙන්වා ගන්නේ රටට අවශ්‍ය පෝෂ­ණය ද? නැති­නම් රට­කට දරා ගැනී­මට නොහැකි තරම් ලෙඩ­රෝ­ගද ?” රට­කිරි දීලා සිංහල දරුවො මරන්නා” යනු­වෙන් ලක්ෂ්මි බායි ගායනා කළේ මේ නිසා විය යුතුය.

ශ්‍රී ලාංකි­ක­යන්ට වින කරන වස විස අඩංගු කිරි ලෙස ඇඟිල්ල දිගු වන්නේ ආන­ය­නික කිරි­පි­ටි­ව­ල­ටය. ආන­ය­නික කිරි­පිටි හැර මෙරට නිෂ්පා­ද­නය කරන කිරි­පිටි වර්ග 2ක් ද දේශීය වෙළෙ­ඳ­පොළේ තිබේ. මිල්කෝ සමා­ගම ඉන් ප්‍රධාන තැනක් ගනී. දේශීය කිරි­පිටි සම්බ­න්ධ­යෙන් තොර­තුරු දැන­ගැ­නී­මට මිල්කෝ සමා­ගමේ සභා­පති ලසන්ත වික්‍ර­ම­සිංහ සම්බන්ධ කර ගනු ලැබුවේ එබැ­විනි.

“අඹේ‍ෙ­වල විත­රක් කිරි ධාරි­තාව දින­කට කිරි ලීටර් ලක්ෂ 03ක් වෙනවා. ඒත් අපිට ඒත­රම් ප්‍රමා­ණ­යක් කිරි හම්බ වෙන්නේ නැහැ. ඇත්ත­ටම අපිට ලැබෙන කිරි ප්‍රමා­ණය මදි. ඒ නිසා අපි කිරි­පිටි නිෂ්පා­ද­න­යට අඩු දාය­ක­ත්ව­යක් දීලා අපේ සෙසු නිෂ්පා­ද­ව­ලට වැඩි නැඹු­රු­වක් දක්ව­නවා. අනික් කාර­ණය තමයි අපේ කිරි­පි­ටි­ව­ලට රජ­යෙන් උප­රිම මිලක් නියම කිරීම නිසා අපිට කිරි­පිටි නිෂ්පා­ද­නය කරලා ලාභ ලබන්න නොහැකි වීම. පාඩු විඳ­ගෙන කිරි­පිටි නිෂ්පා­ද­නය කරන්න බැහැ. ඒ නිසා අපිට ලැබෙන කිරි ප්‍රමා­ණ­යෙන් අපිට වෙළෙ­ඳ­පොළේ ලාභ­යක් ලබන්න පුළු­වන් යෝගට්, කිරි පැකට් වැනි නිෂ්පා­ද­න­ව­ලට අපි වැඩි නැඹු­රු­වක් දක්ව­නවා.” ඒ මිල්කෝ සමා­ගමේ සභා­පති ලසන්ත වික්‍ර­ම­සිං­හගේ අද­හස ය.

සැබැ­වින්ම කිරි පානය සඳහා අපට කිරි­පිටි අවශ්‍යමද? අපේ මුතු­න්මි­ත්තන් පානය කළ ආකා­ර­යට දියර කිරි පානය සඳහා අපට යොමු විය නොහැ­කිද? අප එසේ සඳ­හන් කරන්නේ අමෙ­රි­කාව, කැන­ඩාව, ජපා­නය, ජර්ම­නිය වැනි දියුණු රට­ව­ල්වල ජන­තාව දියර කිරි පම­ණක් පරි­භෝ­ජ­න­යට යොමු වී ඇති නිසාය. එම රට­වල කිරි­පිටි පරි­භෝ­ජ­න­යක් දක්නට නොලැ­බෙන නිසාය.

Comments