මාටියා ම‍ගේ ජීවි‍තේ ‍ වෙනස් කළා : ජන­ප්‍රිය රංගන ශිල්පි රුවන් වික්‍ර­ම­සිංහ | සිළුමිණ

මාටියා ම‍ගේ ජීවි‍තේ ‍ වෙනස් කළා : ජන­ප්‍රිය රංගන ශිල්පි රුවන් වික්‍ර­ම­සිංහ

එක්තරා ක‍ලෙකදී පුංචි තිර‍යේ අතිශය ජනප්‍රිය වූ චාතූර්යා ‍ටෙලි නාට්‍යය‍යේ කවුරුත් ආදරේ කළ මාටියා ඔහුයි.. අදටත් රුවන් වික්‍රමසිංහ කියනවාට වඩා ‍ප්‍රේක්ෂකයා ඔහු හඳුනා ගන්්‍‍නේ මාටියා ‍ලෙසයි. හැබැයි ඉතින් ඒ ‘මාටියා‘ පහු ගිය කා‍ලේ එතරම් පුංචි තිර‍යේ දකින්න ලැබු‍ණේ නැහැ.. ඒ නිසාම රුවන් රසඳුනට ‍ගොඩවැදුණු ‍මො‍හොතක අප ඒ ගැන විමසන්න හිතුවා.

“ මට සමහර වෙලාවට හිතෙනවා චාතුර්යා විතරක් රඟපාලා නැවතුණා නම් ඇති කියලා.. මාටියා ගැන සමහර මිනිස්සු තාමත් කතා කරනවා. මාටියා තමයි ම‍ගේ ජීවි‍තේ ‍වෙනස් කළ ‍කෙනා.“ සිනා මුසු මුහුණින් එ‍සේ පවසමින් ඔහු අ‍පේ කතාබහට එකතු වුණා.

පහු ගිය කා‍ලේ ‍පේන්න නොහිටියේ ඒ නිසා වෙන්න ඇති ?

අවුරුදු දෙක තුනේ පාඩුවේ හිටියා.. මව‍ගේ වියෝ‍ව නිසා කම්පනයට පත් ‍වෙලා හිටපු මම ‍පුදුම විදිහට ජීවි‍තේ තනි වුණා. ඒ ‍වෙන‍කොට මගේ තාත්තාත් නැති වෙලා. ඊට පස්සේ මම විවාහ ජීවිතයට ඇතුළත් වුණා. ඒ වෙනස්වීම් එක්ක අලුත් ජීවිතයට මුල්තැන දිය යුතු යැයි හිතුණා. නමුත් ‍වෙනත් අංශවලින් මං ක්‍රියාකාරීව කටයුතු කළා. හොඳ නිර්මාණයවලට සම්බන්ධ වෙන්න කැමැත්තක් තිබුණත්, ආරාධනා ‍නොඅඩුව ලැබුණත් මේ යන රැල්ලේ ටෙලි නාට්‍යවලට එකතු ‍වෙන්න මට ‍පොඩි මැළිකමක් දැනුණා. ඒ ලැබිච්ච ආරාධනා ගැන කල්පනා කරද්දි ඇයි ඒවට යන්‍‍නේ කියලා හිතුණා. ඒ නිසා වැඩක් කරන්න පුළුවන් ‍වෙනස් චරිතයකට ආරාධනාවක් ලැබෙනකල් ටිකක නිහඬව ‍වෙන්න තීරණය කළා. ‍හැබැයි ඒ නිහඬතාවෙන් මගේ ජීවිතයට ප්‍රයෝජනයකුත් වුණා.

ඒ නිහඬබව ඔබට ‍වෙස් වළා ගත් ආශිර්වාදයක් ‍වුණා එහෙනම්?

ඔබ කියූ කතාව හරියටම හරි. පුංචි තිර‍යේ ‍දකින්න ‍නොලැ‍බුණු කා‍ලේ එක දිගටම සිනමා නිර්මාණවලට ආරාධනා ලැබුණා. ජැක්සන් ඇන්තනි මහත්මයාගේ ‘එකගෙයි සොකරි‘ චිත්‍රපටයට ආරාධනා කළහම මේ ඇත්තටම මටද කතා කළේ කියලත් පුදුම හිතුණා. එවැනි ගුණාත්මක සිනමා නිර්මාණ කිහිපයකටම දායක ‍වෙන්න අවස්ථාව ලැබු‍ණේ මම විරාමයක හිටපු නිසයි. ඒ විරාමය නොගත්තා නම් නිෂ්පාදකවරු, අධ්‍යක්ෂකවරු ඔවුන්ගේ වැඩවල සම්බන්ධ කර ‍නොගන්නත් තිබුණා. දැන් ‍ඒ විරාමයට තිත තියලා ආපහු ටෙලි නාට්‍ය ‍දෙකකටත් රංගන‍යෙන් දායක වුණා.

ඒ කියන්නේ ‍මේ වසර රුවන්ට වාසනාව කැන්දන වසරක්?

2020 මට ටිකක් වෙනස් වෙයි කියල හිතෙනවා. කිව්වා ව‍ගේ නැවත පුංචි තිරයේ, රිදී තිරයේ සහ වේදිකා‍වෙත් ම‍ගේ රංගනය දකින්න ලැබෙයි. 2020 තමයි සිනමාවෙ මගේ හරිම ආගමනය ‍සටහන් ‍වෙන්නේ. ‍මේ වසර කලා දිවියටත් පෞද්ගලික දිවියටත් සුබදායි වසරක් ‍වේවි.

මෑත කාලීනව පුංචි තිර‍යේ නිර්මාණය වුණු ගුණාත්මක නිර්මාණවලට ඔබට ඇරියුම් ලැ‍බු‍ණේ නැද්ද?

බර්ට්‍රම් නිහාල් සහ සුගත් ‍රෝහණ වැනි ප්‍රවීණ සහ අතිදක්ෂ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු කිහිප ‍දෙ‍නෙක් සමඟ මම වැඩ කරලා තියෙනවා. නමුත් මම රඟපාන්න කැමැත්තෙන් ඉන්න සමහර අධ්‍යක්ෂකවරුන්ගෙන් මට තවම ආරාධනා ලැබිලා නෑ. ලැ‍බෙන තුරු මම ආසා‍වෙන් බලන් ඉන්නවා.ඒ අතර සමහර අධ්‍යක්ෂකවරුන්‍ ‍ගේ නිෂ්පාදනවලට සම්බන්ධ කරගන්නේ එකම කණ්ඩායමක් පමණයි. ඒ සම්බන්ධව පොඩි කනගාටුවක් තියෙනවා. ‍මේ දවස්වල ප්‍රසිද්ධ ගුණාත්මක නිර්මාණ කරනවා යැයි කියන සමාජ මතයක් ති‍බෙන අධ්‍යක්ෂවරුන් ගේ හැම නිර්මාණයකම සිටින ප්‍රධාන ගැහැනු චරිතය, ප්‍රධාන පිරිමි චරිතය අපි දන්නා අත‍ළොස්සක් අතරින් තමයි ‍තෝර ගැ‍නෙන්නේ. එවිට අපි වැනි ‍හෝ අ‍පේ පරපුරේ සහ පසු පරපුරට ඒ අවස්ථා ‍නොලැබීම යම් අවාසනාවක්.

ගුරුවර‍යකු ‍ලෙස ඔබට ඔබව දැ‍නෙන්නේ ‍කො‍හොමද?

1992 සිටම මම දහම් පාසල් ගුරුවරයෙක්. එයට අමතරව විශ්වවිද්‍යාල යන කා‍ලේ සිටම උපකාරක පන්ති කළා. එ‍හෙම ක‍ළේ විශ්වවිද්‍යාල කා‍ලේ මට ජීවත් ‍වෙන්න යම් ආදායමක් විදිහට. ‍කලාවට ඇවිත් අතිශය කාර්යබහුල වූ කාලේ උපකාර පන්ති නැවැත්තුවා. මව‍ගේ අසනීපය එක්ක ‍ටෙලි නාට්‍ය බාර ගැනීම අඩු කරලා නැවත ම‍ගේම අධ්‍යාපන ආයතනයක් ආරම්භ කළා.ඒ කටයුතු හරිම සාර්ථකයි. අඩු ලකුණු ගත්ත දරු‍වෝ ‍පෙරට වඩා ‍හොඳ ලකුණු ගන්නවා. ලකුණු අතර නොහිටපූ දරුවෝ දැන් හොඳ ලකුණු ගන්නවා. ඒ දරුවෝ දකිද්දි මගෙන් කෙනෙක් ඉගෙන ගන්නවා නේද කියන මානසික තෘප්තිය රඟපානවටත් වැඩිය දැනෙනවා. මං වඩාත් තෘප්තිමත් වෙන්නේ ගුරු වෘත්තියෙන්..

ඔබ කාර්යබහුල වෙන්න කැමැති චරිතයක්ද?

සාමාන්‍යයෙන් මට වැඩ ගොඩක් එකපාර කරන්න පුළුවන්. හැබැයි මං කාර්යබහුල වෙන්න කැමැති නෑ. විවේකයට හරි කැමතියි.

බො‍හෝ විට ඔබ දකින්නේ සැහැල්ලු විනෝදකාමී තරුණයකු විදිහට?

ඇත්ත රුවන් ගොඩක් බරයි. වගකීම්සහගතයි. මා වටා ඉන්න පිරිස එය හොඳින් දන්නවා. හැබැයි ප්‍රේක්ෂකයා ඉදිරියේ අපේ ප්‍රශ්න ඔවුන්ට වැදගත් ‍වෙන්නේ නැහැ. අපේ සැහැල්ලුව හරහා තමයි ඔවුන් සතුටු කරන්න පුළුවන්. ඉතින් හිතෙන් අඬ අඬ රූපවාහිනි වැඩසටහන්වලට ගිහින් මම හිනා ‍වෙලා හිටපු අවස්ථා ති‍යෙනවා.

ඔබ ‍කො‍හොමද එවැනි ගුණාංගයක් ප්‍රගුණ ක‍ළේ?

ගොඩක් පිරිමි එහෙමයි. ‍බො‍හෝ විට තමන්ගේ ‍පෞද්ගලික ජීවි‍තේ ප්‍රශ්න, බාහිර ‍ලෝ‍කෙන් තමන්ට එන ප්‍රශ්න ගැහැනු විතරයි දරා ගන්නේ කියලා හිතුවට, බහුතරයක් පිරිමි ‍තමන් තුළම ඒ ප්‍රශ්න දරා ගන්නවා. මගේ තාත්තා, ම‍ගේ අයියා එහෙම කළා. මට එවැනි යාළු‍වෝ ඉන්නවා. අම්මා, තාත්තා, බිරිය, ම‍ගේ ‍ගෝල‍යෝ සතුටු කරන්න මම අනන්තවත් එහෙම කරලා තියෙනවා. මම ‍පෞද්ගලිකව විශ්වාස කරනවා අ‍පේ යුතුකම තමයි හරි විදිහට අ‍නෙකා සතුටු කිරීම. ඒ ‍වෙනු‍වෙන් ‍පොඩි ‍හෝ කැප කිරීමක් කරන්න පුළුවන් නම් මම ‍නොපැකිළිව ඒ කැප කිරීම කරනවා.

 

Comments