රිළා වඳුරු කර­ද­ර­යට පිළි­ය­මක් ඕනෑ | සිළුමිණ

රිළා වඳුරු කර­ද­ර­යට පිළි­ය­මක් ඕනෑ

රිළා වඳුරු කර­ද­රය අද ලංකාවේ බොහෝ ප්‍රදේ­ශ­වල ගොවි­බිම් වලට හා විශේ­ෂ­යෙන් ගෙවතු වගා­ව­ලට බර­ප­තළ ලෙස හානි කරයි. මේ සතුන් මිනි­සාගේ සිය­ලු භව භෝග කා දම­මින් විනාශ කරන නිසා වගා කරන ජන­තා­වට තම ආහාර අව­ශ්‍ය­තාව ඉටු කර ගැනී­මට එළ­වළු පොළෙන් හෝ කඩ­ය­කින් ගෙන ඒමට සිදුවේ. තවද මේ දව­ස්වල පව­තින එළ­වළු මිලත් සමඟ පොල් මිලද ඉහළ ගොස් තිබෙන බැවින් මෙය සාමාන්‍ය ගොවි ජන­තා­වට හා අනෙක් ජන­යාට ද මහත් ආර්ථික පීඩා­වක් ගෙන දේ.

මෙම සතුන් පොල්, කුරුම්බා, කෙසෙල්, අනෙ­කුත් පල­තුරු හා එළ­වළු භෝග වල­ටද බර­ප­තළ හානි කිරී­මෙන් එය රටේ ආර්ථි­ක­යට මහත් විනා­ශ­යක් ගෙන දේ. මෙම රිළා වඳුරු උව­දුර නැති­නම් මහා පරි­මා­ණ­යෙන් වගා කරන ගොවි­යන් හා ගෙවතු වගා කරන ගොවි­යන්ද මහත් උන­න්දු­වෙන් හා කැප­වී­මෙන් මෙම වගා කට­යුතු සිදු කරන අතර එවිට වගා කරන ගොවි­යාට හා රටේ ජන­තා­වට ආර්ථි­ක­යට මහත් වාසි­යකි. තවද අද රටේ පව­තින අධික එළ­වළු හා පොල් මිල ගණන්ද මෙත­රම් මිල අධික නොවනු ඇත.

ඌරු­ග­මුව හා අවට ගම් ප්‍රදේශ වලද මෙම රිළා වඳුරු උව­දුර වර්ත­මා­නයේ අධික වී තිබේ. එබැ­වින් ගොවි ජන­තාව වගා­ව­ලින් හා ගෙවතු වගා වලින් වර්ත­මා­නයේ ඈත් වෙමින් පවතී.

එබැ­වින් මෙය ඔවුන්ගේ ආර්ථි­ක­යට මරු පහ­රකි. තවද මෙම සතුන් මනු­ෂ්‍ය­යන්ට කිසිදු බියක් නොද­ක්වන අතර රතිඤ්ඤා හා කැට පෝල භාවි­ත­යෙන් පලවා හැරී­මට උත්සාහ කළත් එම සතුන් එයට බිය නොද­ක්වති. මෙයට පිළි­ය­මක් වශ­යෙන් රජය මැදි­හත් වී මෙම සත්තු මිනිස් වාස­යෙන් තොර රක්ෂිත වනා­න්ත­ර­ය­කට මුදා හැරී­මෙන් හෝ වෙනත් පිළි­ය­මක් යොදා මෙම ගොවි ජන­තා­වට සහ­න­යක් සලසා දුන හොත් එය ඉතා කාලෝ­චි­තය.

 

ලසන්ත වීර­සිංහ - රන්නා­වල, ඌරු­ග­මුව

Comments