මොරගස්මුල්ල-බොරැල්ල බස් රථය නැවතත් ඕනෑ | සිළුමිණ

මොරගස්මුල්ල-බොරැල්ල බස් රථය නැවතත් ඕනෑ

 

තලංගම ඩිපෝව මගින් ධාවනයට යොදා තිබූ මාර්ග අංක 172 මොරගස්මුල්ල-බොරැල්ල බස් රථය ධාවනය වීම නවත්වා දැන් වසරකටත් වැඩි කාලයක් ගතවී ඇත. ඉහළ වැලිකඩ, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, කොලොන්නාව, ගජබාපුර වැනි ප්‍ර දේශවල ජනතාවගේ ගමන් පහසුව සලස්වාලූ මෙම බස් රථය නතරකර දැමීමෙන් පාසල් සිසුන්, රැකියාවට යන්නන් මෙන්ම අඩු ආදායම්ලාභී මහජනතාවද පත්ව ඇත්තේ මහත් අපහසුතාවකටය.

තවද බොරැල්ල ආයුර්වේද රෝහලේ ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරයද පිහිටා ඇත්තේ මොරගස්මුල්ලේය.

නේවාසික ශිෂ්‍යාවන්ගේ ගමන් පහසුවට ඉමහත් පිටිවහලක් වූ මෙම බස්රථය ධාවනය නොවීම නිසා ඔවුනටද ගමන් පහසුව වෙනුවෙන් වැඩිපුර වියදම් කිරීමට සිදුව ඇත. තමාටම වාහනයක් නැති සෑම අයටම උදේ සවස යෑමට සහ ඒමට ත්‍රිෙරා්ද රථවල පිහිට පැතීමට සිදුව ඇත. ඒ සඳහා ඉතා විශාල වියදමක් මාසය පුරා දැරීම සාමාන්‍ය ජනතාවට ඔරොත්තු නොදේ. එනිසා මෙම කරුණු සැලකිල්ලට ගෙන සතියේ දිනවලදී හෝ බස් රථයක් ලබාදී මගී ජනතාවගේ ගමන් පහසුව සලසාදීමට තලංගම ඩිපෝ බලධාරීන් පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

ප්‍රියාන් රන්මුතුගේ - රාජගිරිය

 

Comments